සෛවර් කඩෙන් කාලා ලෙඩ වෙලා මැරෙමු!!!!

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    සෛවර් කඩෙන් කාලා ලෙඩ වෙලා මැරෙමු!!!!

    කන කෑමටත් වස විස යොදන කෑම වෙළෙන්දෝ

    * වැසිකිළි සෝදන දියර වර්ගයත් කහ කුඩු සමඟ කළවම් කරලා
    * සෝස්‌ සෑදීමට ගත්තේ චුයින්ගම් ගම් සහ කල් ඉකුත් වූ බඩඉරිඟු පිටි
    * මිරිස්‌ කුඩු රතුපාට ගැන්වූයේ රෙදි වර්ණගන්වන ඩයි වර්ණයකින්

    මෙලෙස මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු ලෙස නිෂ්පාදනය කර තිබූ සෝස්‌ ලීටර් දෙදහසක්‌, මිරිස්‌ කුඩු කිලෝ දහසක්‌ සහ කහ කුඩු කිලෝ හත්සියයක්‌ පසුගියදා පාරිභෝගික අධිකාරිය කළ වැටලීමකදී සොයා ගන්නා ලදී. මේවා අත්අඩංගුවට ගත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිෂ්පාදනාගාරයකදීය.

    චුයින්ගම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ගම් වර්ගයක්‌ සහ කල් ඉකුත් වූ බඩඉරිඟු පිටි යොදා ගනිමින් සෝස්‌ නිෂ්පාදනය කර තිබූ අතර මොවුන් ඒවා රතුපාට ගන්වා තිබුණේa රෙදි වර්ණ ගන්වන ඩයි වර්ගයක්‌ භාවිත කරමිනි. මිරිස්‌ කුඩු සහ කහ කුඩු නිපදවීමේදී භාවිත කර තිබුණේ කල් ඉකුත් වූ වටානා පිටි සහ බැදපු හාල් පිටිය. මේවාද වර්ණ කිරීමට යොදාගෙන තිබුණෙ රෙදි වර්ණ ගන්වන ඩයි වර්ගයි.

    මීට අමතරව මෙම නිෂ්පාදනාගාරය තුළ වැසිකිළි සේදීමට භාවිත කරන දියර සහ පිඟන් කෝප්ප සේදීමට ගන්නා සේදුම් දියර ද නිෂ්පාදනය කරති. මේ සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ මිනිස්‌ සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය වැනි දේවල් ය. මෙම අමනයින් සෝස්‌ නිෂ්පාදනය කිරීමට යොදාගෙන තිබුණේ එම දියර නිෂ්පාදනය කර ගැනීමේදී භාවිත කළ භාජනමය. මොවුන්ගේ ආහාර ද්‍රව්‍ය තිරිසන් සතෙකුටවත් පරිභෝජන සඳහා දීමට සුදුසු තත්ත්වයක තිබී නොමැත.

    පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබුණු තොරතුරක්‌ මත කොළඹ දිස්‌ත්‍රික්‌ වැටලීම් ඒකකයේ නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බත් මුලක් ගෙනියන එක ඇඟට ගුනයි...

    දැන් බලන්ගියාම ගෙදරින් පොල් සම්බලුයි බතුයි එක්කහරි බත් මුලක් ගෙනියනඑක ඇඟට ගුනයි.....

    ලංකාවේ මිනිස්සු පී එඡ් අයි ලා ව ගනන් ගන් නෑ.... පාරිභෝගික අධිකාරිය බල්ලට දාල තියෙන්නේ. ඒකට පිටරටවල, මේ අය එනහින්දම අඩුගානේ කල් ඉකුත්වුන ලොසින්ජරයක්වත් කඩේ තියාගන්නෑ....... මේ අය නිරතුරුවම හැම කඩයක් වගේම සෝදිසිකරනව වගේම කෑමට නුසුදුසු මොනම හෝ දෙයක් අහුවුනොත් ලොකු දඩයක් ගහනව ආයේ ඇපත් නැතිවෙන්න. ලංකාවට මේ නීති ගෙනාවෙනැත්නම් මිනිස්සු කඩවලින් කාල නිකරුණේ මියෑදෙන එක නවත්වන්න බෑ...
    :dull::(

    අල්ලගත්ත එවුන්ව එළියට දාපුගමන් උන් ආයෙත් කරන්නේ ඔය රස්සාවම තමයි. ඕකුන්ට මැරෙනකං ගෙවන්න දඩ ගහල අවුරුද්දක් හමාරක් හිරේ දාන්න ඕන දවසට පැය 15 - 18 පොල්ලෙලි තල තල ඉන්න.
    :angry::angry:

    Linda
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    boy21_zps4ac316bb.gif

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    කන බොන දේටත් හොර වැඩ කරන උන්ගේ නම් පවුල් පිටින් නැති වෙලා යන්න ඕන..මහ ජරා වැඩ ඕවා..අපි හරියට සල්ලි දෙනවනම් ඇයි උන්ට බැරි කෑම ටික පිරිසිදුව දෙන්න..ඕකුන් මැරෙන්න ඕන කුණුවෙලා..:angry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    දැන් බලන්ගියාම ගෙදරින් පොල් සම්බලුයි බතුයි එක්කහරි බත් මුලක් ගෙනියනඑක ඇඟට ගුනයි.....

    ලංකාවේ මිනිස්සු පී එඡ් අයි ලා ව ගනන් ගන් නෑ.... පාරිභෝගික අධිකාරිය බල්ලට දාල තියෙන්නේ. ඒකට පිටරටවල, මේ අය එනහින්දම අඩුගානේ කල් ඉකුත්වුන ලොසින්ජරයක්වත් කඩේ තියාගන්නෑ....... මේ අය නිරතුරුවම හැම කඩයක් වගේම සෝදිසිකරනව වගේම කෑමට නුසුදුසු මොනම හෝ දෙයක් අහුවුනොත් ලොකු දඩයක් ගහනව ආයේ ඇපත් නැතිවෙන්න. ලංකාවට මේ නීති ගෙනාවෙනැත්නම් මිනිස්සු කඩවලින් කාල නිකරුණේ මියෑදෙන එක නවත්වන්න බෑ...
    :dull::(

    අල්ලගත්ත එවුන්ව එළියට දාපුගමන් උන් ආයෙත් කරන්නේ ඔය රස්සාවම තමයි. ඕකුන්ට මැරෙනකං ගෙවන්න දඩ ගහල අවුරුද්දක් හමාරක් හිරේ දාන්න ඕන දවසට පැය 15 - 18 පොල්ලෙලි තල තල ඉන්න.
    :angry::angry:

    Linda

    ලංකාව කවදාවත් ඒ රටවල් වගේ වෙන්නේ නැහැ..රට පාලනය කරන අයගේ ඉදන්ම මෙහෙ ඉන්නේ හොරු..ඉතින් කොහොමද මේ රටට හරි නීතියක් ගේන්නේ...
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ලංකාව කවදාවත් ඒ රටවල් වගේ වෙන්නේ නැහැ..රට පාලනය කරන අයගේ ඉදන්ම මෙහෙ ඉන්නේ හොරු..ඉතින් කොහොමද මේ රටට හරි නීතියක් ගේන්නේ...

    කමක් නෑ යුද්දේ දින්නනේ™
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    32
    .::ıɹıʞɐlǝ::.
    dan inna eun nithiyata baya na bn mokada rate nithiyak nathi nisa
    PHI la check karanna awath unta pagawak dila shape wenna puluwan :yes:
    mehema nithiya pirihei kiyala kawda bn hithuwe ape rate :dull:
    wena ratawal wala nan balanna one owata sahenna danduwam bn
    ascharyada manda :rolleyes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    "සෛවර් කඩෙන් කාලා ලෙඩ වෙලා මැරෙමු!!!!" මේ මාතෘකාවට කිසිම සම්බන්දයක් නැහැනේ බන් සයිවර් කඩවල කෑම.:confused::confused::confused:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Thaman kana bona places tikak hithala thoragannawa arenna wena wisandumak nam na mewata :no: me rate nithiyak kiyala deyak na ne dan :dull: