සූනියම්_දෙවියෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සූනියම්_දෙවියෝ

    ගම්බාර සිද්ධ සූනියම් දෙවියෝ කඹලෑ මුත්තා, කඹලෑ අප්පච්චී, කබලෑවේ බණ්ඩාර, කබලෑවේ මුදියන්සේ, ඔඩ්ඩි වඩිග හූනියමා, ගම්බාර මුත්තා යන නම්වලින් සත්කෝරලයේ සිංහලයන් හඳුන්වනු ලබන්නේ කඹලෑවේ දෙවියාය. මේ දෙවියන් පිළිබඳ උත්පත්ති කතා කිහිපයක් ජනශ්‍රැතියේ සඳහන් වේ. ඉන් එකක් මෙසේය.
    suniyam+dewi.jpg

    පුරාණ දඹදිව උතුරු දිශාවේ එක්තරා ප්‍රදේශයක දරුණු යක්‍ෂ උවදුරක් පැවැතියේය. මල්වර වූ දැරියක් හෝ රූමත් කාන්තාවක තනිපංගලමේ සිටියදී විකාරයෙන් ‍ෙදාඩවන්නට විය. අලුත උපන් බිලිඳුන් එක්වරම අතුරුදන් විය. මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ රටවැසියෝ විවිධ ශාන්තිකර්ම කරමින් උවදුරින් මිදෙන්න උත්සාහ ගත්ත ද, ඒ සියලු උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. එයින් නොනැවතුණු රට වැසියෝ තෙළිඟු රටින් දක්‍ෂ යකැදුරකු ගෙන්වීය. යක්‍ෂයාගේ බලවත්කම දුටු යකැදුරා හූනියම් කැපුම් මන්ත්‍ර ලක්‍ෂයක් ලියා ජීවම් කළ පුස්කොළ ග්‍රන්ථයක් ඇතුළට යක්‍ෂයා අල්ලා සිර කරන ලදී. පුස්කොළ ග්‍රන්ථය තෙළිඟු රටට ගෙනා යකැදුරා එය රන් නූලකින් ගැටගසා මුහුදේ පා කර යැවීය.

    මුහුදේ පාවී ආ පුස්කොළ ග්‍රන්ථය ලක්දිව දකුණු ඉවුරේ තිබී නිවැසියකුට හමු විය. ඒ අතර පුල්ලියාපිටියේ (වර්තමාන කුලියාපිටිය ප්‍රදේශය) දීගල්ල ප්‍රදේශයේ උපාසකයෙක් මාතර ප්‍රදේශයේ වන්දනා ගමනකට ගියේය. එම උපාසක තෙම සමඟ කුලුපග වූ නිවැසියා, එය කිසි දිනෙක නොලිහන පොරොන්දුව පිට පුස්කොළ ග්‍රන්ථය උපාසකයාට දිනි. නිවැසියාට වූ පොරොන්දුව පිට පුස්කොළ පොත තම නිවෙසට ගෙන ගිය උපාසකයා පෙට්ටගමක් තුළ එය බහා තැබීය. කලක් ගත විය. කෙසේ හෝ මේ පිළිබඳ තොරතුරු දැනගත් ‍ෙදාඩම්පාවුල ගමේ විසූ පුද්ගලයෙක් එම නිවෙසට පැමිණ පොත සොරා ගත්තේ, එහි බලගතු මන්ත්‍ර තිබේ යැයි සැක කරමිනි. පොත සොරා ගත් ඔහු එම රන් දම් ලිහන්න විය. ක්‍ෂණයෙන් පොතෙන් එළියට පැනගත් යක්‍ෂයා අහසේ සිට මහත් පෙළහර පාන්න විය.

    ගොඩ බැස සිංහල යට නොව ලසිනා
    මුදා බලමු පොත මැතිවරු කියනා
    මුදා එළනු පොත වට බැමි ලිහනා
    එදා පැනපි ගුව නට එර්දියෙනා
    එයින් බියට පත් වූ සොරා කලබල වී පොත නැවත බඳින්න ලණුව තද කරන විට එය කැඩී ගියේය. එක්වරම "නැවත කඹ ලා හිරකරනු" යැයි විධානයක් ඇසිණි. නමුත් ඒ වන විට යක්‍ෂයා එළියට පැන සිටියේය. පෙර සේම රට වැසියන්ට වින කරනමින් රට පුරා සැරිසැරීය. විශේෂයෙන් මන්ත්‍ර ගුරුකම් දන්න පිරිමි ළමයින් ඔහු අතින් විනාශ විය. අලුත ඉපදුණු බිලිඳුන් පැදුරු වාන් අස්සේ, කුඹුරු නියරවල් උඩ අබ්බගාත වී වැටී සිටියහ. කබලෑවේ වැසියන්ට හිරිහැර කළ යක්‍ෂයා දමනය කිරීමට කිසිදු පුද්ගලයකුට නොහැකි විය. යක්‍ෂයා බැඳ තිබූ පොත කුඹල්වල ගමේ නුග ගසක දෙබලක සඟවන ලද අතර කාලයාගේ ඇවෑමෙන් මෙම දෙබල පොත සමඟ හාවී ගියේය. මෙම යක්‍ෂයා මිනිසුන්ට කළ වින මෙසේ සඳහන් වේ.

