සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

    සෙත් පිරිත් යනු බුදු දහම නොවෙයි!
    “If there is any religion that would cope with modern scientific needs it would be Buddhism"
    - Albert Einstein

    පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව
    බුදුන් වහන්සේ සහ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ දේශනා ත්‍රිපිටකය ආශ්‍රිතව දැකගන්න පුලුවන්. ඒ සියල්ලම පාහේ 'නිවන් මඟ'
    අරමුණු කරගත් දේශනා. නමුත් පසුකාලීනව මහායානිකයන් විසින් ප්‍රබන්ධ කරපු පිරිත් දේශනා සහ වෙනත් පසුකාලීන පිරිත්
    දේශනා කිහිපයක් තියෙනවා. ඒවා බුදු දහම සමඟ ඈඳා ගැනීමෙන් මිනිසා තරමක් නිර්මල බුදු දහමින් ඈතට ගෙනියනවා.

    z_p-47-Stay.jpg



    බුද්ධ කාලීනව තිබූ කඳ සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මන්ත්‍ර නොවෙයි එහි අර්ථය වන්නේ සියලු සත්වයින්ට මෛත්‍රී
    කිරීම තුලින් බාහිර බලපෑම් වලින් ආරක්ෂා වීමයි. ඒ වගේම ආටානාටිය සහ රතන සූත්‍රය දේශනා කරන්නේ අමනුෂ්‍ය බලපෑම් වලින්
    ආරක්ෂා වීමටයි.

    අපි උදාහරණයක් විදිහට මේ දේ හිතමු, අන්ත අසාධ්‍ය පිළිකා රෝගියෙක් ඉන්නවා ඒ රෝගියාට ජය පිරිත දේශනා කරනවා. දහස්
    වාරයක් ජය පිරිත දේශනා කලත් මැරෙන්න තියෙන කෙනා මැරෙනවා. එතකොට බාහිරව ඒ දිහා බලා ඉන්න කෙනෙක් බුදු දහම
    විනිශ්චය කරන්නෙත් සාමාන්‍ය අනෙක් ආගම් වගේමයි. පසුකාලීන සෙත් පිරිත් මා දකින්නේ හිංදු, කතෝලික, ඉස්ලාම් යාඥා වලට
    විකල්පයක් ලෙසයි.

    ඒ ආකාරයේ සෙත් පිරිත් බොහොමයක් බුදු දහමට පසුකාලීනව එකතු වෙලා තියෙනවා ජය පිරිත, ගිනි පිරිත, සිවලී පිරිත, අන්තරාය
    නිවාරණ පිරිත, (ජාතක පාලියෙන්) මෝර පිරිත ආදි වශයෙන්. මේවා සැබෑම නිවන අරමුණු කරගත් බුදු දහම ලෙස ආරෝපණය
    කරගැනීමෙන් බුදු දහමේ මූලික හරයට දැඩි ‍හානියක් වෙනවා.

    උදාහරණයක් විදිහට අංගුත්තර නිකායෙ දසක නිපාතයේ එන ගිරිමානන්ද භික්ෂුව අසාධ්‍ය වෙලා ඉන්න අවස්ථාවේ ආනන්ද හිමියන්ට කියන්නෙ
    නැහැ ගිහින් බුද්ධානුභාවයෙන් රෝගය සුව කරන්න පිරිත් ටිකක් කියන්න කියලා. උන් වහන්සේ අනාන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ
    අවසන් මොහොතේත් අනිත්‍ය සඥ්ඥාව, අසුභ සඥ්ඥාව ආදී 'දස සඥ්ඥා' දේශනා කරලා ගිරිමානන්දයන් වහන්සේට නිවන් මඟම අරමුණු
    කරවන්න කියලා.

