සුළුතරයේ ආධිපත්‍යය..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සුළුතරයේ ආධිපත්‍යය..

    ජනාධිපතිවරණයේ දී සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පරාජයක් ලබා ඇත. මෙය 1815 දී ලැබූ පරාජය තරම් දරුණු එකක් නොවුවත් අප සිහියෙන් කටයුතු නොකළහොත් එවැනි මට්ටමකට ඇද වැටීමට ඉඩ ඇත. 1815 දී කේම්බ්‍රිජ් උපාධිධාරී ඩොයිලි ප්‍රධාන ඉංගිරිසි නිලධාරීන්ගේ සටකපටවූ ද බොරුවලින් පිරීගියාවූ ද දේශපාලනයට හසු වී සුද්දන්ට රට භාරදී අපි අමාරුවේ වැටුනෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අපට සුදු ආණ්ඩුකාරයකු මුළු දිවයිනට ම ලැබිණි. 1817 දී කැප්පෙටිපොළ නිළමේ ඝාතනය කෙරුණු අතර වෙල්ලස්සේ සිංහලයෝ සමූලඝාතනය කරනු ලැබූහ. 2015 දී කළු සුද්දන්ගේ බටහිර දැනුමට, බොරුවලට හා ව්‍යාජ දේශපාලනයට හසු වූ පිරිසක් බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් හා බඩ ගැන මිස රට ජාතිය ආගම ගැන කල්පනා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපට නැවතත් සුදු ආණ්ඩුකාරයකු ලැබී ඇත. ඒ එංගලන්ත මහා කොමසාරිස් ය. රනිල් වික්‍රමසිංහ ඔහු වෙනවෙන් අගමැතිකම කරයි. මෛත්‍රීපාල සිරිසේන අත්සන් කිරීමේ කටයුතුවල නිරත වෙයි. :yes::P:P (දින 100 න් පස්සේ මෙයා කොහොමත් අත්සන් ඇමති) අපි 2017 වන විට ඉංගිරිසින්ගේ දෙමළ ජාතිවාදයට යට වී සිංහලයන් ඝාතනය කිරීමකට ඉඩ දෙමු ද? අද ප්‍රශ්නය බොරු ප්‍රජාතන්ත්‍රවාදය හා බඩ ද නැත්නම් රට ද යන්න මිස අනෙකක් නො වේ. රට ගැන නොසිතුවහොත් අවසානයේ දී බොරු ප්‍රජාතන්ත්‍රවාදයත් බඩත් නැතිවනු ඇත.

    පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයගනු ඇතැයි අපි පුරෝකථනය කළෙමු. එය ප්‍රාර්ථනයක් නො වී ය. සිංහල බෞද්ධයන්ගෙන් 60%කට වඩා ඒ මහතාට ඡන්දය දෙනු ඇතැයි අපේ ගණනය විය. එය එක් උපකල්පනයක් මත පදනම් විය. ඒ 2005 දී ජයගත් ජාතිකත්වය, 2009 දී නන්දිකඩාල් කලපුවේ දී තහවුරු වීමෙන් පසුව දුර්වල නො වේ ය යන්න ය. අපි සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් කෙරෙහි විශ්වාසය තැබුවෙමු. දෙමළ මුස්ලිම් එක් ඡන්දයක් නැතිව වුවත් ජනගහනයෙන් 75%ක් වූ සිංහලයන්ගෙන් 65%ක් ඡන්දය දෙන්නේ නම් සිංහලයන්ට ජයගත හැකි ය. සිංහලයන්ගෙන් 60%ක් ඡන්දය දෙන්නේ නම් එවිට මුළු ඡන්දයෙන් 45%ක් ලැබෙයි. 25%ක් වූ දෙමළ හා මුස්ලිම් ජනයාගෙන් 20%ක් ඡන්දය දුන්නේ නම් එවිට ද ජයගත හැකි ය. එහෙත් ඒ එසේ නො වී ය. මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජනයාගේ ඡන්දවලින් ලැබුණේ 20%කට අඩු ප්‍රමාණයකි. මුස්ලිම් ඡන්දවලින් 15%ක්වත් නොලැබිණි. කල්මුණේ ඡන්ද බල ප්‍රදේශයෙහි එය 9%ක් පමණ විය. නැගෙනහිර පළාතේ ඡන්දය දුන් ප්‍රතිශතය ඉතා විශාල විය. සමස්තයක් ලෙස ගතහොත් මුස්ලිම් ජනයා තොග වශයෙන් එකට සිටිමින් තම ජනවාර්ගික අනන්‍යතාව ප්‍රධාන කරුණ බවට පත්කරගනිමින් ඡන්දය දුන්හ. සේරුවිල, හා අම්පාර ඡන්ද බල ප්‍රදේශ අත්හැර උතුරු හා නැගෙනහිර පළාත්වල අනෙක් ඡන්ද බල ප්‍රදේශ සමග පුත්තලම හා නුවරඑළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශ එකට ගතහොත් මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද අටලක්‍ෂයකට අධික ප්‍රමාණයකින් පරාජය විය. එහෙත් මුළු රටෙන් ම ඒ මහතා පරාජය වූයේ ඡන්ද හාරලක්‍ෂ හතලිස් පන්දහකින් පමණ ය. සිංහල ඡන්දවලින් 55%ක් පමණ ඒ මහතාට ලැබී ඇති මුත් එය 65%ට අඩු විය. ඒ මහතාට 65%ට වඩා ඡන්ද ලැබුණේ තංගල්ල බල ප්‍රදේශයෙන් පමණකි. එය 65.18%ක් විය. හම්බන්තොට දිස්ත්‍රික්යෙන් ම ඒ මහතාට 63.02% ක ඡන්ද ලැබිණි. ඉහත කී ඇතැම් ගණනයන් දළ වශයෙන් කරන ලද්දේ වුවත් සිදුවූයේ කුමක් ද යන්න පැහැදිලි ය. දෙමළ හා මුස්ලිම් ජනයා ජනවාර්ගික පදනමකින් ඡන්දය දෙන විට සිංහලයෝ සැලකිය යුතු පිරිසක් ජාතිය අමතක කර ඊනියා යහපාලනයකට, වෙනසකට හා රුපියල් දහදාහකට හා බඩට ඡන්දය දුන්හ.