    කටුවැල්ලට දෙවි යෝ වැඩි ගමනේ
    සිව්වල් පොල් මුල් ලේ පොල් සෙවනේ
    වැටවල් පොඩිකර ගිජිඳෙකු ලෙසිනේ
    වැටවල් පීරා බියගන් වමිනේ
    අවසානයේ දී එගම රාජපද්ම මුදියන්සේ නම් උපාසකයා මුල් වී මෙම උවදුරින් බේරා ගන්නා ලෙස පත්තිනි දෙවියන්ගෙන් අයැද සිටියේය. පත්තිනි දෙවියන් කියා සිටියේ නවගුණ මන්තරයෙන් ලක්‍ෂ වාරයක් ජීවම් කළ නවගුණ වැල් හත් පොටක් සකස් කර දෙන ලෙසයි. රාජපත්ම මුදියන්සේ එය ජීවම් කර දුන්නේය. පත්තිනි දෙවියන් මහත් පරිශ්‍රමයෙන් යක්‍ෂයාගේ ගෙලට නවගුණ හත්පොට දැම්මේය. එකෙණෙහිම අහසට පැනගත් යක්‍ෂයා නවගුණ වැල් හතර පොටක් කඩා දැම්මත්, ඉතිරි තුන් පොට කඩා ගත නොහැකි විය. මෙල්ල වූ යකා පුල්ලියාපිටියේ දීගල්ල ප්‍රදේශයේ ගලක් ළඟ වැටී සිටියේය. ගම්වැසියන් එකතු වී කඹවලින් යක්‍ෂයා බැඳ දැම්මේය. කඹවලින් ලෑ (බැඳ දැමූ) තැන කබලෑව විය.

    යක්‍ෂයාගේ ශක්තිය දුටු පත්තිනි දෙවියෝ ඔහුට දේව වරමක් දුන්නේ අසරණ රට වැසියන්ට දුකට කරදරයට පිහිට වෙන ලෙස පොරොන්දු කර ගනිමිනි. එතැන් පටන් කඹලෑ යක්‍ෂයා කබලෑ දෙවියන් ලෙස ගම්මුන් අතර ප්‍රසිද්ධ විය.

    පිල්ලි දහ අටක්, අංගම් දහ අටක්, හූනියම් කිරීමට මන්ත්‍ර ලක්‍ෂයක් සහ හූනියම් කැපීමට මන්ත්‍ර ලක්‍ෂයක් හිමි කඹලෑ මුත්තා වරදට දඬුවම් දෙමින්, දුකට කරදරයට පිහිට වෙමින් ගෙයක් ගෙයක් පාසා ඇවිදියි. පැරැණි සත්කෝරලයේ වැසියෝ නිවෙස ඉදිරිපිට ගවගාල සකස් කොට එළියේ කඹලෑ මුත්තාගේ පහන් පැලින් විහිදෙන එළිය ගවගාලට වැටෙන්න සලස්වයි. සුදු අසු පිටින් එන කඹලෑ මුත්තා කිරි හරකුන්ගෙන් කිරි බී, ගෙවැසියන්ට ආශිර්වාද කර වතුපිටි හරක බාන ගෙවල් ‍ෙදාරවල් ආරක්‍ෂා කරයි.

    කඹලෑ මුත්තාට නිවෙස ඉදිරිපිට තබන පහන් එළිය නිවෙසේ ඉදිරි ‍ෙදාරට වැටීම නුසුදුසු බව ගම්මුන්ගේ පිළිගැනීමයි. පුර පක්‍ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පෙර දින පහළොව) සූනියම් දෙවියන්ගේ බලය වැඩි අතර, අව පක්‍ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පසු දින පහළොව) සූනියම් යක්‍ෂයාගේ බලය වැඩිවේ. ඒ නිසා අව පක්‍ෂයේ දිනවල සූනියම් යක්‍ෂයාගේ බැල්ම නිවෙසට වැටීම අසුබය.

    සූනියම් දෙවියන්ගේ හා සූනියම් යක්‍ෂයාගේ ස්වරූපයන් විවිධ මතධාරීන් විවිධාකාරයෙන් ඉදිරිපත් කරයි. සූනියම් දෙවියන්ගේ සුදු වත, අතේ සෝලු වැලකි. සුදු අසු නිල වාහනයයි. සුරතින් තඹ පොතක් ගෙන වමතින් ත්‍රිශූලය, සුදු ජටාවක් බැඳ උතුරු සලුවකින් සැරසෙයි. සූනියම් යක්‍ෂයාගේ මුවෙහි විෂ සර්ප, සිරසේ නාග කොණ්ඩා පහක්, උදරයේ නයින් බැඳ, සුරත කඩුවක් (වේවැලක්), වමත ගිනි කබල දිවි සම් පොරවාගෙන උදරයේ නාග බඳ පටිය, ගෙලෙහි නාග තැල්ල, දෑසින් දුම් කඳක් හා දෙකන් සිදුරෙන් ගිනි ජාලාවක්, දෙකර සැඩපළු උඩු රැවුල දඟ ගසා ඇත. යටි රැවුල දිග හැර ඇත. නෙතින් ගිනි දැල්, දෙසවනින් දුම් පිටවේ. හුස්මෙන් ජල කඳකි. මුවින් විෂ දුම් හරී. මුවෙහි පොළඟෙකි. දෙවුර උරගුන්ය. ළමැද රකුසෙකි. රන් හීය උර හෙළාගෙන ඇත. කුරිරු විසඝෝර නයින් සියොළඟ පලඳී. තින්නෝරු ගාගෙන සිටී.

    කුලියාපිටියේ, කබලෑ දෙවිගම, කබලෑව ප්‍රධාන දේව මන්දිරය කරගෙන වෙසෙන මෙම දෙවියන්ගේ ආශිර්වාදයට පත්වන ප්‍රදේශ වන්නේ රද්දලාන, කබලෑව, කුඹල්වල, ගොමුගොමුව, කෝන්ගහගෙදර, වනමන්දාව, කොක්එළුව, පිදුම, දික්හැර, වෑවල, ගයියාල, දීගල්ල, වෑගමුව සහ පල්ලේපිටිය යි. සංචාරය කරන ප්‍රදේශ වන්නේ බෝධිමුල්ල, අස්සැද්දුම, දියකලමුල්ල, උණලීය, තම්මත් කරවිට, මාවෙල කරගහගෙදර, ගල්පොළ, බෙම්මුල්ල, බෝගොඩ, කටුවැල්ල, වල්පොළමුල්ල සහ කුලියාපිටිය යි. කඹලෑ මුත්තා මුන්නේශ්වරමේ සිට තම්මැන්නා තොටට ගොස් ගිමන් හැර දිය නා ගම්බිම් බලා ඇවිදියි. ඒ නිසා මේ සියලු ගම්බිම් කඹලෑ දෙවියන්ගේ බලය පවතින ප්‍රදේශ බවට විශ්වාසයක් ඇත. එනමුත් ලක්දිව නන්දෙසින් එන හුදී ජනයා කඹලෑ මුත්තාගෙන් පිහිට අයැදියි. කඹලෑ මුත්තාගේ බලයෙන් පේන කීමද සිදු කෙරේ.
    කබලෑ සූනියම් දෙවියන්ට පුදන ඕනෑම කෙනකුට අමනුෂ්‍ය බිය, රාජ බිය ආදී කිසිදු ව්‍යසනයකට පත් නොවී සිටිය හැකි බව අත්දැකීම් ලද භක්තිකයෝ පවසති. සූනියම් දෙවියන්ට පහන් තැබිය යුතු වේලාවන් වන්නේ දිවා / රාත්‍රි 10.00 - 10.24 කාලයේය.
    සූනියම් දේවතා නමස්කාරය,

    ශිව මස්තු නමෝ රාම--
    - කන්ධ සේනා සමාගම--
    වඩිගතන්ත්‍ර මණී කණ්ඨ--
    - ඔඩ්ඩි මංගල නමෝ නම--
    අග්නික් කන්ධංච හස්තේන
    - හස්තේන වඩිග කර්ගතේ
    මුඛේන විෂ සර්පේන
    - ශීර්ෂෙ පංච කේශකේ
    උදරේ නාග බංදාමි
    - නීලොත් තුරඟ වාහන--
    සූනියම් දේවතා නාම
    - මහියංදි පාදකේ නමෝ
    (ප්‍රථමයෙන් ත්‍රිවිධ රත්නයට පූජා පවත්වා ආගමානුකූලව කටයුතු නිමවා දේව කටයුතු කළ යුතුය. නිවෙස තුළ සූනියම් දෙවියන්ට පහන් පත්තු නොකරයි. දෙවියන්ට කපුරු පහන් පත්තු කර, දුම් අල්ලා, තෙවරක් කියා පින් දිය යුතුය. ප්‍රාර්ථනාවන් ඉටුවේ. සර්වාරක්‍ෂාව ලැබේ.)

    පින් දෙන ගාථාව
    නානාවණ්ණෝ මහා තේජෝ
    ඕදාතහය වාහනෝ
    ගාම සංචාරකෝ දේවෝ
    ඉමං පුඤ්ඤානුමෝදතෝ
    කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ කථිකාචාර්ය දර්ශන මාපා පතිරණගේ
     

    thanujaka

    Well-known member
  • පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...

    ඇත්ත බන් අපේ පංසලෙත් අටවගෙන ඉන්නවා කපුවෙක් දේවාල 4ක් . කතරගම දෙයියෝ, විශ්නු දෙයියෝ, දැඩිමුන්ඪ තව මොකද්ද එකක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...

    :yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Mamath mema deviyanta seema kembura dinakama pahan thiyanawa...harima anuhas sahitha devi kenek

    Dewiyanta oya pahan thiena widiya poddak kiyanawada? Mama ahala thiena widiyata suniyam dewiyanta pahan thiena eka tikak parissamata karanna onalu neda? (hariyatama manthara kiyala pahan thibboth me dewiyo pennama enawalu, pahan thiyanna beri wunoth daduwam karanawalu) :)
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Dewiyanta oya pahan thiena widiya poddak kiyanawada? Mama ahala thiena widiyata suniyam dewiyanta pahan thiena eka tikak parissamata karanna onalu neda? (hariyatama manthara kiyala pahan thibboth me dewiyo pennama enawalu, pahan thiyanna beri wunoth daduwam karanawalu) :)


    Suniyam ha gambara kiyala awathara dekak thiyanawa oya deviyanta "PURA PASATA DEVIYA AWA PASATA YAKSHAYA" Kiyala kiyanne...wadi wisthara pasuwata
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඇත්ත බන් අපේ පංසලෙත් අටවගෙන ඉන්නවා කපුවෙක් දේවාල 4ක් . කතරගම දෙයියෝ, විශ්නු දෙයියෝ, දැඩිමුන්ඪ තව මොකද්ද එකක්

    එහෙම කියන්න එපා බන්, මේ දෙවි වරුන් තමයි බුද්ධාගම ලංකාවේ රකින්නේ. :)
    මම අහලා තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුත් කලින් භවයේ දෙවියෙක් කියලා පස්සේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂාකරන්න ඕන නිසා මිනිස් භවයකට ආවා කියලා.
     
    • Like
    Reactions: qihansa

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    එහෙම කියන්න එපා බන්, මේ දෙවි වරුන් තමයි බුද්ධාගම ලංකාවේ රකින්නේ. :)
    මම අහලා තියෙනවා ආනන්ද මෛත්‍රී හාමුදුරුත් කලින් භවයේ දෙවියෙක් කියලා පස්සේ ලංකාවේ බුද්ධාගම ආරක්ෂාකරන්න ඕන නිසා මිනිස් භවයකට ආවා කියලා.

    kathaawa Aththa kAbalawa puraaNa wihaaraya thamaa methumaage thana hatiyata salakenne. mahaa kAbalawa kudaa kAbalawa kiyala than dekak thiyanawa kuliyapitiyen hettipola paare gihilla kapumahaththaya karana kanna lawwa ahanna ethakota therei budu dahama rakinna me dhevivaru kopamana kapawenawada kiyala.....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    kathaawa Aththa kAbalawa puraaNa wihaaraya thamaa methumaage thana hatiyata salakenne. mahaa kAbalawa kudaa kAbalawa kiyala than dekak thiyanawa kuliyapitiyen hettipola paare gihilla kapumahaththaya karana kanna lawwa ahanna ethakota therei budu dahama rakinna me dhevivaru kopamana kapawenawada kiyala.....

    ඔව් බුදු දහම අවුරුදු 2600 කට කිට්ටු වෙන්න රැකුනේ දෙවි වරුන් නිසයි. අනෙක් ආගම් නම් රැකුනේ කඩුවේ බලයෙන්.