    සමහරුන් බුද්ධ කාලීනවත් සෙත් පිරිත් කිවුවා ය කියන මතය ඔප්පු කරන්න අංගුලිමාල සූත්‍රය උපුටාගන්නවා. නමුත් අංගුලිමාල සූත්‍රයේ පැහැදිලිව
    තියෙනවා ඒක පිරිතක් නොවෙයි සත්‍යක්‍රියාවක් පමණයි. අංගුලිමාල භික්ෂුව බුදුන් වහන්සේගෙන් අහනවා මෙහෙම කාන්තාවක් දරුගැබක් නිසා
    මරණාසන්න වෙලා මොකද කරන්න පුලුවන් කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා ඔබ ආර්ය ජාතියේ උපන් දා පටන් සතෙකු නොමැරූ බවට
    සත්‍යක්‍රියා කරන්න කියලා. ඒ වනවිට අංගුලිමාල භික්ෂුව අරහත්වය ලබලත් නැහැ. ඔබ දන්නවා සත්‍යක්‍රියාවක් කළ යුත්තේ තමන්ගේ ප්‍රතිපත්තියක්
    මත පිහිටලයි. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ජීවිතය මත පිහිටලා අපි සත්‍යක්‍රියා කරන එක ප්‍රායෝගිකද?

    පිරිත තුල සැබැවින්ම බලයක් ගැබ් වෙලා තියෙනවා. ඒ බලය ගැබ් වෙන්නේ පිරිත තුළ අඩංගු වන්නේ නිර්වාණ මාර්ගය නිසා. පිරිත තුළ අඩංගු
    වන්නේ බුද්ධ වචනය නිසා. නමුත් ඒ නිර්වාණ මාර්ගය අවබෝධ කරගැනීමට පිරිත භාවිතා නොකර අතරම පිරිත ලෞකික අරමුණු වලට යොමු
    කරනවා නම් ඒක සැබැවින්ම පිරිත අවභාවිතා කිරීමක්.

    ඇත්තටම විවෘත්ත මනසකින් බැලුවොත් පේනවා බුද්ධ කාලීනව බුදුන් වහන්සේවත් තමන්ගේ සෘද්ධීන් පාවිච්චි කලේ මිනිස්සුන්ට අනිත්‍ය වටහා දෙන්න,
    ධර්මය වටහා දෙන්න මිස මැරෙන මිනිස්සු පණ ගන්වලා, ලෙඩ සුව කරන්න නෙමෙයි. බුදුන් වහන්සේ හරි ලස්සනට මේ මරණයට සහ රෝගී වීමට
    හේතුව පෙන්වලා දෙනවා ඒ තමයි උප්පත්තිය. අන්න ඒ උප්පත්තිය නැති කරලා සාදාකාලිකවම ජරා මරණ නැති කරන ක්‍රමවේදයයි බුදුන් වහන්සේ
    දේශනා කලේ. අද ඒ මාර්ගය වසා දාලා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ආයු වඩ්ඩකෝ, ධන වඩ්ඪකෝ, සිරි වඩ්ඪකෝ, යස
    වඩ්ඪකෝ කියනවා නම් අපි අද බෞද්ධයන් විදිහට අපි කොච්චර බංකොලොත් වෙලාද? අට ලෝ දහමට මුහුණ නොදී බුදුන් වහන්සේගේ ධර්මයටත්
    එහා දේවල් කරනවා නම් අපි කොයි තරම් පිරිහිලාද?

    ඒ වගේම බොහොමයක් අතර මිත්‍යා මතයක් තියෙනවා පිරිත සිංහලෙන් කියන්න හොඳ නැති බවට. එය සම්පූර්ණ මිත්‍යාවක් මොකද (බුද්ධ දේශනා)
    පිරිතක් කියන්නෙ ගන පිහිටවපු මන්ත්‍රයක් නොවෙයි. එය නිවන් මඟ දේශනා කරන දේශනාවක්. ඒක අර්ථ වශයෙන් වටහාගැනීමයි වැදගත්. නමුත්
    පාලිය 100% නිවැරදිව සිංහලට පරිවර්ථනය කරන්න අපහසු නිසා බොහෝ විට පාලියෙන්ම භාවිතා කලත් එහි අත්‍යාවශ්‍යය කාරණය වන්නේ ශ්‍රාවකයා
    එයි තේරුම දැන අවබෝධ කිරීමයි. පාලියෙන් සඡ්ඡායනා කල යුතු(මයි) කියලා කියන්න පුලුවන් ආටානාටිය සහ රතන සූත්‍රය පමණයි.