    නැවතත් දළ ගණනයකට අනුව 2010 දී මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අයගෙන් 85% ට වැඩි පිරිසක් 2015 දී ඡන්දය දුන්හ. ඇතැම් බල ප්‍රදේශවල එය 90%ට වැඩි විය. අළුත් ඡන්ද යැයි සැලකිය හැකි ඡන්දවලින් නාගරික බල ප්‍රදේශවල ඒ මහතාට ලැබී ඇත්තේ 20%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල එය 50% දක්වා වැඩි වී ඇත. සමස්තයක් ලෙස ගත්කල දෙමළ හා මුස්ලිම් ජනයා, නාගරික ජනයා, අවුරුදු 30ට පමණ අඩු අය, බෞද්ධ නොවන සිංහලයන් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ ව ඡන්දය දී ඇත. මේ සියල්ල පහත දැක්වෙන සිතියමෙන් (සන්ඩේ ටයිම්ස් පත්‍රයේ අනුග්‍රහයෙනි) පැහැදිලි වෙයි. මෙහි රතු පාටෙන් ලකුනු කර ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ලබා ඇති ඡන්ද බල ප්‍රදේශ ය. එය ඊනියා ඊළාම් සිතියමෙන් වෙනස් වන්නේ මාතර, ගාල්ල හා බේරුවල බල පුදේශ ද බස්නාහිර මුහුදුබඩ තීරයේ පාණදුර සිට මීගමුව දක්වා බල ප්‍රදේශ ද කඳුකරයේ ඇතැම් බල ප්‍රදේශ ද පොළොන්නරුව දිස්ත්‍රික්කය ද එකතු වී තිබීමෙන් හා අම්පාර සේරුවිල බල ප්‍රදේශය අත්හැර තිබීමෙනි. මහින්ද රාජපක්‍ෂ මහතා සුළු ඡන්ද ප්‍රමාණයකින් පැරදුණු පාණදුර ඡන්ද බල ප්‍රදේශයෙහි ද මුස්ලිම් ජනයා සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව අමතක නොකළ යුතු ය. මේ ජනවාර්ගික, නාගරික, යහපාලන හා තරුණ පදනමෙන් බාහිරව ඇතැම් බල ප්‍රදේශවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්ද අඩුවී නම් එයට හේතුව සංධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ අක්‍රියත්වය හා බලයෙන් මත්වීම ය. ඇතැම් මැති ඇමතිවරන්ගේ ද කළකිරීමට බැසිල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ සාධක බලපා ඇති බව ද පැහැදිලි ය. තැපැල් ඡන්්ද අඩුවීමට රුපියල් දහදහ බලපා ඇතැයි සිතිය හැකි ය.

    සංධානයේ ඇමතිවරුන් ද ඇතුළු ඇතැමුන් දැන් කියනු ඇත්තේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනිය නොහැකි බව ය. මෙය චන්ද්‍රිකාගේ කාලයේ සිට ම (අනුවේ දශකයේ මුල සිට) වයන පදයකි. එහෙත් දෙමළ ඡන්ද යම් ප්‍රමාණයක් ලැබෙන විට සිංහල ඡන්දවලින් 60%ක් ලබාගත හැකි නම් දිනිය හැකි ය. මෙවර ජනාධිපතිවරණයේ දී සිංහල ඡන්ද විශේෂයෙන් ම බෞද්ධ ඡන්ද වැඩිකර ගැනීමට සංධානය ක්‍රියා කළේ නැත. මාධ්‍ය මෙහෙය වූ ඇමතිවරුන්ට සිංහල ඡන්ද මතක් වූයේ ජනාධිපතිවරණයේ අවසන් සතියෙහි ය. ඒ වන විට ඡන්දදායකයෝ තීරණයකට පැමිණ සිටියහ. තරුණ ඡන්දදායකයන්ට හා නාගරිකයන්ට මුහුණක් නැති එහෙත් මුහුණු පොත ලෙස හැඳින්වෙන ෆේස්බුක් මගින් ගෙන ගිය බොරු ප්‍රචාර තදින් බල පෑවේ ය. ඊනියා තොරතුරු තාක්‍ෂණය හා පරිගණක සාක්‍ෂරතාව වර්ධනය වූයේ පසුගිය ආණ්ඩුව යටතේ වුව ද එය අපේ වහලකු කරගන්නේ කෙසේ ද යන්න තරුණයන්ට කියා දීමට කිසිවෙක් නො සිටියේ ය. නැණසලට ඊනියා ජාත්‍යන්තර තෑගි ලැබුණේ එයින් බටහිර තාක්‍ෂණයට හා දැනුමට යට වූ පිරිසක් බිහිකළ බැවින් ද? නැණසල අවසානයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි විය. තරුණ ඡන්ද මෙයට වඩා ලැබිණි නම් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීමට තිබිණි. තංගල්ල බල ප්‍රදේශයෙහි ද තරුණයන් (අළුත් ඡන්ද ලෙස උපකල්පනය කරමින්) 50%කට වඩා මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දී නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාතිකත්වය වටා ගොනු වූ ශිෂ්‍යයන් වැන්නන් අවුරුදු දහයක දීර්ඝ සප්තවාර්ෂික නිවාඩුවකින් පසු කැලණියට ගිය මට එහි දී දැකගත නොහැකි විය. එය කැලණියේ සුවිශේත්වයක් නො වී ය.

