සූනියම්_දෙවියෝ

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සමාජය තුල කැපීපෙනෙන චරිතවලට නොයෙක් කතා නිර්මාණය වීම අමුතුදෙයක් නොවන බව ගම්බාර දෙවියන් වටා ගෙතුණු කතාවලින් ඔබට වැටහෙනු ඇත, මේ ගැන කරුණු කාරනා සොයන කල මා තවත් සුනියම් දෙවියන් යනු කවරෙක්ද යන්න තව දුරට සොයා ගියා එතකොට මට ලැබුන විදිහට එය කෙටියෙන් කියනවනම් කතරගම දෙවියන්ට බාර වෙනවනෙ මිනිසුන් අහවල් අහවල්කාරිය කියල ඕව උනාම ඉටුකරන්න එපැයි, අපෙය් හැත්ත වැඩක් කරගන්නකන් විතරනෙ එට පස්සෙ උන්ට මතක නෑ වැඩෙ කරන්නට කලින් කියපු දේවල් ඔන්න ඕව මතක් කරන්නට ගම්බාර දෙවියන් තමා මුන්ට මතක් කොරන්නෙ,එම නිසා එම දෙවියන් කතරගම දෙවියන්ට සිදුවන බාරහාර සම්බන්දව වගකියන්නෙ,එවගෙ ම කතරගම දෙවියන් සතු තවත් එක් බලවත් දෙවි කෙනෙකි, ඊලග තැන නම් ලංකාවෙ විසු බලවත් යක්ස ගෝත්‍රික හැඩිදැඩි පුද්ගලයෙකි, දරුණු ලෙස දඩුවම් දෙන තමුන්ට පුද පුජ කරන මිනිසුන් රකින්නෙකි, මෙය දැනගත් දැඩිමුන්ඩ දෙවියන් දිව්‍ය වරයන් සමග යහපත් ලෙස ජීවත්වන්නට අණ දුනි, දිව්‍යවර තුල යන්ත්‍රමන්ත්‍ර බලය, යහපත් මිනිසුන් අරක්ෂාකරන්නට සමග දිව්‍ය බලය ඇතුලත්විය, මොන දෙය තිබුනත් ආවේනික ගති විටින් විට මතුවිණි, යහපත් ක්‍රියා වැඩිවන තරමට මේ නිසාවෙන් මොහු දේවත්වයට පත්වන්නට විය, අප මිනිසුන් කන්නට ඕනනම් කබරත් තලගොයා කරගන්නවා කියල අහල ඇති, රටේම තියන දහදුරා වැඩ කරලා ඇවිත් අහවල් අහවල්කාරිය කරලා දෙන්න ලෙස දනින් වැටෙනවා නොවැ, තව පලිගහනවා මේවා නිසා යහපත් මිනිසකුටවත් ඉන්න බැරි සමාජයක එක අතකින්දෙවියන් යක්ෂයන් වන එක අහන්න දෙයක් ද


    මිනිස් සිත බණ භාවනාවකට සිත යොමුකරනවට වඩා තවකෙකු සමග කේලමක් කුනුහරුපයක් හෝ පස්පවක් කරන්නට සිත වේගයෙන් යොමුවනවා ඇත, පෘතග්ජනයන් ලෙසින් තැන තැන දුවන සිත පවට ලෝල්ය, දහමට සිත යොමුවනුයේ ඔබ අප පෙර කලාවූ කුසලයන් වල විපාක ලෙසිනි නැතිනම් කරකියා ගන්නට බැරි උනාම පංසලට රින්ගීමය නැතිනම් පන්සලෙ සිටින හිමියන්ට කැතකතා කියමින් නන්නත්තරෙය් යෑමය,පෙර ලිපිය මා සදහනක් කලා සුනියම් දෙවියන් සමග වැඩකර වැඩ වරද්දාගත් අය ඉන්නව කියලා මතක ඇති, ගම්බාර දෙවියන් හා මෑතකාලයේ ප්‍රසිද්ද පුද්ගලයෙකුට වුන වැඩක් තැන කළුතර දිස්තිරික්කයේ පානදුර පරදේශයේ ඇතිනෙ මීට වඩා කියන්නෙ නෑ ගම්බාර දෙවියන් සමග මෙත්‍රී බුදුන් දැක නිවන් දකින්නට එක්ව පින්කරන බව පවසමින් යහපත්ලෙස කල්යවා එන මිනිසුන්ට වැහෙන අමුනුෂයන් ද මා කල පින් අනුමෝදන් වී සිටින්න ලෙසින් අමුනුෂයන් බැද ඔවුන්ගෙන් ද නොයෙක් වැඩ කලේ ය,ඒවා හරියටම හරි ගියේය ක්‍රමයෙන් ප්‍රසිද්දවිය, කල්යත්ම පවට ගිජුවිය තමා සතුව තිබු යහ ගතිගුණ ක්‍රමයෙන් මැකීයන්නට විය, තමා සමග සිටි අමුනුශ්යන් දැන් දැන් පවට බරය එසේ ම සියලු දෙය ලග කර දුන් කෙනාම එය විනාශ කරන්නට ඒ මිනිසාගේ සිත යොමුකරවන බව එය දුටු විට සිතුන, ඒ පින්වත් කපුමහතා ක්‍රමයෙන් බීමට පවා ඇබ්බැහි වුවෙකි, කලෙක මාද එම ස්ථානයට ගියා ඒ බැවින් එම කාරනය ගැන හොදින් සොයාබලන්නට හැකිවිය,