    වර්තමානයේ ධම්මචක්ක පවත්තන සූත්‍රය, ගිරිමානන්දය, ආදිය මහා බලගතු පිරිත් හැටියට මාධ්‍ය විකාශය කරනවා. ඇත්ත උදාහරණයක් ලෙස
    ධම්මචක්කය දේශනා කරද්දි දෙව් ලොව බඹ ලොව පවා දෙවියන් භ්‍රහ්මයන් සාධු නාද දුන්නා. ඒත් ඒ ශබ්ද රසයට නෙමෙයි එහි අර්ථය උන නිර්වාණ
    මාර්ගයටයි. වර්ථමාන බෞද්ධයා කල්පනා කල යුත්තේ එසේ දෙවියන් බඹුන් පවා වඳින දේශනාව අපි තේරුම්ගත්තොත් දෙවියො අපිටත් වඳියි කියන එකයි.
    නමුත් ඒ දේශනාව මහ හයියෙන් දාලා ඒක දෙවියන් ආකර්ශණය කරගැනීමේ මන්ත්‍රයක් විදිහටයි බෞද්ධයො පාවිච්චි කරන්නෙ.

    ඕනෑම දේකට සත්‍යක්‍රියාවක් කළ හැකියි. ඒක ලෝක සත්‍යක්. අපි හිතමු වැස්ස ලබාගන්න, ගමකට වහින්සෙ නැති නම් ඒ ගමේ සියලු දෙනා සිල්වත්
    නම් ඒ සීලයේ පිහිටලා සත්‍යක්‍රියාවක් කලොත් වැසි ලැබෙනවාමයි. සත්‍යක්‍රියා බලය බුද්ධකාලීනවත් සත්‍යයි අදටත් එහෙමයි. නමුත් ඒක බුදු දහමට
    ආරෝපණය කරන්නවත් පිරිත කියන නම ඒකට ආදේශ කරගන්නවත් එපා. මේවා දිහා තර්කානුකූලව බලන උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු
    ඉදිරියේ බුදු දහම හෑල්ලුවට ලක් කරන්න එපා. බුදු දහම යනු නිවන් මඟමයි. එයින් එහා භෞතික අරමුණු සාක්ෂාත් කරගන්න බුදු දහම භාවිතා කරන්න එපා.

    "මේ ධර්මය විවෘත්ත වූ කල බබලයි" - බුදුන් වහන්සේ

    ඇල්බර්ට් අයින්ස්ටයින්, ආතර් සී ක්ලාක් කියනවා අනාගතයේ ආගම බුදු දහමයි කියලා. ඉතින් අන්න ඒ අනාගතයේ බුදු දහමට තැන ලැබෙනවා කිවුවත් ඒ
    තැන ලැබෙන්නේ 'නිර්මල බුදු දහම'ටයි. අපි ඒ නිර්මල බුදු දහම මූලික කරගෙන ඒ දහම ලෝකයට විවෘත්ත කලොත් ලෝකයේම බුදු දහම බබලනවා
    ඒකාන්තයි. ඒක මගේ වචනයක් නොවෙයි එයයි බුද්ධ වචනය. අනාගත ලෝකයා 'බුදු' දහම හොයනවා. බුදු දහම හොයන අනාගත ලෝකයාට පසුකාලීන
    ප්‍රාඥයන්ගේ පෞද්ගලික මතිමතාන්තර වැඩක් නැහැ. වැදගත් වන්නේ 'බුදුන් වදාළ ඒ නිර්වාණ මාර්ගය'මයි!

    ඒ නිවන් මඟ දේශනා කළ බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ නිර්වාණ මාර්ගය ඇතුළත් ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ ධර්මය මෙතෙක් රැකගත් සංඝ්‍යා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!


    http://apiniwemu.blogspot.com/
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සම්පූර්ණ ඇත්ත. ඒත මේක දැක්කම ගොඩක් අයට රිදෙන්න පුළුවන්. අපි ඇත්ත ඇතිසැටියෙන් දකින්න ඕනේ
    රෙප් 13+
    නමෝ බුද්ධාය...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    හොද ලිපියක්. අද බුදුදහම නොයෙක් මිත්‍යා වලින් පිරිලා. බුදුදහම ඉන්දියාවෙන් අතුගැවිල යන්නේ මිනිස්සුන්ගේ පුද්ගලික අවශතා එයින් ලබාගත් නොහැකි නිසා කියල මම අහල තියෙනවා. බුදුදහම පෙන්වාදෙන්නේ මේලෝකේ යථාර්තය. එක අමිහිරියි. එක පිළිගන්න මිනිස්සු මැලිවෙනවා.

    උදාහරණයක් විදියට විබාගයකින් සමත් වීම ගමුකො. බුදුදහමේ එකට විසදුමක් නැහැ. සමත් වෙන්නනම් මහන්සිවෙලා පාඩම් කරන්න ඕනේ. තව ගොඩක් වක්‍රාකාර හේතු තියෙනවා (පිළිවෙලකට පොත් තබාගැනීම, ගුරුවරුන්ට ගරු කිරීම වගේ, අගම දහම අනුව ජීවත් වෙලා මනස සන්සුන්ව තබාගැනීම ). එච්චරයි. ඕක තමයි කටුක යථාර්තය.

    එත් එක පිළිගන්න අපි කැමති නැහැ. අපි කැමති කතරගම ගිහිල්ල දෙයියන්ට හොද පුජාවක් කරලා අනේ කොහොමහරි අපිව ගොඩගන්න උදව් කරන්න කියල කන්නලව් කරන්න. නැතිනම් සෙත් පිරිතක් කියන්න.

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මිනිස්සු අද කරන්නෙ බුදු දහම අනුගමනය කරලා ලෝකෝත්තර ඉලක්කයට යනවා වෙනුවට
    බුදු දහම තමන්ට ඕන විදිහට වෙනස් කරලා බුදු දහම ලෞකික ඉලක්කයකට ගෙනියන්න හදනවා.

    ඒ වගේම මේවා පිලිගන්න තියෙන අකමැත්ත පේනවනෙ රිප්ලයි ප්‍රමාණයෙන්ම :) දෙකක් නැ බොදු බල සේනා මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා නම් බුදු දහම හදන්න යන රකින්න එන අය පෝලිමට එයි බොදු බල සේනාවට බැනගෙන. මේ වගේ දේවල් ගැන හිතන්නවත් ඒ අයට උවමනාවක් නැහැ.
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    sankirna matrukawak minisunge mul basa athi wiswasha saha haginm ekka budu dahama compare kalot...budu hamuduruwo kiwwa wage "anithayai"...
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    භික්ෂූන් ඉල්ලුමට සැපයුම කරන්න ගිහින්
    බුදු දහම නැති කරනවා :(
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    භික්ෂූන් ඉල්ලුමට සැපයුම කරන්න ගිහින්
    බුදු දහම නැති කරනවා :(

    මචො ආටානාටිය කියන්නෙ වරම් දෙව් රජවරැ ඇවිත් බුදු හාමුදුරුවො එක්ක කරන සාකච්චාවක් නේද? . එතනදි කියනව කොහොමද කෙනෙක් ක්‍රියා කරන්න ඕනි අමනුශ්ශයෙක් කරදර කරොත් කියල. ඒක පිරිතක් විදිහට කියවල වැඩක් නෑ .අපි ඒ ක්‍රමය අවබෝධ කරගෙන අපිටත් අමනුශ්ශයෙක්ගෙන් කරදරයක් ආවොත් ඒ විදිහට වැඩ කරන්න ඕනි.
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මචො ආටානාටිය කියන්නෙ වරම් දෙව් රජවරැ ඇවිත් බුදු හාමුදුරුවො එක්ක කරන සාකච්චාවක් නේද? . එතනදි කියනව කොහොමද කෙනෙක් ක්‍රියා කරන්න ඕනි අමනුශ්ශයෙක් කරදර කරොත් කියල. ඒක පිරිතක් විදිහට කියවල වැඩක් නෑ .අපි ඒ ක්‍රමය අවබෝධ කරගෙන අපිටත් අමනුශ්ශයෙක්ගෙන් කරදරයක් ආවොත් ඒ විදිහට වැඩ කරන්න ඕනි.

    ආටානාටිය දේශනා කරන්නෙ බුදුන් ගැන පැහැදීමක් නැති අපේ බාසාවෙන් කිවුවොත් ටිකක් නාහෙට නාහන අමනුෂ්‍යයන්ට. බුදුන් වහන්සේට දෙවියො ඇවිත් කියනවා 'ආටානාටිය' පාඩම් කරගෙන එහෙම කරදරයක් උනොත් කියන්න එතකොට අපි බලාගන්නවා කියලා. ඒක බුදුන්වහන්සේ තුශ්නිම්භූත බාවයෙන් පිළිගන්නවා. බුදුන් වහන්සේත් අවසානයේ දේශනා කරනවා මේක පාඩම් කරගෙන පරිහරනය කරන්න කියලා. මොකද ගුණවන්ත අයට අමනුෂ්‍ය කරදර නෑ කියලා සමහරු කියනවනෙ. එහෙම එකක් නෑ අමනුෂ්‍යයහොත් ඉන්නවා නාහෙට අහන්නැති :) ආටානාටියට ඕන අමනුෂ්‍යයකේ මෙල්ල වෙනවා මොකද ආටානාටියෙන් මේ නඩුව කියන්නෙ අමනුෂ්‍යය නායකයන්ට. හරියට පොලිසියේ පැමිණිල්ලක් දානවා වගේ. :)
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ආටානාටිය දේශනා කරන්නෙ බුදුන් ගැන පැහැදීමක් නැති අපේ බාසාවෙන් කිවුවොත් ටිකක් නාහෙට නාහන අමනුෂ්‍යයන්ට. බුදුන් වහන්සේට දෙවියො ඇවිත් කියනවා 'ආටානාටිය' පාඩම් කරගෙන එහෙම කරදරයක් උනොත් කියන්න එතකොට අපි බලාගන්නවා කියලා. ඒක බුදුන්වහන්සේ තුශ්නිම්භූත බාවයෙන් පිළිගන්නවා. බුදුන් වහන්සේත් අවසානයේ දේශනා කරනවා මේක පාඩම් කරගෙන පරිහරනය කරන්න කියලා. මොකද ගුණවන්ත අයට අමනුෂ්‍ය කරදර නෑ කියලා සමහරු කියනවනෙ. එහෙම එකක් නෑ අමනුෂ්‍යයහොත් ඉන්නවා නාහෙට අහන්නැති :) ආටානාටියට ඕන අමනුෂ්‍යයකේ මෙල්ල වෙනවා මොකද ආටානාටියෙන් මේ නඩුව කියන්නෙ අමනුෂ්‍යය නායකයන්ට. හරියට පොලිසියේ පැමිණිල්ලක් දානවා වගේ. :)


    Yap .... apita pawichchi karanna barida bn?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ආටානාටිය සූත්‍රය (සිංහල)

    1. මා විසින් මෙසේ අසන ලදි. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහිවූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත්වූ යක්‍ෂ සේනාවෙන්ද, මහත්වූ ගාන්ධර්ව සේනාවෙන්ද, මහත්වූ කුම්භාණ්ඩ සේනාවෙන්ද, මහත්වූ නාග සේනාවෙන්ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනග පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේටවැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන්දී වැඳ එකපැත්තකටවී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නාවූ වෛශ්‍රවණ නම්වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කියේය.

    2. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටුවූ හෝ සතුටුවූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝද පහත් යක්‍ෂයෝද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද?ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හාප්‍රමාදයට කාරණාවූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූද ගම් සීමාව ඉක්මවූ වන සේනාසනවූද (කැලෑවෙහි) ඉතා දුරවූද නිශ්ශබ්දවූද කලබල නැත්තාවූද මිනිසුන්ගෙන් තොරවූ සුලභ ඇත්තාවූද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍යවූද හිත එකඟකර ගැනීමටසුදුසුවූද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති´´.

    3. ඒ තන්හී නිතර වාසය කරන්නාවූ මහා බලසම්පන්නවූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහුද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේද භික්‍ෂුණියන්ගේද උපාසකවරුන්ගේද උපාසිකාවන්ගේද පාලනය පිණිසද ආරක්‍ෂාව පිණිසද, වෙහෙස නොවන පිණිසද පහසු හැසිරීම පිණිසද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම්වූ) පිරිත පිළිගත මැනව´´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

    ´´පසැස් ඇත්තාවූ, ශොභාමත්වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේටද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්තවූ සිඛී නම් සර්වඥයන් වහන්සේටද කෙලෙස් විනාශ කලාවූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේටද මාරයන් යටත් කලාවූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේටද සියලු පව් අහක් කලාවූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කොනාගමන නම් සර්වඥයන් වහන්සේටද සියලු කෙලෙසුන්ගෙන් මිදුනාවූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේටද ශ්‍රීමත්වූ ශාක්‍ය පුත්‍රවූඒ ගෞතම සර්වඥයන් වහන්සේටද නමස්කාර වේවා´´.

    4. ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිනියහ. භය නැතිකලහ. (උන්වහන්සේට නමස්කාර වේවා)

    ´´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්)යුක්තවූ මහත් බවට පැමිණියාවූ භය නැතිකලාවූ දෙව් මිනිසුන්ට හිතවූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේටද නමස්කාර වේවා´´.

    5. ගාන්ධර්වයන්ට අධිපතිවූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    ´´ඔවුහුද මහත් බවට පැමිණියාවූ විශාරදවූ බුද්ධ නම්වූ ආදිච්ච බන්ධු නම්වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹවහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.

    ´´දක්‍ෂවූ සර්වඥතාඥානයෙන් මහජනයා බලන්නෙහියයි කියා අමනුශ්‍යයෝද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.

    ´´ගෞතම නම්වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්තවූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).

    6. ´´යම් දිශාවකින් මළමිනී ගෙනයනු ලැබෙත්ද? පිසුණු (කේළාම්) කියන්නාවූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නාවූ ප්‍රාණාතය කරන ගති ඇති රෞද්‍රවූ සොර සිත් ඇත්තාවූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත්ද, ඒ දිශාව දකුණු දිශාව වේ´´.

    ´´කුම්භාණ්ඩයන්ට අධිපතිවූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූඪයයන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරණලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයිද, සූර්ය්‍ය බැස ගිය කල්හී දවල් කාලය නැතිවේද? ඒ දිශාව බස්නාහිරයි´´.

    ´´යස පිරිවර ඇත්තාවූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේද, නාගයන්ට අධිපතිවූ විරූපාක්‍ෂ නම්වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

    8. ´´යම් දිශාවෙක්හී රම්‍යවූ උතුරුකුරු දිවයින පිහිටියේද, දැකුම් කටයුතුවූ මහාමේරු පර්වතය වන්නේද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තාවූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.

    ´´ඒ මිනිස්සු වී නොවපුන්නාහ. සී සෑම පිණිස නගුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානාලද භුමියෙහි හටගෙන පැසුනාවූ ඇල් සාල් බත් අනුභව කරත්´´.

    ´´කුඩු නැත්තාවූද පොතු නැත්තාවූද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.

    ´´ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හී සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හී සංචාරය කරති´´.

    ´´ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හී සංචාරය කරති´´.

    ´´ඒ රජහුගේ පිරිවර වූ ඔවුහු වාහනවල නැග සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තාවූ වෙසවුණු මහ රජ හට ඇත් යානාද, අශ්ව යානාද, දිව්‍ය යානාද, ප්‍රාසාදද, සිව් ගෙවල්ද, උඩුමහල් ගෙවල්ද රන්සිවි ගෙවල්ද වන්නාහ´´.

    ´´ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය´´.

    උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානියද වන්නාහුය.

    ´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක්ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.

    ´´වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නාවූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.

    යමකින් ජලය ගෙන වර්ෂාව වසීද, වර්ෂාව යමකින් පැතිරේද, ඒ රාජධානියෙහිවූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

    ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තාවූද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනාවූද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින්ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.

    ´´තවද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝද, වනකුකුළෝද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝද, තල් රෙහෙරුද හැසිරෙන්නාහ´´.

    ´´මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහුද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හී එකම ආකාරයෙන් බබලන්නීය´´.

    ´´යස පිරිවර ඇත්තාවූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාවයයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය´´.

    යක්‍ෂයන්ට අධිපතිවූ කුවෙර යන නමක් ඇත්තාවූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.

    ´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තාවූ අනූ එක් දෙනෙක් පමණවූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයිමා විසින් අසන ලදි.

    9. ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ටද, භික්‍ෂුනියන්ටද, උපසකවරුන්ටද, උපසිකාවරුන්ටද ආරක්‍ෂාව පිණිසද සැපසේ විසීම පිණිසද නොවෙහෙසීම පිණිසද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දීද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දීද, ඉදින් යම් අමනුෂ්‍යවූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම්වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම්වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්ටද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකුද කරන්නාහුය. නිදුකාණන් වහන්ස, තවද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස්වූ ලෝහ පාත්‍රයක්ද මුනින් නමන්නාහුය. තවද ඔහුගේ හිසද සත් කඩක් කොට පළන්නාහුය.´´

    9. ´´නිදුකාණන් වහන්ස, රෞද්‍රවූ නපුරු ගති ඇති එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේද, සතරවරම් මහරජදරුවන්ගේද, අමාත්‍යයන්ගේද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජදරුවන්ට අකීකරු වූවෝයයි කියනු ලැබෙත්.´´

    ´´නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍රවූ එකට එක කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජදරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජදරුවන්ට අකීකරු වූවෝයයි කියනු ලැබෙත්.´´

    ´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමග (පසුපස්සේ) යන්නේ හෝ වේද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂවූ යක්‍ෂසේනාවට අධිපතිවූ එහෙයින්ම මහා සේනාපතිවූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ාේෂා කොට දැන්විය යුතුය. ශබ්ද නගා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?´´

    ´´ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය´´

    ´´පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තීයය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය´´

    ´´ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහුද) තවද, මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.´´


    ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේද භික්‍ෂුණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්‍ෂාව පිණිසද, (යක්‍ෂොපද්‍රවවලින්) නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිසද පවත්නේය.´´

    ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැගිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.

    ඒ (අනිකුත්) යක්‍ෂයෝද, උන් ආසන වලින නැගිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය, සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.

    (පළමුවන මණවර නිමි.)

    10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේද එසේම භික්‍ෂූන්ට වදාළ සේක.

    ´´මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේද භික්‍ෂණීන්ගේද උපාසකයන්ගේද උපාසිකාවන්ගේද ආරක්‍ෂාව පිණිසද, පීඩානොවීම පිණිසද, සුවසේ විසීම පිණිසද වන්නේය´´යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තාවූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Yap .... apita pawichchi karanna barida bn?

    ඇත්තටම ඕක කිවුවම සාමාන්‍ය කෙනෙක්ට උනත් ප්‍රථිඵල දෙනවා හැබැයි ඉතින් අර්ථය අනුව ගත්තම නම් ඔය ආටානාටිය කියන්න කියලා තියෙන්නෙ බුදුන් සරණ ගිය උපාසකයෙක්ට, භික්ෂුවකට අමනුෂ්‍යයෙක් කරදර කරොත් විතරයි. තෙරුවන් සරණ ගිහින් කුසල් දහම් පුරනවා නම් නිසැක ප්‍රථිඵල දෙනවා.