සේනා බත් පතටත් විදීද

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සේනා බත් පතටත් විදීද

    (විනීතා එම්. ගමගේ)

    රටින් ගෙන්වන ආහාර වර්ග සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගත් තීරණයේ පළමු ඇරඹුම වූයේ බඩඉරිඟු ගෙන්වීම සීමා කිරීමයි.
    මෙරට බඩඉරිඟු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 250,000කි. එසේ වුවත් රට තුළ වගා කරනුයේ මෙට්‍රික් ටොන් 150,000ට ආසන්න ප්‍රමාණයක් පමණි.

    එබැවින් මෙරටට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය වගාකරන්නට සැලසුම් සකස් කෙරිණි. බඩඉරිඟු වගා කරන ප්‍රධානතම ප්‍රදේශ වූ අම්පාර, අනුරාධපුර,
    මොනරාගල කුරුණෑගල ආදී දිස්ත්‍රික්කයන්හි බඩඉරිඟු වගා කලාප ද ඇති කරන ලදී. ඒ අනුව ඉදිරි කන්නයේ බඩඉරිඟු අස්වැන්න රටේ මුළු
    අවශ්‍යතාවය සපුරන බැවින් ඒවා රටින් ගෙන එන්නට අවශ්‍යතාවයක් නොවන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා
    දුන්නේය. යහපාලන ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ආරම්භ කළ මේ කටයුත්ත (ඔක්තෝබර් 26 වැනිදා ආණ්ඩුවේ කෘෂි ඇමතිවරයා ද ඔහු ම
    වූ බැවින්) වෙනස්කම් කිසිවක් නොමැතිව ඉදිරියට ගෙන යන ලදී.

    තත්ත්වය මෙසේ තිබියදී බඩඉරිඟු වගාව ‘සේනා’ දළඹු ප්‍රහාරයට ලක්විය.

    සේනා දළඹුවා Spodoptera frugiperda යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. සලබයෙකු වන මේ දළඹුවා 2016 වසරේ දී බටහිර හා මධ්‍යම
    අප්‍රිකානු රටවලින් (විශේෂයෙන් සැම්බියාවෙන්) හා සිම්බාබ්වේ දේශයෙන් සොයා ගනු ලැබූ නොසන්සිඳෙන කුසගින්නක් ඇති කෑදරයෙකි. වර්ග
    හෙක්ටයාර් සිය ගණනක වගාවක් වුවත් මේ දළඹුවන් රංචුවකට එක රැයකින් කා දැමිය හැක.

    මේ වසරේ ඉන්දියාවෙන් සොයා ගනු ලැබූ සේනා වසර අවසන් කාර්තුව වනවිට ශ්‍රී ලංකාවට ද සංක්‍රමණය වී තිබේ. ශ්‍රී ලංකාවට සේනා පැමිණියේ
    කෙසේ දැයි සොය බැලිය යුතුව තිබේ.

    මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් කළ විමසීමේ දී ඔවුන් කියාසිටියේ සලබයෙකු වූ පසුව එම දළඹුවාට කිලෝමීටර්
    100ක් පමණ දුරක් පියාඹා යා හැකි බවය. ඒ අනුව සේනා මෙසේ පියාඹා පැමිණියා විය හැකි බව ඔවුන්ගේ මතයයි. ගොඩ බිමෙන් පියාඹා ආ හැකි
    වුවත් සලබයෙකුට මුහුදු කලාපය ඔස්සේ පියාඹා ආ හැකි දැයි සැක මතුවේ. සුළං ධාරා ඔස්සේ පාවී ආවාදැයි හෝ එසේ එන්නට හැකි දැයි තවම
    සොයා ගෙන නැත.

    මේ වනවිටත් සේනා අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 25,000 ක් ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 10,000 ක් ද වගා කර තිබූ බඩඉරිඟු කා
    දමා අවසන්ය. මොනරාගලෙ, කුරුණෑගල ප්‍රදේශවල ද සැලකිය යුතු වගා ප්‍රමාණයකට හානි කර තිබේ.

    රටේ සමස්ත බඩඉරිඟු වගාවම කා දමන්නට සේනාට වැඩි කලක් ගත නොවනු ඇත. එබැවින් වගා බේරා ගන්නට බැරි තැන ගොවියන් බඩඉරිඟු
    වගාවෙන් ඉවත්වනු ඇත. එදාට මෙරට සම්පූර්ණ බඩඉරිඟු නැවත ආනයනය කෙරෙනු ඇත. ප්‍රශ්නය එය නොවේ. එදා සිට සේනා ආහාරයට තෝරා
    ගන්නේ මොනවාද යන්නය.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහ ඉලුප්පල්ලම කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂිකා කේ. එන්. සී. ගුණවර්ධන මහත්මියගෙන්
    මේ ගැන විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ මෙම දළඹුවා ඉදිරියට ධාන්‍ය වර්ගවලට විශේෂයෙන් වී වගාවට වුවද හානි කරනු ඇති බවයි.

    බඩඉරිඟු යනු වැඩි වශයෙන් කෘෂි රසායනික භාවිත නොකරන භෝගයකි. එසේම සුරක්ෂිත ආහාර රටාවකට ඉතා ගැළපෙන වස විස නැතිව වගා
    කරන බෝගයකි. එය ද විනාශ කර සේනා බත්පතට පනින්නට පෙර ශ්‍රී ලංකාවෙන් මෙම දළඹුවා තුරන් කිරීමට දේශීය පර්යේෂණ කණ්ඩායම් සුදානම් ද?

    මේ වනවිට කෘෂිකර්ම අංශ සේනා මර්දනයට කෘමිනාශක හතරක් හඳුන්වා දී ඇතත් ඒ ගැන බොහෝ ගොවීන්ට දැනුමක් නැත. සමහර පළාත්වල
    ගොවීන් රසායනික වර්ග 11 ක් පමණ දළඹු හානියෙන් වගාව විනාශවීම නවතාලීම සඳහා යොදා ඇතැයි හෙළි වී තිබේ. මෙහි ඇති භයානක තත්ත්වය
    වන්නේ පළිබෝධ නාශකවලට ඔරොත්තු දෙමින් ඉක්මණින් ඊට අනුවර්තනය වීමේ හැකියාවක් ද සේනා දළඹුවාට තිබීමයි. එබැවින් කෙටි කාලයක්
    තුළ මේ පළිබෝධකයා දේශීය වගාවෙන් ඉවත් කර නොගතහොත් සේනාට කන්නට දී අපට හාලුත් රටින් ගෙන්වීමට සිදුවනු ඇත.

    (ඡායාරූපය - කාංචන ආරියදාස)


     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකුන් රටවල් වලට ගෙනත් දානවා ඊට පස්සේ මරණ මේක ගහපන් කියලා වසක් එවනවා..ඔන්න බිස්නස්

    කුඹුරුවලට කොහොමත් කෙල වෙලා මේ පාර නම්.කීඩෑවෝ ගේම දෙනවා, මුලු යායම කහ පාටට හැරිලා.වැස්ස පටන් ගත්ත නිසා ටිකක් අඩු වෙයි කියලා හිතෙනවා..ඒත් කිරිවදින කාලේ ආයේ බඩු හම්බ වෙයි.:(
     
    • Like
    Reactions: thinking_guy

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඕකුන් රටවල් වලට ගෙනත් දානවා ඊට පස්සේ මරණ මේක ගහපන් කියලා වසක් එවනවා..ඔන්න බිස්නස්

    කුඹුරුවලට කොහොමත් කෙල වෙලා මේ පාර නම්.කීඩෑවෝ ගේම දෙනවා, මුලු යායම කහ පාටට හැරිලා.වැස්ස පටන් ගත්ත නිසා ටිකක් අඩු වෙයි කියලා හිතෙනවා..ඒත් කිරිවදින කාලේ ආයේ බඩු හම්බ වෙයි.:(

    aniwa
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෙම් ක්‍රම ඇති බං ඕවට ඒ දැනුම දැන් විනාශයිනෙ වහ තමා ගහන්න වෙන්නෙ. වහ ගහනව වවනව ලෙඩ වෙනව බෙහෙත් බොනව. :( තාක්ශණේ සෑහෙන්න දියුණු වෙලා :(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කෙම් ක්‍රම ඇති බං ඕවට ඒ දැනුම දැන් විනාශයිනෙ වහ තමා ගහන්න වෙන්නෙ. වහ ගහනව වවනව ලෙඩ වෙනව බෙහෙත් බොනව. :( තාක්ශණේ සෑහෙන්න දියුණු වෙලා :(

    වහ ගැහැව්වත් උන් ටික කාලෙකින් ඒකට පුරුදු වෙනවලු,ඊට පස්සෙ වෙන ජාතියක් හරි ගහපු එකට වඩා සැර ඒව ගහන්ඩ ඕනිලු..ඉස්සර ඔය සත්තු මර්ධණයට ස්වාභාවික ක්‍රම තියෙන්ඩ ඇති වහම ගහල දැන් උන්ට මොනා ගැහැව්වත් ආය වැඩිවෙලා ගේම දෙනව..එන්ඩ් ඔෆ් සිංහලු!
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දහය්යියා පුච්චපු අළු ගහන්න කියලා දෙරණේ කිවා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ‘සේනා’ සේනාව ගල්කිරියාගමත් ආක්‍රමණය කරයි

    (කුෂාන් ජයවර්ධන)

    මේ දිනවල පැතිර යන සේනා දළඹුවා ගල්කිරියාගම මහවැලි කොට්ඨාසයේද පැතිර යමින් පවති.

    සේනා දළඹුවා සම්බන්ධයෙන් ගල්කිරියාගම ප‍්‍රදේශයෙන් වාර්තාවන පළමු අවස්ථාව මෙයවේ. ගල්කිරියාගම මහවැලි
    කොට්ඨාසයට අයත් කලාගම ප‍්‍රදේශයේ බඩඉරිගු වගාවන් ආශ‍්‍රිතව මේ වනවිට සේනා දළඹුවා ව්‍යාප්තවී ඇත.

    ප‍්‍රදේශයේ කුඹුරු ඉඩම් ආශ‍්‍රිතව ඇති බඩඉරිගු වගාවන් මෙලෙස සේනා දළඹුවාගේ ආක‍්‍රමණයට ලක්ව තිබීම නිසා එම
    දළඹුවන් වී වගාවට ද ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීහු පවසති.

    ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ දහයියා පුළුස්සා ලබාගත් අළු ශාකපත‍්‍ර මත ඇති පිණී සිඳී යාමට
    පෙර වගාවට යෙදීම වඩාත් සාර්ථක බවයි. මෙම සාම්ප‍්‍රධායික අළු සත්තාරය මගින් වගාවේ සිටින මෙම දළඹුවා මෙන්ම
    වෙනත් පණු විශේෂ පාලනය කර ගත හැකි බව ද තම වගාවන් දළඹු ආක‍්‍රමණයට ලක්වීමට පෙර වගාවන්ට අළු සත්කාරය
    යෙදීම වඩාත් සාර්ථක වනු ඇති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති.

    යාබදව ඇති ආඩියාගල පලාගල සහ කැකිරාව මෙන්ම මඩාටුගම ගොවිජන සේවා බල ප‍්‍රදේශවලට ද මෙම දළඹු ආක‍්‍රමණය
    පැතිරයාමේ අවදානමක් පවතින බව ගල්කිරියාගම මහවැලි කාර්යාලයේ නිලධාරීහු අනතුරු අඟවති.

    image_f48167cd23.jpg


    image_b74fa47722.jpg


    image_d791a1ad4b.jpg