සේසතම අහිමි වූ තිදරු පියා කුළු හරක් පහරින් මරුට 💔

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය

    වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය.

    ඉකුත් 30 වෙනිදා ඔහු නිවස ආසන්නයේදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දෙහිඅත්තකණ්ඩියට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය පසු වන හෙයින් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබිනි.

    දියණියන් සිව් දෙනෙකුගෙන් යුත් පියෙකු වන රොෂාන් කුමාරසිරිගේ නිවස පසුගියදා ගංවතුරට හසුවීමෙන් පසු ගසාගෙන ගිය වලං,මුට්ටි, සහ අනෙකුත් උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.

    මෙම සංවේදී කතාව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගතවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ හදවත් සසළු වූ මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිසුන් මෙම අසරණ පවුලට උදව් උපකාර කිරීම සඳහා ගම්මානයට පැමිණියහ.

    2025/12/04 මව්බිම

    මනම්පිටියේ නගරයට මෙන්ම අවට ගම්මාන කිහිපයකට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන්, නිවාස වෙළෙඳසල් රැසක් සුන්බුන් බවට පත් වෙද්දී, නිවෙස කැඩී ගංවතුරට ගසා ගෙන ගිය, හැළි වළං හා බඩු මුට්ටු සොයා ගිය මනම්පිටිය මාගංතොට ගම්මානයේ කුලී වැඩවල නිරතව ජීවිතය ගැටගහගත් අයකුට කුළු හරකෙක් ඇනීම නිසා ඔහු පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, එම තත්ත්වය නිසා ඔහුගේ බිරිය දියණියන් තිදෙනකු දැඩි අසරණතාවට පත්වීමේ පුවතක් දිඹුලාගල මනම්පිටිය මාගංතොට ගම්මානයෙන් අපට වාර්තා විය.

    ඉකුත් 01 වැනිදා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ මාගංතොට ගම්මානයේ එම්.ඒ. රොෂාන් කුමාරසිරි යන 43 තිදරු පියෙකි. ඔහුගේ නිවෙස අඩි අටකින් පමණ ගංවතුරට යටව පැවැති අතර ගංවතුර පහව යෑමත් සමඟ බිරිය, දියණියන්, අසල නිවෙසක සිට පැමිණෙන විට හැලි වළං ඇතුළු බඩු මුට්ටු ගංවතුරට ගසාගෙන ගොස් තිබිණි.

    හෙතෙම කුළු හරකකුගේ ප්‍රහාරයට ලක්වූයේ මේ අවස්ථාවේදීය ගම්මානයේ තරුණයන් පිරිසක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඔහු රැගෙන යෑමෙන් පසුව පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය. රොෂාන් කුමාරගේ දියණියන් තිදෙනාගෙන් දෙදෙනකු මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර බාල දියණිය පෙර පාසල් අධ්‍යාපනය ලබයි.

    ඔවුන්ගේ සියලු පාසල් උපකරණ, පොත්පත්, ඇඳුම් පැලඳුම් ගංවතුරට ගසාගෙන ගොස් ඇති අතර, ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණි. සිද්ධියට මුහුණ දුන් කුලී වැඩකරමින් ජීවනෝපාය කරගත් මෙම පවුලේ, ජීවිතය යළි ගොඩගැනීම සිහිනයක් නොවීමට ඉඩ නොතබා හැකි පමණින් මෙම පවුලේ ජීවිත ගොඩනැඟීමට උදවු උපකාර කිරීම මානුෂීය සත්කාරයකි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,696
    75,812
    113

    වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය.

    ඉකුත් 30 වෙනිදා ඔහු නිවස ආසන්නයේදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දෙහිඅත්තකණ්ඩියට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය පසු වන හෙයින් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබිනි.

    දියණියන් සිව් දෙනෙකුගෙන් යුත් පියෙකු වන රොෂාන් කුමාරසිරිගේ නිවස පසුගියදා ගංවතුරට හසුවීමෙන් පසු ගසාගෙන ගිය වලං,මුට්ටි, සහ අනෙකුත් උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.

    මෙම සංවේදී කතාව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගතවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ හදවත් සසළු වූ මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිසුන් මෙම අසරණ පවුලට උදව් උපකාර කිරීම සඳහා ගම්මානයට පැමිණියහ.

    සල්ලි නැත්තන් ෆක් තමා බන් :(:(

    අපේ පොඩි උන්ට මේවා පෙන්නන්න ඕනා උන්ට උන් කොච්චර ලකීද කියලා තේරුම් කරවන්න :yes: :yes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    කුළු හරකගේ අං වලට ඉතිං වැදුනොත් බේරෙන්‍නේ කලාතුරකින්..අනික උෟ ඵන වේගෙන්ම ඕකෙන් අැන්නහම හිතාගනින්කෝ..🙁

    මෙරට වනාන්තරවල සිටින කුළු හරකුන් මෙරටට ම ආවේණික උපවිශේෂයකට අයත් බව නවතම අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වී ඇත.

    කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකගේ අවසන් වසර පර්යේෂණ ප්‍රතිඵල මත පදනම්ව සිදුකළ වැඩිදුර අධ්‍යයනයකදී මේ බව තහවුරු වී ඇතැයි එම අධ්‍යයනයට සම්බන්ධ වූ සම්පත් ද අල්විස් ගුණතිලක ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

    මින් පෙර ශ්‍රී ලංකාවේ කුළු හරකුන් විශේෂ පිළිබඳව විද්‍යාත්මකව හැදෑරීමක් සිදු වී නොතිබුණු අතර මෙම අධ්‍යයනයත් සමග ශ්‍රී ලංකාව තුළ මීගව විශේෂ තුනක්’ (Bubalus arnee – කුළු හරකා, Bubalus bubalis – ලංකාවට හඳුන්වා දුන් ගෘහාශ්‍රිත මීගවයා සහ Bubalus carabanensis – වගුරු මීගවයා) ශ්‍රී ලංකාව තුළින් හඳුනාගත් අතර, මින් Bubalus carabanensis ශ්‍රී ලංකාව තුළින් වාර්තා කරන ලද්දේ ප්‍රථම වරට ය.

    මින් පෙර 1953 වසරේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල විසින් මෙරටට ආවේණික කුළු හරක් උපවිශේෂයක් සිටින බවට ප්‍රකාශ කොට තිබුණ ද එය විද්‍යාත්මකව තහවුරු කිරීමට හැකිවී ඇත්තේ මෙම පර්යේෂණයෙන් පසුව බව සම්පත් ගුණතිලක මහතා සඳහන් කළේ ය.

    එම නිසා ජාන පරීක්ෂණ මගින් ද විද්‍යාත්මකව තහවුරු කොට ගත් මෙරටට ආවේණික මෙම උපවිශේෂය Bubalus arnee migona ලෙස හඳුන්වන බව හෙතෙම කීය.

    ජාතික වනෝද්‍යානවල හා කෞතුකාගාරවල තිබූ කුළු හරකුන්ගේ හිස් කබල්ද ජාන විශේෂද මෙහිදී අධ්‍යයනය කළ බව හෙතෙම පැවසීය.

    කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුරි විජේසිංහගේ ප්‍රධානත්වයෙන් කෙරුණු මේ අධ්‍යයනයට ආචාර්ය සාමින්ද ප්‍රනාන්දු, සම්පත් ද අල්විස් ගුණතිලක, රුවන් ඉලේපෙරුම, ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර ආරච්චි, නිලුපා විදානපතිරණ ආදී පර්යේෂකයන් පිරිසක් සම්බන්ධ වී ඇත.

    මෙයට අදාළ පර්යේෂණ පත්‍රිකාව ඉකුත් දා එළිදැක්විණි.
     
    tfs
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,808
    113
    උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.

    John Candy Reaction GIF
     
    • Wow
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අඩෝ දවස් කීපයකට කලින් මේ පවුලේ වීඩියෝ එක දාල තිබ්බ නිවුස් වල. එතකොට මේ මැරුන මනුස්සය ඉස්පිරිදලේ කියල කිව්වා, මේ ගෙදර දැක්කම පට්ට දුප්පත් අය කියල පේනවා. @Walter White මෙන්න මේ වගේ පවුලක් හොයල උද්වාක් කරන්න ඕන.. @wissnshaftler