සොදුරු සත්පුරුශ ඔවදන්..........

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
225542_225004627645218_1700156209_n.jpg


අපිට බාහිරින් මොන බලපෑම් ආවත් අභියන්තරයෙන් කැලබෙනව ද? නෑ.ඇයි ඒහෙම වෙන්නැත්තේ?එයා නිදහස්.අභියන්තර වශයෙන් කැලබෙද් දී බාහිරින් කොච්චර සන්සුන් කරන්න උත්සහා කලත් එයා සන්සුන් වෙයි ද?බාහිරින් කොච්චර කලබද් දී අභියන්තර වශයෙන් සන්සුන් නම්,එයා කැලබෙයි ද?නෑ ඇයි එයා නිදහස්.බාහිරින් කොච්චර සන්සුන් කරද් දී අභියන්තර වශයෙන් එයා කැලබෙනවා නම්,එයා නිදහස් ද?නෑ නිදහස් නෑ සන්සුන් නෑ.

එ නිසා තමන් තුල සන්සිදීම උපදවා ගන්න උවමනා ඒ වැඩ පිළිවල අදුන ගන්න.ඒ සදහා හොදින් තේරැම් ගත යුතුදේ තමයි,අපේ අවබෝධය වලක්වන බලවත්ම බාධාව සතුරා කුමක් ද කියලා තේරැම් ගන්න.මොකක් ද ඒ?රාගපිඩාව තියෙද් දී අවබෝධක් තියෙනවා කියන අදහස.අපි ධර්ම මාර්ගය මුළුමනින්ම ඇත් කරවන හේතුවන ඒකක්.තරහෙන් පිඩා විදිත්දීත් මට අවබෝධයක් තියෙනවා කියන අදහස.අන්න ඒවගේ අකුසල් වලින් පිඩා විදිත්දීත් මට අවබෝධයක් තියෙනවා කියලා යමෙකුට හිතෙනවා නම්,එයා ධර්ම මාර්ගයෙන් බැහැරට යන කෙනෙක්.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
60401_225007674311580_537614429_n.jpg


ජීවිතයේ උපරිම ඵල නෙලාගන්නට නම්...

අපිට ඉතාම වටිනා දුර්ලභ වූ ලාභයක් මුණගැහිල තියෙන වෙලාවකදී, ඒ ලාභය පරිපූර්ණ වශයෙන් අත්කරගන්ට නම්, අපි ඉතාම සිහිකල්පනාවෙන් පිළිවෙලකට යමක් කරන්ට පුරුදුවෙන්ට ඕනැ. පිළිවෙලකට යමක් නොකළොත් අපිට වටිනා යමක් ලබාගන්ට බැරුව යනව.

නිර්මාණශීලි දේ කරන කෙනෙක් පිළිවෙලකට යමක් කළොත් එයාගෙන් ලස්සන නිර්මාණයක් ලැබෙනව නේද? අපිළිවෙලකට ඔහේ කරනව, එතකොට ලස්සන දෙයක් නිර්මාණය වෙන්නෙ නෑ. ඒ වගේ මේ ජීවිතේ උපරිම ඵල නෙලාගන්ට අපිට දැන් අවස්ථාව තියෙනව. ඒ උපරිම ඵල නෙලාගන්ට නම් අපි පිළිවෙලකට මේ ජීවිතේ පුරුදුකරන්ට ඕනැ.

මේ ජීවිතේ අපතේ යන්ට දෙන්ට එපා. ජීවිතය ඉතාම වටිනා දෙයක්. ඒ ජීවිතේ වටිනාකම ඉස්මතුනොවෙන වෙලාවල් තමයි සසරේ වැඩි. ජීවිතේ කිසි වටිනාකමක් නැතිවිදිහට ඔහේ ගත වෙලා යන කාලය තමයි වැඩි. සසර පුරාවට ජීවිතයට වටිනා කමක් එකතුවුනේ නෑ. ජීවිතේට වටිනාකමක් එකතුනොවී ම ඉපදෙනව, කනව, බොනව වීනෝදවෙනව මැරිල යනව.

ආයෙත් ඉපදෙනව කනව, බොනව විනෝද වෙනව රණ්ඩු කරගන්නව මැරිල යනව. ජීවිතේට කිසි වටිනාකමක් තිබුනෙ නෑ. ඒක හරියට දක්ෂ නැති කෙනෙකුට මුණගැහුන රත්තරන් කන්දක් වගේ. දක්ෂ කෙනෙකුට රන් කන්දක් මුණගැහුනා නම්, ඒ රන් කන්දෙන් පස්ටික අයින්කරල රන්ටික පෙරල පිරිසිදු කරල ප්‍රයෝජනයට ගන්නව.

දක්ෂ නැතිකෙනෙකුට රන් කන්දක් මුනගැහුන කියල එයා මොනව කරන්ටද. එයාට ඒ කන්දට හේත්තුවෙලා නිදාගන්ටවත් බෑ. ඒ නිසා තේරුම්ගන්ට මේ ජීවිතේ රන් කන්දක් වගේ. මේකෙ පස්ටික බැහැරකරල රන්ටික මතුකරගන්ට කල්පනා කරන්න. ඒ නිසා කාලය අපතේ දාන්ට එපා.

ජීවිතේ වටිනාකම අතිශය බලවත් වූ වෙලාවක් මේක. ඒ රන් කන්ද රන් කරුවෙකුට මුණගැහුන වෙලාවක්. රන් කන්ද නිකම්ම කෙනෙකුට මුණගැහුන නම් ඒකෙ ගස්ටික පුච්චල හේනක් දායි එච්චරයි.

රන් කරුවෙකුටයි ඒ රන් කන්ද මුනගැහිල තියෙන්නෙ කියල හිතන්න. රන්කරුවෙකුට මුණගැහුනොත් පස්ටික බැහැරකරල, ඉතාම ප්‍රවේශමෙන් පිරිසිදුකරල ඒ රත්තරන් ටික අරගෙන කොවෙ දාල උණුකරල ඒකෙන් කැමති කැමති ආභරණ හදාගන්ට පුළුවන් විදිහට රන්ටික හදල ගන්නව.

අන්න ඒ වගේ අපිට ධර්මය මුණගැහුන වෙලාවේ මේ සිතේ උපක්ලේෂ බැහැරකරල පිරිසිදු සිතක් ඇතිකරගන්ට පුළුවන් විදිහේ මඟට අපි එන්ට ඕන. යම් කලෙක හිත සම්පූර්ණයෙන් පිරිසදු කරගන්ට අපිට අවස්ථාවක් ලැබෙයි. ඒක මේ ජීවිතේ වෙන්ට පුළුවන් ආත්ම භාව හතකින් හරි කමක් නෑ. දැන් ආරම්භයට එන්න.

ඒ නිසා ඉතාමත්ම නුවණින් කල්පනා කරල සිහිය උපද්දවගෙන උවමනාවකින් කටයුතුකරන්ට ඕනැ. උවමනාවකින් කටයුතු කරන්නෙ වගකීමක් තියෙනකොටයි. අපිට වගකීමක් තියෙනව කියල හිතන්න. මොකක්ද වගකීම? මේ ජීවිතයට අර්ථයක් ඇතිකරගන්ට අපිට වගකීමක් තියෙන්ට ඕනැ. නැත්නම් ඉපදුනා, කෑව, බිව්ව, ඇන්ඳ, රණ්ඩුවුනා, ගැහුව, බැන්න ඉවරයි.

සංසාරෙ පුරාවට සිද්ධවුනේ එච්චරයි. මේ ජීවිතේ අපි ඒක කරගන්ට හොඳ නෑ. මේ ජීවිතේ අපි නිහඬ අය බවට පත්වෙන්ට ඕනැ. ධර්මය ජීවිතේට හුරුකරගන්ට බලන්ට ඕනැ. ඒකට අවස්ථාවක් තියෙයි. දැන් අපිට මුණගැහුන දේ ජීවිතයට පමුණුවා නොගත්තොත් අපි අවාසනාවන්තයි.

රන් කන්දක් මුනගැහිල අනිත් පැත්ත බලන් ඉන්නව වගේ වැඩක් ඒක. ඒ නිසා ගෙවෙන හැම මොහොතක්ම සංවරභාවය ඇතිකරගැනීම පිණිස භාවිතාකරන්න. එළඹෙන හැම මොහොතකදී ම සිහිය උපද්දවගෙන ඉන්ට කල්පනා කරන්න.

අන්න එහෙම දක්ෂයෙක් වෙන්ට ඕනැ. දක්ෂයා තමයි ලොකු දේ කරන්නෙ. අපි ලොකූ දෙයක් කරන්ට පුළුවන් අය බවට පත්වෙන්ට ඕනැ. ලොකු දේ කියන්නෙ ධර්මය පුරුදුකිරීම ම යි. ඒ තමන්ගෙ කටයුත්තක් කරන්නෙ, ඒ නිසා ධර්මයට එන්න. එතකොට අපි ශාන්ත බවට පත්වෙනව.