    දෙවියන් ගැන නොයෙක් අදහස් ඇත,හැබැයි එක් වැරදි මතයක් එනම් දැඩිමුණ්ඩ හා සුනියම් දෙවියන් යන දෙදෙනාම එක් බවය,නිළ රථය ලෙස සුනකයකු පිට වැඩසිටින බවත්ය,මෙය කිසිසේත් සිදුනොවන්නකි පැරැණි මන්ත්‍ර ශාස්ත්‍රය හදාරපු උදවියගෙන් ඇසුකල එය මනාව පැහැදිළි විය, තවත් දෙයක් ගිහිපිරිතක් හෝ මොනයම් ආරක්සා පිළිවෙතක් සිදුකරන කල ගම්බාර දෙවියන්ගෙන් අවසර ගන්නෙ ඇයි? මීට‍ හේතු බුත කරනා ලෙසින් කරන කීපයක් ලැබුණි, යන්ත්‍ර-මන්ත්‍ර වල කෙල පැමිණියකු ලෙසින් සිටියත් සුනියම් දෙවියන් එම කෙලපැමිණි පුද්ගලයට බලවත් බැවින් එම කරන කටයුතු ඇතුළු නිසිලෙස කරගන්නට නම් අවසර ගත යුතුමය,නැතහොත් හෝ අඩුවක් අතපසුවීමක් අතලග බව දන්නා බැවිනි තවද දිව්‍ය ලෝකවල වැඩවසන දෙවියනට කිසියම් වු පාලන ක්‍රමයක් ඇත,සාදාරණ කොන්දේසි මත පදනම් වූ නිතිමලාවක් ඔවුන්ද යටත්ය,එය කොයි 1දේවියටත් 1මය, දෙයක් ලන්කවෙ නිතිවගෙ නොවෙයි, සියලුම ගම්මානවල වගකීම හා ආදීපත්‍ය පවර දි තිබෙනුයේ සුනියම් දේවත්වයේ ගම්බාර හෙවත් ගම්පරවෙනි නාමයෙන් ප්‍රසිද්දව සිටින දිව්‍ය ශක්තියටය එය සුනියම් දෙවියන් සතුවන නිසාවෙන් ගම්බාර දෙවියන් ලෙස හදුන්වනු ඇත,තවද ඒම ගම වැසියන් ආරක්ස කරන්නට පුර්ණ බලතල ලබා දී තිබෙන නිසාත් ඉහල පෙළ දෙවියන් ගම්මානවලට බලපෑමක් සිදුකරන්නට පෙර සුනියම් දෙවි අවසරය ගත යුතුය,තවද උසස් දේව අරාදනාවක් හෝ ප්‍රබල රාජගණයේ දිශ්ටියක් ජපකරන්නට අවසර ලබා ගත යුතු බව අත්දැකීම ඇති ගුරුන්නාන්සේලා දන්නවා ඇත, මෙවැනි කරුණු කරන නිසාවෙන්
    සුනියම් දෙවියන් - " බලපුළුවන්කාර කෙරුම්කාර නඩුකාර නම්බුකාර ගම්බාර සිද්ද සුනියම් දෙවියන්" ලෙස හදුන්වනුයේ එම නිසාවෙනි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    මේ වගේ යක්කු හොඳයි ගම්වල බයියන්ට. බයෙන් වෙව්ල වෙව්ල පූජා වට්ටි තියන්න. බෞද්ධ අපිට නම් ඉතින් සසර පුරාවටම ත්‍රිවිධ රත්නයට වඩා අන් සරණක් නැත.