ithiri kotasa ada balaporoththu wanna...
පස්වෙනි පරිච්ඡේදය
මතකයන් හිත පාරණවා... ඔව්..
පරණ මතක දිගේ හිතින් ගියාම ඒ කාලේ හිතුව දේවල් ඒ විදියට උනා නං කියලා හිතෙන වාර අනන්තයි....
ඒත්...
දැන් අපි හරියට නාඳුනන අය වගේ... වෙන් වෙලා වෙන අයගේ වෙලා.. ගොඩක් කල් ගෙවිලා.. ඒත් ඒ මතක වල සුවද... තාමත් ඇස් වලට කදුළු අරන් එනවා....
එදා ඒ බස් හෝල්ට් එකේ සිද්දිය තමයි මගේ ජිවිතේ පළවෙනි පාරට ගෑනු ළමයෙක් ගේ උණුහුම සුවද විඳපු දවස... කවුද හිතුවේ පන්තියේ හිටිය ලස්සනම කෙල්ලගේ පපුවට ඔලුව තියාගෙන ඉන්න තරම් මම වාසනාවන්ත වෙයි කියලා...
එයාගේ ඇගෙන් ආපු සුවද... ඇගිලී වලට දැනුන එයාගේ සිනිදු අත්... බෙල්ල... තාමත් දැනෙනවා වගේ... එයාගේ ලස්සන පපුව ටිකක් බලන්න හිතට ආස උනත්.. එක ඒ දේ කරන්න වෙලාව වත් තැන වත් නෙමෙයි නිසා අපි ඒ තරම් දුර යන් නැතුව ටිකක් තුරුල් වෙලා ඉදලා ඒ ආදරේ හැගීම බෙදා ගත්ත විදිය... මට තප්පරෙන් තප්පරෙ තාමත් මතක් කරන්න පුළුවන්...
ඉතින් එදා අපි හමුවෙලා එයා ගිය බස් එක යනකල් ම බලන් ඉදලා ගෙදර ආවා...
උන දේ ගැන හිතින් ආයේ මතක් කර කර දවස ගෙඋනා දැනුනේ වත් නෑ... ආයේ කවදද එයා බලන්න යන්නේ.. මගේ හිතේ තිබ්බේ එච්චරයි...
එයාට ඒ දවස් වල එයටම කියලා පොන් එකක් තිබුණේ නෑ... මගේ ළග මේ වෙද්දි පොඩි පොන් එකක් තිබුණා...
පොන් එකක් අරන් දෙන්න හිතුනත් ගෙදරට අහු වෙයි කියන බය නිසා එය කැමති උනේ නෑ පොන් එකක් තියා ගන්න...
අපි හැම පන්ති දවස ක ම හම්බුනා.... එය ඉස්කෝලේ ඇරිලා ගියේ ස්කුල් සර්විස් බස් එකක... ඉතින් එයා ඒ බස් එකේ එනකල් මම පාර ලඟට වෙලා බලන් ඉන්න එක පුරුද්දක් උනා... මොකද මම ඒ තරම් එයා ට ආදරේ කරන්න පටන් අරන් තිබ්බා... මම දන්නෙත් නැතුව..
මෙහෙම ටික කාලයක් ගෙවිලා ගියා... ආදරෙන් අපි හිටියා.... එක දවසක් ම එයා කිසිම මැසේජ් එකක් දැම්මේ නෑ... මම පොන් ඒක අතේ තියං උදේ ඉඳන් රෑ වෙනකල් ම බලන් හිටියා... ඔහොම කිසිම මැසේජ් එකක් නැතුව සතියක් ම ගෙවිලා ගියා.. මට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.... මම බලන් හිටියා සෙනසුරාදා දවස එනකල්.... ඒත් එයා එදා පන්ති ආවෙත් නෑ...
6 පරිච්ඡේදය
මේ විදියට තවත් සතියක් ම ගෙවිලා ගියා...
මම බලාපොරොත්තු තියාගෙන එදත් පන්තියට ගියා... වෙලාවට ත් කලින්... ඒත් එදත් එයා පන්තියට නම් ආවේ නෑ...
එදා මට දැනුන හැගීම.. කියා ගන්න තෙරෙන් නෑ... පපුව මැද්දෙන් රිදෙනවා වගේ දැනුනා.. දන්නෙම නැතුව ඇස් වලට කදුළු ආවා... කරන්න දෙයක් නෑ.. මට යන්න වෙනවා එයාලගේ ගේ ලඟට...මට හිතුනේ එච්චරයි...
ඒත් කොහොමද...
ඔන්න ඔය වෙලාවේ තමා මගේ යාලුවෙක් වෙච්ච පියු.. පියු කීවාට කොල්ලෙක්... මට ඇත්ත නම කියන්න බෑ.. මොකද දැන් එයා ලංකාවම දන්න ඡායාරූප ශිල්පියෙක්...
ඉතින් පොරත් එක්ක අපි දෙන්නා ගේ ලඟට යන්න ලෑස්ති උනා...
ටවුන් එකේ ඉදලා පැය බාගේක වගේ දුර බස් එකේ යන්න ඕනි.. අපි දෙන්නා බස් එකේ නැගලා එයාලගේ ගෙදර තියන හන්දියෙන් බැස්සා...
පණ්ඩිතයා වගේ ආවට දෙන්නටම බයයි..
හදිස්සියෙන් ලියාගෙන ආවා ලියුමත් මගේ අතේ ගුලි කරගෙන දෙන්නම ගියා...
අනේ මම එදා හරි වාසනාවන්ත උනා..
එයාලගේ ගෙදර තිබ්බේ පාර අයිනේමයි.. ගේ ඉස්සරහ එයාලගේ තාත්තාගේ කඩේ තිබ්බා.. එදා කඩේ වහල... එයා කොන්ඩෙත් කඩා දාගෙන ගේ ඉස්සරහ ඉඳන් පොතක් බල බල හිටියා..
ගෙදර වෙන කවුරුත් පෙන්න හිටියේ නෑ...
මම දැක්කා මාව දැක්ක ගමන් මගේ වගේම එයාගෙත් ඇස් වල කදුළු පිරෙනවා...එයා හිනා උනා.. සතුටින්...
මම ඒක එයාගේ ඇස් වලින් දැක්කා...
මම එයාට ගන්න පුළුවන් තරම් දුරකට ලියුම විසි කරා... එයා ඉක්මනට ඇවිත් ලියුම අරන් අතින් කීවා පල්ලෙහට ගිහින් ආයෙත් එන්න කියලා...
අපි දෙන්නා එහෙම ම පල්ලෙහට ගියා...
විනාඩි 5ක් විතර ඉදලා ආයෙත් අපි ගේ පැත්තට ආවා... හම්මේ ඒ විනාඩි පහ ගෙවා ගන්න කල්පයක් ගියා වගෙයි මට දැනුනේ...
එද්දී මම දැක්කා එයත් ලියුමක් ලියාගෙන ඇවිත්...
එයා ඒක වැට ට උඩින් විසි කළා මට ගන්න පුළුවන් වෙන්න... දාලා ඉක්මනට මගේ දිහා ආදරෙන් බලලා ගේ ඇතුලට ගියා...
උනේ හිතුවේ නැති දෙයක්... ගේ ඉස්සරහ කානුවේ උඩ අල්ලලා තියන ගල් වල සිදුරකින් ලියුම කාණුවට වැටුණා...
දැන් කොහොම ද මේක ගන්නේ...
මේක ගන්නේ නැතුව කොහොම ද යන්නේ... පියූ සුපිරි වැඩක් කරා.. ඇති තිබ්බ පොන් එක ගලවලා හෙමීට බිමට දැම්මා... එතකොට එකේ කෑලි හොයනවා වගේ කාණුවට බහින්න පුලුවන්නේ..
එතකොටම අරයගේ තාත්තා ආවා...අපි දෙන්නට උන් හිටි තැන් අමතක උනා..
ඇයි ඔය දෙන්නා ඔතන මොකද කරන්නේ... තරහෙන් වගේ ඇහුවා...මගේ කාටත් එක්ක හිදීලා...
අරූ කීවා පොන් එක වැටුණා අංකල්.. සීම් කෑල්ල කාණුව ඇතුලට ගියා ගන්න විදියක් නෑ කියලා.. අංකන් ඉන්නකෝ කියලා ගිහින් ඉදලක් ගෙනත් දුන්න... එකත් අරන් මම කාණුවට බැහැලා ලියුම හොරෙන් ගත්තා... පොන් එකේ කෑලි ටිකත් එක්ක...
අරන් ඉදල අංකල් ට දීලා දුවගෙන ආවා...
හම්මෙ පපුව ගැහී ගැහී බස් එක ට නැග්ගා..
පීයු මචං... උබ එදා මම වෙනුවෙන් ආපු එක කවදාවත් මම අමතක කරලා නෑ බං..
උබ මේක දැක්ක ගමන් උබ දන්නවා මම කවුද කියලා...
ලියුම ත් අරගෙන ම පන්තියට ආවා ආයෙත්..
ලියුමේ තිබ්බේ මෙහෙම...
අනේ අම්මට මැසේජ් ඔක්කොම අහු උණා... මට පන්ති එන්න දුන්නෙත් නෑ... මට ගැහුවා... ඒත් මම ඔයාව අමතක කරන් නෑ... මම ආදරෙයි.. ගොඩාක්..
මට උදේ නිකමට හිතුන ඔයා එයි කියලා..
හිතලා තමා ගේ ඉස්සරහට වෙලා හිටියේ...හිතුවා වගේම ඔයා ආවා..
මම ආදරෙයි.. ඊළග සතියේ මම කොහොම හරි පන්ති එන්නම්...
බුදු සරණයි.. පරිස්සමින් ඉන්න
------
Post added on Sep 2, 2026 at 10:47 AM