සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    Ado copy Tikak hoyala diyanko..... Oya poth Wala thiyenne ape ammige gama Gena... E game hitiya ayage kathava
    දන්න තරමට ඕක ප්‍රින්ට් එකේ නෑ :-(. ගත්තු කෙනෙක් විකුනුවොත් තමයි.
    "නීරව්ව, වසවර්තියෙක් ද නොවීමි" පොත් දෙකේ ස්ටොක් තාම සයිට් එකේ පෙන්වනවා.
    ට්‍රයි එකක් දීලා බලන්න.
    https://grantha.lk/authors/a-m-p-padeniya.html

    1787066449192.jpg
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,248
    113
    3 පරිච්ඡේදය

    ඒ කොළ කෑල්ල දැක්ක ගමන් මට හෙන අව්ල ක් දැනුනා... මට මතකයි ඔයා හරි අමුතු බැල්මකින් බලගෙනත් හිටියා... මට කිසි දෙයක් තේරුනේ නෑ ඒ වෙලාවේ...
    ඇස් වලින් එච්චර කතා කරලත් හිනා වෙලත් ඇයි මෙහෙම කීවේ කියලා...
    බෑග් එකත් අරන් මම ආවා පංතියෙන්... මම යනවා දැකලා ඔඩියත් ආවා පස්සෙන්... අපි දෙන්නම බස් ස්තැන්ඩ් එකට වෙලා ටිකක් වෙලා කතා කර කර හිටියා මට මතකයි...
    අමුතු දුකකින් හිත පිරිලා තිබුණා... එදා තමයි මට මුලින්ම දැනුනේ... දුක හිතුනාම පපුව මැද්දෙන් රිදෙනවා කියන්නේ මොකද්ද කියලා.
    ඔඩි යා එක්ක කතා කර කර හිටියත් හිත තිබ්බේ වෙන දිහාක.. මට දැනුනා.. කදුළු වලින් ඇස් පිරෙනවා කියලා... ඔඩියට කියලා මම එහෙම ම ගෙදර ගියා...
    හිතා ගත්තා ආයේ නම් අහන්නෙත් නෑ...
    පන්ති යන්නෙත් නෑ කියලා..
    මොකද එයාගේ මූන දකිද්දී මට ඉවසගන්න අමාරුයි කියලා මම දැනන් හිටියා..
    ඔහොම සතියක් දෙකක් හියා...
    හැබැයි ඒක දවසක් වත් එයාව අමතක උනේ නම් නෑ.... මම ඒක එක හේතු කිය කිය පන්ති යන ඒක කට් කරා...ඔයාගේ හිනාව දකිද්දී මට පන්තියේ ඉන්න බැරි බව මම හොඳටම දෙනන් හිටියා..

    සතියක් දෙකක් පන්ති කට් කරාට ඔන්න අප්පච්චි කෙස් එක දාන්න පටන් ගත්තා... මේ පාරනම් යන්න ම වෙනවා කියලා තේරුණා...

    සති දෙකකට පස්සෙ ඉරිදා දවසක මම පන්තියට ගියා... ඔයාට මතකඩ....
    මම පන්තියට එද්දී ඔයා සියඹලා ගහ ළග ධනු එක්ක හිටියා... ( ධනු තමා එයාගේ යාළුවා) මාව දැක්ක ගමන් ඔයාගේ ඇස් දිලිසුනා මම දැක්කා... ඒ ඇස් දෙක නම් තාමත් මතකයි .... එදා වගේම...

    ඔන්න එදා ඉතින් ඔඩිය ත් පන්ති ඇවිත් හිටිය නිසා ලොකු අව්ලක් හිතට දැනුන නෑ... පන්තිය පටන් ගත්තා ට ත් පස්සේ ඔය මගේ දිහා හැරිලා බැලුවා මතකයි..

    එදා උනේ මම හිතුවේ නැති දෙයක්.... අපි කෑම කන්න ගිහින් එද්දී මගේ බෑග් එක උඩ ආයෙත් කොලයක්...
    මම සෙනික ගිහින් කෝල් ගත්තා...

    "අනේ එදා අර කොලේ ලීවේ මම නෙමෙයි ධනු... මම එහෙම කාට වත් කැමැත්ත දීලා නෑ මේ අපේ අම්මාගේ නම්බර් එක.. මට මේකට මැසේජ් එකක් දාලා තියන්න... මම රිප්ලයි කරනකල් රිප්ලයි කරන්න එපා.. ප්‍රබෝදනී.."

    එකේ තිබ්බේ මෙන්න මේක... මට දැනුන සතුට... මතක් වෙද්දි තාමත් කට කොනින් හිනාවක් යනවා මට දැනෙනවා...

    දන්න තරමට ඕක ප්‍රින්ට් එකේ නෑ :-(. ගත්තු කෙනෙක් විකුනුවොත් තමයි.
    "නීරව්ව, වසවර්තියෙක් ද නොවීමි" පොත් දෙකේ ස්ටොක් තාම සයිට් එකේ පෙන්වනවා.
    ට්‍රයි එකක් දීලා බලන්න.
    https://grantha.lk/authors/a-m-p-padeniya.html

    1787066449192.jpg
    පාදෙණිය කියන්නේ අපේ අප්පච්චිගෙ මාමා කෙනෙක්... දැන් නම් අපි එහෙ නෑ... එහෙම තිබිලත් මට කොපියක් හොයා ගන්න බැරි උනානෙ බං... මම මේ ලින්ක් එකෙන් ට්‍රයි එකක් දීලා බලන්නම්
    ------ Post added on Aug 18, 2026 at 9:17 PM

    සත්‍ය කතාවක් ඇසුරෙන්ද?

    ඉතුරු ටික කෝ ඉතින්???

    Ko hutto ithutu tika?

    මාසයක්ම???

    Patta 😍 next epiya dapann
    වරෙල්ලා...
    ------ Post added on Aug 18, 2026 at 9:19 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    පාදෙණිය කියන්නේ අපේ අප්පච්චිගෙ මාමා කෙනෙක්... දැන් නම් අපි එහෙ නෑ... එහෙම තිබිලත් මට කොපියක් හොයා ගන්න බැරි උනානෙ බං... මම මේ ලින්ක් එකෙන් ට්‍රයි එකක් දීලා බලන්නම්
    2021 දී බොක්ස් සෙට් එකක් විදිහට ග්‍රන්ථ එකෙන් පබ්ලිශ් කරේ ඕක.
    FB එකේ බුක් ගෲප් වල පෝස්ට් එකක් දාල බලන්න.
    සමහර විට ඉතුරු දෙකත් හොයාගන්න බැරිවෙන එකක් නෑ, විකුණන කෙනෙක් හිටියොත් එහෙම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    දන්න තරමට ඕක ප්‍රින්ට් එකේ නෑ :-(. ගත්තු කෙනෙක් විකුනුවොත් තමයි.
    "නීරව්ව, වසවර්තියෙක් ද නොවීමි" පොත් දෙකේ ස්ටොක් තාම සයිට් එකේ පෙන්වනවා.
    ට්‍රයි එකක් දීලා බලන්න.
    https://grantha.lk/authors/a-m-p-padeniya.html

    1787066449192.jpg
    ඔය උබේ පොත් collection එකද ? උබ මාර පොරක්නෙ බන්. :love2: 🤷‍♂️
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,536
    3,248
    113
    4 පරිච්ඡේදය

    එදා නම් මගේ හිතේ තිබ්බ සතුට දන්නේ මමයි ඔඩියයි විතරයි...
    මට මතකයි.. මම ඔයා බස් එකට නගින තැන ට එනකල් පිටිපස්සෙන් ආවා... ඔයත් පිටි පස්ස බල බල හිනා වේවි ගියා මට මත්කයි...
    ඔන්න ඊට පස්සේ තමා මට මාර කේස් එක උනේ.. කෝ දැන් ෆෝන් එකක් මැසේජ් එකක් දාන්න...
    එතකොට ම මට මතක් උනා කිරි අම්මාගේ කඩේ කැෂියර් එක ඇතුලේ පරණ lenovo පොන් එකක් තිබ්බා.. පුංචි පාවිච්චි කරපු එකක්.. පන්ති ඇරිලා පයින් ම කඩේ ට ගියා... ගිහින් ඕකත් අරගෙන ගෙදර ගියා උඩ පැනගෙන....
    හරි දැන් තමා අනිත් වැඩේ...
    පොන් එකට බැටරි එකක් නෑ.. මම හැම තැනම හොයල හොයල පරණ නොකියා බැටරි එකක් හොයා ගත්තා මට මතකයි.. එකට වයර් දෙකක් පාස්සලා පොන් එක හදාගෙන... ඔයාට මැසේජ් එකක් දාලා දවසක් ම බලන් හිටියා ඔයාගෙන් රිප්ලයි එකක් එනකල්... මතකයි ඔය දවසකට විතර පස්සෙ රෑ මට මැසේජ් කරා.. මම නම් විනාඩියක් වත් පරක්කු කරේ නෑ රිප්ලයි කරන්න... ඔයා මට කීවා ඊළග සතියේ ඉස්කෝලෙත් ට්‍රිප් එකක් යනවා.. එදාට හරියට ම ඔයාගේ උත්තරේ දෙනවා කියලා.. මට ඒක හොදට මතකයි...

    ඔහොම ඔහොම එදා දවසත් ආවා.... ඔයා ට්‍රිප් එක යනකල් ම මාත් එක්ක කතා කරා.. ඒ දවස් කීව හැම දේම තාමත් මට කොහොම මතක තියනවා ද කියලා මට හිතා ගන්නත් බෑ... දැන් ඉතින් මේ සිද්දිය වෙලා හරියටම අවුරුදු 16ක් නේ...

    මට මතකයි රෑ ඔයා ට්‍රිප් එක ගිහින් ගෙදර යන වෙලාවේ කීවා... මම ඔයාට ආදරෙයි... හැබැයි කවදාවත් මාව දාලා යන්න එපා.. මේක හැමදාටම තියන ආදරයක් වෙන්න ඕනි කියල.... එක මම ඒ විදියටම රකිනවා කියලා පොරොන්දු උනා...

    ඔහොම ඔහොම ටික ටික කාලේ ගෙවිලා ගියා... ගෙදරදී හොරෙන් මැසේජ් කළා..
    පන්තියේදී හම්බුනා... මොකද අපි දෙන්නා හිටියේ ඉස්කෝල දෙකක නේ....

    අපි දෙන්නා ගොඩක් ලං උනා... ඉස්කෝල දෙකේම අපි දෙන්නා ගැන නොදන්න කෙනෙක් නැති තරමට...

    ඔක්කොම ලියන්න ගියොත් මේක ගොඩක් දිග වෙයි කියලා හිතෙනවා... ඒ නිසා ලස්සනම මතකයක් ලඟට යනකල් අපි ඉස්සරහට යමූ...

    අපි සාමාන්‍ය පෙළ කියලා මම උසස් පෙළට පරණ ඉස්කෝලෙම නතර උනා.. ඔයා නම් කැකිරාව ඉස්කෝලෙට ආවා... මතකයි මට ඔයා ළමා සාරිය ට කොච්චර ලස්සනද කියලා.... ඒ මතක නිකන් හීනයක් වගේ...

    මතකයි දවසක් මම එයාගේ ඉස්කෝලේ ලඟට ගියා හවස එක්කන් එන්න... පන්ති තිබුණ නිසා... එදා ලොකු වැස්සකුත් එක්ක... ඉස්කෝලේ ඉස්සරහ තිබ්බ බස් හොල්ට් එකේ අන්තිමට ඉතුරු උනේ අපි දෙන්න විතරයි...
    අත් අල්ලන් ගොඩක් වෙලා කතා කර කර හිටියා... එදා තමා එයා මට පල්වෙනි කිස් එක දුන්නේ.... ඒ හැගීම තාමත් මාව අඩවනවා.... මන් ඔයාව අත් දෙකෙන් ම බදා ගත්තා මතකද...
    බදාගෙන ඔයාගේ බෙල්ල මූණ අත්... කිස් කරා... ඒ සුවද තාමත් මට දැනෙනවා වගේ... අපි ගොඩක් වෙලා එතන හිටියා බස් එකක් එනකල්ම... ඔයා ගෙදර යන බස් එකට දාලා පෙන් නැති තරම් දුර බස් ඒක යන්කල් ම බලන් ඉදලා තමා මම ගෙදර අවෙ... ඔයා ඒක දකින්න නම් නැතුව ඇති...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    මෙන්න ෆුල් කලෙක්ෂන් එකම! :p
    XWpsY1k.jpeg


    zexn3nP.jpeg


    IYAEddc.jpeg


    qYwh273.jpeg
    මරු බන්. උබ නම් සුපිරි. මටත් මේ වගේ collection එකක් තිබ්බා. පොත් එකතු කරලා මේ වගේ තිබ්බා පොත් 15ක් විතර. සේරම පුස්ථකාලෙට නිකන් දුන්නා. අපරාදෙ කියලා හිතෙනවා. ඒත් කමක් නෑ දුන්න දේ දුන්නා කියලා හත හදා ගත්තා. මේක දැක්කම ආයෙ ආස හිතුණා පොත් කියවන්න. 🤷‍♂️
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,107
    113
    −273.15°C
    මරු බන්. උබ නම් සුපිරි. මටත් මේ වගේ collection එකක් තිබ්බා. පොත් එකතු කරලා මේ වගේ තිබ්බා පොත් 15ක් විතර. සේරම පුස්ථකාලෙට නිකන් දුන්නා. අපරාදෙ කියලා හිතෙනවා. ඒත් කමක් නෑ දුන්න දේ දුන්නා කියලා හත හදා ගත්තා. මේක දැක්කම ආයෙ ආස හිතුණා පොත් කියවන්න. 🤷‍♂️
    පොඩි කාලේ පොත් කියෙව්වා, කොහොමහරි ඒ පොත් ටික වේයෝ කාලා විනාස වෙලා ගියා.
    2020 වගේ යූටියුබ් වීඩියෝ එකක් දැකලා පොත් කියවන ආසාව ආයෙත් ආවා.
    මේ මනුස්සයා තමයි වඟකියන්න ඕන. 😂