ඔන්න මමත් අද නිවාඩු දවසේ සෙම්බුවත්ත බලන්න ගියා. යන්න ඕනේ නුවර ඉඳලා වත්තේගම පාරේ ගිහින් ඇල්කඩුව හරහා. වත්තේගම ඉඳලා සෙම්බුවත්ත වෙනකන් පාර ගොඩක් අබලන්.

සෙම්බුවත්ත දැන් බලාගන්නේ ඇල්කඩුව වත්තෙන් නිසා වැව බලන්න යන්න එක්කෙනෙකුගෙන් රුපියල් 200/-ක් අය කරනවා. මට හිතෙන්නේ ගාන හොඳටම වැඩි. එක වාහනයකින් රුපියල් 200/-ක් අය කරනවා නං හොඳයි. දේශීය විදේශීය අය සෑහෙන එනවා මෙතන බලන්න ඒත් එක්කම අපේ සැන්ටි අයියලත් එනවා හයියෙන් සින්දු දාගෙන කුණුහරුප කිය කිය හූ කිය කිය බිබී පිස්සු නටන එක අනුමත කරන්න බෑ.







