සොදුරු දඩුවම

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    [FONT="Iskoola Pota","sans-serif"]මං ආසයි හිනාවෙන්න[/FONT]
    [FONT="Iskoola Pota","sans-serif"]ජීවිතයම නුඹත් එක්ක[/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]නොවරදවා නුඹ එනවිට [/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]සිනා මලක්...
    සිනා මලක් අරං එන්න..
    [/FONT]


    [FONT="Iskoola Pota","sans-serif"]මං ආසයි යාළු වෙන්න [/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]ජීවිතයම නුඹත් එක්ක/[/FONT]
    /
    [FONT="Iskoola Pota","sans-serif"]නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..[/FONT]


    [FONT="Iskoola Pota","sans-serif"]මං ආසයි නුඹත් එක්ක[/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]සෙනේහයේ සුව විදින්න..//[/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]අද ඇවිදින් නුඹ යන විට..[/FONT][FONT="Iskoola Pota","sans-serif"] තුටු කදුලක් තබා යන්න..//[/FONT]



    [FONT="Iskoola Pota","sans-serif"]මං ආසයි හිනාවෙන්න[/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]ජීවිතයම නුඹත් එක්ක[/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]නොවරදවා නුඹ එනවිට [/FONT]

    [FONT="Iskoola Pota","sans-serif"]සිනා මලක්...
    සිනා මලක් අරං එන්න..
    [/FONT]

    විභාග ඔක්කොම කරල ගෙදර ආවාම බැලුව මොනාද රටේ ලෝකෙ වෙලා තියෙන්නෙ කියලා...අප්පා මාර මාර දේවල් වෙලා තියෙන්නෙ මේ සති දෙක තුනට.. ගිය මාසෙ හිටවපු පොල් ගස්වල ගෙඩි හැදිල,අබ ගස්වල ජම්බු හැදිල..නයි මුගට් වෙලා මුගට් නයි වෙලා..එක විකාරයයි..මේ සේරගෙන්ම මට තේරුනේ එක දෙයයි..ලෝකය කැරකෙන සුලුයි කියල... ලෝකය ගැන දැන ගන්න මං යුස් නරන්නෙ අන්තර්ජාලය..එහෙත් නැති මෙහෙත් නැති ලෝකෙ කොහෙවක් නැති අධිවේගී අන්තර්ජාලයක් තමා මම යූස් කරන්නේ..අප්පා ආයි කියලා වැඩක්නෑ...


    ඔය එක එක දේවල් බල බලා ඉද්දි මෙන්න මේ විදියෙ එකක් දැක්කා...









    අම්මා.... අසෝකෙ කොල්ලෙක්ගෙ සීන් එකක්...මුලින්ම මන් නිවුස් එක තනියෙන් බැලුවා...ෂා මරු වැඩක් තමා මේක...ආයි ඔක්කොටම කතා කලා......අපේ ගෙදර සේරමලටයි,අල්ලපු ගෙදර ඇන්ටිටයි,එහා ගෙදර ඇන්ටිටයි.මෙහා ගෙදර ඇන්ටිටයි උඩහ ගෙදර ඇන්ටිටයි..ඈ ඔක්කොම ඇන්ටිලනෙ...ආහ් තව මගෙ බොක්වල් දෙකක් හිටියනෙ හූචයි,බෙට්ටයි, කතා කරල පෙන්නුවා..ෂා මාර කමෙන්ට් නෙ.......මේකට දුන්නෙ ............


    එක්කෙනෙක් කියාපි......

    "අපෝ මෙහෙමත් පීන්ස් පල්ලා මුන්ට ගහල ඉස්කෝලෙන් එලියට දාන්නෙ නෑතුව ලව් කරන්න පුරූදු කරනවා"....... කියල,

    ආපොයි මෙහෙම දෙයක් හීනෙන්වත් හිතුවෙ නෑ මට මල කමක් නෑ ඉවසන් හිට්ය.අනිත් එක්කෙනා

    "අපෝ ඇටෙන් පොත්නේවත් ඇවිල්ල නෑ මෙතන ලව් කරන්න කොළඔ ඉස්කෝලවල එවුන් ඔහොම්මයි"........ කාල වරෙන්කො...අහ් කමක් නෑ කියල හිටිය..

    අනික කියාපි.."හොදයිනෙ පිරින්සිපලුයි අනිත් අයයි එකතු වෙලා කොල්ලට මගුලම කරල දුන්නම්" කියල.......මට මල කියන්නෙ මලේ මල ඇයි යකෝ මේ වගේ වැඩක ඇදම හොයන්නෙ ..


    තව 3න් දෙනෙක් ඉන්නවා බලමු එයාලගෙ කොමද කියල.... මැච් එක පැරදීගෙන එනකොට කුලසේකරගෙ බැටි කරන්න ආවා වගේ හිත හදා ගත්තා...

    "චික් බලනවා තමුසලගෙ ඉස්කෝලෙ එවුන්ගෙ හැටි..ඉගෙන ගන්නෙ නැතුව මගුල් කරන්න ඉස්කෝලෙ යන්නෙ..තමුසලගෙ ඉස්කෝලෙ ගියපු එවුනුයි යන එවුනුයි යන්න ඉන්න එවුනුයි හැමෝම එකයි...."
    අපේ නංගි කියාපි..එයා ගෝතමී එකේනෙ...මට තේරුනා ඒනම් ඉරිසියාවට තමයි කියල....

    හරිනෙ දැන් හොදම කමෙන්ට් ටිකක් දීල කස්ටියම ගියා..තව දෙන්නෙක් ඉන්නවා..මුලින්ම හූචාට අවස්ථාව දෙන්න මම තීරනය කලා..

    "ඇත්තටම මෙන්න කොල්ලො පට්ට ඕයි..බලනවාකො අපේ ඉස්කෝලෙ මෙහෙම උනානම් මුලු ජීවිතේම ඉවරෙනෙ බං පට්ට කොල්ලෙක් බං..."


    අප්පා මරු කටමන්ට් එක.....දැන් බෙට්ට ගෙ අවස්ථාන ...

    "මාර සීන් එකනෙ ඕයි...මේ සිරා සීන් එක බං..අපේ පිනා ඔහොම නෑ නෙ බං ලියුමක් නෙවෙයි අයි ලව් යූ කියල නිකන් කිව්වත් ගෙදරින් ගෙනල්ල පන්ති තහනම් කරල එක විකාරයක් කරයි...."


    ෂාංෂං මේන් කමෙකන්ට්...

    මේ සේරම කරල නිකන් ඔහේ මනෝ පාරක් දාගෙන ඉන්නකොට මට ඉස්කෝලෙ මල්ලිගෙ සින්දුවට අර සේරම කියපු දේවල් මතක් උනා.ඇයි මිනිස්සු ලෝකය හරි හැටි දකින්නෙ නැත්තෙ , දෙයක් අගය කරන්න මින්ස්සු දන්නෙ නැත්තෙ ඇයි කියල ...ඇත්තටම ඉස්කෝලෙ යනකොට ආදරය කරන එක වරදක්ද?


    නව යෞවුන් විය කියන්නෙ අවුරුදු අතර මේ කාලය තුල තමා ජීවිතයේ වැදගත් අවධීය...මිනිසෙකුගේ සියලුම මිනිස් කියාකාරකම් වල පටන් ගැන්ම..ජීවිතයේ නව පිබිදීමක් ඇතිවන යුගයක් ලෙසත් උපතේ සිට ක්‍රමයෙන් සිදුවෙමින් ආ වර්ධන ක්‍රියාවලීන්ගේ පරිපාකත්වය අරඹන අවධියක් ලෙසත් නව යොවුන් විය හඳුන්වනු ලබයි. මෙතෙක් දෙමාපිය ආරක්ෂාව යටතේ සිටි ළමයා ළමාවිය අතහැර දමා ස්වාධීන වීමටත් තමාගේ ආරක්ෂාව සලසා ගනිමින් බැහැරට යාමට හැකියාව ලබාගන්නා අවධිය ලෙසත් නව යොවුන් විය හැදින්වේ.


    නව යෞවුන් වියේ දී මින්සුන්ගේ ජීවන රටාව වෙනස් වේ....එනම් මින්සෙකු වශයෙන් ජීවත් වීමට පටන් ගැන්මයි....මෙහිදී..,


    1.නිදහස ,සචලතාවය හා නම්‍ය සුළු බව.
    2.පාලනය.
    3.ලැදියාවන් හා අවශ්‍යතාවයන්
    4.නව යොවුන් වියේ ඇගයුම් සහ ආකල්ප.
    5.සමාජ සම්බන්ධතා.
    6.මානසික ආකූලතා.
    7.කායික වර්ධනය හා සම්බන්ධ ගැටළු
    8.ලිංගික වර්ධනය හා සම්බන්ධ ගැටළු.
    9.ලිංගික වර්ධනය
    10.හදිසි වැඩීම
    11.බුද්ධි වර්ධනය

    මෙවැනි දේ සිදුවේ...




    පාසල් ආදරයද මේ කරුණ මත පදනම් වුවකි...කොල්ලෙක්ට කෙල්ලෙක් ගැන,කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන පාසල් යන කලෙයේදී ආදරයක් ඇතිවීම පුදුමයක් නොවේ...පාසල් ආදරය විදීමද වැරුද්දක් නොවේ....නමුත් වැරුද්ද ක් නැතුවාම නොවේ..එසේනම් ඒ වැරුද්ද කුමක්ද?

    අද ඇත්තේ සැබැ ආදරය නොව ඇත්තේ ලිංගික ආදරයයි....වැරුද්ද මෙයයි...බොහෝ අපරාධ වලට හේතුව මෙයයි...ආදරය යනු ලිංගිකත්වය නොවේ..ආදරය යනු දෙදෙනෙකු අතර ඇතිවන හැගීම් සමුදායක එකතුවක්...ලිංගිකත්වය යනු විෂම ලිංගිකයින් දෙදෙනෙක් අතර ඇතිවන ආදරයේ උච්ඡුතම අවස්ථාව යි....කිසිම විටක ආදරය හා ලිංගිකත්වක එකට ගලපා නොගත යුතුය..ආදරය විදිය යුතු තැන විදිය යුතුය..ආදරයට මුවා වී රාගයට පෙලබීමෙන් සිදු වන්නෙ පිරිමි ගැහැනු දෙපාර්ෂයටම විශාල වැරුද්දකි...පිරිමි අපටනම් කමක් නැත..නමුත් ගැහැණියක් නම්...මුලු ජීවිතයම ඇය තමන්ගේ ආදරය වෙනුවෙන් පුද දෙයි...එසේ තමන්ගේ පේමවන්තයාට තම ජීවිතයේ කවදාක හෝ එකට සිටීමට හැකිවන නිසා වෙනි..නමුත් සිදුවන්නේ එයමද?මගෙ ජීවිතය ඔබයි කිවු ඔහු ඇයව අතහැර යයි..ඇය ඔහුට ජීවිතය පුද දී අවසානය...තමා රැක ගත් කන්‍යාබාවය තමාගේ ආදරය වෙනුවෙන් පුද දී ඇත..ඇයට තවත් කල හැක්ක් නොමැත..මන්ද ඇය දැන් නිකන්ම ගැහැනියක්......පාසල්සිසුන් අතර සිදුවු මේ හා සමාන සිද්දී පුවත් පත්වල අසා ඇත.මෙවැනි සිද්දි වලට හේතුන ඉහත කී ආදරය හා ලිංගිකත්වය පටලා ගැනීමයි......

    මේ සිදුවීම් අපට නැවැත් විය හැකද?

    අප ආදරය කිරීමට හැකිනම් එය කුමක් ද?යන්න වටහා ගැනීමට හැකිනම් අපට සැබෑ සොදුරු ආදරයක් විදිය හැක... නමුත් ඉන් ඔබ්බට නොයා යුතුය....


    විදුහල් පතිවරයකු ලෙස මෙම කිරියාව මා අගය කොට සලකන්නේ මම ද අසෝකීය පුතෙකු නිසාම නොව..ඔහු ඒ වෙලාවේ දී මිනිසෙකු ලෙස සිතා කටයුතු කල බැවින්ය...ඔහු මේ ලියුම දැක එම සිසුවාට දඩුවම් කර මොහුව පාසලෙන් නෙරපා දමා ලබා දඩුවම් දුන්නා නම් අද කුමක් වෙයිද?එනම් ඔහු තම දෙමාපියන්,පාසල,මුලු මහත් සමාජයම ඉදිරියේ කොන් වෙයි...ඔහුගේ ඉගෙනීම,අනාගතය.චරිතට අදුරුවෙයි

    ."ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නෙ නැතුව ලව් කරන්න ගිහින් කරගත්තෙ"...."අපේ මුලු පරම්පරාවෙම දැල් ගෑව.මගුලක් ඕනිනම් කරල දෙන්නම් ඉවසෙගෙන හිටපන්"'.....

    ආදී නොයෙක් දෝෂාරෝපන එල්ලවෙයි.ඔහු ගේ මනසට දැනෙන ඉවසාගත නෙහැකිව ඔහු මොනවා කර ගනියිද?.....සිතිය යුතුය?කෙල්ලෙක් එක්ක රූම් එකක ඉදල අසු උනේ නැත.ඉස්කෝලෙන් කට්ටි පැනල කෙල්ලත් එක්ක රවුම් ගසා මාට්ටු උනේ නෑත.සිදු වුයේ තමා ගේ ආදර වන්තියට තමා ගේ ආදර ගැන ලිපියක් ලිවීම පමණයි...ලිපියක් ලිවීම බරපතල දඩුවම් ලැබිය යුතු දඩුවමක් නොවේ...මේ අවස්ථාවේදී විදුහල්පති වරයා මිනිසෙකු ලෙස සිතා දඩුවම් නොකල නිසා නම් මෙවැනි නිර්මානයක් ද අද බිහි නොවේ....එය අප අගය කල යුතු දෙයකි....




    මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියු දේ ඉතා වැදගත් දෙයකි...,

    "පාසල් පුතෙක් ලියපු මේ පෙම්හසුනක් ගැන මේ තරම් කතාකිරීම ගැන ළමයින් ව නොමග යනවාද කියන චෝදනාව එල්ල වෙනවා.... නමුත් ගාන්ධි තුමා බැන්දෙත් අවුරුදු 13 දී..එහෙද උනානම් එහෙම වෙච්චාවේ නමුතු අපේ අධ්‍යාපන වැඩ කටයුතු හරියට කරගෙන යන්න ඕනි"............













    මෙන්න ඒ අපුරු ගීතය.....











    (Image Galery of Asoka Collage)



    ගත්තෙ මෙතනින්http://chamathrox.blogspot.com/2012/10/blog-post.html




     
    • Like
    Reactions: madura199