සෙනරත් පරණවිතාන

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෙනරත් පරණවිතාන

    සෙනරත් පරණවිතාත

    prof_senerath_paranavitana-150x150.jpg



    ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී ප්‍රෙයා්ජනවත් වන වැදගත්ම මුලාශ්‍ර වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ය.බටහිර පාලන යුගය යටතේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන රැසක් කෙරුනු නමුදු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයේ පුනරුදය ආරම්භ වූයේ සෙනරත් පරණවිතාන විද්වතාගෙනි.

    1940 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් ධූරයටපත්වූ මොහු නමටම ගැලපෙන අයුරින් පුරාවිද්‍යා විෂයට කැප වූවෙකි.එතුමා නව පදවියට පත් වූ බව ඇසූ කුමාරතුංග මුනිදාස මහතා ප්‍රකාශ කලේ පුරාවිද්‍යා කොමසාරිස් පදවිය එහි නියම සුදුස්සා සොයා ගිය බවය.1886 දෙසැම්බර් මස 26 වෙනි දින ගාල්ලේ මැටරඹ උපත ලද පරණවිතාන දරුවා අබරන් පරණවිතාන හා කෝඳාගොඩ හින්නිහාමි යුවලගේ කණිටු පුත්‍රයා විය.ළමා වියේ පටන්ම ඉගනීමට මහත් ඇල්මක් දැක්වූ පරණවිතාන මූලික අධ්‍යාපනය යටගල පන්සලෙනි.ඉන්පසු රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනින් හා උනවටුනේ බොනවිස්ටා විද්‍යාලයෙන් ඉගනුම ලද පරණවිතාන තරුණයා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාරම්භක විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රමුඛයා ලෙස සමත් විය.

    1920 දී ගුරු වෟර්තියට බැඳි උඩුගම්පල රජයේ විද්‍යලයෙහි තෙවසරක් සේවය කල ඔහු 1923 දී එවක පුරාවිද්‍යා කොමසාරිස් ඒ.එම් හොකාර්ට් මහතා යටත් ශලා ලේඛන සහකරුවෙකු ලෙස සේවයට බැඳුනේය.ඉන්පසු ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවට ගිය ඔහු එහිදී දෙමළ භාෂාව හා සාහිත්‍ය ඉගනීමටද කාලය වැය කලේය.සිංහල,පාලි,සංස්කෟත,ඉංග්‍රීසි භාෂා ප්‍රගුණත්වය ලබාගත් පරණවිතාන මහතාගේ අරමුණ වුයේ මැකී ගොස් තිබූ සිංහල සංස්කෟතිය හා ජාතික අනන්‍යතාවය යලි නගා සිටුවීමයි.මේ සඳහා ඔහු තැබූ සුවිශේෂී පියවරක් නම් පුරාවිද්‍යාව පිළිබඳජනතා අවධානය යොමු කරවීමට කටයුතු කිරීමයි.එබඳු දැනුවත් බවක් ලබාදීම මගින් ලංකාවේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමටපොදු ජනතාවගේ සහාය ලබා ගන්නා අතරම ඒවා ඇගයීමට ඔවුන් යොමු කල හැකි බව ඔහු විෂාවාස කලේය.මේ සඳහා විවිධ පුවත්පත් ලිපි,දේශණ හා ප්‍රචාරක පත්‍රිකා ආදිය ඔහු යොදා ගත්තේය.

    kirivehera.jpg


    සීගිරිය යනු පරණවිතාන නාමය හා එක්ව පවත්නා ස්ථානයකි.කැටපත් පවුරේ කුරුටු ගී මහත් දුෂ්කරතා මැද කියවා ඒවා එක්රැස් කොට සංග්‍රහ කිරීම ඔහු අතින් සිදුවූ අනූපමේය සේවයකි.1949 දී මෙම කාර්යය එතුමා අරම්භ නොකලේ නම් සීගරි කුරුටු ගී සාමාන්‍ය කුරුටු ගෑම් ලෙස සලකා අමතක කර දැමීමට තිබූ අවකාශ බොහෝය.සීගිරි කුරුටු ගී සංග්‍රහය රජයේ ප්‍රකාශණයක් ලෙස 1956 දී පහල විය.

    sigiriya.jpg


    SigiriyaRockr26.jpg


    එළාර සොහොන යැයි විශ්වාස කල ද්ක්ඛිණ තූපය දුටුගැමුණු රජුගේ සොහොන් කොත බවත් පිදුරංගල චෛත්‍ය ගොඩනගා ඇත්තේ සීගරි කාශ්‍යප රජුගේ මරණය සිදුවූ ස්ථානයේ බවත්එතුමා සාධක සහිතව පෙන්වා දුන්නේ ඉතිහාසයට නව එලියක් ලබා දෙමිනි.1952 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය එතුමාට ඩිලිම් සම්මාන උපාධියක් පිරිනැමීය.1956 දී එතුමා රාජකීය ඓතිහාසික
    සංගමයේ සභාපති ධූරයට පත්විය.එසේම 1957 ජනවාරි 1 වැනිදා සිට එතුමා පේරාදෙණීය විශ්ව විද්‍යාලයේප්‍රථම පුරාවිද්‍යා මහාචාර්යවරයා ලෙස පත් කරමු ලැබීය.

    ruwanwelisaya-anuradhapura.jpg


    විශ්ව විද්‍යාල අධ්‍යාපනයකට හිමිකම් නොකී මෙම මහාචාර්යවරයා අතින් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කාරයන්ට ලැබුනේ නොමැද දායකත්වයකි.ලංකා ඉතිහාසය හා සංක්ෂීප්ත ලංකා ඉතිහාසය යන සම්භාවනීය ග්‍රන්ථ එතුමාගේ මෙහෙයවීම යටතේ පේරාදෙණිය විෂ්ව විද්‍යලය විසින් පල කරනු ලැබීය.

    samadhi-statue-anuradhapura.jpg


    1972 ඔක්තෝම්බර් මස 4 වන දින දිවංගත වූ ඔහුගේ වියොව ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පිරවිය නොහැකි අඩුවක් බව කිවමනා නොවේ.