    සිංහලයන් සමස්තයක් ලෙස ජාතිය ගැන නොසිතූ බැවින් අද ශ්‍රී ල නි ප දුර්වල වී ඇත. සිංහලයන්ට කිසි දා උඩින් සැපයූ නායකත්වයක් නො වී ය. ශ්‍රී ල නි පක්‍ෂය ද එහි නායකයෝ ජාතිය ද පසුපස පැමිණියහ. ජනතාව නායකයන්ට නායකත්වය සැපයී ය. චන්ද්‍රිකාගේ කාලයේ ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති වෙනස්කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. එහෙත් අද සිංහල තරුණ පරම්පරාව බටහිර තාක්‍ෂණයේ හා දැනුමේ දාසයන් බවට පත් වී ඇත. වැඩිහිටියන්ගෙන් කොටසක් බොරු යහපාලනයට හා බඩට යට වී ඇත. ඔවුන්ට නායකයන්ට නායකත්වය සැපයිය නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ 2005න් පසු ක්‍රමයෙන් ජාතිකත්වය කරා පැමිණි ගමන අද සන්ධිස්ථානයකට පැමිණ ඇත. ජාතිය ඉබාගාතේ යන විට නායකයෝ මංමුළා වෙති. අද කාටත් පාහේ ඇති ප්‍රශ්නය දිවි ගලවා ගැනීම හා ආරක්‍ෂා වීම ය.

    ජනවාරි 8 වැනි දා ජාතිය පාවා දෙනු ලැබිණි. 1833 ව්‍යවස්ථාදායක සභාව ඇරඹි දින සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ සුළුතරයට අවශ්‍ය වූයේ සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීමට ය. රාමනාදන්ලා අරුණාශලම්ලා පොන්නම්බලම්ලා ඉංගිරිසින්ගේ ආධාරයෙන් ඒ සඳහා වෙහෙස දැරූහ. (විස්තර ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවීමෙන් දැනගත හැකි ය. මේ පොත කියවා ඇත්තේ තරුණයන් ස්වල්පයක් පමණ ය) අද නැවත වරක් සුළුතරයේ ආධිපත්‍යය අප මත පටවා ඇත. සිංහල බෞද්ධ විරෝධීහු ඉහළ තනතුරුවලට පත් කෙරෙති. ජාතිය පාවා දෙනු ලැබුයේ බටහිර බොරුවලට මුළා වූ ද බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිහින මැව්වා වූ බඩ ගැන සිතුවා වූ ද ජාතියේ ඇතැම් කොටස් විසිනි. ජාතිය පාවා දීමෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂයක් ගැන කියනුම කවරේ ද? මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සභාපති වීමෙන් සංකේතවත් වන්නේ කුමක් ද? බටහිරයන්ගේ දැනුමට අපි යට වීමු. අප සිහියෙන් වැඩ නොකළහොත් රටට 1817 උරුම වනු ඇත. අප අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි කාලයක් පැවතුණේ අපේ දැනුමට පින්සිදු වීමට ය. ඒ දැනුම මත පදනම් ව ජනවාරි 8 වැනි දා පරාජය තාවකාලික පරාජයක් බවට පත්කරමු.

    නලින් ද සිල්වා

    2015-01-18
     
    • Like
    Reactions: ijay

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol::lol:

    හා හා ගමේ හොර බයියා දිනවමු මචන් :lol:

    "මේ ජනවාර්ගික, නාගරික, යහපාලන හා තරුණ පදනමෙන් බාහිරව ඇතැම් බල ප්‍රදේශවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්ද අඩුවී නම් එයට හේතුව සංධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ අක්‍රියත්වය හා බලයෙන් මත්වීම ය."
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආණ්ඩු පෙරලන්න ඕන නෑ බන්.. . යහපාලනය වැඩ පිළිවෙලත් හොදයි.. දිනසීයට සීමා වෙන්නෙ නැතුව දිගටම කෙරුවොත්.. රටට සෙතක් වෙන්න තමයි අපිටත් ඕන.. දැනට හොදයි මේ යන විදිය නම්.. ඒත් වැරදි දේටත් යහපාලනය යහපාලනය කියල කටයි පුකයි වහන් හිටියොත් ගූ තමයි කන්න වෙන්නෙ ඉතින්.. රාජපක්ශල යුද්දෙ දින්නයි කියල තනියෙන් ක්‍රෙඩිට් ගන්න හැදුව නෙ.. එකට කලෙහිගුණ කියල මොනා කරත් සද්ද නැතුව හිටිය අපේ උන්.. දැන් තොපිත් මෙහෙම කරොත්.. දැන් මේ ආණ්ඩුව ඊට වඩා හපන් වෙනව...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නලින්ද සිල්වා :rofl:

    මේ අර දෙමල ජනතාවගේ ස්වයං පාලන අයිතිය පිලිගන්නවා කිව්වා පොර නේද?
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ආණ්ඩු පෙරලන්න ඕන නෑ බන්.. . යහපාලනය වැඩ පිළිවෙලත් හොදයි.. දිනසීයට සීමා වෙන්නෙ නැතුව දිගටම කෙරුවොත්.. රටට සෙතක් වෙන්න තමයි අපිටත් ඕන.. දැනට හොදයි මේ යන විදිය නම්.. ඒත් වැරදි දේටත් යහපාලනය යහපාලනය කියල කටයි පුකයි වහන් හිටියොත් ගූ තමයි කන්න වෙන්නෙ ඉතින්.. රාජපක්ශල යුද්දෙ දින්නයි කියල තනියෙන් ක්‍රෙඩිට් ගන්න හැදුව නෙ.. එකට කලෙහිගුණ කියල මොනා කරත් සද්ද නැතුව හිටිය අපේ උන්.. දැන් තොපිත් මෙහෙම කරොත්.. දැන් මේ ආණ්ඩුව ඊට වඩා හපන් වෙනව...

    100% හරි උබේ කතාව පාට පක්ශ වලට කඩේ නොයා ජනතාව වෙනුවෙන් කඩේ යන එක නම්බුයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහල බෞද්ධයන් ඒකාධිපති හොරාකාපු මිනීමරු පාලකයා අනුමත කලයි මොලශෝධනය කරමින් සිටින අවලං කුහක ගිනිපුක් කරු නොහොත්
    සොන්නලින් ද සිල්ව

    සොන්නලින් ද සිල්ව ගෙන් මම මේ දැන් අහන්නේ
    උඹේ ෆ්‍රෙඩ කියාගන්න නාථ දෙය්යද මොකාද එකාට ඔය චන්දෙ පෙනුනේ නැතෙයි
    ඇවිල්ල හීනෙන් කිව්වේ නැතෙයි

    සොන්නලින් ද සිල්ව එළකිරියේ සත්‍ය මෙම්බරයෙක් වශයෙන් එන්නේ නම් උගේ අභියෝග/ප්‍රවාද/බයිලා සියල්ල බොරු බව විවාද කිරීමට කැමැත්තෙමි. ඔන්ලයින් පමණි. සැබෑ ලෝකයේ බෑ මොකද මට මල පැනල ඔය නාකියට දෙකක් ඇන්නොත් උ මැරිලා යයි මම හිරේ යයි
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    "මේ ජනවාර්ගික, නාගරික, යහපාලන හා තරුණ පදනමෙන් බාහිරව ඇතැම් බල ප්‍රදේශවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්ද අඩුවී නම් එයට හේතුව සංධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ අක්‍රියත්වය හා බලයෙන් මත්වීම ය."

    හේතුව වෙන කිසිම දෙයක් නෙමේ හම්බෙන සල්ලි වලින් සුර සැප විදීම අසාර්තක ගුවන්තොට වරාය මෙවාට යට කරන ලද දනස්කන්ද ජීවන බර සැහැල්ලු නොකිරීම ඔන්න හේතු අඩුම මිනිස්සුන්ට කන්න තියන කෑම ටිකට ගහන බදු අයින් කරන්න තිබ්බා ඌ අදුනන්නේ දුක නෙමේ පුක
    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    සිංහල බෞද්ධයන් ඒකාධිපති හොරාකාපු මිනීමරු පාලකයා අනුමත කලයි මොලශෝධනය කරමින් සිටින අවලං කුහක ගිනිපුක් කරු නොහොත්
    සොන්නලින් ද සිල්ව

    සොන්නලින් ද සිල්ව ගෙන් මම මේ දැන් අහන්නේ
    උඹේ ෆ්‍රෙඩ කියාගන්න නාථ දෙය්යද මොකාද එකාට ඔය චන්දෙ පෙනුනේ නැතෙයි
    ඇවිල්ල හීනෙන් කිව්වේ නැතෙයි

    සොන්නලින් ද සිල්ව එළකිරියේ සත්‍ය මෙම්බරයෙක් වශයෙන් එන්නේ නම් උගේ අභියෝග/ප්‍රවාද/බයිලා සියල්ල බොරු බව විවාද කිරීමට කැමැත්තෙමි. ඔන්ලයින් පමණි. සැබෑ ලෝකයේ බෑ මොකද මට මල පැනල ඔය නාකියට දෙකක් ඇන්නොත් උ මැරිලා යයි මම හිරේ යයි

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නලින් ද සිල්වා

    2015-01-18[/QUOTE]

    eenia eenia ganakota mama danagaththa oya gothaya thami kiyala. :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,284
    1
    13,179
    113
    Gotham City
    මට මතක විදියට හිටපු අතිගරු ජනාධිපති තුමා යුද්ධේ දිනලා තිබ්බ පළවෙනි පාර්ලිමේන්තු රැස්වීමේ කිව්වේ දැන් රටේ ඉන්නේ කොටස් 2 යි කියලා .ඒ රටට ආදරය කරන ජාතිය සහ ආදරය නොකරන ජාතිය වශයෙන් .ඒත් ඇයි මේ පැරදුන ගමන් රටේ සුළුතරයක් ගැන කතාවෙන්නේ ???
    …
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොකක් ද මේ විදේශ ප්‍රතිපත්තිය

    යමපාලනයේ නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඇතුළු යමපාලකයන් පවසන කරුණක් නම් තම විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ට බව ය. යේමනයේ සිර වී සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒමට සමත්වීම පිළිබඳවත් යමපාලකයෝ උදම් අනති. එය ද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ යහපත්බව නිසා සිදු වුවක් බවට ඔවුහු පුරසාරම් දොඩවති. අපට අසන්නට ප්‍රශ්නයක් ඇත. අජිත් පෙරේරාට අනුව ඊනියා මහින්ද රෙජිමය බලයේ සිටියේ නම් ලාංකිකයන් යේමනයේ අතරමං වීමට තිබිණි ද?

    ලාංකිකයන් ගෙන්වා ගැනීමට යමපාලකයන්ට පිහිටට පැමිණ ඇත්තේ බටහිර රාජ්‍යයක් හෝ ඉන්දියාව හෝ නොව චීනය ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නිසා චීනය අපට මේ ප්‍රශ්නයේ දී උපකාර නොකර සිටින්නට තිබිණි ද? දේශපාලනඥයන් තමන්ට ලකුණු දා ගැනීමට කලාකරුවන්ට හා ඊනියා බුද්ධිමතුනට ද වඩා ඈතට යන බව අපි දනිමු. එහෙත් අජිත් පෙරේරාගේ ලකුණු දමා ගැනීම පිළිකුල් සහගත ව ප්‍රතික්‍ෂෙප කිරීමට සිදු වී ඇත.

    යමපාලනයට බටහිර රාජ්‍යවල සහාය ලැබෙන බව ඉතා පැහැදිලි ය. එමෙන් ම ඉන්දියාව ද යමපාලනයට උපකාර කරයි. අප බොහෝ විට කියා ඇත්තේ එයට ප්‍රධාන හේතුව මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමට ඔවුන්ට තිබූ අවශ්‍යතාව ය. රනිල්ට ඇමරිකානුවන් කියා දී ඇත්තේ මහින්ද රෙජිමය පරාජය කළ යුතු බව ය. එය ඉටු කර ගත් නමුත් අද ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මහින්ද සම්පුර්ණයෙන් ම දේශපාලන වශයෙන් අකර්මන්‍ය කිරීමට ය.

    මේ කාර්යයේ දී බටහිරයන්ට හා ඉන්දියයන්ට ඔවුනොවුන්ගේ ඔත්තු සේවාවල ද, මෙරට ඔවුන්ගේ ඒජන්තයන් වූ එ ජා ප, ජාතික හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය, ජ වි පෙ ආදී පක්‍ෂවල නායකයන්ගේ ද ශ්‍රී ල නි ප නිවට නායකයන්ගේ ද සහාය ලැබෙයි. බටහිරට හා ඉන්දියාවට මහින්ද ඉවත් කිරීමට අවශ්‍ය ව ඇත්තේ කරුණු දෙකක් නිසා බව අපි කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. එහෙත් සිංහලයන් යමක් පිළිගන්නේ ඒ දහස් වරක් පමණ කීවහොත් පමණකි. එබැවින් අපි එය නැවතත් කියමු. මහින්ද ඉවත් කිරීමට මේ පිරිස් කටයුතු කරන්නේ දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිරට හා ඉන්දියාවට අවනත නොවීමත් ඔවුන්ගේ විරුද්ධත්වය නොතකා චීනය සමග සම්බන්ධකම් ඇතිකර ගැනීමත් නිසා ය. බටහිර හා ඉන්දියාව දෙමළ ත්‍රස්තවාදයට අනුබල දුන්නා පමණක් නොව කොටින්ට ආයුධ, මුදල් හා වෙනත් ආධාර ද දුන්නේ ය. අප නන්දිකඩාල් කලපුවේ දී අවසානයේ දී ජයගත්තේ මේ සියල්ල මැද මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ බව සිංහලයන්ගෙන් බහුතරය කිසි දිනෙක අමතක නොකරනු ඇත.

    යුරෝපා සංගමය නැවතත් කොටි තහනම් කර ඇත්තේ අපට එරෙහිව පැනවූ විවිධ ආර්ථික සම්බාධක ඉවත්කර ඇත්තේත් යමපාලනයේ විදේශ ප්‍රතිපත්තිය නිසා බව යමපාලකයෝ කියති. එය ඇත්ත ය. යුරෝපා සංගමය එකල කොටි තහනම ඉවත් කළේත් ආර්ථික සම්බාධක පැනවූයේත් මහින්ද රාජපක්‍ෂට දඬුවම් කිරීමට ය. ඒ මහින්ද රාජපක්‍ෂගේ නොබැඳි නොගැති විදේශ ප්‍රතිපත්තිය හේතුකොට ගෙන ය. එහෙත් අද යමපාලකයන් පවත්වාගෙන යන්නේ බටහිර ගැති ඉන්දියාවට පක්‍ෂපාති චීනයට බය විදේශ ප්‍රතිපත්තියකි. ඔවුන්ට චීනයට විරුද්ධ වීමට තරම් ශක්තියක් නැත. එහෙත් බටහිර ගැති බව හා ඉන්දියාවට පක්‍ෂපාතවීම හේතුවෙන් යමපාලකයෝ දෙමළ ජාතිවාදයට කප්පන් දෙති. සාම්පුර් කඳවුර ඉවත්කර ගනිති. පලාලේ අධිආරක්‍ෂිත කලාපය ඊනියා ජනතාවකට පවරා දෙති. ඒ වෙනුවෙන් යුරෝපා සංගමයෙන් ආර්ථික සහන ලබාගනිති. මේ රට පාවා දී බඩවියත රැක ගැනීමක් මිස අනෙකක් නො වේ. යමපාලකයන්ගේ විදේශ ප්‍රතිපත්තිය එය මිස අන් කිසිවක් නො වේ.

    නලින් ද සිල්වා

    2015 අප්‍රේල් 10
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    23s8178.jpg
    23s8178.jpg
    23s8178.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනාධිපතිවරණයේ දී සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් පරාජයක් ලබා ඇත. මෙය 1815 දී ලැබූ පරාජය තරම් දරුණු එකක් නොවුවත් අප සිහියෙන් කටයුතු නොකළහොත් එවැනි මට්ටමකට ඇද වැටීමට ඉඩ ඇත. 1815 දී කේම්බ්‍රිජ් උපාධිධාරී ඩොයිලි ප්‍රධාන ඉංගිරිසි නිලධාරීන්ගේ සටකපටවූ ද බොරුවලින් පිරීගියාවූ ද දේශපාලනයට හසු වී සුද්දන්ට රට භාරදී අපි අමාරුවේ වැටුනෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස අපට සුදු ආණ්ඩුකාරයකු මුළු දිවයිනට ම ලැබිණි. 1817 දී කැප්පෙටිපොළ නිළමේ ඝාතනය කෙරුණු අතර වෙල්ලස්සේ සිංහලයෝ සමූලඝාතනය කරනු ලැබූහ. 2015 දී කළු සුද්දන්ගේ බටහිර දැනුමට, බොරුවලට හා ව්‍යාජ දේශපාලනයට හසු වූ පිරිසක් බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් හා බඩ ගැන මිස රට ජාතිය ආගම ගැන කල්පනා නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අපට නැවතත් සුදු ආණ්ඩුකාරයකු ලැබී ඇත. ඒ එංගලන්ත මහා කොමසාරිස් ය. රනිල් වික්‍රමසිංහ ඔහු වෙනවෙන් අගමැතිකම කරයි. මෛත්‍රීපාල සිරිසේන අත්සන් කිරීමේ කටයුතුවල නිරත වෙයි. :yes::P:P (දින 100 න් පස්සේ මෙයා කොහොමත් අත්සන් ඇමති) අපි 2017 වන විට ඉංගිරිසින්ගේ දෙමළ ජාතිවාදයට යට වී සිංහලයන් ඝාතනය කිරීමකට ඉඩ දෙමු ද? අද ප්‍රශ්නය බොරු ප්‍රජාතන්ත්‍රවාදය හා බඩ ද නැත්නම් රට ද යන්න මිස අනෙකක් නො වේ. රට ගැන නොසිතුවහොත් අවසානයේ දී බොරු ප්‍රජාතන්ත්‍රවාදයත් බඩත් නැතිවනු ඇත.

    පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජයගනු ඇතැයි අපි පුරෝකථනය කළෙමු. එය ප්‍රාර්ථනයක් නො වී ය. සිංහල බෞද්ධයන්ගෙන් 60%කට වඩා ඒ මහතාට ඡන්දය දෙනු ඇතැයි අපේ ගණනය විය. එය එක් උපකල්පනයක් මත පදනම් විය. ඒ 2005 දී ජයගත් ජාතිකත්වය, 2009 දී නන්දිකඩාල් කලපුවේ දී තහවුරු වීමෙන් පසුව දුර්වල නො වේ ය යන්න ය. අපි සිංහලයන් විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් කෙරෙහි විශ්වාසය තැබුවෙමු. දෙමළ මුස්ලිම් එක් ඡන්දයක් නැතිව වුවත් ජනගහනයෙන් 75%ක් වූ සිංහලයන්ගෙන් 65%ක් ඡන්දය දෙන්නේ නම් සිංහලයන්ට ජයගත හැකි ය. සිංහලයන්ගෙන් 60%ක් ඡන්දය දෙන්නේ නම් එවිට මුළු ඡන්දයෙන් 45%ක් ලැබෙයි. 25%ක් වූ දෙමළ හා මුස්ලිම් ජනයාගෙන් 20%ක් ඡන්දය දුන්නේ නම් එවිට ද ජයගත හැකි ය. එහෙත් ඒ එසේ නො වී ය. මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජනයාගේ ඡන්දවලින් ලැබුණේ 20%කට අඩු ප්‍රමාණයකි. මුස්ලිම් ඡන්දවලින් 15%ක්වත් නොලැබිණි. කල්මුණේ ඡන්ද බල ප්‍රදේශයෙහි එය 9%ක් පමණ විය. නැගෙනහිර පළාතේ ඡන්දය දුන් ප්‍රතිශතය ඉතා විශාල විය. සමස්තයක් ලෙස ගතහොත් මුස්ලිම් ජනයා තොග වශයෙන් එකට සිටිමින් තම ජනවාර්ගික අනන්‍යතාව ප්‍රධාන කරුණ බවට පත්කරගනිමින් ඡන්දය දුන්හ. සේරුවිල, හා අම්පාර ඡන්ද බල ප්‍රදේශ අත්හැර උතුරු හා නැගෙනහිර පළාත්වල අනෙක් ඡන්ද බල ප්‍රදේශ සමග පුත්තලම හා නුවරඑළිය මස්කෙළිය ඡන්ද බල ප්‍රදේශ එකට ගතහොත් මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්ද අටලක්‍ෂයකට අධික ප්‍රමාණයකින් පරාජය විය. එහෙත් මුළු රටෙන් ම ඒ මහතා පරාජය වූයේ ඡන්ද හාරලක්‍ෂ හතලිස් පන්දහකින් පමණ ය. සිංහල ඡන්දවලින් 55%ක් පමණ ඒ මහතාට ලැබී ඇති මුත් එය 65%ට අඩු විය. ඒ මහතාට 65%ට වඩා ඡන්ද ලැබුණේ තංගල්ල බල ප්‍රදේශයෙන් පමණකි. එය 65.18%ක් විය. හම්බන්තොට දිස්ත්‍රික්යෙන් ම ඒ මහතාට 63.02% ක ඡන්ද ලැබිණි. ඉහත කී ඇතැම් ගණනයන් දළ වශයෙන් කරන ලද්දේ වුවත් සිදුවූයේ කුමක් ද යන්න පැහැදිලි ය. දෙමළ හා මුස්ලිම් ජනයා ජනවාර්ගික පදනමකින් ඡන්දය දෙන විට සිංහලයෝ සැලකිය යුතු පිරිසක් ජාතිය අමතක කර ඊනියා යහපාලනයකට, වෙනසකට හා රුපියල් දහදාහකට හා බඩට ඡන්දය දුන්හ.

    නැවතත් දළ ගණනයකට අනුව 2010 දී මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් අයගෙන් 85% ට වැඩි පිරිසක් 2015 දී ඡන්දය දුන්හ. ඇතැම් බල ප්‍රදේශවල එය 90%ට වැඩි විය. අළුත් ඡන්ද යැයි සැලකිය හැකි ඡන්දවලින් නාගරික බල ප්‍රදේශවල ඒ මහතාට ලැබී ඇත්තේ 20%ක පමණ ඡන්ද ප්‍රමාණයකි. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල එය 50% දක්වා වැඩි වී ඇත. සමස්තයක් ලෙස ගත්කල දෙමළ හා මුස්ලිම් ජනයා, නාගරික ජනයා, අවුරුදු 30ට පමණ අඩු අය, බෞද්ධ නොවන සිංහලයන් මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ ව ඡන්දය දී ඇත. මේ සියල්ල පහත දැක්වෙන සිතියමෙන් (සන්ඩේ ටයිම්ස් පත්‍රයේ අනුග්‍රහයෙනි) පැහැදිලි වෙයි. මෙහි රතු පාටෙන් ලකුනු කර ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ලබා ඇති ඡන්ද බල ප්‍රදේශ ය. එය ඊනියා ඊළාම් සිතියමෙන් වෙනස් වන්නේ මාතර, ගාල්ල හා බේරුවල බල පුදේශ ද බස්නාහිර මුහුදුබඩ තීරයේ පාණදුර සිට මීගමුව දක්වා බල ප්‍රදේශ ද කඳුකරයේ ඇතැම් බල ප්‍රදේශ ද පොළොන්නරුව දිස්ත්‍රික්කය ද එකතු වී තිබීමෙන් හා අම්පාර සේරුවිල බල ප්‍රදේශය අත්හැර තිබීමෙනි. මහින්ද රාජපක්‍ෂ මහතා සුළු ඡන්ද ප්‍රමාණයකින් පැරදුණු පාණදුර ඡන්ද බල ප්‍රදේශයෙහි ද මුස්ලිම් ජනයා සැලකිය යුතු ප්‍රමාණයක් සිටින බව අමතක නොකළ යුතු ය. මේ ජනවාර්ගික, නාගරික, යහපාලන හා තරුණ පදනමෙන් බාහිරව ඇතැම් බල ප්‍රදේශවල මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්ද අඩුවී නම් එයට හේතුව සංධානයේ ප්‍රාදේශීය නායකයන්ගේ අක්‍රියත්වය හා බලයෙන් මත්වීම ය. ඇතැම් මැති ඇමතිවරන්ගේ ද කළකිරීමට බැසිල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ සාධක බලපා ඇති බව ද පැහැදිලි ය. තැපැල් ඡන්්ද අඩුවීමට රුපියල් දහදහ බලපා ඇතැයි සිතිය හැකි ය.

    සංධානයේ ඇමතිවරුන් ද ඇතුළු ඇතැමුන් දැන් කියනු ඇත්තේ සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් දිනිය නොහැකි බව ය. මෙය චන්ද්‍රිකාගේ කාලයේ සිට ම (අනුවේ දශකයේ මුල සිට) වයන පදයකි. එහෙත් දෙමළ ඡන්ද යම් ප්‍රමාණයක් ලැබෙන විට සිංහල ඡන්දවලින් 60%ක් ලබාගත හැකි නම් දිනිය හැකි ය. මෙවර ජනාධිපතිවරණයේ දී සිංහල ඡන්ද විශේෂයෙන් ම බෞද්ධ ඡන්ද වැඩිකර ගැනීමට සංධානය ක්‍රියා කළේ නැත. මාධ්‍ය මෙහෙය වූ ඇමතිවරුන්ට සිංහල ඡන්ද මතක් වූයේ ජනාධිපතිවරණයේ අවසන් සතියෙහි ය. ඒ වන විට ඡන්දදායකයෝ තීරණයකට පැමිණ සිටියහ. තරුණ ඡන්දදායකයන්ට හා නාගරිකයන්ට මුහුණක් නැති එහෙත් මුහුණු පොත ලෙස හැඳින්වෙන ෆේස්බුක් මගින් ගෙන ගිය බොරු ප්‍රචාර තදින් බල පෑවේ ය. ඊනියා තොරතුරු තාක්‍ෂණය හා පරිගණක සාක්‍ෂරතාව වර්ධනය වූයේ පසුගිය ආණ්ඩුව යටතේ වුව ද එය අපේ වහලකු කරගන්නේ කෙසේ ද යන්න තරුණයන්ට කියා දීමට කිසිවෙක් නො සිටියේ ය. නැණසලට ඊනියා ජාත්‍යන්තර තෑගි ලැබුණේ එයින් බටහිර තාක්‍ෂණයට හා දැනුමට යට වූ පිරිසක් බිහිකළ බැවින් ද? නැණසල අවසානයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි විය. තරුණ ඡන්ද මෙයට වඩා ලැබිණි නම් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීමට තිබිණි. තංගල්ල බල ප්‍රදේශයෙහි ද තරුණයන් (අළුත් ඡන්ද ලෙස උපකල්පනය කරමින්) 50%කට වඩා මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දී නැත. කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාතිකත්වය වටා ගොනු වූ ශිෂ්‍යයන් වැන්නන් අවුරුදු දහයක දීර්ඝ සප්තවාර්ෂික නිවාඩුවකින් පසු කැලණියට ගිය මට එහි දී දැකගත නොහැකි විය. එය කැලණියේ සුවිශේත්වයක් නො වී ය.

    සිංහලයන් සමස්තයක් ලෙස ජාතිය ගැන නොසිතූ බැවින් අද ශ්‍රී ල නි ප දුර්වල වී ඇත. සිංහලයන්ට කිසි දා උඩින් සැපයූ නායකත්වයක් නො වී ය. ශ්‍රී ල නි පක්‍ෂය ද එහි නායකයෝ ජාතිය ද පසුපස පැමිණියහ. ජනතාව නායකයන්ට නායකත්වය සැපයී ය. චන්ද්‍රිකාගේ කාලයේ ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති වෙනස්කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. එහෙත් අද සිංහල තරුණ පරම්පරාව බටහිර තාක්‍ෂණයේ හා දැනුමේ දාසයන් බවට පත් වී ඇත. වැඩිහිටියන්ගෙන් කොටසක් බොරු යහපාලනයට හා බඩට යට වී ඇත. ඔවුන්ට නායකයන්ට නායකත්වය සැපයිය නො හැකි ය. මහින්ද රාජපක්‍ෂ 2005න් පසු ක්‍රමයෙන් ජාතිකත්වය කරා පැමිණි ගමන අද සන්ධිස්ථානයකට පැමිණ ඇත. ජාතිය ඉබාගාතේ යන විට නායකයෝ මංමුළා වෙති. අද කාටත් පාහේ ඇති ප්‍රශ්නය දිවි ගලවා ගැනීම හා ආරක්‍ෂා වීම ය.

    ජනවාරි 8 වැනි දා ජාතිය පාවා දෙනු ලැබිණි. 1833 ව්‍යවස්ථාදායක සභාව ඇරඹි දින සිට ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ සුළුතරයට අවශ්‍ය වූයේ සුළුතරයේ ආධිපත්‍යය පිහිටුවීමට ය. රාමනාදන්ලා අරුණාශලම්ලා පොන්නම්බලම්ලා ඉංගිරිසින්ගේ ආධාරයෙන් ඒ සඳහා වෙහෙස දැරූහ. (විස්තර ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවීමෙන් දැනගත හැකි ය. මේ පොත කියවා ඇත්තේ තරුණයන් ස්වල්පයක් පමණ ය) අද නැවත වරක් සුළුතරයේ ආධිපත්‍යය අප මත පටවා ඇත. සිංහල බෞද්ධ විරෝධීහු ඉහළ තනතුරුවලට පත් කෙරෙති. ජාතිය පාවා දෙනු ලැබුයේ බටහිර බොරුවලට මුළා වූ ද බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සිහින මැව්වා වූ බඩ ගැන සිතුවා වූ ද ජාතියේ ඇතැම් කොටස් විසිනි. ජාතිය පාවා දීමෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂයක් ගැන කියනුම කවරේ ද? මෛත්‍රිපාල සිරිසේන මහතා එහි සභාපති වීමෙන් සංකේතවත් වන්නේ කුමක් ද? බටහිරයන්ගේ දැනුමට අපි යට වීමු. අප සිහියෙන් වැඩ නොකළහොත් රටට 1817 උරුම වනු ඇත. අප අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි කාලයක් පැවතුණේ අපේ දැනුමට පින්සිදු වීමට ය. ඒ දැනුම මත පදනම් ව ජනවාරි 8 වැනි දා පරාජය තාවකාලික පරාජයක් බවට පත්කරමු.

    නලින් ද සිල්වා

    2015-01-18

    නලින් ද සිල්වා මහතා 2015-01-18 දින ලියපු මේ ලිපිය, අද වෙනකොට මොන තරම් ඇත්ත වෙලා තියෙනවද...? හිතල බලන්න..