වසර දහස් ගණනක් තිස්සේ මිනිසාගේ හොඳම මිතුරා ලෙස සිටින සුනඛයා සංග්රාම භූමියේදීද තම සහාය ලබාදුන්හ.සමහරුන් යුද බිමේදී මියගිය අතර තවත් සමහරු තම කාර්යයද ඉටුකරමින් දිවිගලවා ගන්නට සමත් විය.මේ සුනඛයන් අතර සිටි සමහරුන් යුද වීරයන් බවටද පත්විය.මේ ලිපියෙන් විමසා බලන්නේ පසුගිය සියවසේ පැවති සංග්රාමවල සේවයේ යෙදී සිටි වීර සුනඛයන් කිහිපදෙනෙක් සම්බන්ධවයි.
Chips
චිප්ස් යනු Collie–German Shepherd–Siberian Husky බලු වර්ග කිහිපයේ මිශ්‍ර වීමෙන් ඇතිවූ සුනඛයෙකි.ඌ සේවය කලේ දෙවන ලෝක යුද සමයේදීය.චිප්ස් ජර්මනිය,ප්‍රංශය,උතුරු අප්‍රිකාව සහ සිසිලිය යන සටන්බිම්වල දක්නට ලැබිණි.මොහුගේ වීරකම් වන්නේ ඉතාලි මැෂින් තුවක්කු පොලකට කඩා වැදී ඉතාලි සෙබලුන් දසදෙනෙක් අල්ලාගැනීමට සහාය වීමයි.ඌට Distinguished Service Cross, Purple Heart, Silver Star යන පදක්කම් හිමිවූයේ සටන් බිමේදී ලබාදුන් සහාය වෙනුවෙනි.චිප්ස් යළි තම නිවස වූ නිව්යෝක් හි Pleasantville වෙත පැමිණියේ 1945 වසරේය.
Kaiser
ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක් වන මොහු වියට්නාමයේ සේවය කලේ ලාන්ස් කෝප්ලර් ඇල්ෆ්‍රෙඩෝ සාලාසාර්ගේ භාරයේ සිටිමින්ය.ඔවුන් දෙදෙනා මුර සංචාර 30කට වඩා සහභාගි වී තිබෙන අතර ප්‍රධාන මෙහෙයුම් 12කට පමණ සහාය ලබා දී තිබේ.එක් මෙහෙයුමකදී සතුරන් සැඟවී සිදුකල පහරදීමකින් වෙඩි වැදුණු කයිසර් තම ස්වාමියාගේ අත ලෙවකන්නට උත්සාහ කරද්දී මරණයට පත්ව තිබේ.වියට්නාම් යුද්ධයේදී මරණයට පත්වූ පළමු සුනඛයා කයිසර්ය.
Nemo
නිමෝ වෙඩි ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා සිටින අයුරු
1966 දෙසැම්බර් මස 4 වනදා නිමෝ සහ බොබ් ත්රෝන්බර්ග්(Airman 2nd Class) තම ගුවන් කදවුර ආසන්නයේ සොහොන් පිටියක් හරහා මුර සංචාරයක යමින් සිටියදී සතුරන්ගේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.වියට්කොං ගරිල්ලන් දෙදෙනෙක් මරාදැමූ ත්රෝන්බර්ග්ගේ උරහිසට වෙඩි වැදිණි.නීමෝ සතුරන්ගේ සමග නිර්භීතව සටන් වැදිණි.ඒ කාලය තුල ත්රෝන්බර්ගට අමතර හමුදා කැඳවීමට පණිවුඩයක් යැවීමට ඉඩ ලැබිණි.ඉන්පසු ඔහුට සිහිනැතිවිය.නිමෝ තම ස්වාමියාගේ ශරීරය මත වැතිරී කිසිවෙකුටත් ඔහුට ලංවන්නට ඉඩ නොදී සිටියේය.නීමෝ නම් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයා ගුවන් සෙබලාගේ ශරීරයෙන් ඉවත් කරන්නට පශුවෛද්‍යවරයෙක් අවශ්‍ය විය.පසුව මේ සුනඛයා විශ්‍රාම ගන්වන ලදි.ඔහු මියයන්නේ වයස අවුරුදු 11දී.ඒ 1972 දෙසැම්බර් මාසයේදීය.
Smoky
Yorkshire Terrier වර්ගයේ සුනඛයෙක් වූ ස්මොකි දෙවන ලෝක යුද්ධයේ පැසිෆික් පෙරමුණේ සේවය කලේය.ඌ හමුවූයේ නිව්ගිනියාවේ කැලෑවක අතහැර දමා තිබියදී 1944 පෙබරවාරි මාසයේදීය.මෙම සුනඛයා මෙහෙයුම් දුසිමකට පමණ සහභාගී වී ගුවන් ප්‍රහාර 150කින් පමණ දිවිගලවාගෙන තිබේ.පළමු ලෝක යුද සමයේ වීර සුනඛයෙක් වූ ස්ටබි මෙන් මොහුද තම තියුණු දැනීමේ ශක්තිය යොදාගෙන සතුරන් එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර ගැන අනතුරු ඇඟවීය.ස්මොකිගේ ප්‍රසිද්ධතම වීර ක්‍රියාව සිදුවූයේ පිලිපීන දූපතක් වූ ලුසන් හි තීරණාත්මක ගුවන් ධාවන පථයකදීය.එහිදී ඌ ටෙලිග්රාෆ් වයරයක් අඩි 70ක් දිග ,පටු නලයක් ඔස්සේ ගෙන ගියේ ගොඩනැංවීම් කටයුතු කල සේවකයන් සහ ඉන්ජිනේරුවන් සතුරු ප්‍රහාරවලට ලක්වීමෙන් වළක්වමින්ය.විවේක වේලාවලදී ස්මෝකි සෙබලුන්ගේ විනෝදාස්වාදය පිණිස විවිධ විකාර ,විහිළු වැඩ කල බව කියවේ.ඌ මියයන්නේ 1957 පෙබරවාරි 21 දාය.එවිට උගේ වයස අවුරුදු 14කි.ස්මොකිගේ වීර ක්‍රියා ගැන Yorkie Doodle Dandy නම් පොතේ සඳහන්ව තිබේ.එය ලියන ලද්දේ ඔහුගේ භාරකරු වූ විලියම් ඒ. වේයන් විසිනි.
Stubby
එදා මෙදාතුර සිටි ප්‍රසිද්ධතම යුද සුනඛයා ලෙස ස්ටබී American Pit Bull Terrier නම් වර්ගයේ සුනඛයා හඳුන්වා දිය හැකිය.සාජන්ට් තනතුර දක්වා උසස් වීම් ලැබූ එකම සුනඛයා වන්නේද ස්ටබීය.ඌ හමුවූයේ යේල් සරසවි බිමේ අයාලේ යමින් සිටියදීය.ඒ 1917දීය.ඉන්පසු ඔහුගේ භාරකරු වූ කෝප්ලර් ජෝන් රොබර්ට් කොන් රොයි විසින් ඌ රහසේම ප්‍රංශයට ගෙන ගියේ පළමු ලෝක යුද්ධය වෙනුවෙනි.ස්ටබී සටන් 17කට සහ ආක්‍රමණ 4කට සහභාගී විය.ඔහු සෙබලුන්ගේ චිත්ත ධෛර්යය වැඩිකිරීමට හේතුවක් විය.තම තියුණු සංවේදන හැකියාව යොදාගෙන රසායනික අවි ප්‍රහාර සම්බන්ධව සෙබලුන්ට අනතුරු ඇඟවීම,සතුරු කාලතුවක්කු ප්‍රහාර ගැන අනතුරු ඇඟවීම ආදිය සිදුකර තිබේ.වරක් ඔහු විසින් අඟලක සිටි ජර්මන් ඔත්තුකරුවෙක් අල්ලා ගැනීමට සහාය වී තිබේ.මෙම සුනඛයා මිය යන්නේ 1926 දීය.
ස්ටබී තම භාරකරුත් සමග
වම්පස:සාජන්ට් ස්ටබී සහ භාරකරු වූ රොබර්ට් කොන් රෝයි වොෂින්ටන් නගරයේ දකුණුපස:ස්ටබී ප්‍රංශයේ හි Beaumont 1919දී
ස්ටබී පෙළපාලියක ගමන් කරන අයුරු
1921 දී ස්ටබී Louise Johnson නම් දැරිය සමග
ජෙනරාල් විසින් ස්ටබී හට පදක්කමක් පළඳවන අයුරු-1921
සාර්ජන්ට් ස්ටබී තමන් ලැබූ පදක්කම්ද සහිතව
Source:Dogtime.com
-HarshaLulzSec-