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
d.jpg


ශ‍්‍රද්ධාවන් පින්වතුනි” ඔබ සැපට කැමති නම් දුකට අකමැති නම් ඒ දුක දුරුකරගෙන සැප උදාකර ගැනීම පිණිස ඔබට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මහත් වූ පැහැදීමක් තිබිය යුතුයි. ඒ මහත් වූ පැහැදීම මුල්කරගෙන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ධර්මය ඉගෙන ගෙන ඒ ධර්මය තුළින් අපට කරන්ට එපා යැයි වදාළ දේ නොකර ඉන්නට වෑයම් කළ යුතුයි.
“භාග්‍යවතුන් වහන්සේ මේ දේවල් වාදාළේ ඒකාන්තයෙන්ම සියලු දේ දැනගෙනයි. අපට කරුණාවෙන්මයි. උන් වහන්සේ එපා යැයි වාදළ දේ කළ විට අපිට දුක උපදිනව. දුක් විපාක විඳින්ට සිදුවෙනවා” කියල භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුන සිත් ඇති පුද්ගලයා සිහිකරනවා.
එපමණකින්ම උන් වහන්සෙ එපා යැයි වදාළ දේ, දුක් විපාක උපදිනවා යැයි පෙන්වා දුන් දේ අතහරින්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි තිබෙන පැහැදීම මුල්කරගෙන අපගේ යහපත පිණිස සැප පිණිස අපි කෙරෙහි අනුකම්පාවෙන් වදාළ දේ පුරුදුකිරීමට උත්සාහ ගන්නව. එපමණකින්ම අපි බොහෝ දුක කම්කටොලූ විලින් නිදහස් වූ පිරිසක් බවට පත්වෙනවා.
පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ පිළිගත්විට උන්වහන්සේ නරකයි කියා වදාළ දේ ටිකෙන් ටිකෙන් බැහැර කරන්ට අපිට අවස්ථාව උදාවෙනව. නරකයි කියා වදාළ දේ බැහැර කිරමින් හොඳයයි වදාළ දේ පුරුදුකරන්නට නම් “උන්වහන්සේ කරුණාවෙන් වදාළ දෙයමයි හරි. එය පමණයි කළ යුත්තේ” කියා පිළිගන්න. එහෙම පිළිගත් කෙනෙකුට වරදින්නේ නැහැ කියන මතයට ඔබ ආ මොහෝතේ සිටම සැපවත් ජීවිතයක් ඇතිකරගන්නට තරම් ඔබ වාසනාවන්තයෙක් බවට පත්වෙනවා.
ඒ නිසා මේ මොහොතේ සිටම උන්වහන්සේ උදෙසාම ජීවිතය පූජාකරල, “භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට මම මගේ ජීවිතය හැඩගස්සා ගන්නවා” කියල බලවත් අදිෂ්ඨානයක් ඇතිකරගන්න. අපි උන්වහන්සේට කීකරු නොවුනහොත් ඒ බසට අවනත නොවුනහොත් එයිනුත් දුක් විපාක විඳින්ට සිදුවෙන්නේ අපිටමයි. අපි දුකේ නම් ඉන්නේ අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ලෝකයාට සැප උපදවා දෙන්න. අපේ ඥතීන්ට, හිත මිතුරන්ට හෝ මාපියන්ට හෝ දරු මුණුබුරන්ට සැප උපදවා දෙන්ට පුළූවන්කමක් ලැබෙන්නේ නෑ. අපි යහපතේ සිටියොත් පමණයි අපිට හිතෛශී සියලූ දෙනා යහපතට ගන්ට පුළුවන්කම තිබෙන්නේ. තමා යහමඟ ගියවිට අන් අය කෙරෙහි අනුකම්පාව උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ නිවැරදි මඟ ගමන් කරමින් හරි දේ කළ නිසා උන්වහන්සේ පරිපූර්ණ භාවයට පත්වුනා. උන්වහන්සේට අන් සියලූම දෙනා කෙරෙහි මහා කරුණාවක් ඉපදුනේ ඒ නිසයි. උන්වහන්සේට හරි දේ තේරෙන විට හරි දේ නොතේරෙන පිරිස කෙරෙහි අනුකම්පාවක් ඉපදුනා. නිවැරදි දේ නොවැටහීම නිසා දුක් විඳින්ට සිදුවෙනවා කියා උන්වහන්සේ තේරුම් ගත්තා. එපමණකින්ම උන්වහන්සේ මහා කරුණාවෙන් යුතුව මේ සද්ධරමය දෙවියන් මිනිසුන් උදෙසා දේශනා කොට වදාළා. ඒ ධර්මය තමයි අදටත් අපිට ඉතිරිව පවතින්නෙ.
ඒ නිසා අපි භාගවතුන් වහන්සේගේ මහා කරුණාවට හිමිකම් කියන උතුම් මිනිසුන් බවට පත්විය යුතුයි. යම් කෙනෙක් එසේ උරුමකම් කිව්වොත් ඔහු සැබවින්ම වාසනාවන්තයි. උන්වහන්සේ වදාළ ආකාරයට අපි ධර්මයේ හැසිරුනොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව අපට ලැබෙනවා. ඒ නිසා ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම නැමුණු සිතින් වාසය කරන්ට උත්සාය කරන්න. භාග්‍යවතුන් කෙරෙහි නැමුණු සිතින් අපි වාසය කරන්නේ කොහොමද?
ඔබ සිතන්න උන්වහන්සේ “මා කෙරෙහි අනුකම්පාවෙන්මයි මේ ධර්මය වාදාළේ. හරි දේ වැරදි දේ තෝරාගන්න බැරුව වැරදි දේ කළ විට මම දුකට පත්වෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේම මම කරන්න ඕනැ. ඒකාන්තයෙන්ම එය මට සැප පිණිස පවතිනවා.” කියල.
ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි නැමුණු සිත් ඇතිව වාසය කරන කෙනාට “මෙයයි හරි දේ. මෙයයි වැරදි දේ” කියා තෝරා බේරා ගන්න දක්ෂකම උපදිනවා. වැරදි දේ තුළින් දුක් විපාක විඳින්ට සිදුවෙන බව ඔබ සිහිකරන්න. ගින්නක් දකින විට ගින්නට අත දැම්මොත් පිච්චෙනවා කියල දන්න කෙනා ගින්නට අත තියන්නේ නැහැ. නමුත් ගින්නට අත දැම්ම විට පිළිස්සෙනවා කියල දන්නෙ නැති කෙනා ගින්නට අත දානව. ඒ ගින්න ලස්සනයි. බැලූ බැල්මට බැබලෙනවා. දිලිසෙනවා. මෙය වටිනා දෙයක්. සැප දෙයක්. යහපත් දෙයක්. ප‍්‍රිය මනාපයි. සුන්දරයි. කියලා කල්පනා කරනවා. ඒ නිසා වේගයෙන් ගින්නට අත දානවා. එහෙම නම් එයා තුළ තිබෙනවා ගින්නට පිච්චෙනවා කියල නොදන්නා කමක්. ගින්නෙන් තිබෙන ලාමක ආස්වාදයට මුලාවීමක්. මේ ගති දෙක ඔහු තුළ තිබෙන තාක් ගින්නට අත දමනවා.
එහෙනම් ගින්නෙන් තිබෙන ලාමකා ආශ්වාදය “ලාමකයි” කියල දැනගත් විට “එහි හරයක් නැහැ. ගින්නට අත දැමූ විට පිච්චෙනවා” කියල දැනගත් විට කිසිකෙනෙක් ඒ ගින්න අල්ලන්නේ නැහැ. ඒ වගේම තමයි යමෙක් වැරදි සිදුකරන්නේ ඒ වැරදි දේ කළ විට එහි දුක් විපාක තිබෙනවා කියල නොදන්නා කම නිසයි. ඒ වැරදි දේ තුළ ලාමක ආශ්වාදයක් තිබෙනවා. ඒක ඉතාම පුංචි ආස්වාදයක්. හරියට ගින්නෙන් තිබෙන ආශ්වාදය වගේ. ඒ ආශ්වාදයට මුලාවෙනවා. ගින්නේ ආශ්වාදයට අහුවෙලා, ගින්න අල්ලපු කෙනා පිච්චිලා නැසිල අතිශය දුක්විඳිමින් වැනසිලා යන්නේ යම් සේද, ඒ වගේම වැරදි දේ කරන පුද්ගලයා අතිශය දුක් විඳලා කර්කෂ දුක් විඳලා බලවත් වූ පීඩා විඳලා වැනසිලා යනවා.
ඒ නිසා ඔබ තේරුම්ගන්න “භාග්‍යවතුන් වහන්සේ අපි කෙරෙහි මහා කරුණාවෙන් මයි කියා දුන්නේ දුෂ්චරිතයේ ලාමක සැපක් තිබුනාට බලවත් කර්කෂ දුක් විපාක තිබෙනවා. ඒ ලාමක ආශ්වාදයට අසුවෙලා කටයුතු කළ විට බලවත් දුක් විපාක කර්කෂ දුක්විපාක විඳලා වැනසිලා යන්නට සිදුවෙනවා” කියලා. ඔබ උනවහන්සේගේ අවවාදය දරාගෙන යහපතම කරන්න උත්සාහ ගන්න. ඒ සඳහා ඔබ තුළ මහත් වූ කැපකිරීමක්, විශ්වාසයක්, ශ‍්‍රද්ධාවක්, වීරියක් තිබිය යුතුයි.
ඒ වීරිය ඉක්මනින්ම ඇතිකර නොගත හොත් අපි දන්නේම නැතිව ජීවිතය හිස්ලෙස ගතවී යනවා. යහපත සලසා නොගෙනම අපි වයසට යනවා. වයසට ගිහින් අපේ ආයුෂ ගෙවිලා මේ ලෝකයෙන් වෙන්වෙන්ට සිදුවෙනවා. ඉතින් අපේ ජීවිතයට යහපත සලසාගෙන නොතිබුනොත් දුක් ලෝකවල ඉපදෙන්ට සිදුවෙනවා. දුක් සහිත ලෝකවල ඉපදෙන්නට තිබෙන ඉඩකඩ නැතිකරගෙන සැපවත් ලෝකයක ඉපදෙන්නට සුදුසු විදිහට සිත හදාගෙන ප‍්‍රමාද නොවී අප‍්‍රමාදීව කටයුතු කරන්න පුරුදුවිය යුතුයි.
මේ ලෝකයේ වැරදි කියල සම්මත දේවල් තිබෙනවා. ඒ තමයි කාය දුෂ්චරිතය(කයින් කරන වැරදි), වචී දුෂ්චරිතය (වචනයෙන්න කරන වැරදි), මනෝ දුෂ්චරිතය (මනසින් කරන වැරදි), මේවා අප ඉගෙනගෙන අපේ ජීවිතවලින් බැහැර කරන්නට, සිදුනොවන ආකාරයට නිරුද්ධකරන්ට මහන්සි විය යුතුයි. ඒ වගේම අප තුළ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය ඇතිකර ගත යුතුයි. එවිට සාර්ථක මනුෂයෙක් බවට අපි පත්වෙනවා.
පින්වතුනි මේ දුෂ්චරිතය බැහැර කරනවා කියන එකත් සුචරිතය පුරුදුකරනවා කියන දෙයත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ලේසියෙන් දුෂ්චරිතය අතහරින්ට මේ සිත කැමති නැහැ. එයට බලවත් වීරියක් අවශ්‍යයයි. බලවත් වීරියක් නැතිනම් දුෂ්චරතයේ ආශ්වාදයට අපි මුලාවෙනවා. ගින්නට වැටෙන පළගැටියා වගේ. පළගැටියා ගින්නේ වහන්නේ තව කෙනෙක් කියල නොවෙයි. එයා තුළ තිබෙන මූලාව නිසයි. ඒ මුලාව තිබෙන තාක් එයා ගින්නටම වහනවා. එහෙනම් මූලාව තිබුනොත් වැරදි දේ කරන්න වේගයෙන් පෙළඹෙනවා. නමුත් අපි වැරදි දේ තුළ තිබෙන ආදීනව කල්පනා කලොත් වැරදි දේට ඇදී යන ස්වභාවය වැළකෙනවා. අපිට වැරදි දේ තුළ තිබෙන ආශ්වාදයට මුලාවෙන ස්භාවයෙන් නිදහස්වීමට වීරිය උපදිනවා. වැරදි දේ අත්හැර ගැනීමට කළ යුත්තේ ඒ වැරදි දේ කළ විට විඳින්ට වන දුක් විපාක කල්පනා කරමින් ඒ කෙරෙහි බය උපදවා ගැනීමයි. වැරදි දේ කරන්ට ලැජ්ජාව භය උපදවා ගත්විට අපිට වැරදි වලින් නිදහස්වීමට පුළුවන්.
සියලූ දෙනාටම තෙරුවන් සරණයි..
නාවලපිටියේ අරියවංශ හිමි

