සොදුරු`දඩයක්කරුවා~~~~~~~~
**************************************************
නුතන සමාජයේ අව්‍යාජ විප්ලව වාදියා කවුරුන්දැයි ඇසුවහොත් නියත වශයෙන්ම චේ ගුවේරා යැයි කිසිදු සංවාදයකින් තොරව පිලිගත හැකිය. ඒ "චේ" එතරම්ම තරුණ හදවත් වල පැලපදියම් වී ඇති නිසාය. එයට ඕනැතරම් උදාහරණද ඇත. අද බොහෝ තරුණ කොටස් විවිධ අයුරින් "චේ" ව අනුකරණය සහ අනුගමනය කරණ අවස්ථා ඇත. ඇදුම් පැලදුම් වලින් සහ විවිද විළාසිතා ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඒවන් ආදරණීය අව්‍යාජ විප්ලව වාදියා ගැන තොරතුරු බිදක්.............
1928 ජුනි 14 වන දින ආජන්ටිනාවේ රොසයිරෝ ඩිලාෆෝහිදී ගුවේරා ඩිලාසන්නා ලෙස උපත ලැබිය. ඔහුගේ මව සෙලියා ඩිලාසන්නාය. පියා ලින්චි ගුවේරා ඩිලාසන්නාය. කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පෙළනු මේ කුඩා ශිෂ්‍යයා දේශ සංචාරයට මහත් සේ ඇළුම් කළේය. 1964 සිට 1953 දක්වා බුවානස් අයර්ස් ජාතික විශ්ව විද්‍යලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යපනය සිදුකල කාලයේ දී වෛද්‍ය ඇල්බටෝ ග්රන්ඩොස් සමග මෝටර් බයිසිකලයකින් ලතින් ඇමරිකානු රටවල් වල ලෙඩරෝග හදුනාගැනීමේ සංචාරයක යෙදිනි එම ගමනේදී චිලිය,පේරු,කොලොම්බියාව,වෙනිසියුලාව වැනි රටවල්වල සංචාරය කිරීමේ අවස්ථාව ඔහුට ලැබින.
1953 දී ඔහු ශල්‍ය වෛද්‍යවරයකු හා ලාදුරු විශේෂඥයෙකු ලෙස වෛද්‍ය අධ්‍යපනය නිම කරන ලදී.ඉන් අනතුරුව තම දෙවනි ලතින් ඇමරිකානු සංචාරය ආරම්භ කරන ලදී.
එහිදී බොලීවියාව,පීරූ,ඉක්වදෝර්,කොලොබියාව,පැනමා,කොස්ටාරිකා,සැල්වදෝර්,සංචරය කරනු ලැබීය. එය සැබැවින්ම වෛද්‍ය පර්යේෂන ගමනකට වඩා දේශපාලන ගමනක් විය. ඔහු එහි අත්දුටු වෛද්‍ය ප්‍රශ්ණ සදහා හේතු වුයේ සමාජ ප්‍රශ්ණ බව ඒත්තු ගැන්වීමට වැඩිකාලයක් ගත නොවීය.
මේ අතර මෙක්සිකෝවේ හෘද රෝග ආයාතනයකට බැදී සේවය කරන අතරතුරේදී මෙක්සිකෝවේ අම්පරාත් වීදියේ 49 දරණ මරියා ගොන්සාලිස්ගේ නිවසේදී "චේ" ට පිදෙල් කස්ත්‍රෝ මුණ ගැසිනි.
ඒ වනවිට දේශපාලන වශයෙන් රටවල් කිහිපයක දේශපාලන අත්දැකීම් වලින් පන්නරය ලැබූ ගුවේරාට කියුබානු අරගලයට එකතු වුයේ වෛද්‍යවරයකු ලෙස සහ සටන් කරුවකු ලෙසය. ග්‍රැන්මා බෝට්ටුවෙන් සියෙරාමයෙස්ත්රා කදවුර දක්වා අසීරු සටන් මැදින් අර්නස්ටෝ ගුවේරා ඇතුලු කියුබානු රණකාමින් පැමිණි අතර ඒතැන් සිට අර්නස්ටෝ ගුවේරා කියුබානු සටන්කාමියෙකු විය. බැටිස්ටාට එරෙහිව ඇරබුනු අරගලයේදී තීරණාත්මක ශාන්ත ක්ලෝරා සටන ජයග්‍රහණය කරමින් කියුබාව බැටිස්ටාගෙන් බේරාගැනීමේ සටනේ තීරණාත්මක සාධකයක් විය. ඒතැන් සිට අර්නස්ටෝ ගුවේරාගේ නමට "චේ" යන පදය නැතහොත් 'Buddy' යන්න පට බැදුනු බව ලියවී තිබිණි. ඒතැන් සිට කෘෂිකාර්මික ඇමති මුදල් ඇමති වෙළද ඇමති වශයෙන් කටයුතු කල "චේ" ඒ සියලු නිලතලවලින් ඉවත් වී ලතින් ඇමරිකානු රටවල් වලට විමුක්තිය උදාකරදීමේ සටනේ පුරෝගාමියා ලෙස කොංගෝවට හා ඉන් අනතුරුව බොලීවියවටද පැමිණියේ අධිරාජවාදීන්ට එරෙහිව අරගලයේ නවමු සුවද ආඝ්‍රාණය කිරීමේ අවස්ථාව ලබාදීමටය.
කොංගෝ රජ්‍යයේදී ලෝරන්ට් කබීලා හා සමග සහයෝගයෙන්ද කටයුතුකල "චේ" තම අවසාන සටන් භූමිය ලෙස තොරගත් බොලීවියාවේදී CIA සංවිධානයේ හා රෙනී බැරෙන්ටෝසගේ හමුදාව විසින් යුරෝ ආගාධයේදී අත් අඩංගුවට ගෙන ලා හිගුවේරාහි පාසල් කුටියකදී මරියෝ ටෙරාන් විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
ඉන් අනතුරුව වැලේග්රැන්ඩ් නුවස්තෝ සෙංඤාර් ඩී මොල්ටා හි ප්‍රදර්ශනයට තබා හොර රහසේම ඊට නුදුරු ස්ථානයකදී මිහිදන් කලේය. 1997 ජුනි මාසයේ ජෙනරාල් වල්ගාසි සලිනාස් ගේ ප්‍රකශයෙන් පසු සිරුරු කොටස් සොයාගත් අතර ඒවා ඔහු වික්‍රමයන් පෑ ශාන්ත ක්ලෝරා නගරයේ ස්මාරකයක සුරැකිව තැන්පත් කර ඇත.
ලෝකයේ සෑම අරගලයකදී ඔහුගේ රුව, සටන් පාඨ ලෙල දෙන්නට විය. ලතින් ඇමරිකාව,අප්‍රිකාව,යුරෝපය හෝ දකුණු ආසියාවේ ඔහු වඩාත් තීරණාත්මක සාධකයක් විය. සැබැවටම ජනතාවට ආදරය කල මේ කුඩා මිනිසා වඩ වඩාත් ලෝකයා අනාගතයේදී අධ්‍යනය කරනු ඇත,
එවන් මිනිසා ගැන ඕබේ අදහසත් සදහන් කරන්න...........

he he 

මේක නිසා "චේ" බිලිබදව හරියටම අලුත් සමාජය දන්නේ නැතිතරම්. ස්තුතියි මිගා අදහසට..............
]