සෙබළුන් 19ක් රෝහලට

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    සෙබළුන් 19ක් රෝහලට

    සෙබළුන් 19ක් රෝහලට – දවල්ට වැඩිපුර වතුර බොන්න – වෛද්‍යවරුන් උපදෙස් දෙයි..!

    උණුසුම් කාලගුණයක් පවතින මෙම සමයේදී එළිමහනේ සිදුකරන කටයුතුවලින් හැකිතරම් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ක්‍රිඩා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලාල් ඒකනායක කියා සිටියේ.

    අධික උණුසුම හේතුවෙන් වවුනියාව පම්පමඩුව යුද හමුදා කවුරක පුහුණුවීම්වල නිරත වූ යුද හමුදා සෙබළුන් 14 දෙනෙකු ක්ලාන්ත වීම හේතුවෙන් රෝහල් ගතකෙරුණු පුවතක්ද ඊයේ (22) වාර්තා වුණා. ඊටත් වඩා අවදානම් තත්ත්වයන් වුවද අධික උණුසුම හේතුවෙන් ඇති විය හැකි බවයි වෛද්‍ය ලාල් ඒකනායක වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

    අධික උණුසුම නිසා ඇති විය හැකි මෙවැනි අනතුරුවලින් වැළකීමට නම් දිවා කාලයේදී වැඩි වශයෙන් ජලය පානය කළයුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    විජලනයෙන් වවුනියාව සෙබළුන් 19ක් රෝහලට..!
    පුහුණුව අතරතුරදී ඇතිවූ විජලන තත්ත්වයක් හේතුවෙන් වවුනියාව පම්පමඩුව 611 යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි සෙබළුන් 19 දෙනෙක් අද (22) දවල් වවුනියාව රෝහල වෙත ඇතුළත් කරනු ලැබූහ.

    බළසේනා මූලස්ථානයේ පුහුණු පාසලේ සෙබලුන් 50 අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති දෛණික පුහුණු කටයුතු අතරතුරදී සෙබලුන් ක්ලාන්ත වී විවිධ ආසාත්මිකතා හටගෙන ඇති බව වන්නි යුද හමුදා ආරංචිමාර්ග සඳහන් කරයි.

    එලෙස ක්ලාන්තවී ඇති සෙබළුන් කිහිප දෙනෙක් මූලස්ථානයේ ගිලන් රථ ඔස්සේ වවුනියාව මහ රෝහල වෙත රැගෙන එනු ලැබූහ. මෙලෙස රෝගීවී ඇත්තේ යුදහමුදාවේ 25 වැනි පාබල සේනාංකය යටතේ පුහුණුව ලැබූ සෙබළුන් පිරිසකි.

    වවුනියාව රෝහල් ප‍්‍රකාශකයකු සඳහන්කර සිටියේ සෙබලූන් 19 දෙනා හට විජලන තත්ත්වයක් හටගෙන ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි. ප‍්‍රදේශයේ පවතින උණුසුම් කාලගුණික තත්වය මෙම රෝගී තත්වයට හේතුවිය හැකි බවට සැක කරන බවත් ඔහු පැවැසීය.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ දවස් වල පොඩි අයටනම් ගොඩක් අමාරුයි.
    TFS !!!
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Kochchara rasne thibbath rajaya hithanne AC luxury Item ekak kiyla. rasne wedi wenawa misak adu wenne na ne, mewwa seethala ratawal newi ne 365 dawasema ira eliya watena ratawal.