වතුරට ගසාගෙන ගිය තම නිවසේ බඩු භාණ්ඩ එකතු කර ගැනීමට ගිය විටදී කුළුහරෙකුගේ පහර දීමෙන් දින පහක කාලයක් පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි මනම්පිටිය මාගංතොට අංක 93 ලිපිනයේ පදිංචිව සිටි රොෂාන් කුමාරසිරි මිය ගියේය.
ඉකුත් 30 වෙනිදා ඔහු නිවස ආසන්නයේදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් දෙහිඅත්තකණ්ඩියට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වය පසු වන හෙයින් ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබිනි.
දියණියන් සිව් දෙනෙකුගෙන් යුත් පියෙකු වන රොෂාන් කුමාරසිරිගේ නිවස පසුගියදා ගංවතුරට හසුවීමෙන් පසු ගසාගෙන ගිය වලං,මුට්ටි, සහ අනෙකුත් උපකරණ සොයා වන ලැහැබට ගිය විටදී කුළු හරකෙකුගේ ප්‍රහාරයට ලක් විය.
මෙම සංවේදී කතාව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ගතවීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශ හදවත් සසළු වූ මනුෂ්‍යත්වයෙන් පොහොසත් මිනිසුන් මෙම අසරණ පවුලට උදව් උපකාර කිරීම සඳහා ගම්මානයට පැමිණියහ.
2025/12/04 මව්බිම
මනම්පිටියේ නගරයට මෙන්ම අවට ගම්මාන කිහිපයකට පැවැති ගංවතුර තත්ත්වය හේතුවෙන්, නිවාස වෙළෙඳසල් රැසක් සුන්බුන් බවට පත් වෙද්දී, නිවෙස කැඩී ගංවතුරට ගසා ගෙන ගිය, හැළි වළං හා බඩු මුට්ටු සොයා ගිය මනම්පිටිය මාගංතොට ගම්මානයේ කුලී වැඩවල නිරතව ජීවිතය ගැටගහගත් අයකුට කුළු හරකෙක් ඇනීම නිසා ඔහු පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, එම තත්ත්වය නිසා ඔහුගේ බිරිය දියණියන් තිදෙනකු දැඩි අසරණතාවට පත්වීමේ පුවතක් දිඹුලාගල මනම්පිටිය මාගංතොට ගම්මානයෙන් අපට වාර්තා විය.
ඉකුත් 01 වැනිදා මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ මාගංතොට ගම්මානයේ එම්.ඒ. රොෂාන් කුමාරසිරි යන 43 තිදරු පියෙකි. ඔහුගේ නිවෙස අඩි අටකින් පමණ ගංවතුරට යටව පැවැති අතර ගංවතුර පහව යෑමත් සමඟ බිරිය, දියණියන්, අසල නිවෙසක සිට පැමිණෙන විට හැලි වළං ඇතුළු බඩු මුට්ටු ගංවතුරට ගසාගෙන ගොස් තිබිණි.
හෙතෙම කුළු හරකකුගේ ප්‍රහාරයට ලක්වූයේ මේ අවස්ථාවේදීය ගම්මානයේ තරුණයන් පිරිසක් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඔහු රැගෙන යෑමෙන් පසුව පොළොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයකු අප කළ විමසීමකදී සඳහන් කළේය. රොෂාන් කුමාරගේ දියණියන් තිදෙනාගෙන් දෙදෙනකු මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර බාල දියණිය පෙර පාසල් අධ්‍යාපනය ලබයි.
ඔවුන්ගේ සියලු පාසල් උපකරණ, පොත්පත්, ඇඳුම් පැලඳුම් ගංවතුරට ගසාගෙන ගොස් ඇති අතර, ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණි. සිද්ධියට මුහුණ දුන් කුලී වැඩකරමින් ජීවනෝපාය කරගත් මෙම පවුලේ, ජීවිතය යළි ගොඩගැනීම සිහිනයක් නොවීමට ඉඩ නොතබා හැකි පමණින් මෙම පවුලේ ජීවිත ගොඩනැඟීමට උදවු උපකාර කිරීම මානුෂීය සත්කාරයකි.
Last edited:

