සොදුරු ඔබේ වත..
දුටු දින ඉදලා..
නිදි නැති මගෙ නෙත..
අවදි වෙලා.....
ඡායාවක් හෝ සිත විමසාලා..
එනවද තනිකම දුරු කරලා....
කහ මල් වැටුනු ගුරු පාරෙ හිරු අවරට යනවා....
ඒ මල් පාරෙ හැන්දෑවෙ තාලෙට පිය තබනා...
මුව මදහාසෙ මා හිතට ආල හැගුම් ගෙනෙනා.....
මගෙ පෙම් ලෝකෙ ඔබ හින්දා මන්දිරයක් තැනුනා.....
ඇවිදන් යන්නට
එනවද මා.. හා...
මේ සැන්දෑවේ...
අත් බැදිලා...
මගෙ ජීවිතයේ
කිසිදා නොපෙනුනු..
නව මාවත් අද විවර වෙලා....
නිදි යහනේ ලගින් ඉන්නෙ උකුලේ හිස තියලා....
මගෙ හිත අස්සෙ හැංගිච්ච හැගුමන් පුබුදු වෙලා...
ඔබෙ සුදු මුහුන දැක ගන්න ආයෙත් මට හිතිලා....
හිතුවක්කාර කම හින්දා නිදි නෑ අවදි වෙලා..........
සද රෑ අහසේ
තරුට හොරෙන්
මගෙ හීන අහස් කුස
ඇත රැදිලා.....
ඔබෙ ආදරයෙන්
දැනුනු මිහිර මට..
කිසිදා නැත
මතකෙන් මැකිලා............
සමනල් ලෝකෙ ඉගිලෙන්න යමු අපි තටු සලලා....
මල් දේදුන්න ලග ආල මග සලකුනු තියලා.............
ඔබ ලග මාගේ සිතු පැතුමන් සදහට රදවාලා...
ආදරෙ දෙන්න මට ඉන්න සක්විති රජෙකු වෙලා........

Last edited: