සොදුරු සත්පුරුශ ඔවදන්..........

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
528681_145486392263709_1566480474_n.jpg


•~ශක්තිමත් කෙනා අතිශය බලවත් බන්ධන වුනත් කඩල බිඳල නිදහස් වෙනව•~

අපි යකඩ දම්වැලෙන් බඳිනව අලියෙක් ව. පුංචි පොල් කෙන්දකින් බඳිනව පුංචි කරුලු පැටියෙක් ව. පොල් කෙන්ද ද ශක්තිමත් බවෙන් වැඩි, යකඩ දම්වැල ද ශක්තිමත් බවෙන් වැඩි? යකඩ දම්වැල ශක්තිමත් බවෙන් වැඩි යි. එතකොට ඉතා ම සියුම්, පුංචි, හයිය නැති දුබල පොල් කෙන්දෙන් බඳින කුරුලු පැටිය ඒක කඩා ගන්නව ද? ඌට ඒක කඩා ගන්ට පුළුවන් ද? පුංචි යි, දුබල යි ඒ බැඳපු දේ. ඉතාම දුබල බන්ධනය කුරුලු පැටියට කඩාගන්ට බෑ. නමුත් හස්තියෙක් යකඩ දම්වැලෙන් බඳිනව. බන්ධනය බලවත්, අතිශය ශක්තිමත්. හස්තිය ඒක කඩයි ද නැද්ද? කඩනව. සැනෙකින් කඩනව. යකඩ දම්වැල කඩන්ට හස්තියට වැඩි වෙලාවක් යනව ද? නෑ, සැනෙකින් කඩන්ට පුළුවන්. නමුත් මහත් සේ බොහෝ කලක් වෙර දැරුවත් අර පුංචි බන්ධනය කඩන්ට කුරුලු පැටියට පුළුවන් ද? බෑ.

ආන්න ඒ වගේ තමයි, දුබල කෙනා ඉතා ම පුංචි බන්ධනයට අහුවෙලා යනව, එයාට ඒක බන්ධනය කියල තේරෙන්නෙ නෑ. කඩාගන්ටත් බෑ. හයියක් නෑ. නමුත් ශක්තිමත් කෙනා අතිශය බලවත් බන්ධන වුනත් කඩල බිඳල නිදහස් වෙනව. ඒ නිසා කව්රුත් කල්පනා කරන්න, අපි හස්තියෙක් වගේ බලවත් අය බවට පත්වෙන්ට ඕනැ කියල. පුංචි කරුලු පැටව් වගේ දුබල චරිත උපදවා ගන්ට එපා. හස්තීන් වගේ බලවත් පුරුෂයෝ බවට පත්වෙන්ට ඕනැ.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
61408_148729748606040_31110446_n.jpg


නිදහස ලබන්නේ කොහොමද......?

ලෝකයේ බුද්ධිමත් සියලු දෙනාම වගේ නිදහසට කැමතියි.නමුත් නිදහසක් කැමති වුණාට ඒ නිදහස තියෙන්නේ කොහේද,නිදහස ලබන්නේ කොහොමද කියලා දන්නේ නෑ.අපි නම් ඔන්න මෙතැන ඉන්නවා.මෙතැන ප්‍රශ්නයක් කියලා හිතෙන කොට වෙන තැනකට යනවා.නමුත් එතැනට ගියාමත් ප්‍රශ්නයක් ඇතිවෙනවා.එතකොට අපි වෙන තැනකට යනවා.

මේ විදියට තමයි අපි උපත කැමැති වෙන්නේ.මෙතැන කරදරයි.ඊට පස්සේ අපට හිතෙනවා, ‘වෙන තැනක ඉපදුණොත් මෙහෙම කරදර ඇතිවෙන්නේ නෑ ‘ කියලා.ඔන්න අපි එතැන උපදිනවා.නමුත් එතැන ප්‍රශ්න.ඊට පස්සේ අපි හිතනවා , ‘තව තැනක ඉපදුණොත් කරදර වෙන්නෑ ‘ කියලා.එතකොට ධර්මය අවබෝධ කරන තුරුම අපි නිදහස සොයන්නේ උපතින්මයි.උපත කියන්නේ ඇස, කණ, නාසය,දිව,කය,මනස කියන ආයතනයන්ගේ හටගැනීමයි.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
199618_145913582220990_264745544_n.jpg


අපි හැම දෙනාගේම සංසාර ගැටලුව.......

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා,“(අවිජ්ජා නිවුතෝ ලෝකෝ) අවිද්‍යාවෙන් තමයි මේ ලෝකය (ලෝකය කියලා කිව්වේ සත්වයා) වැහිලා තියෙන්නේ.(වේවිච්ඡා පමාදා නප්පකාසතී) මසුරුකමත්,ප්‍රමාදයත් නිසා තමන් අවිද්‍යා සහගතව ඉන්න බව වැටහෙන්නේ නෑ.(ජප්පාභි ලේපනං බ්‍රෑමි) මේ කෙනාගේ ලෝකය අලංකාර වෙලා තියෙන්නේ තෘෂ්ණාවෙන්.(දුක්ඛමස්ස මහබ්භයං) ඔහුට තියෙන ලොකුම බය තමයි දුක.“එතකොට අවිද්‍ය සහගතව ඉන්න කෙනාට තමන්ට දුක නැමැති බයක් තියෙනවා කියලා තේරෙන්නේ නෑ.

ඒ වගේම , බුදුරජාණන් වහන්සේ දේශනා කළා,“(සවන්ති සබ්බධී සෝතා) මේ ඇස ,කණ, නාසය,දිව , කය, මනස කියන ආයතන හය තුළින් සැඩපහර වේගයෙන් දුක කරා ගහගෙන යනවා.(සති තේසං නිවාරණං) ඒක වළක්වා ගන්න තියෙන්නේ සිහියෙන්.ඒ වගේම,(පඤ්ඤායේතේ පිථියරේ) ඒ සැඩ පහර වේලා දමන්න තියෙන්නේ ප්‍රඥාවෙන්....

෴සුසුමක විමසුම නිවනක ඇරඹුම෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
551769_136032003209148_205960500_n.jpg


මිනිසුන්ගේ ස්වභාවය අප්‍රකටයි...

මනුෂ්‍යයන්ගේ ස්වභාවය හරි පුදුමයි.දවසක් ‘පෙස්ස‘ කියලා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා,
‘‘අනේ භාග්‍යවතුන් වහන්ස,මේ සත්තුන්ගේ ස්වභාවය නම් අල්ලන්න හරී ලේසියි.සත්තුන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා.එතකොට හදන්න හරී ලේසියි.නමුත් ස්වාමීනී, මිනිස්සු නම් එහෙම නෑ.මිනිසුන් තමන්ගේ ඇත්ත ස්වභාවය කිසිසේත්ම ප්‍රකට කරන්නේ නෑ.හරි ගුප්තයි.“
බුදුරජාණන් වහන්සේ ඒක එහෙම්මම අනුමත කළා,“පෙස්ස,ඒක ඇත්ත.මිනිස්සුගේ ස්වභාවය හැංගිලා තියෙන්නේ.පිටස්තරව පේන්නේ නෑ.පේන්නේ වෙන ස්වභාවයක්.“
ඉතින් අනුප්පියභාණි මේ කරුණු හතරෙන් යුක්තයි.ඒ කිව්වේ පවක් කළොත් ඒකත් අනුමත කරනවා.ඒකටත් කැමැත්ත දෙනවා.පිනක් කරනවා නම් ඒකත් අනුමත කරනවා.ඒකටත් කැමැත්ත දෙනවා.ඉදිරියේදී වර්ණනා කරනවා.නැති තැන අපහාස කරනවා.මේ තමයි අනුප්පියභාණි මිත්‍රපතිරූපකයා.

෴පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ෴
-- පිනෙන් පිරුණු සොඳුරු ජිවිතයක් ---
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
418402_120830518062630_850380084_n.jpg

කම්මැලි අස්සයාට කස පහර වදයක් මයි. නමුත් රේස් එකට කැමති වීරියවන්ත ජව සම්පන්න අස්සයාට කස පහර වදින්නෙ නෑනෙ. එයාට කසය වීරිය උපදවන දෙයක්. ඒ අස්වයා රේස එක දුවනව, දිනනව.

෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
553439_114488682030147_234359051_n.jpg

අර්බුධ හටනොගැනීමට නම්
----------------------------

ප්‍රශ්න ඇති නොවී තියෙන් නෑ ලෝකයේ. ප්‍රශ්න ඇති නොවෙනවා නම්, ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම්, අපට නිවන් දැකීමක් ඕන වෙන්නෙ නෑ. ඇයි..? ප්‍රශ්නයක් නොමැති නිසා . ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම් අපට, දහම් කතාවක් ඕන වෙන්නෙත් නෑ , කල්‍යාණ මිත්‍ර ඇසුර ඕන වෙන්නෙත් නෑ, ගුරුවරු ඇසුරේ ඉන්ට ඕන වෙන්නෙත් නෑ. ඇයි..? ප්‍රශ්නයක් නොමැති නිසා . ඒවගේම තමයි, ප්‍රශ්න ඇති වෙන්නෙ නැත්නම්, ලෝකයට බුදුවරු පහළ වෙන්ට ඕන වෙන්නෙත් නෑ .

ඒනිසා මේක තේරුම් අරගෙන, ප්‍රශ්න ඇතිවීම ඉදිරියේ අපි කළබල නොවිය යුතුයි. නමුත් ගොඩාක් අය ප්‍රශ්නයක් ඇති වුනාම "ප්‍රශ්නයක්, ගැටළුවක්" කියල, ඒ ප්‍රශ්නය ඉදිරියේ කළබල වෙනවා. නමුත් ප්‍රශ්න ඉදිරියේ අපි කළබල වෙන්ට හොඳ නෑ. මොකද...? ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට විසඳුමක් තියෙනවා. මේ ප්‍රශ්න ඇතිවීම කියන්නේ සාමාන්‍ය ස්වභාවය.

එතකොට, ඇයි ප්‍රශ්න ඇති වෙන්නෙ? ඒකට එක හේතුවක් තමයි, එකිනෙකා ගැන අන්‍යෝන්‍ය වශයෙන් හිතෛශී බවක් නෑ. එතකොටත් ප්‍රශ්න ඇති වෙනවා. මිත්‍රශීලී බව අඩු වුනාම ප්‍රශ්න ඇති වෙනවා.

ඒවගේම, යම් කාරණාවක් "මම තමයි දන්නෙ. මම කියන එකම තමයි හරි" කියල හිතන එක. "මේකමයි හරි. මේකම පිළිගතයුතුයි සියලු දෙනා. මගේ දේම ඔක්කොම පිළිගන්ට ඕන" කියල මේවගේ අදහස් වලින් යුක්ත වෙනකොටත් ප්‍රශ්න ඇති වෙනවා.

ඊලගට, හරියට යමක් දන්නෙ නැති වුනාමත් ප්‍රශ්න ඇතිවෙනවා.

ඊළඟ එක තමයි, වැඩිහිටි අවවාදයකට නැමෙන්නෙ නැතිකම. යම් අවවාදයක් දුන්නම ඒකට නැවෙන්නෙ නැත්නම් ගැටළු ඇති වෙනවා. ප්‍රශ්න ඇතිවෙනවා.

ඊළඟ දේ තමයි අන් අයගේ අදහසට නැමෙන්න අකමැතිකම. ඔන්න ඔයවගේ කරුණු මත තමයි ප්‍රශ්න ඇති වෙන්නෙ.

ඊළඟට බලන්න, ප්‍රශ්නක් විසඳෙන්නෙ නැතුව දිගින් දිගටම ගියොත් ඒක අපට, සතුට ඇති වීම පිණිස පවතින් නෑ නේද? එමනිසා අපි ප්‍රශ්න ඇති නොවන විධියට කටයුතු කරන්ට ඕන.

ප්‍රශ්න ඇති නොවන විධියට කටයුතු කරන්නේ කොහොමද? අපි අර ප්‍රශ්න ඇතිවෙන දේවල් අපෙන් දුරුකරගන්ට ඕන.

"මමම තමයි දන්නෙ, මටම තමයි තේරෙන්නෙ, මම කියන දේම ඇසිය යුතුයි." මේ ආදී අදහස් අපේ සිත්වල එන්ට පුළුවන්. ඒවගේ අදහස් අපේ සිත්වල තියෙන්ට පුළුවන්. නැතිවෙන්ට බෑ. ආන්න ඒවා දැකල අපි දුරු කරගන්ට ඕන.

ඊළඟට තව කෙනෙකුගේ අදහසට ඇහුම්කන් දෙන්ට ඕන. තව කෙනෙක් මොකක්ද කියන්නෙ කියල ඇහුම්කන් දෙන්ට අපට පුළුවන්කම තියෙන්ට ඕන. ආන්න ඒ වගේ අඩුපාඩුකම් අපි හදාගන්ට ඕන.

෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
562716_120907451388270_1791461758_n.jpg


මාර විජිතයෙන් පැනගන්න...........

බුදුරජාණන් වහන්සේ වදාළා, මේ සසර ගමනෙදී අපි හෙලූ කදුළු සතර මහා සාගරයේ ජලයට වැඩියි කියල.එතකොට සතර මහා සාගරයට වඩා කදුළු හෙලපු සසරේම එයා යනවා.මොකද,මාරයා කැමති ඇස,කණ,නාසය,දිව,කය,මනස තමාගේ වසඟයේ පවත්වලා,එයට ඇලුම් කරන පුද්ගලයා තමන්ගේ ග්‍රහණයට ගන්නයි.එච්චරයි එයා කැමැති.මේක බලවත්ව වර්තමාන ලෝකයේ තියෙනවා.

බලන්න මිනිසුන්ට මාරයා වැහෙනවා.වැහිල ගරහනවා.නින්දා කරනවා.එතකොට මිනිස්සුත් හා...ඇත්ත නේනම්,ඇත්ත නේන්නම් කියල ඒක අනුමෝදන් වෙනවා.එතකොට අර මාරයා පවත්වන මාරපාක්ෂික වැඩපිළිවෙල එහෙම්මම ගෙනියන්න පුළුවන්.ඒ වැඩපිළිවෙල තමයි සතර අපායේ වැටි වැටී යන්න තියෙන ගමන.ඒ නිසා කිසි දවසක එතෙර වෙන්නේ නෑ.

සෝතාපන්න වුණෝත් එයා අනිවාර්යයෙන්ම එතෙර වෙනවා.සෝතාපන්න වුණොත් ලෝකයේ කිසි කෙනෙකුට ඒක නවත්වන්න බෑ.එයා එතෙර වෙනවමයි.විශේෂයෙන්ම , මේ මාරයා වැහුණු අය මනුෂ්‍යයන්ට එතැනට එන්න තියෙන අවශ්ථාවත් අහිමි කරනවා.මාරයා වැහිල ගරහන්න පටන් ගන්නවා.එතකොට වෙන්නේ , අර ගැරහිල්ලට මිනිස්සු මානසිකව වැටෙනවා.මානසිකව වැටුණු ගමන් එතැනට මාරයා රිංගනවා.එතකොට තවදුරටත් මාර වසඟයේම කොටස්කාරයෝ බවට පත්වෙලා,සතර අපායේම වැටි වැටී,කිසි දවසක කෙලවරක් නැති සංසාරයේ ඒ සසරටම ගොදුරු වෙල යනවා.

෴සුසුමක විමසුම නිවනක ඇරඹුම෴
පින්වත් කිරිබත්ගෝඩ ඤාණානන්ද හිමිපාන
න්
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
293040_118351858310496_2064367921_n.jpg


සිත දැකීමට දක්ෂ වෙමු
-----------------------

යම් කෙනෙකුට අනුන්ගේ හිත දැකීමේ කුසලතාවය තියෙනව නම්, එයාට තමන්ගේ සිත දැකීම අපහසු වෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, තමන්ගේ සිත දැකීමේ කුසලතාවය දියුණු කරගන්න කියල. ඒක මේ වගෙයි කියල උදාහරණයක් පෙන්වා දෙනවා, "තරුණ වයසේ ඉන්න පිරිමියෙක් එහෙම නැත්නම් කාන්තාවක් කණ්නාඩියකින් මුහුණ බලනවා. මුහුණ බලනකොට එයාට පේනවා මුහුණේ දුවිලි එහෙම නැත්තම්, කැළලක්. ඒ වෙලාවෙදී එයා කල්පනා කරනවා, මේ කැළල නැත්තම්, දුවිලි නැත්තම් ඒක මට බොහෝ ලාභයක්, එතකොට මගේ මුණ පරිපුර්ණයි" කියලා.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ඒ වගේ යම් කෙනෙක් තමන්ගේ සිත හොඳින් තේරුම් අරගෙන, මේ හිතේ යම් කිලුටක් තියෙනවා නම් ඒක නැතිකර ගැනීම පිණිස, කුසල් දහම් දියුණු කරගැනීම පිණිස, මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ සෙයින් උපකාර වෙනවා කියලා
. කණ්නාඩියකින් මුහුණ බලපුවහ ම එයාගේ මුණේ කැළලක් තිබුණොත්, නැත්තම් කිළිටි තිබුණොත්, ඒක එයා පස්සෙ පිරිසිදු කරගන්නම් කියන්නෙ නෑනෙ. එයා ඉක්මණින් ම ඒක පිරිසිඳූ කර ගන්න වැයම් කරනවා.

අන්න ඒ වගේ කුසල් දහම් දියුණු කරගන්න වුවමනාව ඇති කෙනාට, මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ උපකාර වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එයා තමන්ගෙ දියුණුව ඇතිකරගන්නව. ඒක කොහොමද කරන්නේ කියල මේ විදිහට අපිට කියා දෙනවා.

තම තමා, තම තමා ගැන කල්පනා කළ යුතුයි. දැන් තමන්ගේ සිත දකින්නට තමයි මේ මහන්සි වෙන්න කියන්නේ, අනුන්ගේ සිත දකින්න නෙවෙයි. තමන් ම තමා ගැන කල්පනා කරලා හොඳට සෝදිසියෙන් බලන්න කියලා කියනවා. "මගේ හිතේ දැඩි ආශාව තියෙනවාද?, එහෙම නැත්තම් දැඩි ආශාව නැද්ද?" කියල සෝදිසි කරල බලන්න කියල කියනවා.

ඒ වගේම "මගේ හිතේ දැඩි තරහ තියෙනවාද? දැඩි තරහ නැද්ද?, මම දැඩි තරහෙන්ද වාසය කරන්නේ? එහෙම නැත්තම් දැඩි තරහ නැතුවද මම වාසය කරන්නේ" කියල බලන්න කියනවා.

ඊලඟට "මම ථීනමිද්ධයෙන් යටවෙලාද වාසය කරන්නේ?, එහෙම නැත්තම් ථීනමිද්ධය නැතුවද වාසය කරන්නේ", කියල සෝදිසි කරල බලන්න කියනවා.

ඊලඟට "මේ හිතේ විසිරුණු ගතිය තියෙනවාද?, ඒ විසිරුණු ගතියට යටවෙලාද මං වාසය කරන්නේ?, එහෙම නැත්තම් මගේ හිතේ ඒ විසිරුණු ගතිය නැද්ද?" කියල සෝදිසි කරල බලන්න කියනවා.

ඊළඟට "මගේ හිතේ සැකය තියෙනවාද?, සැකය නැද්ද?, සැකය පහවෙලාද?" කියල සෝදිසි කරල බලන්න කියල කියනවා.

"මට කේන්ති යන ගතිය තියෙනවාද?, කේන්ති යන ගතිය නැද්ද?" ඒ විදියට බලන්න කියල කියනවා.

ඊළඟට "මගේ හිත කිලිටි වෙන ස්වභාවයෙන් යුක්තයිද?, එහෙම නැත්තම් මගේ හිත කිළිටි නැද්ද?, පිරිසිදුයිද" කියල සෝදිසි කරල බලන්න" කියල කියනවා.

ඊළඟට අපිට කියා දෙනවා හොඳට බලන්න කියල, "මගේ ශරීරය ගිලන් ස්වභාවයෙන්ද තියෙන්නේ, මගේ ශරීරයට මහන්සියිද" මෙතන ගිලන් කියල කියන්නේ ලෙඩ වෙලා කියන එක නෙවෙයි. දැන් ඔන්න සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙනවා, එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. බණ භාවනා කරගන්න බැරි විදියට කායික අපහසුකම් ඇතිවෙලා තියෙනවද? වෙහෙස, මහන්සිය, ඇඟ රිදෙන ගතිය, මේ වගේ බණ භාවනා කරන කෙනෙකුට ශරීරයේ අපහසුකම් එන්න පුළුවන්. අන්න ඒ වගේ, "ශරීරයේ ගිලන් ස්වාභාවයෙන් යුක්තව ද මං වාසය කරන්නේ, දැන් මම ශරිරයේ ගිලන් ස්වාභාවය දුරු කරගෙන වාසය කරනවාද?" කියල සෝදිසි කරල බලන්න කියල කියනවා.

ඊළඟට බලන්න කියනවා, මගේ හිතේ කම්මැලිකම බහුල වශයෙන් තියෙනවද?, කම්මැලිකම දුරු කරගෙන මං වාසය කරනවාද? මේ විදිහට සෝදිසිකරල බලන්න කියනවා. ඊළඟට කියා දෙනවා,

"මම සමාහිත සිතකින් වාසය කරනවාද, එහෙම නැත්තම් මම ආසමාහිත හිතින්ද වාසය කරන්නේ", මේ විදිහට තමා ගේ සිත ගැන තමාම සෝදිසි කරල බලන්න කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

එතකොට බලන්න, මේ විදියට බලන කෙනාගේ හිතේ ඒ අකුසල ස්වාභාවයන් තියෙනවාද? නැද්ද? තියෙනවා. මේ හිතේ අකුසල ස්වාභාවයන් තියෙන කෙනා ඒවට යටවෙලා, බයවෙලා නේද ගොඩක් වෙලාවට වාසය කරන්නේ? අපි මේ විදියට සෝදිසි කරල බලනවා නම්, අකුසලය තිබුණා කියල එයා ධර්මය තුළද? ධර්මයෙන් බැහැරද? ධර්මය තුළ, එනිසා "මං ලඟ රාගය තියෙනවා, තරහ එන ගතිය තියෙනවා" කියලා අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා. එයාට කරන්ට තියෙන්නෙ තමන් තුළ අකුසලය තියෙනවා කියල දැන ගැනීම.

ඒ අකුසලය තියෙනවා කියලා දැනගැනීම පිණිස මොකක්ද එයාට කරන්න තියෙන්නේ? එයා හොඳට නුවණින් කල්පනා කරල බලන්ට ඕන,

"මා තුළ මේ තරහ එන ගතිය තියෙනවද, නැද්ද? මම තරහ එන ගතියෙන් යුතුව බොහෝ සෙයින් වාසය කරනවාද? එහෙම නැත්නම්

"මං බොහෝ වාසය කරන්නේ තරහ යන ගතිය නැතුවද?, මම කාමච්ඡන්දයෙන් බොහෝ වාසය කරනවාද? කාමච්ඡන්දය නැතුව බොහෝ වාසය කරනවාද?" කියල තමා ගැන තමාම සෝදිසි කරල බලන්ට ඕන.

"මම බොහෝ සෙයින් ථිනමිද්ධයෙන් යුතුව වාසය කරනවාද?, එහෙම නැත්තම් මම බොහෝ ථිනමිද්ධය නැතුව වාසය කරනවාද?", කියල තමා ගැන තමා ම සොදිසි කරල බලන්න ඕන.

ඊළගට මම කම්මැලිකමින් යුක්තව බොහෝ වාසය කරනවාද? කම්මැලිකම නැතුව බොහෝ වාසය කරනවාද? කියල තමා ගැන තමා ම හොයල බලන්නට ඕන.

ඊළඟට මම මගේ ශාරීරික අපහසුකම් තුළ ද බොහෝ සෙයින් වාසය කරන්නේ?, ශාරීරික අපහසුකම් දුරු කරගෙන ද මං වාසය කරන්නේ?, කියල තමා ම තමා ගැන සෝදිසි කරල බලන්න ඕන.

එතකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නෙ නැත්නම් අදුරගන්ට බෑ තමා තුළ අකුසලයක් තියෙනවා කියල. එයා අකුසලයට යටවුනු සිතින් වාසය කරනවා. එතකොට අපිට අකුසලය දුරුකරගන්ට බැරි නිසාම කුසල් දහම් දියුණුකරගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව අකුසල් ස්වභාවයන් බොහෝ සෙයින් හිතේ තියෙනවා නම් එයා ඉක්මනින් ඒ ලාමක අකුසල් ස්වභාවයන් දුරුකරගැනීම පිණිස බලවත් කැමැත්තක් උපදව ගන්න කියල කියනව.

ඒ වගේම එයාට වීරිය කරන්ට කියල කියනව සිහිනුවණ උපද්දවගෙන වාසය කරන්ට කියල කියනව ඒ අකුසලයන් දුරුකරගැනීම පිණිස. අන්න එතකොට එයාට යම් කලකදී ඒව දුරුකරගන්ට පුළුවන්කමක් තියෙනව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ඒ විදිහට එයාට අකුසලයන් දුරුවෙලා සුවපහසුවක් ඇතිවෙන කලක් එනව අන්න ඒ කුසල් දහම් තුළ පිහිටලා අනාගතයේදී අශ්‍රව ශ්‍රයකරගැනීම පිණිස මහන්සිවෙන්න කියල පෙන්වා දෙනව.

෴පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.෴
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
391433_105567906255558_1286400468_n.jpg

"මේ ආකාරයට කළොත් මේ විදිහට සිද්ධ වෙනවා"

ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහත් විශ්වාසය ඇති වන පරිදි අප උදෙසා කළ ප්‍රකාශයන් තිබෙනවා. "මේ ආකාරයට කළොත් මේ විදිහට සිද්ධ වෙනවා" කියල මහත් විශ්වාසයන් යුක්තව කළ ප්‍රකාශයන් පිළිබදව අපි තුළ විශ්වාසයක් ඇති වුනොත් අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්මයෙන් පිහිට ලබාගන්ට පුලුවන්කම තිබෙනව.

ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ එක එල්ලේ කළ ප්‍රකාශයන් කෙරෙහි අපි පැහැදීමක් ඇතිකර ගත්තොත් අපිට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්ට පුවන්කම තිබෙනව. ඒ නිසා අපි ඒ ධර්මය කෙරෙහි බයක් ඇති කර නොගත යුතුයි.

භය නොවී අපි ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් අපට ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්ට පුළුවන් කම තිබෙනව. ඉතින් ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දී තිබෙනව පින්වත් මහණෙනි මේ රාගය කියන එකම එක දේ අත්හැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා.

ඒ වගේම ඒ ද්වේෂය කියන එකම එක දේ අතහැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇප වෙනවා. ඊලග"ට මේ මෝහය කියන එකම එක දේ අතහැරියොත් ඔබ අනාගාමී වෙන බවට මම ඇපවෙනවා. මේ ආදී වශයෙන් එක එල්ලේම රිජුවම කියන ප්‍රකාශයන් තියෙනව අපේ විශ්වාසය ඇති කිරීම පිණිසම ඒ ධර්මය ඉස්මතු කරල පෙන්වන අවස්ථා තියෙනව.

අපි තුළ වීරිය උපදන ආකාරයට ඒ ධර්මය ඉස්මතු කරල පෙන්වන අවස්ථාවන් තියෙනව. ඉතින් අපිට පුළුවන් වුනොත් අන්න ඒ ධර්මයන් කෙරෙහි හිත පහදව ගන්ට, විශ්වාසය ඇතිකරගන්ට අපේ හිතේ කැමැත්ත උපදීවි එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්ට.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
දිනම්ණ දවසේ සිතුවිල්ල
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
561204_108606315951717_2011267103_n.jpg


ධර්මයෙන් පිහිට ලබමු.

සිතේ යම් අපහසුවක් එනකොට ඒකට යට නොවී ඉන්ට පුරුදු වෙන්න. හිත්වල යම් යම් අපහසුකම් එන්නට පුළුවන්. ඒකට යට නොවී ඉන්ට අපි පුරුදු වෙන්ට ඕනැ. හිතේ එන අපහසුතාවයන්ට යටනොවී ඉදීම ම තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්නෙ. වෙන අත්භූත දෙයක් නෙවෙයි. හිතේ යම් අපහසුතාවයක් එනකොට ඒකට යටවෙලා, පීඩා විඳිමින් ඉන්නව නම් එතකොට ධර්මය පුරුදු කිරීමක් නෑ.

හිතට යම් අපහසුවක් ආවොත් ඒකට යට නොවී, ඒක බැහැර කරගන්ට උනන්ඳූ වෙනව නම් ඒක තමයි ධර්මය පුරුදු කරනවා කියල කියන්න.


එතකොට ඒ විදිහට කටයුතු කරන්ට නම් අපිට විශ්වාසයක් තියෙන්ට ඕනෑ ''හිතේ හටගත්ත ඒ අපහසුව හටගත්ත එකක්. ඒක වෙනස් වෙලා නැති වෙලා යන එකක්"" කියල. අන්න එතකොට එයා ඒක අයින් කරගන්ට, නැති කරගන්ට උත්සාහ කරනවා. උත්සාහ කරද්දීත් එයාට ඒ අපහසුව දුරුකරගන්ට බැරි නම්, (මේක වෙනස් වෙලා යනවා කියන විශ්වාසයෙන්) එයා පාඩුවෙ ඉන්නව. ඇයි...? එයා දන්නව, මේක හටගත්ත දෙයක්, ඒක කලක් යනකොට නැතිවෙලා යනව කියලා.

අන්න ඒ වගේ වැටහීමක් තියෙනව නම් එයා ධර්මය ගැන වැටහීමක් තියෙන කෙනෙක්. නමුත් හිතේ යම් අපහසුවක් අපුවාම ඒකට යටවෙලා තමන්ට හානි කරගන්නව නම්, එයාට ධර්මය ගැන පොඩි හෝ වැටහීමක් තියෙනව කියල යමෙකුට කියන්න බෑ. ඒ නිසා අන්න ඒ වගේ ධර්මය ගැන වැටහීමක් උපදව ගන්ට.

එතකොට පේනව නේද තව කෙනෙකුට මේක කරල දෙන්ට පුළුවන් දෙයක් නෙවෙයි කියල. තව කෙනෙකුට මඟ පෙන්වීමක් පමණයි කළ හැක්කේ කියල දැන් තේරෙනවද? ඇයි..? තමාගේ හිත තමාමයි සකස් කරගත යුත්තේ. හිත සකස් කරගැනීමේදී, යම් යම් අවස්ථාවලදි අකුසල් ඇවිඳින් හිතේ පීඩා ස්වභාවයන් ඇතිවෙන්ට පුළුවන්. අන්න එතකොට අපි අකුසලයට යට නොවී ඒක බැහැර කරගන්ට වෑයම් කරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ.

බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළ තියෙන්නෙ වීරියවන්තයින් ගොඩ නගන විදිහක්. වීරියවන්තයින්වයි ධර්මයෙන් ගොඩ නගන්නෙ. අඬන අය නෙවෙයි. මේ ධර්මය තුළ අපිට කියා දෙන්නෙ අඬන ස්වභාවයෙන් නිදහස් වීම ගැනයි. හැංගිලා ජීවත්වන ස්වභාවයක්ද? නෑ. පිරිසක් එක්ක සුව පහසුවෙන් ඉන්න විදිහක් අපිට කියා දෙන්නෙ.

ඒ නිසා අපි මේ ධර්මයේ තියෙන මහා ලාභය තේරුම් ගන්ට ඕනැ. තේරුම් අරගෙන ඒ ධර්මයේ ඇති මහා යහපත ඇතිකර ගන්න මහන්සි වෙන්ට ඕනැ. මේ ධර්මයේ තියෙන මහා ලාභය තමයි අපිට සුවපහසු ජීවිතයක් උපදව ගන්න පුළුවන් කම.


සාමාන්‍යය මනුෂ්‍යයා සුවපහසුව සඳහා කනව, බොනව හැමදේම කරනව. අපි සාමාන්‍යය මනුෂ්‍යා කරන දේට වඩා වැඩි යමක් කරන්ට උත්සාහ කරනව. මොකක්ද ඒ? හිත සුව පහසුවට පත්කර ගැනීමට ධර්මය පුරුදු කරනවා. එහෙම කරන්ට පුළුවන් කම තියෙන්නේ හිතේ එන අපහසුවට යටනොවී, ඉන්ට උත්සාහ කිරීමෙන්. ඒ හිතේ එන අපහසුවට යටනොවී ඉන්ට පුළුවන් කම තියෙන්නේ "ඒ අපහසුව අනිත්‍යය එකක්, නැතිවෙලා යන දෙයක්, හටගත්ත දෙයක්, හට ගත්ත දේ නැතිවෙලා යනවා" කියන අදහස තියන කෙනාටයි. ඒක නේද ධර්මය කෙරෙහි තියෙන විශ්වාසය කියල කියන්නෙ.

ධර්මය දන්නවා කියල කියන්නෙ ඒක නේද? එහෙම නැත්නම් මේ පුංචි අපහසුවක් ආපුවාම, කලන්තෙ එන එකයි අපහසුව නැතිවුනායින් පස්සෙ ආඩම්බරෙන් ඉන්න එකයි නෙවෙයි, ධර්මයේ ඉන්නවා කියල කියන්නෙ. පුංචි අපහසුවක් ආපුවාම කලන්තෙ දානව. අපහසුව ගිය ගමන් ආඩම්බරෙන් ඉන්නව. ඔය දෙක ධර්මයෙන් ගොඩාක් ඈත.

පුංචි තියා ලොකු අපහසුවක් ආවත් ඒ අපහසුවට යටනොවී ඉන්නව නම්, ඒක නැතිවෙලා යන එකක් කියන වැටහීමෙන් යුක්තව, ඒක නැතිකර ගැනීම පි‚ස කටයුතු කරනවා නම්, උපක්‍රමයෙන් යුක්තව කටයුතු කරනවා නම් එතනයි ධර්මය දන්නා බව තියෙන්නෙ. අන්න ඒ වගේ තමන්ගේ හිත, පීඩාවෙන් ගලවා ගන්න මහන්සිවෙන කෙනා අකුසලයක් ඇවිඳින් හිත පීඩා නොකරන වෙලාවල් තියෙනවනෙ, එතකොට ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, දැන් මෙහෙම හිටියට මේ හිත අකුසලයක් ආපු ගමන් යටවෙනව. මේ හිතේ අකුසල් තියෙනව කියල, එයට තමන් ගැන අවංක වැටහීමක් තියෙනව. එයා ආඩම්බර වෙන්නෙ නෑ. එයා දන්නවා, මේ හිත පොඩ්ඩ ඇත්නම් මාව පීඩාවට පත්කරන එකක්. මේ හිතේ රාගය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා. මේක ද්වේෂය ඇවිත් මාව පීඩාවට පත්වෙනවා. මේ හිතේ මෝහය ඇවිඳින් මාව පීඩාවට පත්වෙනවා.

මේ හිත කෙලෙස් සහිත එකක් කියලා. මේ හිත පිරිසිඳූ කරගත යුතු එකක් කියල එයා කල්පනා කරනව. එතකොට එයාගෙ ආඩම්බරය ගෙවිල යනව. එතකොට එයාට ආඩම්බර වෙන්න දෙයක් නෑ. ඒ නිසා තමන්ගෙ හිතේ ස්වභාවය තේරුම් ගන්න. තේරුම් අරගෙන හිතේ එන අපහසුකම් බැහැර කරගැනීම පිණිස ධර්මයට අනුව කල්පනා කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
දිනමිණ දවසේ සිතුවිල්ල
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
33980_220686341410380_1813404667_n.jpg

අවබෝධ කළයුතු දුක...............

යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. ප්‍රිය ස්වභාවය ඇතිකරන දේවල් ගැන ආස්වාදයට අනුව හිත හිතා ඉන්නව. අන්න ඒ විදිහට ආස්වාදයට අනුව හිත හිත ඉන්ට ඉන්ට එයාගේ සිතේ ආසාව ඉපදෙනව. ආසාව ඉපදුනහම ඒවට බැඳිල යනව. බැඳිල ගියාට පස්සෙ දුකට පත්වෙනව, දුක ඉපදෙනව. එතකොට බලන්න මේ අකුසල විතර්ක හිත හිතා ඉන්ට ඉන්ට දුකටම ඇදල දානව. අන්න එයා නිවන් මගෙන් ඈත්වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහනසේ කියා දෙන්නේ, "ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, ඒ විහින්සා විතර්ක හිත හිතා ඉන්ට එපා. මුළුමනින්ම අපේ ජීවිත විනාසවෙලා යනව" කියල .

නමුත්, යම් කෙනෙක් ආර්ය සත්‍යය ගැන හිතන්ට පෙළඹුනොත් හිතන්න පුරුදු වුනොත් අන්න එයාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් උපරිම ඵල නෙලාගන්ට පුළුවන්කම තිබෙනව. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ඉපදීම දුකයි කියල, වයසට යාම දුකයි කියල අපිට පෙන්වා දෙනව, මරණයට පත්වීම දුකයි කියල අපිට පෙනවා දෙනව, ලෙඩවීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියල අපිට පෙන්වා දෙනව, අප්‍රියන් හා එකතුවීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි කියල අපිට පෙන්වා දෙනව. අපිට අවබෝධ කරගන්ට තිබෙන්නේ මේ ධර්මය. අතිශය දුෂ්කර වන්නේත් මේ ධර්මය අවබෝධ කිරීමමයි.

දැන් බලන්න අපි සසරේ අනන්ත වාර ගණනක් ඉපදුනා. එසේ ඉපදෙද්දීත් අපිට බැරිවුනේ ඒ ඉපදීම දුකයි කියල අවබෝධ කරන්ට. ඉපදුන දා පටන් අපි මොහොතින් මොහොත මොහොතින් මොහොත වයසට ගියා. මේ ජීවිතයේදීත් අපි මොහොතින් මොහොත වයසට ගියා. වයසට යද්දීත් ඒ වයසට යාම දුකයි කියල අවබෝධ කරගන්ට අපිට බෑ. අපිට ඒ ආර්ය සත්‍යය තේරුම් ගන්ට නොහැකිවීම නිසාම, නැවත නැවතත් අන්ධකාරයටම වැටෙනව. අපිට ලෙඩවුනා, අනන්ත වාර ගනනක් ලෙඩවුනා. මේ මොහොතේදීත් නොයෙකුත් ලෙඩ මේ ශරීර වලට ඇති. නමුත් ඒ ලෙඩවීම තියෙද්දීත්, ඒ ලෙඩවීම දුකයි කියල අවබෝධ කරගන්ට බෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීම සිදුවෙනව. අප්‍රියන් හා එකතුවෙනව. ඒක දුකයි කියල තේරෙන්නෙ නෑ. බලන්න දුකට වැටෙද්දීත් මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නෑ.

නමුත් අපි ආර්ය සත්‍යය දන්නෙ නැද්ද? දුක්ඛ ආර්ය සත්‍යය අපි ඉගෙනගෙන නැද්ද? අපි කථාකරන්නෙ නැද්ද? කථාකරනව. ඉගෙන ගෙන තිබෙනව. අනිත් අය එක්ක කථාකරනව. නමුත් අපිට තිබෙන අඩුව මොකක්ද? අපිට නැත්තෙ අවබෝධය. දැන් බලන්න කෙස් ගහක් පැහෙද්දී, ඒ ගැන දුක උපදිද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිද්ධවෙන්නෙ මොකක්ද? හඬා වැළපෙන එක.

රෝග පීඩාවක් වළදෙද්දී, මෙයයි දුක කියල අපිට තේරෙන්නෙ නැත්නම්, අපිට සිදුවෙන්නෙ මොකක්ද? හඬාවැළපෙන එක. කම්පා වෙන එක. බලන්න අපිට දුකේ වැටෙද්දීත්, මෙයයි දුක කියල තේරෙන්නෙ නැත්නම් ආර්ය සත්‍යය ගැන අවබෝධයක් අපිට නෑ.

දැන් අපි ඉපදුනා ඒ ඉපදීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම්, ඒ ඉපදීමෙන් නිදහස්වීමක් නෑ. අපි වයසට යනව. ඒ වයසට යාම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් වයසට යාමෙන් නිදහස් වෙන්ට අපිට බෑ.

අපිට ලෙඩ රෝග ඇතිවෙනව. ඒ ලෙඩරෝග ඇතිවීම දුකයි කියල අපිට තේරෙන්නෙ නැත්නම් අපිට රෝග පීඩා වැළදීම කියන දුකින් නිදහස්වෙන්ට බෑ. එතකොට අපිට සිද්ධවෙන්නෙ ඒ දුකට වැටි වැටී ඒ දුක තුලම වාසය කිරීමක් මිසක නිදහස්වීමක් නෑ.

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ මේ දුක තුළ වාසය කිරීම නෙමෙයි. මේ දුකින් නිදහස්වීමයි. නිදහස්වෙන්ට නම් කළ යුත්තේ දුක තුල වාසය කිරීම නෙවෙයි, මෙයයි දුක කියල අවබෝධ කිරීමයි. වයසට යනකොට මෙයයි දුක කියල යමෙකුට අවබෝධ වෙනව නම්. මේ තමයි භාග්‍යවතුන් වහන්සේ දුක කියල කියල දුන්නේ කියල අපිට අවබෝධ කරගන්ට පුළුවන් නම් අපි ඒකට අකමැති වෙනව. එහෙනම් අපි අන්න ඒ විදිහට ඒ දුක්ඛ ආර්ය සත්‍යය ගැන අබබෝධය ඇතිකරගන්ට කල්පනා කළ යුතුයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
(දිනමිණ දවසේ සිතුවිල්ල)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
All-rights-reserved-by-Maheash-Nelanka_DM.jpg


භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා, ”පින්වත් මහණෙනි, මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත් වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත් වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. සිත කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල.
භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, ”පින්වත් මහණෙනි, මේ ධර්මය යම් කෙනෙක් ඔය ආකාරයට ම ශ‍්‍රද්ධාවෙන් අදහා ගත්තොත්, ශ‍්‍රද්ධාවෙන් බැස ගත්තොත් අන්න එයාට කියනවා ”ශ‍්‍රද්ධානුසාරී කෙනා” කියල. එයාට කියනවා ”පෘතග්ජන භූමිය ඉක්මවා ගිය කෙනා” කියල. එයාට කියනව ”සත්පුරුෂ භූමියට පැමිණුන කෙනා” කියල. එතකොට එයා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි, මෙන්න මේ කෙනා, සතර අපායෙ වැටෙන යම් කර්ම තියෙනව නම්, අන්න එබඳු කර්ම කරන්ට අභව්‍ය යි. එයා අතින් සිද්ධවෙන්නෙ නෑ” කියල දේශනා කරනවා. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කරන්නෙත් නෑ කියල දේශනා කරනව. ඒ කොහොම කෙනා ද? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන හය අනිත්‍යයි කියල අදහා ගත්ත කෙනා යි. මේ ආයතන හය අනිත්‍යයි, වෙනස්වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙලා යන දේවල් කියල ශ‍්‍රද්ධාවෙන් අදහගත්ත නම්, අන්න එයාට කියන්නෙ ”ශ‍්‍රද්ධානුසාරි කෙනා” කියල. එයා අසත්පුරුෂ භූමිය ඉක්මවල ගිහිල්ල තියෙන්නෙ. සත්පුරුෂ භූමියට පැමිණිලා තියෙන්නෙ. සතර අපායේ වැටෙන යම් කර්ම තියෙනව නම් එයා අතින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම තමයි එයා සෝතාපන්න නොවී කළුරිය කිරීමක් සිද්ධ වෙන්නෙත් නෑ. මැරෙන්ට මොහොතක් තියල හරි එයා සෝතාපන්න වෙනව.
එතකොට එයාට සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාව ලැබිල ද නැද්ද? සතර අපායෙන් නිදහස් වීමට අවස්ථාවක් එයාට ඉපදිලා. අපි මේ ධර්මයට පිවිසිය යුත්තේ එතනින් නේද? දැන් අපිට කල්පනා කරන්ට අවස්ථාවක් තියෙනව, අපි මේ ධර්මයේ හැසිරෙනවා කියල කුමක් ද කළ යුත්තේ? අපි පොත පත බලනව, ධර්ම දේශනා අහනව, බණ භාවනා කරනව, වත් පිළිවෙත් කරනව, ධර්ම කතාව කරනව, ධර්මය පාඩම් කරනව. ධර්මයේ හැසිරෙනව යි කියල නොයෙකුත් ආකාර දේවල් අපි කරනව.අපි මේ සියළු කටයුතු කරමින් කුමක් උදෙසා ද ධර්මයේ හැසිරෙන්නෙ? අනිත්‍යය තේරුම් ගැනීම පිණිස යි. දේශනාවන් ඉගෙන ගන්නෙත්, ඒව සාකච්ඡා කරන්නෙත් මේ ඔක්කෝම අපි කරන්නෙ ‘අනිත්‍යය’ කියන ධර්මය තේරුම් ගැනීම සඳහායි, වටහා ගැනීම සඳහායි යි, අවබෝධ කරගැනීම සඳහා යි.
අනිත්‍යය කියන ධර්මය අපි තේරුම් ගන්නෙ නැතුව මේ ධර්මයෙන් අංශු මාත‍්‍රයක ප‍්‍රයෝජනයක්වත් අපිට ගන්ට බෑ. මේ ධර්මය මුළුමනින් ම තියෙන්නෙ අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිස යි. අනිත්‍ය කියන ධර්මය අපි තේරුම් ගත්තොත් මේ ධර්මය පරිපූර්ණ වූ ප‍්‍රයෝජන ලබා ගන්ට පුළුවන්. මේ ධර්මයෙන් අපිට අත්කර ගන්ට තියෙන පරිපූර්ණ වූ ප‍්‍රයෝජනය මොකක් ද? දුකෙන් නිදහස් වීම, නිවන අවබෝධ කිරීම. එතකොට දුකෙන් නිදහස් වීම, එහෙමත් නැත්නම් නිවන අවබෝධ වීම සිදුවෙන්නේ අනිත්‍යය කියන ධර්මතාවය තේරුම් ගැනීමෙන්. අනිත්‍යය තේරුම් ගන්නෙ නැති කෙනාට දුකේ නිදහස් වීමක්, නිවන අවබෝධ කිරීමක් නෑ. ඒ නිසා අපි ආරම්භයේදී ම අපි අනිත්‍යය කියන ධර්මතාවය පිළිගන්ට ඕනැ. ඒකයි මේ ඇස අනිත්‍යයි, වෙනස්වෙලා යන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියන මේ ධර්මතාවය ශ‍්‍රද්ධාවෙන් අදහාගත යුත්තේ. ඒ ශ‍්‍රද්ධාවෙන් අදහා ගන්න කෙනා ”ශ‍්‍රද්ධානුසාරී” කෙනා බවට පත්වෙනව. එතනින් නේද නිවන් මගට පිවිසෙන්නෙ? ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යය යි කියල දේශනා කළා නම් අන්න ඒ අනිත්‍යයි කියල අපිට පෙන්වා දුන් ඒ ධර්මය අදහා ගත්තොත්, එපමණකින් ම එයා නිවන් මගට බැසගත් කෙනා බවට පත්වෙනව. එතකොට එයා කළබල වෙන්නෙ නෑ.
දැන් ඔන්න යම් කෙනෙක් ඉන්නව එයා පිළිගන්නව ඇස අනිත්‍යයි, වෙනස් වෙන දෙයක්. අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක් කියල. ඒ වගේම කණ, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන අනිත්‍යයි වෙනස්, වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දේවල් කියල පිළිගන්නව, ශ‍්‍රද්ධාවෙන් අදහ ගන්නව. මෙන්න මේ විදිහට අදහ ගත්ත කෙනා, මේ අදහා ගත්තා වූ ධර්මය පුරුදු කරනව. එතකොට එයා ඒ පුරුදු කරන්නේ කුමක් පිණිසද? අදහා ගත්තා වූ ධර්මය වටහා ගැනීම පිණිසයි. දැන් අදහා ගත්තෙ කුමක්ද? ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත මේ ආයතන අනිත්‍යයි, වෙනස් වෙන දේවල්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දේවල් කියල.දැන් එයා ඒ අදහා ගත්ත ධර්මය අවබෝධ කරගැනීම පිණිස පුහුණු වෙනව. එතකොට යම් කලකදී එයා අවබෝධ කරන්නෙ මොකක්ද? අදහා ගත්ත දේ තමයි අවබෝධ කරන්නේ. අවබෝධ කරනව කියල කියන්නේ ප‍්‍රත්‍යයක්ෂ වෙනව. එයා තුළම ඉපදුන දැනුමක් බවට පත්වෙනව. එයා මුලින් පිළිගත්ත ඇස අනිත්‍යයි කියල.ඊටපස්සෙ එයා ඇසේ අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීම සඳහා පුරුදු වෙනව. යම් කලකදී ඇස අනිත්‍යයි කියන එක එයා තුළම ඉපදුන වැටහීමක් බවට පත්වෙනව. අන්න එදාට එයා ධර්මයේ ඉස්ථිරවම පිහිටපු කෙනා බවට පත්වෙනව. නොසෙල්වෙන ආකාරයෙන් එයා ධර්මය තුළ පිහිටපු කෙනා බවට පත්වෙනව.
එහෙම යම් කෙනෙක් ධර්මය තුළ ඉස්ථිර ව පිහිටියොත් එයා කළබල වෙනවද? බය වෙනවද? නෑ. දැන් බලන්න එතකොට අපි මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතනවල අනිත්‍යය ස්වභාවය තේරුම් ගැනීම පිණිස තමයි මහන්සි විය යුත්තේ. අනිත්‍යය කියන ධර්මය තේරුම් ගැනීම පිණිසයි අපි පුරුදු විය යුත්තේ. එතකොට යම් කෙනෙක් මේ ආයතන අනිත්‍යයි කියල අදහා ගෙන ඒ අනිත්‍ය ස්වභාවය තේරුම් ගැනීම පිණිස පුහුණු වෙනවා නම් යම් වෙලාවක එයාට අනිත්‍යය වැහුනොත් එයා සතුටට පත්වෙනව. ඒ මොකද ඒ? එයා තේරුම් ගන්ට වෑයම් කළේ අනිත්‍යය. අනිත්‍ය තේරුම් ගන්ට වෑයම් කරපු කෙනා අනිත්‍යය දැක්කොත්, අනිත්‍යය තේරුම් ගත්තොත් එයා සතුටට පත්වෙනව.
සොල්දාදුවෙක් යුද්දෙට යනව. මෙයා සතුර දකිනව. යුද්දෙ දිනන්ට වුවමනාවෙන් යන දක්ෂ සොල්දාදුව සතුර දැක්කොත් බය වෙනවද? නෑ. එයාට සතුටත් එක්ක වීරිය උපදිනව. ඇයි ඒ? එයා සොයපු දේ මුණ ගැහුන. යුද්දෙ දිනන්ට වුවමනා නැති සොල්දාදුවෙක් ඉන්නව. එයා සතුර සොයනවද? නෑ. බේරිලා ඉන්නේ කොහොමද කියල එයා හොයන්නේ? එයා දකිනව සතුරව. මොකද වෙන්නේ? බය වෙනවා. තැති ගන්නව. කලන්තෙ දානව.
අන්න ඒ වගේ යම් කෙනෙක් ඉන්නව. එයා නිවන අවබෝධ කිරීමට කැමතියි. එයා අනිත්‍යයි කියන ධර්මය අදහා ගන්නව. ශ‍්‍රද්ධාවෙන් බැසගන්නව. එයා මේ අනිත්‍යය තේරුම් ගැනීම පිණිස කැමතියි. එයා වෑයම් කරනව. යම් කලෙක එයාට තේරෙන්ට ගන්නව මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත අනිත්‍යයි කියල. ඒ තේරෙන්නෙ කොයි අවස්ථාවකදීද? මේ ආයතන වෙනස්වෙන කොට. අනිත්‍යයි කියල අදහා ගෙන අනිත්‍යය වටහා ගැනීම පිණිස පුහුණු වෙනවා. එතකොට එයාට පේනවා මේව වෙනස් වෙලා යනව. වෙනස් වෙලා යනකොට එයාට තේරෙනව මෙන්න මම සොයන දේ සිද්ධවෙනවා කියල. එයා හොයන්නෙ, එයා පුහුණු වෙන්නෙ අනිත්‍යය තේරුම් ගන්න. අනිත්‍ය තේරුම් ගන්ට පුරුදු වෙන කොට අනිත්‍යය සිද්ධවෙනවා. එතකොට එයා සතුටු වෙනව.
යම් කෙනෙක් ඉන්නවා අනිත්‍යය කියන ධර්මය අදහාගෙන නෑ. පිළිඅරගෙන නෑ. විශ්වාස කරල නෑ. හැබැයි එයාට කියල දෙන්නත් පුළුවන්. පාඩම තියෙනව. හැබැයි එයා අනිත්‍යයි කියන එක දරාගෙන නෑ. ශ‍්‍රද්ධාවෙන් පිළිඅරගෙන නෑ. එයා පිළිනොගත්ත කියල අනිත්‍ය සිදුනොවී තියෙයිද? සිදුවෙනවා නේද? එහෙම අදහාගෙන නැති කෙනා තුළ අනිත්‍යය සිද්ධ වෙනවා. එතකොට එයා බය වෙනව. කළබල වෙනව. මේ මොකද කියල හිතනව.
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි හිත විසිරෙනව කියන එක. ඒක ලොකු අරුබුධයක් එයාට. ඒ මොකද හිත විසිරෙන්නෙ? ඒ තමයි අනිත්‍යය ස්වභාවය. අපි හිත අනිත්‍යයි කියල අදහාගෙන තිබුන නම් හිත විසිරෙන කොට අපි කලබල වෙනවද? නෑ. ඇයි හිත විසිරෙන කොට අපි කළබල වෙන්නෙ? හිත විසිරෙනවා කියල අපි පිළිඅරගෙන නෑ. විසිරෙනවා කියන්නෙ අනිත්‍යයේ ස්වභාවයක්. අනිත්‍යය ධර්මතාවය පිළිගත්තනම් විසිරෙන කොට එයාට තේරෙනවා මේ තියෙන්නේ මම පිළිගත්ත දේ කියල. මේක තමයි අනිත්‍යය කියල කියන්නේ කියල එයාට තේරෙනව. එයා යම් ධර්මයක් අදහා ගත්ත නම් ඒ අදහාගත් ධර්මය එයා දකිනව.
අපිට භාගයවතුන් වහන්සේ පෙන්වා දෙනව ”පින්වත් මහණෙනි මේ සිත අනිත්‍යය දෙයක්. වෙනස් වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්” කියල. අපි මේ ධර්මය අහනව. අහල ශ‍්‍රද්ධාවෙන් පිළිගන්නව. ශ‍්‍රද්ධාවෙන් පිළිඅරගෙන අනිත්‍යය තේරුම් ගැනීම පිණිස සිහිය උපද්ද ගන්නව. සිහිය උපද්දගෙන අපි අනිත්‍යය තේරුම් ගැනීමට කටයුතු කරනව. එතකොට මේ සිත වෙස්වෙනව අපිට තේරෙනව. දැන් අපි අදහාගත්ත ධර්මය දකින්න පුළුවන් නේද?
යුද්දෙට ගිය සොල්දාදුවට යම් කෙනෙක් කියනව අසවල් තැන සතුරා ඉන්නේ කියල. දැන් මෙයා සතුර සොයාගෙන යනව. ඈතින් සේයාවක් පේනව. දැන් එතකොට මොකද එයාට වෙන්නේ? එයා කළබල වෙන්නෙ නෑ නේද? එයා කළබල වෙයිද? තවත් සංසුන් වෙයිද? තවත් සංසුන් වෙනව. ඇයි ඒ? එයා දන්නව එයා කලබල වුනොත් එයාට සතුර අල්ලගන්න බෑ. කලබල වුනොත් එයා සතුරගෙ ගොදුරක් බවට පත්වෙනකව. එහෙනම් සතුරා ගැන හොයන කෙනා, කළබල නොවී ඉන්න කෙනෙක්. සතුරා මර්ධනය කරන්න කැමති සොල්දාදුවා කළබල වෙන්නෙ නෑ. කළබල වුන ගමන් එයා සතුරගෙ ගොදුරක් බවට පත්වෙනව. අන්න ඒ වගේමයි. අනිත්‍ය කියන ධර්මය තේරුම් ගන්ට කැමති කෙනා මුලින් කළ යුත්තේ අනිත්‍යය කියන ධර්මය අදහා ගැනීමයි. ඒ අදහා ගත්ත කෙනාගේ ස්වභාවය තමයි යම් මොහොතකද අනිත්‍ය සිද්ධවෙන්නේ එ‍තෙන්දි එයා කළබල වෙන්නෙ නෑ. ඇත්තෙන්ම එයා කළබල වීම අතහරින්නේ අනිත්‍යය ධර්මය අදහා ගත්ත වෙලාවක. කළබලේ අත හැරල ඒ ධර්මය තේරුම් ගැනීම පිණිස එයා මහන්සි වෙනව. එයාට සතිපට්ඨානයේ සිහිය පිහිටුවන්ට පුළුවන්.
අනිත්‍යය කියන ධර්මය අදහා නොගත්ත කෙනාට සතිපට්ඨානයේ සිහිය පිහිටුවන්ට බෑ. ඇයි සිහිය පිහිටුවන්ට බැරි? එයා අනිත්‍ය සිද්ධවෙන කොට කළබල වෙනව. සිත විසිරෙනවා කියල කියන්නෙ සිත වෙනස් වෙනව. අනිත්‍ය කියන ධර්මතාවය මතුවෙනව. අනිත්‍යය බවට පත්වෙනව. එතකොට සිත විසිරෙනකොට අපි කළබල වෙන්නෙ ඇයි? ඒ ගැන වැටහීමක් නැති නිසයි. අනිත්‍යය පිළිගත් කෙනා කළබල වෙන්නෙ නෑ. සිත විසිරෙන කොට එයා තේරුම් ගන්නවා දැන් මේ සිත විසිරෙනවා කියල. එතකොට සිත සතිපට්ඨානයේ සිහිටියා නේද? අනිත්‍යය කියන දේ පිළිගත්ත කෙනාගේ සිතේ රාගය එනව. එයා බය වෙනවද? එයා සිහිය පිහිටුවගෙන දැන් මේ හිතේ රාගය තියෙන්නේ කියල සිහියෙන් දකිනව. එයා කළබල වෙනවද? නෑ. හිත හැකිලෙනකොට එයා දැන ගන්නවා දැන් මේ හිත හැකිලීමට පත්වෙලයි තියෙන්නේ කියල. අනිත්‍ය කියන දේ තේරුම් නොගත්ත කෙනා හිත හැකිලූනත් කළබල වෙනව. හරි වැඬේ මේ මොකද මේ කියල බලනව. හිත විසිරුනත් කළබල වෙනව. මේ හිත විසිරෙනවනෙ මුකුත් කරන්න බෑනෙ කියල එයා බයවෙනව.
එනිසා අපි විසින් කළ යුතු වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් අනිත්‍යය කියන ධර්මය ශ‍්‍රද්ධාවෙන් අදහා ගැනීමයි. එනිසා මේ මොහොතේ හරි තේරුම් ගන්න ඒ අනිත්‍යය ධර්මය අදහා ගැනීමෙන් මයි මේ ධර්මයෙන් ප‍්‍රයෝජනයක් ගත හැක්කේ. අනිත්‍යයි කියන ධර්මය අදහා ගැනීමෙන් මයි මේ ධර්මයට පිවිසෙන්නෙ. අනිත්‍යය කියන ධර්මය අදහා ගන්නෙ නැති කෙනා ධර්මයට පිවිසෙන්නෙ නෑ. නිවන් මගට එයාට බැසගන්න බැරුව යනව. ඒ නිසා හොඳට ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය කියවන්න, අහන්න. අහල මේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ආයතන ගැන ඒ පෙන්වා දුන් ධර්මය අදහා ගන්න. මොකක්ද අදහාගත යුතු ධර්මය? මේ ඇස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයකට පත්වෙන දෙයක්. කණ කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. නාසය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. දිව කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. කය කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක්. මනස කියන්නෙ අනිත්‍යය දෙයක්, වෙනස්වෙන දෙයක්, අන්‍යය ස්වභාවයක්ට පත්වෙන දෙයක් කියලා.
භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් මේ ධර්මය ඉගෙන ගෙන ඒ ධර්මය අදහා ගන්න සත්‍යයක් කියල. ඒ අදහා ගත්ත ධර්මය තමා තුලින් දකින්න වෑයම් කරන්න. සිතේ ස්වභාවය ගැන අපිට කියා දීල තියෙනව. ඒ ධර්මය ඉගෙන ගන්න. ඒ ධර්මය අදහා ගන්න. තමන්ගෙ සිත වෙනස්වෙන ස්වභාවය තේරුම් ගන්න. එතකොට තමන්ට තේරෙයි ඒ භාග්‍යවතුන් වහන්සේ තමන්ගෙ සිත ගැන කියා දුන් දේ ඇත්ත නේද කියල. එතකොට එයාට ඒ තුලින් තේරුවන් කෙරෙහි පැහැදීම උපදව ගන්ට පුළුවන්. ඒ විදිහට තමයි ධර්මයට පිවිසෙන්නෙ. වෙන ක‍්‍රමයක් නෑ. ධර්මය ඉගෙන ගන්න. ඉගෙන ගත්තා වූ ධර්මය අදහාගන්න. අදහාගත්තා වූ ධර්මය තමා තුළ කි‍්‍රයාත්මක වෙනවා තේරුම් ගන්න. අන්න එතකොට එයාට තේරෙයි ධර්මය සන්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි, නුවණ තියෙන කෙනා ඒ නුවණ තියෙන පමණින් මේ ධර්මය අවබෝධ කරනවා කියල. අන්න ඒ විදිහට ඒ ගුණ දකින කෙනා ධර්මය පිළිගන්නව. මේ ධර්මය ස්වාක්ඛාතයි කියල පිළිනොගන්න කෙනා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නෙ නෑ. එයා භාග්‍යතුන් වහන්සේව සැක කරනව. භාග්‍යවතුන් වහන්සේ පිළිනොගන්න කෙනා, ධර්මය පිළිනොගන්න කෙනා, ආර්ය මහා සංඝරත්නය පිළිගන්නෙ නෑ.
එහෙනම් අපි ඉගෙන ගන්න ධර්මය අදහා ගන්න. අදහාගෙන ඒ ධර්මය තමන් තුළ කි‍්‍රයාත්මක වෙනවා තේරුම් ගන්න. අන්න එතකොට අපිට තේරුවන් කෙරෙහි පැහැදීම උපදව ගන්ට පුළුවන් කම තියෙනව. අන්න එයා නිවන් මගෙන් බැහැරට යන්නෙ නෑ. නිවන් මගේ ඉස්ථිරව පිහිටපු කෙනෙක් බවට පත්වෙනව. එයාට සතිපට්ඨානයට සිත පිහිටුව ගන්ට අවස්ථාව තියෙනව. අපි හැම දෙනාටම ආශිර්වාද කරනව ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ පරම ගම්භීර වූ ධර්මය කෙරෙහි ශ‍්‍රද්ධාව උපදවා ගැනීමට ඒ ධර්මය ශ‍්‍රද්ධාවෙන් අදහාගැනීම පිණිස දුර්ලභ වූ භාග්‍යය උදාවේවා කියල.
නාවලපිටියේ අරියවංශ හිමි
‘දිවයින බුදු මඟ’ ධර්ම සංග්‍රහයෙහි පළ වූ ලිපියක් ඇසුරෙනි.


http://dhammamedicine.net/2011/10/20/anithya_bawa_adahaa_ganimu/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
546873_215782608567420_778474629_n.jpg


සංස්කාරයෝ අනිත්‍යයි.............

ඔබට මේ ජීවිතේ ලබපු යම් සැපක් තියෙනව නම් ඒ සැපට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් සොම්නසක් තියෙනව නම් ඒ සොම්නසට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් කීර්තියක් තියෙනව නම් ඒ කීර්තියට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් ප්‍රශංසාවක් තියෙනව නම් ඒ ප්‍රශංසාවට වසඟ වෙන්ට එපා. ඒ සැප සම්පත් ඒ කීර්ති ප්‍රශංසා වලින් හිත යට වෙන්ට දෙන්ට එපා. ඔබට මේ ජීවිතේදි යම් දුක් පීඩා තිබුන නම් තියෙනව නම් අන්න ඒවටත් හිත යට වෙන්න දෙන්ට එපා. ඔබට මේ ජීවිතේදී යම් නින්දා තියෙනව නම් අපහාස තියෙනව නම් කර්කෂ වූ දුක් පීඩා තියෙනව නම් අන්න ඒවටත් හිත යට වෙන්ට දෙන්ට එපා.

ඒ දේවල් ගැන කෙසේද කල්පනා කළ යුත්තේ? ඒ සියල්ල අනිත්‍යයි. ඒ සියල්ල සංස්කාර. හේතුවකින් හට ගෙන හේතු නැති වීමෙන් නැති වෙලා යන දේවල්. ඒ සියලු සංස්කාර නැසෙන ස්වභාවයෙන් යුක්තයි. වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යය ධර්මයට අයිති දේවල්. නමුත් තියෙන ප්‍රශ්නය මොකක්ද? ඒ සියලු සංස්කාර අනිත්‍යය වෙමින් තිබෙද්දී ඒ සියලු සංස්කාර අනිත්‍යය ධර්මයට අයිතිව තිබෙද්දී ඒ සියලු සංස්කාර අනිත්‍යය වෙමින් යද්දීත් තිබෙන ගැටලුව මොකක්ද? අපිට ඒවා අනිත්‍යයි කියල තේරෙන්නෙ නැතිකම. සියලු සංස්කාර අනිත්‍යය වෙමින් යද්දී, අනිත්‍යය වෙමින් යනව ඇහැට පෙනී පෙනී තිබෙද්දී නැසි නැසී යනව ඇහැට පෙනී පෙනී තිබෙද්දී ඒ සංස්කාරවල අනිත්‍ය තේරුම් ගන්ට අපිට බැරිවෙලා තියෙනව.

එතකොට අපි ප්‍රමාදය තුළද වාසය කරන්නෙ අප්‍රමාදය තුළද? ප්‍රමාදය තුළමයි වාසය කරන්නෙ. යමෙක් සංස්කාරවල අනිත්‍යය දකිමින් වාසය කරනවා නම් සිහි කරමින් වාසය කරනවා නම් තේරුම් ගනිමින් වාසය කරනවා නම් ඒ අනිත්‍ය ධර්මය අවබෝධ කර ගනිමින් වාසය කරනවා නම් ඒ අනිත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ තියුනු කැමැත්තෙන් වාසය කරනවා නම් අනිත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස නැඹුරු වූ සිතින් වාසය කරනවා නම් එයා අප්‍රමාදය තුළ වාසය කරන කෙනෙක්.

මේ විදිහට එයා කලක් වාසය කරනකොට එයා සතර අපායෙ වැටෙන කර්ම කිරීමට හේතු වන්නා වූ යම් අකුසල් තියෙනව නම් ඒ අකුසල් සියල්ල සිතෙන් ප්‍රහාණය කරනව. මොනවද ඒ අකුසල් රාගය, ද්වේෂය, ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, මාන්‍යය, එකට එක කරන ගතිය, ගුණ මකු කම, ඉච්ඡාව මෙන්න මේ වගේ දේවල් වලින් තමයි සතර අපායේ වැටීමට හේතු වන අකුසල් කෙරෙන්නෙ.

සංස්කාර වල අනිත්‍යය තේරුම් ගත්ත කෙනා ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය ප්‍රඥාව කියන ඒ සේඛ ධර්ම උපදවා ගනිමින් තමාගේ හිතේ හටගන්න ඒ රාගය, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, ඊරිසියාව, ගුණ මකු කම, එකට එක කරන ගතිය, දැඩි කම, මසුරු කම ආදී සතර අපායේ වැටෙන්න හේතුවන දුෂ්චරිතය කරන්ට හේතු වන්නා වූ ඒ අකුසල් ක්‍රම ක්‍රමයෙන් බැහැර කර ගෙන සම්පූර්ණයෙන් හිතෙන් ඒ අකුසල් නිරුද්ධ කර ගන්නව. අන්න ඒ විදිහට ඒ අකුසල් හිතෙන් නිරුද්ධ වෙලා ගියායින් පස්සෙ හිත පිරිසිඳූ එකක් වෙනව. එසේ හිත පිරිසිඳූව පවතිද්දීත් එයා කුමක්ද පුරුදු කරන්නෙ? සංස්කාරවල අනිත්‍යය එයා පුරුදු කරනව.

එතකොට එයාට ඒ සංස්කාර වල අනිත්‍යය ගැන වැටහීම අඩුවෙයිද බලවත් වෙයිද? බලවත් වෙනව. ඉස්ථිර වෙනවා. අන්න එදාට එයා සෝතාපන්න වෙනව. අන්න එතකොට යම් කෙනෙක් මේ ජීවිතයේදී සංස්කාර අනිත්‍යයයි කියල පිළිගත්තොත් අන්න එසේ පිළිගත්ත කෙනා සංස්කාරවල අනිත්‍යය බව ගැන වැටහීම ඉස්ථිර දෙයක් බවට පත්කර නොගෙන කළුරිය කරන්නෙ නෑ. සෝතාපන්න නොවී කළුරිය කරන්නෙ නෑ. ඒක සිද්ධවෙන දෙයක්. අන්න එසේ තමන්ගෙ ජීවිතය දියුණු කරගැනීම පිණිස සියලු දෙනාටම දුර්වල වූ භාග්‍යය උදාවේවා!!!!



පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
734888_216275331851481_1838612385_n.jpg


හිත රැකගනිමු..............

මේ ධර්මය පුරුදු කිරීමේදී හැම දෙයක්ම කළ යුත්තේ හිත ආරක්ෂා කර ගන්න. හිතට හානි නොවී හිත රැකගන්ට ඕනැ. හිතට හානි වෙනව නම් අපි වෙන මොනව රැකගත්තත් වැඩක් තියෙනවද? නෑ.

හිතට හානි වෙද්දීත් යමක් රකින්ට උත්සාහ කරනව නම් රැක ගන්න උත්සාහ කරනව නම් ඒක කුසල්ද? කුසල් වලට වැටෙන්නෙ නෑ. ඒක එක්කෝ ලාභ සත්කාරයක්. එහෙම නැත්නම් කීර්ති ප්‍රසංසා. එහෙම නැත්නම් සමාජ තත්වයක්, හිත මිතුරු කමක්. නේද? හිත විනාස වෙද්දීත් ආරක්ෂා කරනව නම් ආරක්ෂා කරන්නේ එහෙම දෙයක් නේද?

ඒ නිසා බලන්න මේ අපි යමක් කරන කොට ඒ කරන දේ මුල් වෙලා අපේ හිත ආරක්ෂා වෙනවද හිත විනාසවෙලා යනවද, හිත කිලිටි වෙනවද කියල. හිත කිලිටි වෙනව නම් අන්න එබඳූ දේ නොකළ යුතුයි.

හිත කිලිටිවෙන අකාරයට අපි කටයුතු නොකළ යුතුයි. අපි යමක් කරන කොට අපිට යමක් ලැබෙනවද නැද්ද කියලද බලන්නෙ? නෑ. අපිට යමක් ලැබුන හෝ නොලැබුනා හෝ ඒක නෙවෙයි වඩා වැදගත් වෙන්නේ හිත ආරක්ෂා වෙනවද කියන එකයි ඉතාම වැදගත් වෙන්නෙ.

අපිට යමක් ලැබුනා හෝ නොලැබුනා හෝ හිත ආරක්ෂා කර ගැනීමයි වඩා වැදගත් වෙන්නෙ.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
(දිනමිණ දවසේ සිතුවිල්ල)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
560427_213814958764185_1303354577_n.jpg


කොතැනද අර්බුදය තියෙන්නේ......

නිදහස් වෙන්න කැමති කෙනා විමසා බැලිය යුත්තේ කුමක් ද?නිදහස් විය යුතු තැන කොතැනින්ද නිදහස් වෙන්නෙ කියලා බලන්න ඕනෑ.බනින මිනිසුන්ගෙන් බේරි බේරි යන්න කල්පනා කලෝත් කවදාවත් බේරෙන්න බෑ.කෙලවර කරන්නත් බෑ.බලන්න කොතැනද අර්බුදය තියෙන්නේ කියලා.අන්න එතකොට අර්බුදය තියෙන තැන තේරැම් ගන්න පුළුවන් වෙයි.එයා තේරැම් ගන්නවා මගේ හිත කිළිටියි.මේ කිළිටි හිතෙන් මම බැට කන්නේ.මොකෙන්ද කිළිටි වෙන්නේ?රාගයෙන් කිළිටි වෙනවා,ද්වෙශයෙන් කිළිටි වෙනවා.මෝහයෙන් කිළිටි වෙනවා.ඊර්සියාව,මාන්නය,මසුරු කම,මේවයි කිළිටි මේවයින් මම බැට කන්නේ කියලා තෙරෙනවා.මේක හොයලා බලන් නැතිකෙනා හිතන්නේ අහවල් කෙනා මට නින්දා කලා.මාව ගනන් ගත්තේ නෑ.මාව හෙලා දැක්කා කියලා බාහිරට ඇගිල්ල දික්කරගෙන කල්පනා කරනවා.එයාට නිදහස් වෙන්න බෑ.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
482225_223032207842460_365348677_n.jpg


අපි සත්පුරුෂයින් වෙමු.........

භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, "සත්පුරුෂ ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරන කෙනා වාසනාවන්තයෙක් වෙනවා" කියල. "අඬන වැළපෙන ශෝක කරන මිනිසුන් අතර අඬන්නෙ, වැළපෙන්නෙ, ශෝක කරන්නෙ නැතුව ඉන්ට එයාට පුළුවන්කම ලැබෙනව" කියල.

ඉතින් අපි කවුරුත් අඬන්නෙ නැතුව, වැළපෙන් නැතුව, ශෝක නොකර ඉන්ට කැමතියි. එසේ කැමතිවෙන කෙනා සත්පුරුෂ ඇසුරට ම යා යුතුයි. අපි සත්පුරුෂ ඇසුරට සම්බන්ධවුණොත්, ඒ ඇසුර අපේ ජීවිතට සම්බන්ධ කරගත්තොත් නියත වශයෙන් සියලුම වාසනාවන්ත වූ, භාග්‍යවන්ත වූ ප්‍රතිලාභ අපේ ජීවිතයට අත්වෙනව.

කොහොමද ඒ සත්පුරුෂ ඇසුරට අපි පත්වෙන්නෙ? දැන් යම් කෙනෙකුට මිනිස් වාසයකට එන්ට ඕනැ. කොහොමද මිනිස් වාසයට එයා එන්නෙ? මනුෂ්‍යය වාසයට යන්ට කැමතිකෙනා මනුෂශ්‍යයෙක් වෙන්ට ඕනැ. දෙවියන්ගේ ඇසුරට යන්ට කැමතිකෙනා දෙවියෙක් වෙන්ට ඕනැ. එහෙනම් සත්පුරුෂ ඇසුරට යමෙකුට යන්ට ඕනැනම් මොකක්ද කරන්ට ඕනැ. එයා සත්පුරුෂයෙක් වෙන්ට ඕනැ.

සත්පුරුෂයෙක් නොවී සත්පුරුෂ ඇසුරට යනවා කියන එක සිද්ධවෙන්නෙ නැති එකක්. එහෙනම් සත්පුරුෂ ඇසුරට යන්ට නම් තියෙන පහසුම, එකම විදිහ මොකක්ද? තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. සත්පුරුෂයෙක් වීම තමයි සුගතිගාමී ජීවිතයක් ඇතිකර ගැනීමටත්, මේ ජීවිතය සැපවත් බවට පත්කර ගන්ටත්, තමාටත් අනුන්ටත් සැප අත්වෙන ආකාරයට අපේ ජීවිතය හසුරුවගන්ටත්, නිවන අවබෝධ කරගන්ටත් උපකාර වෙන එකම එක දෙය.

ඒක තමයි පදනම. ඒ පදනම ඇතිකරගන්නෙ නැතිව අපිට දියුණුවක් ඇතිකරගන්ට බෑ. ප්‍රඥාව ඇතිකරගන්ට බෑ. අඬන වැළපෙන අය අතර නොඅඬා ඉන්ට බෑ. නෑදෑයන් අතර සතුටුවෙන්ට බෑ. සුගතියේ යන්ටත් බෑ. බොහෝ සැප තියා අල්ප සැපක්වත් ලබන්ට බෑ. එයාට කිසිසේත් නිවන අවබෝධ කරගන්ට බෑ.

මේ සියලු සැප විපාක, භාග්‍යයන් උදාකරගැනීමට අපි කලයුත්තේ සත්පුරුෂ ඇසුරට පැමිණීමමයි. ඒ සඳහා කළ යුත්තේ තමන් සත්පුරුෂයෙක් බවට පත්වීම. එතකොට තමන් සත්පුරුෂයෙක් බවට පත්වීමට කුමක්ද කල යුත්තේ? තමන් සත්පුරුෂයෙක් බවට පත්වෙන්නෙ කෙහොමද? සත්පුරුෂයින්ගේ ගතිගුණ මොනවද කියන කාරණය අපි ඉගෙනගන්ට ඕනැ. අසත්පුරුෂයින්ගේ ගතිගුණත් අපි ඉගෙනගන්ට ඕනැ. ඉගෙනගෙන අසත්පුරුෂ ගතිගුණ අපි බැහැරකරගන්ට ඕනැ, සත්පුරුෂ ගතිගුණ අපි පුරුදුකරගන්ට ඕනැ. ඒකයි සත්පුරුෂයෙක් වෙන විදිහ.

අසත්පුරුෂ කෙනා කොයිවගේද කියල තේරුම්ගන්නව, ඒ දේවල් අපි බැහැරකරගන්නව. සත්පුරුෂ කෙනා කොයි වගේද කියල තේරුම්ගන්නව, ඒක අපි පුරුදුකරගන්නව. එතකොට අපි සත්පුරුෂයෙක් බවට පත්වෙලා නේද? අපි සත්පුරුෂයෙක් බවට පත්වුනායින් පස්සෙ, අපිට සත්පුරුෂ ඇසුර නිතැතින් ම ලැබෙනව.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, අසත්පුරුෂ කෙනාගේ ගති කොයිවගේද කියල. අසත්පුරුෂ කෙනාගේ ගති තමයි, අනුන්ගේ අඩුපාඩු ඇහුවෙ නැතත් එයා කියනව. ඇහුවොත් එහෙම කවර කතාද කියල කියනව. ඒ අසත්පුරුෂ කෙනාගේ ස්වභාවය. අනුන්ගෙ හොඳක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. බැරිවෙලාවත් ඇහුවොත් එහෙම හංග හංග ඩිංග ඩිංග තමයි කියන්නෙ. ඊළඟ එක තමයි, තමන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවනම් ඒක කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම හඟවගෙන ඩිංග ඩිංග කියනව. තමන්ගෙ යම් හොඳක් තියෙනවනම්, ඒ හොඳ ඇහුවෙ නැතත් කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර ඔක්කොම කියනව. ඒ අසත්පුරුෂ කෙනාගෙ ගති.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වනව සත්පුරුෂ කෙනාගෙත් සත්පුරුෂ ගති තියෙනව කියල. සත්පුරුෂ කෙනාගෙ ගති කොහොමද? අනුන්ගේ අඩුපාඩු කියන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග තමයි කියන්නෙ. කෙනෙක් වුවමනාවකට අහනව. එහෙම ඇහුවොත් සඟවලා තමයි කියන්නෙ. අනුන්ගෙ යම් හොඳක් තිබ්බොත් ඒ හොඳ කියනව. ඇහුවොත් එහෙම විස්තර කර කර කියනව. තමන්ගෙ යම් අඩුපාඩුවක් තිබුණොත් ඒක කියනව. ඇහුවොත් එහෙම විස්තර වශයෙන් ම කියනව. තමන්ගේ යම් හොඳක් තිබුනොත් එහෙම ඒක කියන්ට යන්නෙ නෑ. ඇහුවොත් එහෙම සඟවලා ඩිංග ඩිංග කියන්නෙ. අන්න ඒක තමයි සත්පුරුෂකෙනාගේ ගතිය.

දැන් අපි ඉගෙනගත්ත අසත්පුරුෂ කෙනාගේ ගති. අන්න ඒව ඉගෙනගෙන අපි තේරුම්ගන්ට ඕනැ, අපේ ජීවිතය තුළ තියෙන්නෙ කොහොම දේද කියල. හැබැයි මතකතියාගන්ට බැරිවෙලාවත් මේක අනුන්ගෙ ජීවිතය තුළ හාර අවුස්සන එකක් නෙවෙයි.

දැන් මේ කරුණු කාගෙ ජීවිතය තුළද බලන්ට ඕනැ. තමන්ගෙ ජීවිතය තුළ. මගෙ ජීවිතය තුළ අසත්පුරුෂ ගති තියෙනවද? කියල සොයල බලනව. සොයල බලල ඒව අපි බැහැරකරගන්ට ඕනැ. සත්පුරුෂ ගති තියෙනවනම් ඒව දියුණුකරන්ට ඕනැ. ඒ ගති නැත්නම් පුරුදුකරගන්ට ඕනැ. අන්න එතකොට අපිට අසත්පුරුෂ ගති බැහැරකරල සත්පුරුෂ ගති පුරුදුකරගෙන සත්පුරුෂභාවය කරා යන්ට පුළුවන්.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
(දිනමිණ දවසේ සිතුවිල්ල)
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
537043_216280248517656_950724261_n.jpg


සිත සුවපත් කර ගනිමු..........

සිත සුවපත් භාවයට පත්කර ගැනීමෙන් තමයි මේ ජීවිතේ සැප ලැබෙන්නෙ. එමගින්ම තමයි මතු ජීවිතයේ සැප ලැබෙන්නෙ. එමඟින්ම තමයි සම්පූර්ණයෙන් ම දුකෙන් නිදහස් වූ, පරිපූර්ණ සැප අත් කර ගැනීමට අවස්ථාව ඉපදෙන්නේ. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන් ධර්මය තුලින් එබඳූ සැපක් කරා අපේ ජීවිතය දියුණු කර ගැනීම පිණිස කළ යුතු වන්නේ සුවපත් වූ සිතක් ඇති කර ගැනීමට පුරුදු වීම.

සුවපත් වූ සිතක් ඇති කර ගැනීම පිණිස මොකක්ද අපි විසින් කළ යුතු වන්නේ? සිත පිරිසිඳූ කර ගැනීමට අපි කැමති වෙන්ට ඕනැ. සිත පිරිසිඳූ කර ගැනීම පිණිස අපි කටයුතු කරන්ට ඕනැ. සිත පිරිසිඳූ කර ගැනීමෙන් ම තමයි සිතේ සුවපත් භාවය ඇති වෙන්නෙ. සිතේ සුවපත් භාවය ඇති වීමෙන් ම තමයි සැප ඇති වෙන්නෙ. සිතේ පිරිසිඳූ භාවයකින් තොරව සැපක් ඇති වෙන්නෙ නෑ. සිතේ පිරිසිඳූ භාවය ඇති කරගන්ට නම් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් සිත පිරිසිඳූ කරගන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයෙන් තොරව සිතේ සැබෑ පිරිසිඳූ භාවයක් ඇති වෙන්නෙ නෑ. එනිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාළ සිත පිරිසිඳූ කරගන්නා වූ ආකාරය හොඳින් තේරුම් අරගෙන අන්න ඒ විදිහටම අපි මේ ධර්මය පුරුදු කළොත් අපිට සිත හොඳින් පිරිසිඳූ කර ගැනීමේ භාග්‍යය උදාවෙනව.

මේ කාරණාව කළබලයට කරන්ට පුළුවන් දෙයක් නෙවෙයි. කළබල වුනොත් එහෙම සිත පිරිසිඳූ කරගන්ට තබා කය පිරිසිඳූ කර ගන්ටවත් අපිට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. දැන් මේ ශරීරය පිරිසිඳූ කර ගන්ට යම් කෙනෙකුට උවමනා වෙනවා. පුළුවන්ද ඒක කළබලයෙන් කර ගන්ට. ඒත් බෑ. ඒකටත් යම් ඉවසීමක් ඕනැ. ඒකටත් යම් කාලයක් ගතවෙනව. ඒකත් යම් පිළිවෙලකට ක්‍රමානූකූලව කළ යුතු දෙයක්. එහෙම නම් අපිට මේ නොපෙනෙන සිත, අපිරිසිඳූ වී තිබෙන සිත සිතෙන්ම පිරිසිඳූ කරන්ටයි තියෙන්නෙ. අන්න එබඳූ බැරූරුම් කටයුත්තක් කළබල වෙලා කරන්ට පුළුවන් කමක් නෑ. ඉතාම ඉවසීමෙන් පරිස්සෙමෙන් කළ යුතු දෙයක්.

අන්න ඒ කාරණාව අපි තේරුම් ගත්තොත් අපිට මේ ජීවිතයේදී මේ කටයුත්තට මුල පුරන්ට හරි පුළුවන් කමක් තියෙනව. එනිසා මේ සිත පිරිසිඳූ කරගැනීමේ අපහසු කටයුත්තට මේ ජීවිතය තුළදී ආරම්භ කරන්ට හරි අපි කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට මේ ජීවිතයේදී ඒ සිත පිරිසිඳූ කරගැනීමේ කටයුත්ත ආරම්භ කරන්ට හරි යම් කෙනෙක් පටන් ගත්තොත්, ඒකට වෑයම් කලොත් එයාට භාග්‍යය උදාවෙනව යම් කලකදී ඒ සිත පරිපූර්ණ වශයෙන් පිරිසිඳූ කරගැනීමට. ඒ නිසා අපි ඒ අතිශයින් දුර්ලභව කරගන්ට ලැබෙන ඒ මහත් වූ ලාභය ඇති කරගැනීම පිණිස ලොකු කැපකිරීමක් කරමින් බලවත් වූ ඉවසීමකින් මහත් වූ පරිශ්‍රමයක් දරල අපි ඒ කටයුත්ත කරන්ට කැමතිවෙන්ට ඕනැ. මහන්සි වෙන්ට ඕනැ.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
(දිනමිණ දවසේ සිතුවිල්ල)