සෙනරත් පරණවිතාන
1940 ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුරාවිද්‍යා කොමසාරිස් ධූරයටපත්වූ මොහු නමටම ගැලපෙන අයුරින් පුරාවිද්‍යා විෂයට කැප වූවෙකි.එතුමා නව පදවියට පත් වූ බව ඇසූ කුමාරතුංග මුනිදාස මහතා ප්‍රකාශ කලේ පුරාවිද්‍යා කොමසාරිස් පදවිය එහි නියම සුදුස්සා සොයා ගිය බවය.1886 දෙසැම්බර් මස 26 වෙනි දින ගාල්ලේ මැටරඹ උපත ලද පරණවිතාන දරුවා අබරන් පරණවිතාන හා කෝඳාගොඩ හින්නිහාමි යුවලගේ කණිටු පුත්‍රයා විය.ළමා වියේ පටන්ම ඉගනීමට මහත් ඇල්මක් දැක්වූ පරණවිතාන මූලික අධ්‍යාපනය යටගල පන්සලෙනි.ඉන්පසු රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනින් හා උනවටුනේ බොනවිස්ටා විද්‍යාලයෙන් ඉගනුම ලද පරණවිතාන තරුණයා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්රාරම්භක විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රමුඛයා ලෙස සමත් විය.
1920 දී ගුරු වෟර්තියට බැඳි උඩුගම්පල රජයේ විද්‍යලයෙහි තෙවසරක් සේවය කල ඔහු 1923 දී එවක පුරාවිද්‍යා කොමසාරිස් ඒ.එම් හොකාර්ට් මහතා යටත් ශලා ලේඛන සහකරුවෙකු ලෙස සේවයට බැඳුනේය.ඉන්පසු ශිෂ්‍යත්වයක් ලබා ඉන්දියාවට ගිය ඔහු එහිදී දෙමළ භාෂාව හා සාහිත්‍ය ඉගනීමටද කාලය වැය කලේය.සිංහල,පාලි,සංස්කෟත,ඉංග්‍රීසි භාෂා ප්රගුණත්වය ලබාගත් පරණවිතාන මහතාගේ අරමුණ වුයේ මැකී ගොස් තිබූ සිංහල සංස්කෟතිය හා ජාතික අනන්‍යතාවය යලි නගා සිටුවීමයි.මේ සඳහා ඔහු තැබූ සුවිශේෂී පියවරක් නම් පුරාවිද්‍යාව පිළිබඳජනතා අවධානය යොමු කරවීමට කටයුතු කිරීමයි.එබඳු දැනුවත් බවක් ලබාදීම මගින් ලංකාවේ පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගැනීමටපොදු ජනතාවගේ සහාය ලබා ගන්නා අතරම ඒවා ඇගයීමට ඔවුන් යොමු කල හැකි බව ඔහු විෂාවාස කලේය.මේ සඳහා විවිධ පුවත්පත් ලිපි,දේශණ හා ප්රචාරක පත්‍රිකා ආදිය ඔහු යොදා ගත්තේය.
සීගිරිය යනු පරණවිතාන නාමය හා එක්ව පවත්නා ස්ථානයකි.කැටපත් පවුරේ කුරුටු ගී මහත් දුෂ්කරතා මැද කියවා ඒවා එක්රැස් කොට සංග්‍රහ කිරීම ඔහු අතින් සිදුවූ අනූපමේය සේවයකි.1949 දී මෙම කාර්යය එතුමා අරම්භ නොකලේ නම් සීගරි කුරුටු ගී සාමාන්‍ය කුරුටු ගෑම් ලෙස සලකා අමතක කර දැමීමට තිබූ අවකාශ බොහෝය.සීගිරි කුරුටු ගී සංග්‍රහය රජයේ ප්රකාශණයක් ලෙස 1956 දී පහල විය.
එළාර සොහොන යැයි විශ්වාස කල ද්ක්ඛිණ තූපය දුටුගැමුණු රජුගේ සොහොන් කොත බවත් පිදුරංගල චෛත්‍ය ගොඩනගා ඇත්තේ සීගරි කාශ්‍යප රජුගේ මරණය සිදුවූ ස්ථානයේ බවත්එතුමා සාධක සහිතව පෙන්වා දුන්නේ ඉතිහාසයට නව එලියක් ලබා දෙමිනි.1952 දී ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය එතුමාට ඩිලිම් සම්මාන උපාධියක් පිරිනැමීය.1956 දී එතුමා රාජකීය ඓතිහාසික
සංගමයේ සභාපති ධූරයට පත්විය.එසේම 1957 ජනවාරි 1 වැනිදා සිට එතුමා පේරාදෙණීය විශ්ව විද්යාලයේප්රථම පුරාවිද්‍යා මහාචාර්යවරයා ලෙස පත් කරමු ලැබීය.
විශ්ව විද්‍යාල අධ්‍යාපනයකට හිමිකම් නොකී මෙම මහාචාර්යවරයා අතින් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කාරයන්ට ලැබුනේ නොමැද දායකත්වයකි.ලංකා ඉතිහාසය හා සංක්ෂීප්ත ලංකා ඉතිහාසය යන සම්භාවනීය ග්රන්ථ එතුමාගේ මෙහෙයවීම යටතේ පේරාදෙණිය විෂ්ව විද්‍යලය විසින් පල කරනු ලැබීය.
1972 ඔක්තෝම්බර් මස 4 වන දින දිවංගත වූ ඔහුගේ වියොව ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම පිරවිය නොහැකි අඩුවක් බව කිවමනා නොවේ.
සෙනරත් පරණවිතාත
ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී ප්‍රෙයා්ජනවත් වන වැදගත්ම මුලාශ්‍ර වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ය.බටහිර පාලන යුගය යටතේ පුරාවිද්‍යාත්මක අධ්‍යයන රැසක් කෙරුනු නමුදු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයේ පුනරුදය ආරම්භ වූයේ සෙනරත් පරණවිතාන විද්වතාගෙනි.