http://dhammamedicine.net/2012/08/14/niwansuwa_salasana_awabodhaye_mawath/
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
318888_10150948678172522_1067192046_n.jpg


සාමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි තමා ඉස්මතු කරල කල්පනා කිරීමත් අන් අය පහත් කරල කල්පනා කිරීමත්, තමා හොඳ කෙනෙක් කියල කල්පනා කිරීමත් අන් අය නරක අය කියල කල්පනා කිරීමත්, තමාගේ හැකියාව කල්පනා කිරීමත් අනුන්ගේ නොහැකියාව කල්පනා කිරීමත්, තමාගේ දියුණුව කල්පනා කරනව අනිත් අයගේ නොදියුණු කම ගැන හිතනව. තමාගේ වටිනා කම ගැන කල්පනා කරනවා. අනිත් අයගේ නොවටිනා කම කල්පනා කරනව. මේ සාමාන්‍යය මනුෂ්‍යයාගේ ස්වභාවය. නිතරම තමන් උසස් කෙනෙක් විදිහට පෙනී හිටින්ට තමයි කැමති. අන් අය තමන්ගේ යටතේ තියා ගන්ට කැමැත්ත තමයි තියෙන්නෙ.
ඒ වගේ අදහස් අපිට බලවත්ව ඇති වුනොත් අපි අතර අසමඟිය විතරයි ඉතුරු වෙන්නෙ. අසමඟියක් ඇති වුනොත් අපිට ලැබුන ලාභය අහිමි වෙලා යන්ට වැඩි කාලයක් යන්නෙ නෑ. කෙනෙකුගේ අඩු පාඩුවක් දැක්කහම ඒක ප්‍රමාන කරල, එයා ගැන පූර්ව නිගමනයක ඉඳල, එයා මෙවැනි කෙනෙක් කියල තීන්දුවකට එන්ට එපා. තමාගේ ගුණ දකිමින් අන් අයගේ අගුණම දකිමින් තමා ඉස්මතු කරගෙන අන් අය හෑල්ලු කරන විදිහේ චරිත බවට පත් වෙන්ට එපා. ඒක දුරවල චරිතයක්.
අපි බලවත් චරිතයක් බවට පත්වීම පිණිස කළ යුත්තේ අන් අයගේ හොඳ දැකීමත් අන් අය හැම කෙනෙකුටම දියුණු වීමේ අවස්ථාවක් තියෙන බවත් අපි වැටහීමෙන් වාසය කරන්ට ඕනැ. අන් අයට දියුණු වෙන්ට පුළුවන් දියුණු වීමේ අවස්ථාවක් තියෙනවා කියල කල්පනා කරන්න. එතකොට එපමනින්ම එයා තුළ ගුණවත් බවක් තියෙනව. ඒ නිසා ඕනෑම විශාල අඩු පාඩුවක් දැක්ක කෙනෙක් ගැන වුනත්, ඒ කෙනා කෙරෙහි අනුකම්පාවක් උපදව ගන්ට තරම් අපිට හැකියාවක් තියෙන්ට ඕනැ. එහෙම නැත්නම් අපේ මනුෂ්‍යකමෙන් ඇති වැඩක් නෑ.
බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් තුළ කෙනෙකුට යම් වරදක් වුනොත් ඒකෙන් නැගී හිටින්ට පිළිවෙතක් තියෙනව, ක්‍රමයක් තියෙනව. ඒකට අවස්ථාවක් තියෙනව. ඒ සඳහා ධර්මයේ විධි විධාන, ඒක විස‍ෙඳන විදිහවල් පෙන්වා දීල තියෙනව. අපි අන්න ඒ ධර්මය පිළිගත්තොත්, අඩුපාඩුවක් සිද්ධ වෙන කෙනාව හෑල්ලු කරල කොන් කරන්ට කවදාවත් පෙළඹෙන්නෙ නෑ. ඇයි ධර්මයේ තියෙනව කෙනෙකුට අඩු පාඩුවක් තිබුනොත් ඒකෙන් නැගී සිටින්ට ක්‍රමයක්. ඒ කියන්නෙ පිරිසිදුවීමේ ක්‍රමයක් තියෙනව. ඒක තමයි ධර්මයේ ස්වභාවය. ඒ නිසා අපි අන්න ඒක තේරුම් ගත්තොත් අපි අන් අයගේ අඩු පාඩු දැකල එයාව හෑල්ලු කරන්න ප්‍රමාන කරන්න කොන් කරන්න උත්සාහ කරන්නෙ නෑ.
මේ කාරණා කල්පනා කරන්න. එතකොට හිත සංසුන් වෙයි. සංවර වෙයි. අන් අය කෙරෙහි කරුණාව මෛත්‍රිය උපදව ගන්න අපිට පුළුවන් කමක් ඇතිවෙයි. අන්න එතකොට අපි අනුන් හෙලා දකින තමා හුවා දක්වන අදහස අපෙන් දුරු කරගන්ට අවස්ථාවක් අපිට තියෙනව. එතකොට අපිට සතිපට්ඨානෙට එන්ට පුළුවන් කමක් තියෙනව. එතකොට අපිට දුර්වල කම අයින් කරගෙන බලවත් හිතක් ඇති කරගන්ට පුළුවන් කමක් තියෙනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

http://dahamadawiya.blogspot.com/2012/12/blog-post_24.html
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
178944_10151144908527901_483705193_n.jpg


භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් සම්බුද්ධත්වය සමරන අප විසින් කළ යුත්තේ, දෙව් මිනිසුන්ගේ යහපත පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් විවෘතකොට ලෝකයට පෙන්වා වදාළ මේ උතුම් ධර්ම නියාමය ගැන කියැවෙන දහම ලෝකයෙන් අතුරුදහන් වීමට නොදී සුරක්ෂිත කිරීමයි. ඒ සඳහා ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින්ම උගත යුතු යි. හොඳින් දරාගත යුතු යි. හොඳින් පුරුදුකළ යුතු යි. මැනවින් ම ඒ ධර්මය ලෝකයට කියාදිය යුතු යි. එවිට භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වයට පත්වීමෙන් ලෝකයාට දායාද වූ සියලූ දුකින් නිදහස් වී පරිපූර්ණ සුවපත් භාවයට පත්වීමේ මග චිරාත් කලක් ලෝකයේ පවතිනු ඇත.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
293302_235687749910239_1707208165_n.jpg


අපි තවමත් සංසාරේ.......

මීට කලින් වැඩසිටි බුදුරජාණන් වහන්සේලාගේ,රහතන් වහන්සේලාගේ ඇස,කණ,නාසය,දිව,කය, මනසේ ක්‍රියාකාරීත්වය ඔක්කෝම නිරුද්ධ වෙලා ගියා.නමුත් අපි...?ඒ කාල පහුකරගෙන තවමත් ඇවිල්ල නේද...?මීට සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයකට කලින් බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පටන් ගනිද්දී උන්වහන්සේට ඒ සිතුවිල්ල එද්දිත් අපි සසරේ හිටියා.ඊට පස්සේඋන්වහන්සේ සුමේධ නම් තාපසතුමෙක් වෙලා විවරණ ලබද්දිත් අපි සංසාරයේ කොහේ හරි හිටියා.උන්වහන්සේ දේවදත්තගෙන් කෙළවර නැති ගුටිකකා පාරමී පුරද්දිත් අපි සංසාරයේ හිටියා.උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණා,අපිත් කොහේ හරි හිටියා.උන්වහන්සේ ලෝකයට චතුරාර්ය සත්‍යය දේශනා කරගෙන ගියා.අපිත් හිටියා.

ඔන්න අපි දැන් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා ඉන්නැද්දි අපට කියනවා,‘‘මෙන්න මේ බෝධි සෙවණේ තමයි උන්වහන්සේ බුදුවුණේ...අන්න අතන තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණේ....අන්න අතන තමයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ....අන්න අතන තමයි උන්වහ්නසේ පිරිනිවන්පෑවේ....මෙන්න මේකයි උන්වහන්සේ දේශනා කළ ධර්මය...‘ කියලා.නමුත් අපි තවම සසරේ යනවා.එහෙම නම් අපට සමහර විට වරින් වර ධර්මයත් මුණගැහෙන්න ඇති.හැබැයි අපට යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න බැරිවුණා.

ඒ නිසා දැන්වත් අපි අහපු දහම් කරුණ අවබෝධ වන ආකාරයට තේරුම් ගත්තොත් ධර්මය කරාම යනවා.ඒ විදිහට අපව ධර්මය කරා ගෙනයන්නේ අපේ කල්පනාවයි.ඒ කල්පනාව අපි ළඟ හරියට පිහිටියොත් එයා පුංචි දහම් කරුණක් හරි අල්ලගෙන ඒ ඔස්සේ ධර්මය කරාම යනවා.....

ගෞතම මුනිඳු මගේ හිරු සඳු වන සේක

(පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
576932_237272269751787_60921148_n.jpg


මාර විජිතයක කටයුතු පරිස්සමෙන්.....

මේ යුගය ගැන බලද්දී අපට තේරෙනවා,අද තියෙන්නේ සම්පුර්ණයෙන්ම මාර බලයට යටත් වෙලා තිබෙන යුගයක්.මාර බලයට යටත් වුනාට පස්සේ මාර බලය විසින් මෙහෙයවන මිනිසුන්ට බනින සිතුවිලි එනකොට ඔහේ ඒ පස්සේ දුවනවා.පහදින කොට ඒ පස්සේ දුවනවා.අද මිනිසුන්ට වර්ධනය කරගන්න බැරි සිහියයි.මාර බලය විසින් මිනිසුන්ගේ සිහිය වහනවා.ඊළඟට වීර්යය,නුවණ වහනවා.මොකද සිහියත්,වීර්යයත්,නුවණත්,කියන මේ තුනම හැදෙන්නේ පින් බලයකින්.සංසාරයේ කරපු පුණ්‍ය මහිමයෙන් තමයි වීර්යය,සිහිය,නුවණ හැදෙන්නේ.

මේ කාලයේ ඉන්න මනුෂ්‍යයාට මනුස්ස ලෝකයේ ඉන්න පින තියෙනවා.මනුස්ස ලෝකයේ තියෙන විෂයන් ඉගෙන ගන්න පින තියෙනවා.මනුස්ස ලෝකයේ තියෙන දේවල් කාලා බීලා ඉන්න පින තියෙනවා.හැබැයි කුසල් අකුසල් හඳුනාගන්න නම් අපට සිහියක් ඕන.හොඳ නුවණක් ඕන.හොඳ වීර්යයක් ඕන.ඒ විදියට හොඳ සිහිය,හොද වීර්ය නොතිබුණොත් අකුසල රැල්ලක් ආපු වෙලාවට එයා අකුසල රැල්ලට යටවෙනවා.මොකද වීර්ය නොතිබුණොත්,නුවණ නොතිබුණොත්,සිහිය නොතිබුණොත් මේ ලෝකයේ සිද්ධවෙන සංකීර්ණ වෙනස්කම්වලට ගොදුරු වෙනවා.නමුත් මේ ගුණ තිබුණොත් නුවණින් සළකා යම්කිසි ප්‍රමාණයකට බේරෙන්න පුළුවන්.අපි මේ දේවල් තේරුම් ගන්න ඕන.

ගෞතම මුනිඳු මගේ හිරු සඳු වන සේක

(පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ)

●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
521559_237397739739240_453359234_n.jpg


මෙත් සිතක අසිරිය....

‘මාරතජ්ජනීය සූත්‍රයේ ‘ සඳහන් වෙනවා,කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දවසක් මිනිස්සුන්ට මාරයා වැහුණා.වැහිලා හොඳටම බුදුරජාණන් වහන්සේටයි,භික්ෂු සංඝයාටයි බැන්නා.බැන්නේ ආවේශයකින්.ඒ සූත්‍රයේ සඳහන් වෙනවා,මාරවේශයකින් බැන්නට පස්සේ ඒ මිනිස්සු ඔක්කොම මරණින් මත්තේ දුගතියේ ගියා කියලා.එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට වදාළා“ දැන් මිනිස්සුන්ට මාරයා වැහිල ඉන්නේ.මිනිස්සු ඔක්කෝම බනින්නේ ඒකයි.ඒ නිසා ඔබ මෙත් සිත වඩන්න.පෙරලා බනින්න යන්න ඒපා.මෛත්‍රියෙන් ඉන්න” කියලා.නමුත් මාරයා බැලුවේ රණ්ඩුවක් අවුලවලා මාර්ගය වඩන එක නැතිකරන්නයි.නමුත් බුදුරජාණන් වහන්සේ අවවාදය පිළිගත් පිරිස බේරුණා.නින්දා කරපු පිරිස අපාගත වුණා.

ඊට පස්සේ මාරයා බැලුව,මේකෙන් නවත්වා ගන්න බෑ.මේගොල්ලෝ මෛත්‍රිය වඩනවා.ඊට පස්සේ මාරයා කල්පනා කළා ‘එහෙම නම් දැන් මේගොල්ලන්ට ආශාව උපද්දවන්න ඕන’ කියලා.ඊට පස්සේ මිනිස්සුන්ගේ හිතට දුන්නා ‘බැනලි නවත්වපන්......!දැන් හොඳට කෑම් බීම් හද හදා දීපන්...සැළකිලි කරපන්... ලාභසත්කාර දීපන්..... ’ කියලා.ඉතින් මිනිස්සු හෝ ගාලා සළකන්න පටන් ගත්තා.එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාට දේශනා කළා.“ මහණෙනි,පළවෙනි වැඩෙන් මාරයා අසමර්ථ වුණා.මාරයා දෙවැනි වැඩේ පටන් ගත්තාඒ තමයි ලාභ,සත්කාර,කීර්ති,ප්‍රශංසා දෙන්න පටන් ගත්තා.මේකෙන් බේරෙන්න නම් හොඳට අනිත්‍ය වඩන්න”කියලා.ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා අනිත්‍ය වැඩුවා.ඒ කාලය තුළ භික්ෂු සංඝයාට ප්‍රශංසා කරපු,දන් පැන් දීපු ඔක්කෝම සුගතියේ උපන්නා.එතකොට බලන්න,ඒ නොමග ගිය කෙනා ඒක අරගෙන යන්න ඕන.ඒක නේද ඒකෙන් පේන්නේ?එහෙම නැතුව මාරයාට බැනලා හරියන්නේ නෑ.‘මාරයයි මේක කළේ...මේකෙන් මාව නිදහස් කරන්න... ’කියලා එහෙම කරන්න බෑ.නොමග ගිය කෙනා ඒක අරගෙන යන්න ඕන.....

ගෞතම මුනිඳු මගේ හිරු සඳු වන සේක

●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
526389_205522306260117_576977851_n.jpg


කරන්න පෙර සිතා බලන්න.....

