අපේ පැත්තේ මල්ලි කෙනෙක් ගුලි කාලා මැරුණා. එදා ඉඳන් අපේ ගමේ කවුරුත් ගුලි කන්නේ නැහැ. ඒ මල්ලි එක දවසක් ගුලි 3ක් කාලා වටලප්පන් හැළියක් කාලා නස්පුක් වෙන්න වැදිලා. පොරගේ ගේ තියෙන්නේ කොච්චි පාර ළඟ. මූ මෙට්ටෙයි කොට්ටෙයි සීට් එකයි අරං ගිහිං රේල් පාර මැද තියලා බුදියල. ගුලි තුනක් නිසා හෙනට නින්ද ගිහිං. දවල් ආපු කෝච්චියට යට වෙලා කෑලි හැම තැනම. පොහොර උරේකට කෑලි ටික එකතු කරලා ගෙනිච්චේ. මළ ගෙදර මිනී පෙට්ටිය සීල් කරලා තිබ්බේ. ඔය පාඩම නිසා අපි ගුලි පාවිච්චි කරන්නේ නැහැ. ඒ මල්ලීත් එදායින් පස්සෙ ගුලියක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. අදටත් ඒ මල්ලි හම්බුනාම ඕක මතක් කරලා අපි හිනා වෙනවා.