සෙනසුරු_මාරුව

signshop

Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    senasuru_410px.jpg


    සෙනසුරු මාරුව හෙට ?

    ජෝතිෂ්‍යවේදය අනුව හෙට (02දා) රාත්‍රි 9.05ට සෙනසුරු මාරුවක් සිදුවන බව ජනාධිපතිවරයාගේ ප්‍රධාන දෛවඥයා වන සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.

    මෙම ග්‍රහ මාරුව පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කෙළේ ජෝතිෂ්‍යවේදයට අනුව මෙම සෙනසුරු මාරුව අනිවාර්යයෙන්ම හෙට (2දා) සිදුවන බවයි.

    එහිදී සෙනසුරු ග්‍රහයා තුලා රාශියේ සිට වෘශ්චික රාශියට ගමන් කරන බව කී අබේගුණවර්ධන මහතා, 1955 නොවැම්බර් 12 දා සිට 1958 ජුනි 2 දා දක්වාත්, 1984. 12. 20 දා සිට 1987.12.17දා දක්වාත් සෙනසුරු ග්‍රහයා එසේ වෘශ්චික රාශියේ රැඳී සිටි බවද කීය.

    සෙනසුරු ග්‍රහයා එක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීමට දළ වශයෙන් අවුරුදු 2 1/2ක් ගතවන බවත්, රාශි වළල්ලේම ගමන් කිරීම සඳහා සෙනසුරු ග්‍රහයාට අවුරුදු 30ක් ගතවන බවත්, 2014.11.02 වෘශ්චික රාශියට පැමිණෙන සෙනසුරු ග්‍රහයා 2017.10.26 දක්වා එම රාශියේ රැඳී සිටින බවත් අබේගුණවර්ධන මහතා කීය.

    මෙම සෙනසුරු මාරුව රටට, දේශපාලනික වශයෙන් හෝ කාලගුණික වශයෙන් හෝ විශාල බලපෑමක් නොකරන බව පෙන්වා දෙන ඒ මහතා ලග්න අනුව ජනතාවගේ සුබ අසුබ තීරණය වන බවද කීය.


    පට්ටපල් බොරුවක් :

    හෙට සෙනසුරු මාරුවක් සිදුවන බව ජෝතිෂ්‍යවේදීන් පැවැසුවද, විද්‍යානුකූලව එවැනි ග්‍රහමාරුවක් සිදුනොවන බව තාරකා ශාස්ත්‍රඥයෝ පවසති.

    තාරකා ශාස්ත්‍රඥයන් පෙන්වා දෙන අන්දමට එවැනි ග්‍රහ මාරුවක් සිදු වනුයේ ලබන ජනවාරි මස මැද භාගයේදීය.

    සෞරග්‍රහ මණ්ඩලයේ දෙවැනි ලොකුම ග්‍රහයා වන සෙනසුරු ග්‍රහ මණ්ඩලයේ 6 වැනි ස්ථානයේ සිටින බවද, පෘථිවි ගෝලය මෙන් 771 වාරයක් විශාල වන සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය 1,20,540 වන බවද තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා කියයි.

    තාරකා විද්‍යානුකූලව සෙනසුරු ග්‍රහයා වෙනත් රාශියකට ගමන් කිරීම 2013 වර්ෂයේ නොවැම්බර් මාසයේදී සිදුව ඇති බවත්, නැවත එවැනි මාරුවීමක් සිදුවිය හැක්කේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, 'සෙනසුරු මාරුව' පිළිබඳව කළ විමසුමකදී අනුර සී. පෙරේරා මහතා කීය.

    සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයා තමා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වීමට අවුරුදු 30කට ආසන්න කාලයක් ගන්නා බවද පෙරේරා මහතා පැවැසීය.

    ඒ අනුව බලනවිට මෙවැනි ග්‍රහ මාරුවක් හෙට (2දා) සිදු නොවන බවත්, ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.


    :dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං ජ්‍යොතිෂ්‍යෙය් එන ග්‍රහ මාරුව නෙවෙයි තාරකා විද්‍යාෙව ග්‍රහ මාරුවක් කියන්නේ.....
    මේ දෙක දෙකක් විනා එකක් නෙවෙයි.....
    ලියපු බුවාට වලිගෙ පෑගිලා
     
    Jul 14, 2014
    237
    32
    0
    කණගාටුයි....

    ජ්‍යොතිෂය අනුව සූර්යයා පෘථිවිය වටා චලනය වන බව සදහන් වුවත් තාරකා විද්‍යාවට අනුව සත්‍ය ලෙස සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා චලනය වීමයි.පෘථිවියේ සූර්යයා වටා චලනයේ තාරකා විද්‍යාත්මක සංකල්ප වරින් වර සංශේධනය වෙමින් වර්ධනය වූ අතර කාල වකවානු අනුව එම තාරකා විද්‍යා සංකල්පයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.අළුත් අවුරුදු උදාව තාරකා විද්‍යාත්මකව විමසීමේදී එම දෙකොටසම පිළිබදව දැනුවත් විය යුතුය.
    නිකොලස් කොපර්නිකර්,ගැලීලියෝ,ජොහැන්නස් කෙප්ලර් වැනි තාරකා විද්‍යාඥයන්ගේ මතයට අනුව පෘථිවිය තම අක්‍ෂය වටා භ්‍රමනය වෙමින් සූර්යයා එක් නාභියක් වූ ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරයි.සූර්යයාගේ උත්තරායන හා දක්‍ෂිණායන චලනයද පෘථිවියේ චලනය නිසාම ඇති වන්නකි.මෙහිදී පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ ස්වකීය අක්‍ෂය වටා භ්‍රමනය වෙමින් පෘථිවි සමකයට අංශක 23.5ක උපරිම කෝනික විස්තාරයක් ඇති සයිනාකාර වක්‍ර මාර්ගයකය.සූර්යයාගේ උත්තරායන දක්‍ෂිණායන සංසිද්ධිය දෘෂ්‍ය වන්2න් පෘථිවියේ මෙම චලිතය හේතුවෙනි.(රූපය 4) පෘථිවියේ එම වක්‍ර මාර්ගය සමකය කපන ලක්‍ෂයන් වලදී සමකයට හිරු මුදුන්වේ.(මාර්තු 21,සැප් 23 ) සමකයට උපරිම විස්ථාපනය ඇති ලක්‍ෂ වලදී එනම් ජුනි 22 කර්කටක නිවර්තනයටත් දෙසැ 22 මකර නිවර්තනයටත් හිරු මුදුන්වේ.(මෙම දිනයන්ද කලින් කලට සුළු වශයෙන් වෙනස්වේ.)

    ක්‍රි.ව. 1917 දී යුදෙවු ජාතික ඇල්බට් අයින්ස්ටයින් විසින් ගුරුත්වාකර්ෂණ හා ත්වරණ ප්‍රතිඵල අතර ඇති තුල්‍යතාව හා ආලෝක කිරන වල ගමන් මග කෙටිම මාර්ගයෙන් රේඛිය අයුරින් යන මූලික උපග්‍රහණ අනුව යමින් බිහිකල "සාධාරණ සාපේක්‍ෂතාවාදය (General Relativity)" සමග ග්‍රහ වස්තු වල චලිතයන්හි සියුම් අංග රාශියක් හෙළිදරවු විය.ඒ අනුව පෘථිවියේ භ්‍රමන අක්‍ෂයත් පරිභ්‍රමණ කක්‍ෂයත් පූර්වායනය(වෙනස් වෙමින් මුල් අවස්ථාවට නැවත නැවත පැමිණීම වැනි) වන බව හෙළිදරවු විය.(පැරණි පෙරදිග ජ්‍යොතිෂයේ මෙය මුල සිටම භාවිතා වූවකි.අයනය ලෙස ජ්‍යොතිෂයේ හැදින්වේ.)පෘථිවියේ භ්‍රමණ අක්‍ෂය වෙනස් වීම සම්පූර්ණ වටයක් සිදු වීමට වසර 26000ක් ගතවේ.ඒ අනුව වසර(26000/12 = 2166.67) වැනි කාලයක් ගත වූ විට පෘථිවියට සාපේක්‍ෂව රාශි චක්‍රය එක් ලග්නයකින් ඉදිරියට යයි.ඒ අනුව තවත් වසර 2166 ක් වැනි කාලයකට පසු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යන්නේ මැයි මාසයේ දිනයකදීය.මීට වසර 2000 කට පමන පෙර සූර්යයා මේෂ රාශියට යාමත් දක්‍ෂිණායනයේ සිට උත්තරායනයට සංක්‍රමනය වීමත් සම්පාත වීමට හේතුව දැන් ඔබට වැටහෙනවා ඇත.
    තාරකා විද්‍යාව අනුව තව වසර 2000 කින් සූර්යයා මීනයො සිට මේෂ රාශියට සංක්‍රමනය වීම මැයි මාසයේ දිනක සිදුවුවත් අළුත් අවුරුදු උදාවේ ජ්‍යොතිෂ සිද්ධාන්තය සැකසී ඇත්තේ තාරකා විද්‍යාව අනුව නොව පෙරදිග නිරයන ජ්‍යොතිෂ ක්‍රමයටය.නිරයන ජ්‍යොතිෂය අනුව සූර්යයා මිනයේ සිට මේෂයට යාමත් රවි අස්විද නැකතට ඇතුල් වීමත් එකවිටම සිදුවේ.මෙම දිනය සෑම කල්හිම අප්‍රේල් 12,13 ආසන්න දිනයකි.ග්‍රහ මාරුද මෙලෙසම බව දත යුතුයි....:nerd:
     
    Last edited:

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    Bi-Polar Disorder එක ගැන හොන්දම මහාචාර්ය වරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක්.
    Web eka:-
    HTML:
    http://www.w3lanka.com/2010/07/prof-ds-ranawaka-and-sri-lanka-national.html
    :rofl::P