යම් කිසි ක්‍රියාවක් තමන්ට හිතසුව පිණිස පවතින්නේ නැත්නම්,ඒ වගේම අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නැත්නම් අපි ඒක නොකර ඉන්න ඕන.සමහර විට යම්කිසි ක්‍රියාවක් තමන්ට හිතසුව පිණිස පවතින්න පුළුවන්.නමුත් ඒක අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නැති වෙන්න පුළුවන්.ඒකත් අපි නොකර ඉන්න ඕන.ඒ වගේම යම්කිසි ක්‍රියාවක් තියෙන්න පුළුවන්,තමන්ට හිතසුව පවතිනවා,අනුන්ට හිතසුව පිණිස පවතින්නේ නෑ.ඒකත් අපි නොකර ඉන්න ඕන.යම්කිසි ක්‍රියාවක් තියෙනවා,තමන්ටත් හිතසුව පිණිස පවතිනවා..අනුන්ටත් හිතසුව පිණිස පවතිනවා,අපි ඒක කරමු.

ඒ ව්දියට කරන්න නම් එයා හැමතිස්සේම තමන්ගේ කල්පනාව,නුවණ පාවිච්චි කරන්න ඕන.එහෙම කල්පනා කළොත් අන්න ඒකෙන් පින උපදිනවා.එතකොට යම් ක්‍රියාවකින් පිනක් උපදින්න නම් ඒ ක්‍රියාව තමාටත් හිතසුව පිණිස පවතින්න ඕන.ඒ වගේම අනුන්ටත් හිතසුව පිණිස පවතින්න ඕන.

බලන්න,ප්‍රඥාවෙන් යුක්තව කුසල් දියුණු කරලා අපට සතුටක් උපද්දවන්න පුළුවන්.ඒ සඳහා කිසිම වියදමක් යන්නේ නෑ.අපට ඒ සඳහා මුදල් ඕන වෙන්නේ නෑ.හැබැයි,මුදලින් ගන්න බැරී අපට වුවමනා එකක් තියෙනවා.ඒ තමයි නුවණින් විමසීම.කෙනෙක් මේ විදියට කල්පනා කළොත් මෙහෙම කල්පනා කරන කෙනාගේ චරිතය හොඳ පාලනයකට ලක්වෙනවා.එතකොට එයා හොඳ වැදගත් විදියට කතාබස් කරන වැදගත් චරිතයක්.

අපට හරි ලේසියි,නෙවැදගත් චරිතයක් බිහිකර ගන්න.නමුත් වැදගත් චරිතයක් බිහිකර ගන්න හරි අමාරුයි.ඒ කියන්නේ එයා හොඳට කල්පනා කර කර තමයි කතා කරන්නේ.ඒකේ තේරුම තමයි,එයා කටට එන එන ඒවා එළියට දාන්නේ නෑ.කටට එන එන ඒවා එළියට දානවා කියන්නේ හරිම අනතුරුදායක දෙයක්.

නැසෙන වැනසෙන පිනී බිඳුව....
●●▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
562364_10201074692768991_1022940676_n.jpg

ලෝකයේ අග්‍ර වූ දේ සඳහා සිත පහදවා ගනිමු

අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා යම් කෙනෙක් අග්‍ර වු පල විපාක කැමති වෙනවා නම් එයා අග්‍ර වූ දෙයට පැහැදෙන්න ඕන කියල. ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙන කෙනාට අග්‍ර වූ සැප විපාක අග්‍ර වූ පල විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපට අපේ පැහැදීම ඇතිකර ගැනීම පිණිස මෙබඳු අග්‍ර වූ කරුණු 4ක් පෙන්වා දී තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයේ සියලුම සත්වයින් අතර අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේ බව. යම් කෙනෙක් ඒ සියලු සත්වයන් අතරේ අග්‍රවන බුදු රජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

මේ ලෝකයේ යම්තාක් සංකත වූ ධර්මයන් තිබෙනවා නම්, එනම් හේතුවකින් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවන්නා වූ යම් දෙයක් ඇත්නම් එබඳු ධර්මතාවයන් අතර අග්‍ර වන්නේ නිවන් මගයි. එනම් ආර්යාෂ්ඨාංගික මාර්ගයයි. යම් කෙනෙක් මේ ආර්ය-අෂ්ඨාංගික මාර්ගය කෙරෙහි පැහැදෙනවා නම් එයාට අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා. අග්‍ර වූ පල විපාක කියල කියන්නෙ අග්‍ර වූ සැප විපාක අත් විඳින්න පුලුවන්කම තිබෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා අසංකත ධර්මයන් අතර, අසංකත වූ දේවල් තියෙනවා නම් අන්න ඒවා අතර අතර අග්‍ර වන්නේ නිවනයි. යම් කෙනෙක් මේ අසංකත වූ දේවල් අතර අග්‍ර වන්නා වූ නිවන කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලොකයේ යම්තාක් පිරිස් සිටිනවා නම් අන්න ඒ පිරිස් අතරින් අග්‍ර වන්නේ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්. කෙනෙක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාටත් අග්‍ර වූ පල විපාක අත්කර ගන්න පුලුවන් කම තිබෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

ඉතිං යම් කෙනෙක් මේ ලෝකයේ අග්‍ර වූ දෙයට පැහැදෙනවා නම් ඒ අග්‍ර වූ කරුණු කෙරෙහි පැහැදීම මුල්වෙලා එයාට සැප විපාක අත්කරගන්න පුළුවන්කම තියෙනවා කියල. සැප විඳින්න පුළුවන්කම තියෙනවා.

යමෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා නම් ඒ පැහැදුනේ විශාල ගුණධර්ම රාශියකින් පිරුණු, අතිශය උත්තම වූ ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහියි. එබඳු ගුණධර්ම වලින් යුක්ත වූ උතුමන් වහන්සේ නමක් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීමෙන්ම ඒ පැහැදුන කෙනාගෙ සිතේ පිරිසිදු භාවය ඇතිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට සිත පිරිසිදු වීමත් සමඟ සිත පිරිසිදු වීමට පටන් ගන්නවා.

ඒ වගේම යම් කෙනෙක් නිවන් මඟට පැහැදෙනවා නම් නිවන් මඟ පුරුදු කරන්න එයාට පුළුවන්කම තිබෙනවා. ඉතිං යම් කෙනෙක් නිවන් මග පුරුදු කරනවා නම් එයාට ඒකෙන් සැප විපාක ලැබෙනවා.

ඒවාගේම යම් කෙනෙක් නිවනට පැහැදෙනවා නම්, එයා අකුසල් බැහැර කරන්නත් කුසල් වඩන්නත් එයා තුල කැමැත්ත උපදිනවා. අන්න එමගින් එයාට සැප විපාක ලැබෙනවා.

ඒ වගේම තමයි බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් කෙරෙහි පැහැදෙනවා නම් අන්න එයාට එමගින් ධර්මශ්‍රවණය කරන්න පුළුවන්කම තිබෙනවා. දන් පැන් දෙන්න පුළුවන්කම තිබෙනවා. ශීලය ගැන දැනගන්න පුළුවන්කම තිබෙනවා. මේ විදියට නොයෙකුත් ආකාරයේ සැප අත්කර ගන්න පුළුවන් ධර්මයන්, සැප අත්කර ගන්න පුළුවන් විදියවල් පුරුදු කිරීමේ භාග්‍ය උදාවෙනවා ශ්‍රාවක සඟ රුවන කෙරෙහි පැහැදීමෙන්.

යම් කෙනෙක් මේ විදියට ලෝකයේ ඇති අග්‍ර වූ දේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත් නියත වශයෙන්ම එයාට අග්‍ර වූ සැප විපාක අත්කරගන්න විඳින්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි මේ අග්‍ර වූ ලෝකයේ තියෙන ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකර ගැනීම පිණිස ඒ ධර්මයන් ගැන අපි හොඳින් ඉගෙන ගන්න ඕන. එතකොටයි අපට තේරෙන්නෙ ඒවා මේ ලොකයේ තිබෙන අග්‍ර වූ ධර්මයන් කියල. ඒ අග්‍ර භාවය උතුම් භව තේරුම් ගත්තොත් තමයි අපට ඒ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්න පුළුවන්කම තිබෙන්නෙ.

ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒ වදාල ධර්මය ඉගෙන ගෙන අග්‍ර වූ ධර්මයන් කෙරෙහි පැහැදීම ඇතිකරගෙන අග්‍ර වූ සැප විපාක විඳීමට තරම් භාග්‍යවන්තයෝ වෙමු.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

..http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008161&nav=528
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
562404_10201081372775987_77783257_n.jpg

සුන්දර වූ ජීවිතයේ සැබෑම අරුත........

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,
ලෝකය ගැන යම් කෙනෙකුට හොඳ වැටහීමක් නැතිනම්, තමන්ගෙ ජීවිතය ගැන හොඳ වැටහීමක් නැත්නම්, එයාගේ ජීවිතය එයාට සාර්ථක කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. දැන් බලන්න හෙට ගැන නොදන්න කෙනා, අද ගැන පමණක් දන්න කෙනා, හෙට ගැන හිතන්නෙ නෑ. හෙට ජීවත් වෙන්නෙ කොහෙමද කියල එයා කල්පනා කරන්නෙ නෑ. අද ගැන පමණයි එයා කල්පනා කරන්නේ. එතකොට එයාට හෙට දවසේ ජීවිතය සැපවත් කරගන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. බලන්න, ඒ වගේ තමයි මේ ලෝකය ගැන පිරිපුන් වැටහීමක් නැත්නම්, එයාට මේ ජීවිතය සාර්ථක කරගන්න බැරුව යනවා.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට ජීවිතය ගැන කලින් නොදුටු දේවල්, නොඇසූ දේවල්, ඉගෙනගන්ට පුළුවන්කම ලැබෙනව. අපට වෙනත් කිසියම් ම කිසියම් දේකින් ඉගෙන ගන්ට බැරි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි, ඉගෙනගන්ට පුළුවන්කම තිබෙන්නේ. දීර්ඝ සංසාරයක් පුරාවට අපි විවිධ අකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් පැමිණි ගමනක් තිබෙනවා කියල අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්.

ඒ වගේම තමයි, ඒ ගමන යම් දවසක නතර කරගන්ට බැරි වුනොත් එහෙම ආපහු සැරයක් ඉපදෙමින් මැරෙමින් ඒ සංසාර ගමන යන්ට සිද්ධ වෙනවා කියල දැනගන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. මේ සංසාර ගමන පුරාවට විවිධ ආකාරයේ ජීවිතවල ඉපදෙමින් මැරෙමින් යන්ට සිද්ධ වෙනවා. විශේෂයෙන් ඉතාම දුක් සහිත වූ ලෝකවල අපට ඉපදෙන්න සිද්ධ වෙනව. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, යම් කෙනෙක් යහපත් දේවල් කළොත්, මරණයෙන් මත්තේ යහපත් වූ සැප ලැබෙන තැන්වල ඉපදෙන්ට ලැබෙනවා කියල.

ඒ වගේම තමයි යම් කෙනෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත් එයාට මරණයෙන් මත්තේ ඉතාම දුක් සහිත තැන්වල ඉපදෙන්ට සිද්ද වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, යමෙක් අයහපත් දේවල්, වැරදි දේවල් කළොත්, එයාට මේ ජීවිතයේදීත් ඉතාම දුක සහිතව තමයි වාසය කරනට සිද්ධ වෙන්නෙ. කායික වශයෙන් වැරදි කරන කෙනාට, වචනයෙන් වැරදි කරන කෙනාට, සිතින් වැරදි කරන කෙනාට, මේ ජීවිතය පුරාවට දුකෙන් වාසය කරන්න සිද්ධ වෙනවා. මේ ජීවිතයේදී දුකෙන් වාසය කරන කෙනාට, ඊලඟ ජීවිතයේ සැප සහිත තැනක ඉපදෙන්ට ලැබෙන්නේ නෑ.

නමුත්, යම් කෙනෙක් මේ ජීවිතයේදී කයෙනුත් හොඳ දේවල් කරනව, වචනයෙනුත් හොඳ දේවල් කරනව, සිතිනුත් හොඳ දේවල් කරනව. අන්න එබඳූ කෙනෙකුට මේ ජීවිතය පුරාවට ම ඉතාම සතුටින් සැපෙන් වාසය කරන්ට පුළුවන්කම ලැබෙනව. ඒ විදිහට මේ ජීවිතය සැපසේ වාසය කරන කෙනෙක්, මතු ජීවිතය එයා ආයෙ ඉපදෙන්ට ලැබුණොත්, ඉතාමත් ම සැප සහිත, සැප බහුල වූ ලෝකවල උපදින්න පුළුවන්කම තිබෙනව.

පින්වතුනි, අපේ ජීවිතය පිළිබඳ ව සැඟවිලා තිබුණ, මෙන්න මෙබඳූ කාරණා අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්න කෙනාට කොතරම් පරිපූර්ණ වැටහීමක් ජීවිතය සම්බන්ධයෙන් ඇතිකරගන්න පුළුවන්ද? කියන කාරණාව. මෙබඳූ වැටහීමක් ඇතිකරගත්තා වූ කෙනෙක් මේ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. ඒ වගේම තමයි, එයා ඊලඟ ජීවිතයත් සැපවත් භාවයට පත්කර ගන්නව. අද දවස ගැන පමණක් දන්න කෙනා හෙට දවසට කිසිවක් කරගන්නෙ නෑ. අන්න ඒ වගේ, මේ ජීවිතය ගැන පමණක් දැනගන්න කෙනා, ඊලඟ ජීවිතයට කිසිවක් ඉතුරු කරගන්නේ නෑ.

අන්න ඒ විදියට අපි මේ සසර ගැන නොදන්නවා නම්, ඊළඟ ජීවිතයක් තිබෙනවා කියල එයාට වැටහීමක් නැත්නම්, මරණයෙන් මත්තේ ඉපදීමක් තිබෙයි කියල එයාට වැටහීමක් නැත්නම්, එයා ඒ ජීවිතයට යහපත් විදියට යමක් රැස් කර ගන්ට කල්පනා කරන්නෙ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහල සසර ගැන වැටහීමක් ඇතිකරගන්න කෙනා, සුගති දුගති ලෝක ගැන වැටහීමක් ඇතිකර ගන්න කෙනා, දුගති ලෝකවලින් නිදහස් වෙලා සුගති ලෝකයක ඉපදීමට වුවමනා කරන පින් දහම් රැස්කරගන්ට පුරුදු වෙනවා.

අන්න ඒ විදිහට පින් කරගන්න කෙනා, පව් අතහරින කෙනා, මේ ජීවිතය ඉතාම සැප සේ වාසය කරන්ට වාසනා වන්තයෙක් බවට පත්වෙනවා. මේ ජීවිතය පින් කරමින්, පව් නොකර සැපවත් ජීවිතයක් ගතකරන කෙනාට ඊළඟ ජීවිතය ඉතාම සැප සහිත සුගති ලෝකවල ඉපදෙන්ට පුළුවන්කම තිබෙනවා. මෙබඳූ සැප සහිත ජීවිතයක් උදාකරගන්ට භාග්‍ය ලැබෙන්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ සද්ධර්මය ඉගෙනගෙන, ඒ සද්ධර්මයට අනුව ජීවිතය ගත කරන කෙනාටයි.

ඒ නිසා අපි සියලු දෙනාටම සෙත් පතන්න කැමතියි, ආශිර්වාද කරන්න කැමතියි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන, ඒ සද්ධර්මය ඉගෙනගෙන, දහමට අනුව ජීවත් වෙන්නට සියලු දෙනාටම භාග්‍ය උදාවේවා ෟ

තෙරුවන් සරණයි.

http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008211&nav=528
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
935078_10201093833127488_221649102_n.jpg


මා පිය උපකාරයට පිදිය යුතු සැබෑම උපහාරය........

පින්වතුනි,
ඹබ අපි කාටත් දෙමව්පින්ගෙන් ලැබෙන උපකාරය, දෙමව්පින්ගෙන් ලැබුණ උපකාරය මෙතකැයි කියල ප්‍රමාණ කරන්ට පුළුවන්කමක් නැහැ. අපි කවුරුත් මේ ලෝකයට බිහිවුණේ දෙමව්පියන්ගේ උපකාරයෙන්. මේ ලෝකයේ කිසිම දෙයක් නොදන්නා අය විදිහට, නොතේරෙන අය විදිහට හඳූනන් නැති ලෝකයකට එනකොට දෙමව්පියන්ගේ උපකාර නොලැබුණා නම්, අපි කවුරුත් මහත් වූ අවාසනාවන්තයින් බවට පත්වෙනව. අසරණ බවට පත්වෙනව. ඉතාම අසරණ අය විදිහට මේ ලෝකයට බිහිවෙනකොට දෙමව්පියන්ගේ උපකාරයෙන් තමයි අපි සෑම යහපතක්ම ඇති කරගත්තේ.

මෙබඳූ උපකාර දෙමව්පියන්ගෙන් ලබාගත්ත කෙනා විසින්, ප්‍රතිඋපකාර දැක්වීම උතුම් වූ ගුණයක්. මේ නිසා දෙමව්පියන් පෝෂණය කිරීමල රැක බලා ගැනීම, කවුරුත් ඉතාම උනන්දුවෙන් ඉතාම වුවමනාවකින් කළ යුතු දෙයක් වෙනව. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, දෙමව්පියන්ගෙන් අපට ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල ඉවරකරන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ කියල. යම් දරුවෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්නා තමන්ගේ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් පුරාවටම ඇප උපස්ථාන කළත්, දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වල අවසන් කරන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.

පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ, ඒ දරුවා, දෙමාව්පියන් දෙපළ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් උදව්කරනව. කන්න බොන්න දෙමින් සලකනව. ඒ දෙමව්පියෝ මළ පහ කිරීම් පවා කරන්නෙ උරහිස් මත්තේ ඉඳගෙනම යි. මේ ආකාරයෙන් දෙමාපියන්ට සැළකුවා වුනත්, ඒ දෙමාපියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වලා අවසන් කරන්න ලැබෙන්නේ නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

ඉතින්, යම් දරුවෙකුට දෙමව්පියන්ගෙන් ලැබුණ උපකාරය සඳහා ප්‍රතිඋපකාර දක්වන්න පුළුවන් විදිහකුත් භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව. තමන්ගේ අම්ම තාත්තා සිල්වත් කරනවා නම්, සීලයේ පිහිටුවනවා නම්, අන්න ඒක අපි දෙමාපියන්ට කරන්න පුළුවන් ලොකුම උපකාරයක් කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව. ඒ වගේම තමයි, දෙමාපියන්ට දහම් දැනුම ලබාදෙන්න පුළුවන් නම්ල අන්න ඒකත් දෙමාපියන්ට හොදින් උපකාර කිරීමක් බවට පත්වෙනව.

ඒ වගේම, දෙමාපියන් දන් පැන් දෙන්න පොළUවනවා නම්, දන් පැන් දෙන්න දෙමාපියන් උනන්දු කරනවා නම්, අන්න ඒකත් දෙමාපියන්ට කරන ලොකුම උපකාරයක්. මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන විදිහට, තමන්ගෙ දෙමාපියන් ගුණධර්ම තුළ සමාදන් කරවනවා නම්ල තෙරුවන් කෙරෙහි පහදනවා නම්ල තෙරුවන් කෙරෙහි සමාදන් කරවනවා නම්, ඒ අය තුළ යහපත් ගුණධර්ම උපදවා ගන්න උදව් කරනවා නම්, අන්න ඒ මඟින් දරුවෙකුට, දෙමාපියන්ට මනාකොට උපකාර කරන්න අවස්ථාව තිබෙනව.

එ නිසා අපි කවුරුත් අපිට මහත් සේ උපකාර කල, අපිට ප්‍රමාණ රහිත වූ උපකාර කළ, අපේ දෙමාපියන්ට මනා කොට උපකාර කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් දෙමාපියන් කෙරෙහි ඉතාම කරුණාවෙන්, ඉතාම ගෞරවයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, ඒ සැබෑම උපකාරය කළ යුතුවෙනව. සැබෑ උපකාරය කුමක්ද? දෙමාපියන් තෙරුවන් කෙරෙහි සමාදන් කරවල, තෙරුවන් කෙරෙහි දෙමාපියන් තුළ ප්‍රසාදය උපදවල දෙන්ට අපි කටයුතු කරන්ට ඕනෙ. සිල්වත් ජීවිතයක් ගත කරන්ට දෙමව්පියන්ට උදව් කරන්ට ඕනෙ. ඒ වගේම දෙමාපියන් තුළ මසුරුමල දුරුවෙන ආකාරයට, දන් පැන් දීම පිළිබඳව උනන්දුව ඇතිකරවන්නට ඕන. කැමැත්ත උපදවල දෙන්නට ඕන.

ඒ විදිහට දෙමාපියන්ට මේ ජීවිතය වාසනාවන්ත කරගන්ට කියා දුන්නොත්, අපි දරුවන් විදිහට දෙමාපියන්ට මනා උපකාරය කළල සැබෑම උපකාරය කළ අය බවට පත්වෙනව. මේ විදිහට අපි දෙමාපියන්ට උපකාර කළොත්, එමඟින් අපේ ජීවිතයට විශාල පිනක් රැස්වෙනව. දෙමාපියන් යහපතෙහි සමාදන් කරවීමෙන් ම අපට අපේ ජීවිතයට යහපත කරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට අපිත් යහපත කරගෙන, දෙමාපියන්ටත් සැබෑම යහපත උපදවල දෙන්ට තරම් වාසනාවන්තයින් බවට පත්වෙනව. මේ විදිහට අපිට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේල තෙරුවන් සරණ ගිහිල්ලා, සිල්වත් ජීවිතයක් අපි ගත කළොත් විතරයි.

එ නිසා අපි කාටත් ආශිර්වාද කරන්න කැමතියි, තෙරුවන් සරණ ගිහිල්ල, සිල්වත් ජීවිතයක් ගත කරමින්, අපට මහත් සේ උපකාර කළ දෙමාපියන්ටත්, මනා කොට උපකාර කරන්ට තරම් වාසනාවන්ත අය බවට පත්වේවා කියල.

තෙරුවන් සරණයි..

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
.
http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008231&nav=528
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
305880_256808831131464_930458360_n.jpg


පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන්න............

හැකි සෑම වෙලාවකදි ම පින් සිතුවිළි උපදවගෙන වාසය කරන්න පුරුදුවෙන්න. නරක සිතුවිලි වලට ඉඩදෙන්න එපා.

ඊරිසියාව, කුහකකම, එකට එක කරන ගතිය, රාග සිතුවිලි, තරහ සිතුවිලි, ඇද කුද හොයන ගති. සිතේ සිතුවිලි විදිහටයි මේව එන්නෙ. තමන් හුවාදක්වන ස්වභාවය, අනුන් හෙලාදක්වන ස්වභාවය සිතේ සිතුවිලි ස්වභාවයට තමයි මේව එන්නෙ.

ඉතින් ඒව අකුසල සිතුවිලි කියල හඳූනගෙන, අන්න ඒවට ඉඩදෙන්ට එපා. ඒවට ඉඩ නොදී අපි ඒ වෙනුවට මෙත් සිත පවත්වන්න, කරුණාව පවත්වන්න, මුදිතාව පවත්වන්න, උපේක්ෂාව උපදවාගන්න, එකිනෙකාට උපකාර කිරීමේ කැමැත්ත උපදවාගන්න, ඒ විදිහේ පින් සිතුවිලි උපදවා ගන්න උත්සාහ කළ යුතුයි.

පින් සිතුවිලිවලින් යුක්ත ව වාසය කරනකොට අපිට නිතර ම පින් රැස්වෙනව. හැම වෙලාවෙ ම පින් රැස්වෙනව. ඊළඟට සමඟියෙන් යුක්තව කටයුතු කරන්න කැමතිවෙන්න. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා "පිරිසක් සමඟ සමඟියෙන් වාසය කරන්න". අන්න එහෙම කැමතිවීමෙන් ම එයාට පින් රැස්වෙනව කියල, සමඟියට කැමතියි නම්, සමඟියෙන් වාසය කරනවා නම්, ඒ අය මුදිතා චේතෝ විමුක්තියෙන් වාසය කරන්නෙ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව.

ඉතින් මුදිතා චේතෝ විමුක්තියෙන් යුක්තව වාසය කරනකොට, ඒ අයගෙ ජීවිතයට බොහෝ පින් රැස්වෙනව කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව.

ඒ විදිහට වාසය කරනකොට එයාගේ සිතේ ප්‍රමුදිත බව ඇතිවෙනව. තවදුරටත් ඒ විදිහට වාසය කරනකොට එයාට ප්‍රීතිය ඇතිවෙනව. ප්‍රීති සිතින් යුක්තව වාසයකරන කෙනා තුළ කායික සැහැල්ලුව ඇතිවෙනව. එයා සැපසේ වාසය කරන කෙනෙක් බවට පත්වෙනව. එසේ සැපසේ වාසය කරන කෙනාගේ සිතේ සමාධිය උපදිනව. සමාධියක් සහිතව වාසය කරන කෙනෙකුට යම් කලකදී පරිපූර්ණ සැප අත්කරගැනීමේ භාග්‍ය උදාවෙනව.

මහත් සැප අත් කරගන්න මූලිකවුණේ මොකක්ද? පින් උපදවා ගැනීම. පින් උපදවා ගැනීමෙන් තමයි මෙලොව සැප, පරලොව සැප, සියලු දුක් දුරුවී ගිය ඒ නිවන් සැප මේ සියලු සැප උදාවෙන්නෙ.

ඒ නිසා සැපට කැමති අය විදිහට පින් රැස්කරගන්න කැමතිවෙන්න. පින් රැස්වෙන්නෙ, පින් සිතුවිලි උපදවාගෙන වාසය කරන කෙනාට යි, යහපත් සිතුවිලි උපදවාගෙන වාසයකරන කෙනාටයි. නරක සිතුවිලි උපදවාගෙන මොන දේ කළත් අපිට ඒකෙන් බලවත් පින් රැස්වීමක් වෙන්නෙ නෑ. එයාට පව් තමා රැස්වෙන්නෙ. අකුසල් රැස්වෙන්නෙ. එයාට දුක් විපාක විඳින්ට සිද්ධවෙනව. ඒ නිසා අපි කවුරුත් දුකට අකමැති වෙන්ට ඕනැ. සැපට කැමතිවෙන්ට ඕනැ. අන්න ඒ විදිහට දුකට අකමැති වෙලා, සැපට කැමති වෙන කෙනෙක් විදිහට හොඳ සිතුවිලි උපදවාගෙන වාසය කරන්න.

ඉතින් මේ විදිහට කිවුවහ ම හිතෙන්න පුළුවන්, ඉතින් අපිට මේ රාගික සිතුවිලි එනවනෙ. තරහ සිතුවිලි එනවනෙ. ඊරිසියාව එනවනෙ. මොකද කරන්නෙ කියල. ඒ සිතුවිලි වලට අකමැති සිත උපදවාගෙන වාසය කරන්න. ඒක කුසල් සිතක්. ඒක පින් සිතක්. දැන් රාගය තියෙන කෙනාට රාගික සිතුවිලි එනව. එතකොට ඒ රාග සහිත සිතින් වාසය කළොත්, එයාට පින් රැස්වෙනවද? නෑ.

එයා මොනදේ කළත් එයාට මහත්ඵල පින් රැස්වෙන්නෙ නෑ. අර රාග සහිත සිතට යටවෙලා ම වාසය කළොත් පව් රැස්වෙනව. අකුසල් රැස්වෙන්නෙ. පිනක් රැස්වුණත් ඒ පින මහත්ඵල වෙන්නෙ නෑ, රාගයෙන් යටවෙලා නම්. එහෙනම් අපි කොහොමද රාග සිත තියෙද්දි වුණත් පින් සිත උපදවා ගන්නෙ. ඒ රාග සිතට අකමැති සිතක් උපදවාගන්ට ඕනැ. අකුසල් සිතුවිලි එනකෙනා ඒ අකුසල් වලට අකමැති සිත උපදවා ගත්තොත්, ඒ අකුසල් ප්‍රහාණය කරන්න කැමැත්ත උපදවාගත්තොත්, අන්න එයා තුළ කුසල් සහගත සිතුවිලි පින් සිතුවිලි ඉපදිලා. එයා වාසය කරන්නෙ පින් සිතින්.

එතකොට එයා කරන කියන දේ මහත්ඵල පින් රැස්වෙන්න හේතුවෙනව. එනිසා දැන් කෙළෙස් සහිත කෙනාට, කෙළෙස් සහිත සිතුවිලි එනව. රාගය සහිත කෙනාට, රාගය සිහිත සිතුවිලි එනව. ඒක ස්වභාවයක්. අපි ඒ අකුසල් තිබෙද්දී වුණත්, කුසල පැත්තට හිත නවාගන්නෙ කොහොමද? ඒ අකුසලයට අකමැති සිත උපදවා ගැනීමෙන්. ඒ අකුසල් දුරුකරන්න කැමැත්ත උපදවාගැනීමෙන්. ඒ ඉපදෙන පින් සිත බලවත් එකක්, අතිශයින් බලවත් පින් සිතක්.

එනිසා අකුසල් දුරුකිරීමට කැමති සිත් උපදවාගන්න. නිතර සිහිකරන්න, "මගේ සිත බොහෝ කලක් තිස්සේ මේ රාග, ද්වේෂ, මෝහ වලින් කිළිටි වෙලා තියෙන සිතක්. මේ රාග, ද්වේෂ, මෝහ නිසා සිත කිළිටිවෙනව, දුක් උපදිනව. ඒ නිසා මම රාග, ද්වේෂ, මෝහ දුරුකරපු සිතින් වාසය කරන්ට ඕනෑ" කියන මේ සිත උපදවාගන්න. අන්න ඒ සිත බලවත්ව පුරුදුකරගන්න කෙනාට බලවත් සැප උපදවාගන්ට පුළුවන් පින් රැස්වෙනව. එනිසා දැන් දැන් ඉඳල ම සිහිකරන්න පුරුදුවෙන්න, සිත හොඳින් පිහිටුවාගන්ට, කෙලෙස් දුරුකරන්ට කැමති සිතක් උපදවගන්ට.

අපි මේ සියලු දෙනාටම ආශිර්වාද කරන්ට කැමතියි සැප අතර අග්‍ර වූ සැප උපදවාගැනීමට සියලු දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා කියල.



පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
●●▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬●●
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
298043_10201101708844376_1678203711_n.jpg


පී‍්‍රති ප්‍රමෝදයෙන් දවස ගෙවමු

ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සියලු දෙනාම වගේ කැමතියි දවස පුරාම සතුටින් වාසය කරන්න. නමුත් බොහෝ දෙනෙකුට ඒ සතුට උපදවා ගන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ගොඩාක් අය ඉතාම අපහසුවෙන් තමයි දවස ගතකරන්නෙ. නොයෙකුත් ආකාරයේ හිත් තැවුල් වලින්, හිතේ වේදනා වලින් පීඩා විඳිමින් වාසය කරන බොහෝ අය ලෝකයේ සිටිනවා.

ඒකට හේතුව තමයි, සිතේ අපිරිසිදුභාවය තිබීම. හිතේ අපිරිසිදුභාවය තිබෙනකල්, තමන්ට සතුටින් ඉන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා සතුටින් වාසය කරන්ට කැමති කෙනා, සිත පිරිසිදු කරගෙන සුවපත්භාවයට පත්කරගන්නට ඕන. යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරන්ට පුළුවන් නම්, අන්න එයාට සිතේ තිබෙන අපිරිසිදු බව දුරුකරගන්ට පුළුවන්කම තිබෙනවා.

යමෙක් නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරනව නම්, එයාගෙ සිත අපිරිසිදු වෙන ස්වභාවයන් ටිකෙන් ටික, ටිකෙන් ටික දුරුවෙලා යන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට සිතේ අපිරිසිදු බව දුරුවෙන්ට දුරුවෙන්ට එයාට සැප ඇතිවෙන්ට පටන් ගන්නව. යම් කෙනෙකුට සැප විඳින්න කැමතියි නම්, එයාගෙ සිත පිරිසිදු කර ගන්ට එයාට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙන් කරන්ට පුළුවන්.

ඒ නිසා යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් යුක්තව, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ සම්බුදු ගුණ සිහිකරනවා නම්, නිතර සිහි කරනවා නම්, එයාට දවස පුරාම පී‍්‍රති ප්‍රමෝදයෙන් වාසය කරන්ට පුළුවන්කම තිබෙනවා. එයාට ඹද වැඩී ගිය ශරීරයකින් යුක්තව වාසය කරන්ට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සෙගේ ගුණ හොඳින් තේරුම් අරගෙන, හොඳින් දැනගෙන, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහිකරන්ට කවුරුත් පුරුදුවෙන්න.

අපිට පුළුවනි, ඒ සම්බුදු ගුණ මේ විදියට සිහිකරන්ට. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, අනුත්තරෝ පුරිස දම්ම සාරථි වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ඒ අනන්ත වූ සම්බුදු ගුණ නිරන්තරයෙන් යමෙක් සිහිකරනවා නම්, එයාගෙ සිත ටිකෙන් ටික අකුසලයන්ගෙන් නිදහස් වෙනවා.

ඒ සිත අපිරිසිදු කරන අකුසලයන්ගෙන් සිත නිදහස් වෙන්ට, වෙන්ට සිතේ පිරිසිදු බව උපදිනව. සිතේ පිරිසිදු බව උපදින්ට උපදින්ට ඒ සිතෙන් අප්‍රමාණ වූ සැප විඳින්ට එයාට පුළුවන්කම තිබෙනවා. සිතෙන් සැප විඳින කෙනා කයෙනුත් සැප විඳින කෙනෙක් බවට පත්වෙනවා. සිත පිරිසිදු වෙන්ට පිරිසිදු වෙන්ට ඒ සිතේ තිබෙන විවේකයත් එක්ක කයේ තිබෙන අපහසුතා පවා දුරුවෙලා ඉතාම සුවපත් වූ කයකින් යුක්තව එයාට වාසය කරන්ට පුළුවන්කම ලැබෙනවා.

එතකොට යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හොඳින් පැහැදීම ඇතිකරගෙන, ඒ සම්බුදු ගුණ සිහිකරන්ට, සිහිකරන්ට සිත පිරිසිදුවෙලා ප්‍රීති ප්‍රමෝදයෙන් යුක්තව වාසය කරන්ට එයාට පුළුවන්කම ලැබෙනවා. අපි මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගත්තොත්, එයා මේ ජීවිතය ඉතාම සතුටින් වාසය කරනව.

මේ විදිහට මේ ජීවිතය සතුටින් වාසය කරන කෙනාට, මතු ජීවිතයේ සුගතියේ සැප විඳින්නට පුළුවන් විදිහට පින් රැස්වෙනව. ඒ විදිහට පින් රැස්කර ගත්තොත්, ඒ පින කාටවත් සොරකම් කරන්ට පුළුවන්කම ලැබෙන්නේ නෑ. ඒ පින එයාට ම විපාක පිණිස, සැප අත්කරදෙන්ට උදව් වෙනවා. ඉතින් යම් කෙනෙක් දවස පුරාම සතුටින් වාසය කරන්ට කැමතියි නම්, ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්න කැමතියි නම්, මේ ජීවිතයේ ම සතුටින් වාසය කරන්ට කැමති නම්, මතු ජීවිතයේ සුගතියක ඉපදිලා ප්‍රමාණ රහිත වූ සැපෙන් වාසය කරන්ට කැමති නම්, එයාට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීමයි. ඒ අප්‍රමාණ වූ සම්බුදු ගුණ සිහිකරන කෙනාට හැමදාම සතුටින් ඉන්ට පුළුවන්කම තිබෙනව.

ඉතින් අපි දිගින් දිගටම, නිරන්තරයෙන්ම, හැමදාම බුදුගුණ සිහිකරමින් වාසය කළොත්, එයාට ඒක නිවන කරාම, නිවන පිණිසම හිත දියුණු කරගන්ට උදව්වෙන උතුම් වූ භාවනාවක් බවට පත් වෙනව.

ඒ නිසා අපි සියලු දෙනාටම හදවතින්ම ආශිර්වාද කරන්ට කැමතියි, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ නිරන්තරයෙන් සිහිකරීම පිණිස සියලු දෙනාටම දුරලභ වූ භාග්‍ය උදාවේවාෟ

තෙරුවන් සරණයි !

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

http://www.dinamina.lk/kalanamithuro/?fn=n1008241&nav=504