     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ගාල්ලේ ඩයල් තමයි ඉතින්...
    පට්ට පොස්ට් එක පූසෝ....මැක්සා... ++
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    එල ත්‍රෙඩ් එක මචන්
    තෑන්ක්ස් :D
    මේ අදත් රෙප්+ දෙන්න බැ කියනවනේ:frown::frown::no: :frown:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගාල්ලෙ කෙනෙක් විදියට මාර ආඩම්බරයි :)
    ස්කෝලෙ යන කාලේ මෙතුමා මගෙ වීරයෙක්:cool:මටත් ඔනෙ වෙලා තිබුනෙ පුරාවිද්‍යාන්‍ය්යෙක් වෙන්න:love:
    ඔය හෙතුව නිසාම ඉගෙන ගත්ත තැන බලන්න යටගල පන්සලටත් ගියා:baffled:
    නියම ත්‍රෙඩ් එක යාලුවා අරවා නම් දෙන්න බැලු;)
    ජයවේවා
    11.gif
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    එල පෝස්ට් එක...+4 .....දකුණේ ඩයල් එකක් නේ.....ඒකයි තවත් ආඩම්බර ;)

    කොහොම උනත් එයාගේ එක අවුලකට තියෙන්නේ මෙයා සීගිරියේ පුරාවිද්‍යාත්මක වටිනාකම එකේ කළා ශිල්පිය පැත්තෙන් බැලුව මිසක් ඉන එහාට ගියේ නැති එකයි....විශේෂයෙන් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතිව කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙවේලු නේ....උදාහරණයක් විදියට මෙයා රාවණ යුගය ප්‍රතික්ෂේප කරනවා එක මිත්‍යාවක් කියල....ඒ වගේම මෙයා එයාගේ ගුරා වෙච්ච බ්‍රිතාන්‍ය ජාතික h c p Bell එක්ක එකතු වෙලා සීගිරියේ සැඟවුණු ඉතිහාසය හංගන්න කටයුතු කරා කියල සමහරු කියනවා...ඇත්තද දන්නේ නෑ....අනික සිගිරි ලලනාවන් සහ ඉසුරුමුණියේ කැටයම් වගේ දේවල් ගැන මෙයා කියපු නිගමන පිළිගන්න බැහැ කියලත් කියනවා.....

    කොහොම උනත් බොහොම දක්ෂ සහ අවංක මනුස්සයෙක් කියල තමයි මෙතුමා හඳුන්වන්නේ....
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගාල්ලෙ කෙනෙක් විදියට මාර ආඩම්බරයි :)
    ස්කෝලෙ යන කාලේ මෙතුමා මගෙ වීරයෙක්:cool:මටත් ඔනෙ වෙලා තිබුනෙ උරාවිද්‍යාන්‍ය්යෙක් වෙන්න:love:
    ඔය හෙතුව නිසාම ඉගෙන ගත්ත තැන බලන්න යටගල පන්සලටත් ගියා:baffled:
    නියම ත්‍රෙඩ් එක යාලුවා අරවා නම් දෙන්න බැලු;)
    ජයවේවා
    11.gif

    මුකෙද්ද බං උරාවිද්‍යාන්‍ය්යෙක් කියන්නෙ......:eek:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගල්පාත මහත්තයා;11266693 said:
    හොද ත‍්‍රෙඩ් එකක් මචන්,
    ස්කෝලේ යන කාලේනම් ඕවා හොදට මතක තිබ්බා,
    මතකය අලුත් කලාට
    ස්තුති
    :)

    ගාල්ලේ ඩයල් තමයි ඉතින්...
    පට්ට පොස්ට් එක පූසෝ....මැක්සා... ++

    එල ත්‍රෙඩ් එක මචන්
    තෑන්ක්ස් :D
    මේ අදත් රෙප්+ දෙන්න බැ කියනවනේ:frown::frown::no: :frown:

    Patta machan maru aaaaaaaa

    නියම ත්‍රෙඩ් එකක් මචං

    niyama... rep+

    ගාල්ලෙ කෙනෙක් විදියට මාර ආඩම්බරයි :)
    ස්කෝලෙ යන කාලේ මෙතුමා මගෙ වීරයෙක්:cool:මටත් ඔනෙ වෙලා තිබුනෙ පුරාවිද්‍යාන්‍ය්යෙක් වෙන්න:love:
    ඔය හෙතුව නිසාම ඉගෙන ගත්ත තැන බලන්න යටගල පන්සලටත් ගියා:baffled:
    නියම ත්‍රෙඩ් එක යාලුවා අරවා නම් දෙන්න බැලු;)
    ජයවේවා
    11.gif
    තෑන්ක්ස් මචන්ලා:cool::cool::cool: