සොදුරු ත්‍රස්තවාදියෙක්

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කියවන අහන දකින හැම වෙලාවෙම අඬවන්න පුළුවන් පින්තූරයක්!

    ජයාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක් කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්... ඒ 2003 වසරේ මාර්තු 13 වෙනදා... ඉරාකයේ ඇමෙරිකානු රැදවුම් කදවුරකදී.....

    ඉරාක සටන් කාමීන් සහ ඇමෙරිකානු හමුදා අතර සිදුවන ගැටුමකදි අත්තඩංගුවට පත්ව මරණ දඩුවම හිමි වන මේ එක්දරු පියාට සිය අවසන් කැමැත්ත මත විනාඩි පහක් තම ආදරණීය පුතාව දැක බලාගන්න අවස්ථාව ලැබෙනවා..හැබැයි ඒ කුඩා දරුවට තමන්ගේ තාත්තගේ මුහුණ දකින්න වාසනාවක් නොලැබෙන්නේ නීතිය අනුව මරණ දඩුවම නියම වූ ත්‍රස්තවාදියෙකු යැයි සැලකෙන්නෙකුට හිස ආවරණය කිරීමට අවසර නොමැති නිසා..සිය ජීවිතේ අවසාන හුස්ම පිටකරලීමට පැයකට පෙරාතුව තමන්ගේ ආදරණීය දරුවා ලගට ගැනීමට අවසර පතන මේ පියාට ඒ අවසරය හිමි වන්නේ විවෘත භූමියක් තුල...

    වයස අවුරුදු හතරක් වුන මේ දරුවා පියාව හදුනා ගන්නේ කටහඩින්... මේ සිදූවීම පුරාවටම ඇසට වේදනා කදුලක් ගෙනෙන අවස්ථාව වෙන්නේ අවසර ලැබෙන විනාඩි පහෙන් තුනක් ගත වෙනකොට දරුවට තමන්ගේ තාත්තගේ උනුසුමේ නින්ද යනවා.... ගිනි කාශ්ටක අව්ව මැද ගිනි ගැහෙන වැලි උඩ තමන්ගේ ආදරණීය පියාගේ සෙවන දරුවෙක්ට මොනතරම් වටිනවද... මේ මොහොතෙම ජේන් මාර්ක්ගේ ඩිජිටල් කැමරාවෙන් මේ සංවේදිත්වය කාච ගත වෙනවා... මේ සිදුවීම ලෝකයාගේ විතරක්ම නෙමෙයි ඇමෙරිකානු ආරක්ෂක අංශවලද සංවේදිත්වයට හේතු වෙනවා.. විනාඩි විස්සක ලැබුනු අතිරේක කාලය පුරාවට පිය උනුසුමේ ලබන අවසාන නිදි සුවය විදින දරුවා අවසාන විනාඩිය තුල ඇහැරවා පියා ඔහුගෙන් සදහටම සමුගන්නවා... එතනින් පස්සේ ජේන් මාර්ක් ට මේ පියා වත් අසරණ දරුව වත් කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ...

    " මම ඒ මානුශිකත්වය දැක්කා..මටත් ඉන්නවා ඒ වයසෙම දුවෙක් මගේ රටේ... මම දැක්කේ ත්‍රස්තවාදියෙක් නෙමෙයි..තාත්තෙක්ව..මම ජායාරූප ගත කලේ තාත්තෙක්ව... හැබැයි ඒක ලෝකේ හොදම සිදුවීමක් නෙමෙයි...කෙනෙක් නොදැකිය යුතු තාත්තෙක්ට නොවිය යුතු දරුවෙකුට නොලැබිය යුතු වේදනාත්මක අත්දැකීමක්...

    ජේන් මාර්ක් සිය ජායාරූපය ගැන එසේ පැහැදිලි කරනවා..

    2004 වසරේ ලෝකයේ රටවල් 124 ක ශිල්පීන් 4330 දෙනෙකු ඉදිරිපත් කල ජායාරූප 63.000ක් අතරින් හොදම ජායාරූපය ලෙස සම්මාන ලබන ජෙන් මාර්ක් ගේ පියසෙනෙහසක නිමාව... පුලිස්ටර් සම්මානයෙන් පිදුම් ලබනවා......

    උපුටා ගැනීමකි
    .

    FB_IMG_1652023202339.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Iraq un gema call kare unge ratata balen aapu foreign forces walata wiruddawa.
    A kiyanne me inne terrorist kenek nemei. Western media walin terrorist kenek karata. Russia Ukraine waliyedi Ukraine minissu karapu de thamai Iraq USA yuddedi Iraq wala minissu kare.
    යුද්ධයකදී මුලින්ම මියයන්නේ ම්නුස්ස කම බං
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මේ මනුස්සයා තමන්ගේ රටට ආපු ආක්‍රමණික ඇමරිකානු හමුදාවට විරුද්ධව රට බේරා ගන්න සටන් කරපු freedom fighter කෙනෙක් නම් මේ දඩුවම් සහගහන අපරාධයක්.

    හැබැයි ඔය කාලේ බිහිවූ ISIS එකේ මූලාරම්භය වුන අබු මුසාෆ් අල් සර්කාවිගෙ Iraq Al Queda කියන ඉරාකය බේරා ගැනීම නොව ඉරාකය මූලධර්මවාදී රාජ්‍යයක් කිරීමේ අරමුණින් බෙලි කපපු සංවිධානයේ කෙනෙක් නම් මොහුට පව් කියලා වැඩක් නෑ
     

    Similar threads