සෙල්ලක්කාරයෙක් නොවීමී - 01

කණියා

Well-known member
  • Feb 1, 2010
    838
    337
    63
    Sri lanka
    4 පරිච්ඡේදය

    එදා නම් මගේ හිතේ තිබ්බ සතුට දන්නේ මමයි ඔඩියයි විතරයි...
    මට මතකයි.. මම ඔයා බස් එකට නගින තැන ට එනකල් පිටිපස්සෙන් ආවා... ඔයත් පිටි පස්ස බල බල හිනා වේවි ගියා මට මත්කයි...
    ඔන්න ඊට පස්සේ තමා මට මාර කේස් එක උනේ.. කෝ දැන් ෆෝන් එකක් මැසේජ් එකක් දාන්න...
    එතකොට ම මට මතක් උනා කිරි අම්මාගේ කඩේ කැෂියර් එක ඇතුලේ පරණ lenovo පොන් එකක් තිබ්බා.. පුංචි පාවිච්චි කරපු එකක්.. පන්ති ඇරිලා පයින් ම කඩේ ට ගියා... ගිහින් ඕකත් අරගෙන ගෙදර ගියා උඩ පැනගෙන....
    හරි දැන් තමා අනිත් වැඩේ...
    පොන් එකට බැටරි එකක් නෑ.. මම හැම තැනම හොයල හොයල පරණ නොකියා බැටරි එකක් හොයා ගත්තා මට මතකයි.. එකට වයර් දෙකක් පාස්සලා පොන් එක හදාගෙන... ඔයාට මැසේජ් එකක් දාලා දවසක් ම බලන් හිටියා ඔයාගෙන් රිප්ලයි එකක් එනකල්... මතකයි ඔය දවසකට විතර පස්සෙ රෑ මට මැසේජ් කරා.. මම නම් විනාඩියක් වත් පරක්කු කරේ නෑ රිප්ලයි කරන්න... ඔයා මට කීවා ඊළග සතියේ ඉස්කෝලෙත් ට්‍රිප් එකක් යනවා.. එදාට හරියට ම ඔයාගේ උත්තරේ දෙනවා කියලා.. මට ඒක හොදට මතකයි...

    ඔහොම ඔහොම එදා දවසත් ආවා.... ඔයා ට්‍රිප් එක යනකල් ම මාත් එක්ක කතා කරා.. ඒ දවස් කීව හැම දේම තාමත් මට කොහොම මතක තියනවා ද කියලා මට හිතා ගන්නත් බෑ... දැන් ඉතින් මේ සිද්දිය වෙලා හරියටම අවුරුදු 16ක් නේ...

    මට මතකයි රෑ ඔයා ට්‍රිප් එක ගිහින් ගෙදර යන වෙලාවේ කීවා... මම ඔයාට ආදරෙයි... හැබැයි කවදාවත් මාව දාලා යන්න එපා.. මේක හැමදාටම තියන ආදරයක් වෙන්න ඕනි කියල.... එක මම ඒ විදියටම රකිනවා කියලා පොරොන්දු උනා...

    ඔහොම ඔහොම ටික ටික කාලේ ගෙවිලා ගියා... ගෙදරදී හොරෙන් මැසේජ් කළා..
    පන්තියේදී හම්බුනා... මොකද අපි දෙන්නා හිටියේ ඉස්කෝල දෙකක නේ....

    අපි දෙන්නා ගොඩක් ලං උනා... ඉස්කෝල දෙකේම අපි දෙන්නා ගැන නොදන්න කෙනෙක් නැති තරමට...

    ඔක්කොම ලියන්න ගියොත් මේක ගොඩක් දිග වෙයි කියලා හිතෙනවා... ඒ නිසා ලස්සනම මතකයක් ලඟට යනකල් අපි ඉස්සරහට යමූ...

    අපි සාමාන්‍ය පෙළ කියලා මම උසස් පෙළට පරණ ඉස්කෝලෙම නතර උනා.. ඔයා නම් කැකිරාව ඉස්කෝලෙට ආවා... මතකයි මට ඔයා ළමා සාරිය ට කොච්චර ලස්සනද කියලා.... ඒ මතක නිකන් හීනයක් වගේ...

    මතකයි දවසක් මම එයාගේ ඉස්කෝලේ ලඟට ගියා හවස එක්කන් එන්න... පන්ති තිබුණ නිසා... එදා ලොකු වැස්සකුත් එක්ක... ඉස්කෝලේ ඉස්සරහ තිබ්බ බස් හොල්ට් එකේ අන්තිමට ඉතුරු උනේ අපි දෙන්න විතරයි...
    අත් අල්ලන් ගොඩක් වෙලා කතා කර කර හිටියා... එදා තමා එයා මට පල්වෙනි කිස් එක දුන්නේ.... ඒ හැගීම තාමත් මාව අඩවනවා.... මන් ඔයාව අත් දෙකෙන් ම බදා ගත්තා මතකද...
    බදාගෙන ඔයාගේ බෙල්ල මූණ අත්... කිස් කරා... ඒ සුවද තාමත් මට දැනෙනවා වගේ... අපි ගොඩක් වෙලා එතන හිටියා බස් එකක් එනකල්ම... ඔයා ගෙදර යන බස් එකට දාලා පෙන් නැති තරම් දුර බස් ඒක යන්කල් ම බලන් ඉදලා තමා මම ගෙදර අවෙ... ඔයා ඒක දකින්න නම් නැතුව ඇති...
    සුපිරි ආ :love:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    රාජකාරි කටයුත්තක් සදහා එලියට ගියා මචන් 😍
    මම හිතන් හිටියෙ උබේ ෆුල් ටයිම් ජොබ් එක කිරියේ පෝස්ට් වලට ලයික් දාන එක කියලා 🤭🤭
     
    • Haha
    Reactions: NRTG

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    පස්වෙනි පරිච්ඡේදය

    මතකයන් හිත පාරණවා... ඔව්..
    පරණ මතක දිගේ හිතින් ගියාම ඒ කාලේ හිතුව දේවල් ඒ විදියට උනා නං කියලා හිතෙන වාර අනන්තයි....
    ඒත්...
    දැන් අපි හරියට නාඳුනන අය වගේ... වෙන් වෙලා වෙන අයගේ වෙලා.. ගොඩක් කල් ගෙවිලා.. ඒත් ඒ මතක වල සුවද... තාමත් ඇස් වලට කදුළු අරන් එනවා....

    එදා ඒ බස් හෝල්ට් එකේ සිද්දිය තමයි මගේ ජිවිතේ පළවෙනි පාරට ගෑනු ළමයෙක් ගේ උණුහුම සුවද විඳපු දවස... කවුද හිතුවේ පන්තියේ හිටිය ලස්සනම කෙල්ලගේ පපුවට ඔලුව තියාගෙන ඉන්න තරම් මම වාසනාවන්ත වෙයි කියලා...
    එයාගේ ඇගෙන් ආපු සුවද... ඇගිලී වලට දැනුන එයාගේ සිනිදු අත්... බෙල්ල... තාමත් දැනෙනවා වගේ... එයාගේ ලස්සන පපුව ටිකක් බලන්න හිතට ආස උනත්.. එක ඒ දේ කරන්න වෙලාව වත් තැන වත් නෙමෙයි නිසා අපි ඒ තරම් දුර යන් නැතුව ටිකක් තුරුල් වෙලා ඉදලා ඒ ආදරේ හැගීම බෙදා ගත්ත විදිය... මට තප්පරෙන් තප්පරෙ තාමත් මතක් කරන්න පුළුවන්...

    ඉතින් එදා අපි හමුවෙලා එයා ගිය බස් එක යනකල් ම බලන් ඉදලා ගෙදර ආවා...
    උන දේ ගැන හිතින් ආයේ මතක් කර කර දවස ගෙඋනා දැනුනේ වත් නෑ... ආයේ කවදද එයා බලන්න යන්නේ.. මගේ හිතේ තිබ්බේ එච්චරයි...
    එයාට ඒ දවස් වල එයටම කියලා පොන් එකක් තිබුණේ නෑ... මගේ ළග මේ වෙද්දි පොඩි පොන් එකක් තිබුණා...
    පොන් එකක් අරන් දෙන්න හිතුනත් ගෙදරට අහු වෙයි කියන බය නිසා එය කැමති උනේ නෑ පොන් එකක් තියා ගන්න...

    අපි හැම පන්ති දවස ක ම හම්බුනා.... එය ඉස්කෝලේ ඇරිලා ගියේ ස්කුල් සර්විස් බස් එකක... ඉතින් එයා ඒ බස් එකේ එනකල් මම පාර ලඟට වෙලා බලන් ඉන්න එක පුරුද්දක් උනා... මොකද මම ඒ තරම් එයා ට ආදරේ කරන්න පටන් අරන් තිබ්බා... මම දන්නෙත් නැතුව..

    මෙහෙම ටික කාලයක් ගෙවිලා ගියා... ආදරෙන් අපි හිටියා.... එක දවසක් ම එයා කිසිම මැසේජ් එකක් දැම්මේ නෑ... මම පොන් ඒක අතේ තියං උදේ ඉඳන් රෑ වෙනකල් ම බලන් හිටියා... ඔහොම කිසිම මැසේජ් එකක් නැතුව සතියක් ම ගෙවිලා ගියා.. මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.... මම බලන් හිටියා සෙනසුරාදා දවස එනකල්.... ඒත් එයා එදා පන්ති ආවෙත් නෑ...
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    3 පරිච්ඡේදය

    ඒ කොළ කෑල්ල දැක්ක ගමන් මට හෙන අව්ල ක් දැනුනා... මට මතකයි ඔයා හරි අමුතු බැල්මකින් බලගෙනත් හිටියා... මට කිසි දෙයක් තේරුනේ නෑ ඒ වෙලාවේ...
    ඇස් වලින් එච්චර කතා කරලත් හිනා වෙලත් ඇයි මෙහෙම කීවේ කියලා...
    බෑග් එකත් අරන් මම ආවා පංතියෙන්... මම යනවා දැකලා ඔඩියත් ආවා පස්සෙන්... අපි දෙන්නම බස් ස්තැන්ඩ් එකට වෙලා ටිකක් වෙලා කතා කර කර හිටියා මට මතකයි...
    අමුතු දුකකින් හිත පිරිලා තිබුණා... එදා තමයි මට මුලින්ම දැනුනේ... දුක හිතුනාම පපුව මැද්දෙන් රිදෙනවා කියන්නේ මොකද්ද කියලා.
    ඔඩි යා එක්ක කතා කර කර හිටියත් හිත තිබ්බේ වෙන දිහාක.. මට දැනුනා.. කදුළු වලින් ඇස් පිරෙනවා කියලා... ඔඩියට කියලා මම එහෙම ම ගෙදර ගියා...
    හිතා ගත්තා ආයේ නම් අහන්නෙත් නෑ...
    පන්ති යන්නෙත් නෑ කියලා..
    මොකද එයාගේ මූන දකිද්දී මට ඉවසගන්න අමාරුයි කියලා මම දැනන් හිටියා..
    ඔහොම සතියක් දෙකක් හියා...
    හැබැයි ඒක දවසක් වත් එයාව අමතක උනේ නම් නෑ.... මම ඒක එක හේතු කිය කිය පන්ති යන ඒක කට් කරා...ඔයාගේ හිනාව දකිද්දී මට පන්තියේ ඉන්න බැරි බව මම හොඳටම දෙනන් හිටියා..

    සතියක් දෙකක් පන්ති කට් කරාට ඔන්න අප්පච්චි කෙස් එක දාන්න පටන් ගත්තා... මේ පාරනම් යන්න ම වෙනවා කියලා තේරුණා...

    සති දෙකකට පස්සෙ ඉරිදා දවසක මම පන්තියට ගියා... ඔයාට මතකඩ....
    මම පන්තියට එද්දී ඔයා සියඹලා ගහ ළග ධනු එක්ක හිටියා... ( ධනු තමා එයාගේ යාළුවා) මාව දැක්ක ගමන් ඔයාගේ ඇස් දිලිසුනා මම දැක්කා... ඒ ඇස් දෙක නම් තාමත් මතකයි .... එදා වගේම...

    ඔන්න එදා ඉතින් ඔඩිය ත් පන්ති ඇවිත් හිටිය නිසා ලොකු අව්ලක් හිතට දැනුන නෑ... පන්තිය පටන් ගත්තා ට ත් පස්සේ ඔය මගේ දිහා හැරිලා බැලුවා මතකයි..

    එදා උනේ මම හිතුවේ නැති දෙයක්.... අපි කෑම කන්න ගිහින් එද්දී මගේ බෑග් එක උඩ ආයෙත් කොලයක්...
    මම සෙනික ගිහින් කෝල් ගත්තා...

    "අනේ එදා අර කොලේ ලීවේ මම නෙමෙයි ධනු... මම එහෙම කාට වත් කැමැත්ත දීලා නෑ මේ අපේ අම්මාගේ නම්බර් එක.. මට මේකට මැසේජ් එකක් දාලා තියන්න... මම රිප්ලයි කරනකල් රිප්ලයි කරන්න එපා.. ප්‍රබෝදනී.."

    එකේ තිබ්බේ මෙන්න මේක... මට දැනුන සතුට... මතක් වෙද්දි තාමත් කට කොනින් හිනාවක් යනවා මට දැනෙනවා...


    පාදෙණිය කියන්නේ අපේ අප්පච්චිගෙ මාමා කෙනෙක්... දැන් නම් අපි එහෙ නෑ... එහෙම තිබිලත් මට කොපියක් හොයා ගන්න බැරි උනානෙ බං... මම මේ ලින්ක් එකෙන් ට්‍රයි එකක් දීලා බලන්නම්
    ------ Post added on Aug 18, 2026 at 9:17 PM










    වරෙල්ලා...
    ------ Post added on Aug 18, 2026 at 9:19 PM
    දඩබ්බරයා පොත ලියපු පාදෙනිය සර් 6-9 මගේ සිංහල ගුරුවරයා. ඉස්කෝලේ අවුට් උනාට පස්සේ වෙඩින් එකකදි සර් එක්ක අඩියක් ගහලා එහෙමත් තියනවා. මමත් එක්ක බෑන්ඩ් එකේ සෙල්ලම් කරපු පුලස්ති මල්ලිගේ මාමා. අපි AL කරන කාලේ කලාප කාර්යාලයට මාරු උනා.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    දඩබ්බරයා පොත ලියපු පාදෙනිය සර් 6-9 මගේ සිංහල ගුරුවරයා. ඉස්කෝලේ අවුට් උනාට පස්සේ වෙඩින් එකකදි සර් එක්ක අඩියක් ගහලා එහෙමත් තියනවා. මමත් එක්ක බෑන්ඩ් එකේ සෙල්ලම් කරපු පුලස්ති මල්ලිගේ මාමා. අපි AL කරන කාලේ කලාප කාර්යාලයට මාරු උනා.
    ඉස්කෝලේ.දඹුල්ලේ ද ?
     
    • Like
    Reactions: NRTG and Yudewwa

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    බස් හෝල්ට් එකේ ඉන්න කොට පාරෙ යන වාහන, මිනිස්සු දැක්කෙ නැතෙයි?
    වැස්ස වෙලාවක්... ඒ පාර ටිකක් වාහන අඩුයි... කවුරුත් ම පෙන මානේ වත් හිටියේ නෑ...
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඉස්කෝලේ.දඹුල්ලේ ද ?
    නෑ බං මාවනැල්ල මයුරපාදේ. මම 10-11 විතර ඉද්දි තමයි සර් ඔය පොත එලිදැක්වුවේ. ඒ උත්සවේටත් මමයි අප්පච්චී ගියා. සර්ගේ මුල් ගම දඹුල්ල
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,574
    3,324
    113
    නෑ බං මාවනැල්ල මයුරපාදේ. මම 10-11 විතර ඉද්දි තමයි සර් ඔය පොත එලිදැක්වුවේ. ඒ උත්සවේටත් මමයි අප්පච්චී ගියා. සර්ගේ මුල් ගම දඹුල්ල
    ඔව් බං සර් දඹුල්ලේ තමා හිටියේ... මාවනැල්ල මයුරපාද කියන්නේ ඒ කිට්ටුව ම ද බං... සියඹලාපිටිය පැත්ත දන්නාව ද ?
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    ඔව් බං සර් දඹුල්ලේ තමා හිටියේ... මාවනැල්ල මයුරපාද කියන්නේ ඒ කිට්ටුව ම ද බං... සියඹලාපිටිය පැත්ත දන්නාව ද ?
    මයුරපාද ඉස්කෝලෙ තියෙන්නේ ටවුන් එකේමයි. අරණායක පාරට හැරෙන තැන.

    අර දාලා තිබ්බ පොත් රා‍ක්කේ දකිද්දි මගේ පුංචි පුස්තකාලේ මතක් උනා. නංගි මමයි දෙන්නා අප්පච්චි ගෙනත් දීපු පොත් එකතු කරලා පටන් ගත්තේ. පස්සේ අපි දෙන්නා ජොබ් කරනකොට හැම මාසෙම පොතක් දෙකක් ගෙනල්ලා ඕකට දානවා. මම බැන්දට පස්සේ වෙන ගෙදරට ගියාම ඒ පොත් රාක්ක දෙකම නංගිගේ තනි අයිතියට. මම දාපු පොත් ආපහු ගන්න ගියේ නෑ. කුරුනෑගල ගෙදරත් පොඩියට පුස්තකාලයක් හදන්න හිතාගෙන ඉන්නේ. දැනටත් පොත් 50-60ක් තියනවා. පුතත් කියවන්න ආසයි. දැනටත් මම ආසම පොත තමියි ''තිත්ත කෝපි" අදටත් බිස්නස් එකේ අවුලක් ආවොත්, ඔලුව හරි නැත්නම්, කියවන්නේ ඔය පොත.
    ------ Post added on Aug 20, 2026 at 10:36 AM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,112
    5,772
    113
    මෙන්න ෆුල් කලෙක්ෂන් එකම! :p
    XWpsY1k.jpeg


    zexn3nP.jpeg


    IYAEddc.jpeg


    qYwh273.jpeg
    absolute zero කීවට පිරිලානේ බන්...