සොදුරු සත්පුරුශ ඔවදන්..........

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
998993_526523554076578_762778100_n.jpg
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
1174961_321572834655063_283802483_n.jpg


සමාහිත සිතක් ඇතිකරගැනීමට නම්..........

භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව, "කාරණා පහකින් යුක්ත කෙනාට සමාධිමත් සිතක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ" කියල. මොනවද ඒ කාරණා පහ. භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, "යමෙක් රූප ඉවසනවනම්, අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ" කියල.

එතැනදි රූප කියල කියන්නේ, ඇසට පේන රූපය ඉවසනවනම්, කනට ඇහෙන ශබ්දය ඉවසනවනම් එයාට සමාධි උපදවගන්න බෑ, නාසයට දැනෙන ගඳ සුවඳ ඉවසනවනම් එයාට සමාධිය උපදවගන්ට බෑ. දිවට දැනෙන රසය ඉවසනවනම් අන්න එයාට සමාධිය උපදවගන්ට බෑ, කයට දැනෙන පහස ඉවසනවනම් එයාට සමාධිය උපදවගන්ට බෑ, එතකොට අන්න ඒ විදිහට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසන කෙනෙකුට සමාධියක් උපදවගෙන වාසයකිරීම සිද්ධවෙන්නෙ නෑ.

ඒ කාරණා ඉවසන්නෙ නැත්නම්, අන්න එයාට සමාධිය උපදවගෙන වාසයකරන්ට පුළුවන්. එතකොට බලන්න යම් කෙනෙක් ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසනවනම්, එයා තුළ ප්‍රමුදිතභාවය හටගන්නෙ නෑ. ප්‍රමුදිතභාවය හටනොගන්න නිසා ප්‍රීතිය ඇතිවෙන්නෙ නෑ. ප්‍රීතිය ඇතිනොවෙන කෙනාට පස්සද්ධිය ඇතිවෙන්නෙ නෑ. පස්සද්ධිය ඇතිනොවෙන කෙනාට සැපය ඇතිවෙන්නෙ නෑ. සැපය ඇතිනොවෙන කෙනාට සමාධිය ඇතිවෙන්නෙ නෑ.

නමුත් යම්කෙනෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේව ඉවසන්නෙ නැත්නම්, එයාට ප්‍රමුදිතභාවය උපදවගන්ට පුළුවන්. ප්‍රමුදිතභාවය එයා තුළ ඉපදෙනව. ප්‍රමුදිතභාවය උපදින නිසා ප්‍රීතිය ඉපදෙනව. ප්‍රීතියෙන් යුක්ත නිසා පස්සද්ධිය ඇතිවෙනව. පස්සද්ධියෙන් යුක්ත කෙනාට සැප ඇතිවෙනව. සැපසේ ඉන්න කෙනාට සමාධිය ඇතිවෙනව.

එතකොට අපි තේරුම්ගත යුතු දේ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස මේවා ඉවසනවා කියන දේ සහ ඉවසන්නෙ නැතිව ඉන්නෙ කොහොමද කියන දේ. අන්න ඒ කරුණු අපි තේරුම්ගත්තොත් අපිට අවස්ථාව ඉපදෙනව ප්‍රමුදිතභාවය උපදවගන්න.

මොකක්ද මේ රූප ඉවසනවා කියල කියන්නෙ? ශබ්ද ඉවසනවා කියල කියන්නෙ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසනවා කියල කියන්නෙ මොකක්ද? අපි ඇහෙන් ප්‍රිය මනාප රූපයක් දැකල, ඒකෙන් සතුටුවෙලා, නැවත නැවතත් ඒ වගේ රූප දකින්ට කැමතිවෙනවනම්, ඒ රූප වරණනා කරනවානම්, අගය කරනවානම්, ඒ ගැනම හිත හිතම ඉන්නවානම්, ආශ්වාදයෙන් යුක්තව ඉන්න එයා තුළ රූප ඉවසීම කියන එක තියෙනව.

කණට ඇහෙන ප්‍රියමනාප ශබ්දයක් අහල, ඒකෙන් සතුටුවෙලා, ඒකෙ ගුණ කියමින්, වර්ණනා කරමින්, නැවතත් ඒ වගේ ශබ්ද අහන්ට කැමැත්තෙන් යුක්තව වාසය කරනවානම්, පතනවනම් ඒ වගේ ශබ්දම අහන්න, එයා තුළ ශබ්ද ඉවසීම කියන එක තියෙනව.

ඊළඟට නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ කියන එක විඳල සතුටුවෙලා, ඒකෙ ගුණ කියමින්, වර්ණනා කරමින්, නැවත නැවතත් එබඳූ ඒ ආකාරයේ ගඳ සුවඳ විඳින්ට කැමතීයි නම්, එයම සොයනව නම්, එයම පතනව නම් අන්න එයා තුළ ගඳ සුවඳ ඉවසීම කියන එක තියෙනව.

දිවට දැනෙන ප්‍රියමනාප රස විඳල, එයින් සතුටුවෙලා නැවතත් ඒ වගේ රස විඳින්ට කැමත්තෙන්, ඒ රස අගය කරනවානම්, වර්ණනා කරනවානම්, එයම පතනවනම්, එයම සොයනවනම් අන්න එයා තුළ රසය ඉවසීම කියන එක තියෙනව.

ඊළඟට කයට දැනෙන ප්‍රියමනාප පහස විඳල, සතුටුවෙලා, නැවතත් එබඳූම පහස විඳින්ට කැමැත්තෙන්, එයම වර්ණනා කරනවනම්, අගය කරනවනම්, එයම සොයමින් ඉන්නවනම්, එයම පතනවනම් අන්න එයා තුළ පහස ඉවසීම කියන එක තියෙනව.

එතකොට ඒ රූප ශබ්ද, ගන්ධ, රස, පහස ඉවසන්නෙ නැතුව ඉන්ට අපි පුරුදුකරගත්තොත් අපිට මේ ජීවිතය තුළ ම ලොකු සැපක්, ලොකු පහසුවක් උපදවගන්ට පුළුවන්කම තිබෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
 
Last edited:

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
548964_320998581379155_932533340_n.jpg

සැමදෙනා කෙරෙහිම කරුණා සිත උපදවා ගනිමු.........

කෙනෙක් ගැන හෝ දෙයක් ගැන හෝ පූර්ව නිගමනයක ඉඳල කටයුතු කරන්ට එපා. අසවලා මෙහෙම වෙන්ට ඇති කියල පූර්ව නිගමනයක ඉඳල කෙනෙක් කෙරෙහි හැසිරෙන්ට එපා. මෙයා වැරදියි මෙයා මෙහෙමයි අරය මෙහෙමයි කියල සාමාන්‍යය සමාජයේ කටයුතු කරන ස්වභාවයට අපි හිටියොත් මොකද වෙන්නෙ? ඒ පුද්ගලයා ප්‍රමාණ කරන්ට අපි පුරුදු වෙනව. ඊට පස්සෙ එයා නිකරුනේ වැරදි කාරයෙක් විදිහටම හංවඩු ගහන්ට පටන් ගන්නව.

අපි පූර්ව නිගමනයක ඉඳල යම් කෙනෙක් දිහා බලන එක හරිද? ඒක වැරදියි. එහෙම පූර්ව නිගමනයකට එන්ටත් එපා පූර්ව නිගමනයක ඉඳල කටයුතු කරන්ට පුරුදු වෙන්ටත් එපා. ඒ විදිහට පූර්ව නිගමනයක ඉඳල කටයුතු කළොත් සමඟිය බිඳිල යනව, වෙන් වෙලා යනව, කන්ඩායම් ගැහෙනව. එකිනෙකා මූණ දෙන්නෙ නෑ. මුහු වෙන්නෙ නෑ. මිත්‍ර ශීලී බව නැති වෙලා යනව. පහසු විහරණය කියන එක නැති වෙලා යනව. මිත්‍ර ශීලී නැත්තෙ එකිනෙකාගෙ අදහස් ප්‍රිය කරන්නෙ නෑ. ඒ වෙන්නෙ අපේ හිත තුළම එකිනෙකා කෙරෙහි යම් නිගමනයන්ට ඇවිල්ල. අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියල. ඒ නිසා කිසිවෙක් කෙරෙහි අසවල් දෝශයෙන් යුක්තයි කියල යම් යම් විදිහට නිගමනයන්ට එන්න දෙන්ට එපා. ප්‍රමාණ කරන්ට යන්ට එපා. අපි විසින් පූර්ව නිගමනයක නොසිටිය යුතුයි.ඒක අපිට සුදුසු වෙන එකක් නෙවෙයි.අන්අය ප්‍රමාණ කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ භාග්‍යයවතුන් වහන්සේට පමණයි.

අපි විසින් සියලු දෙනා කෙරෙහි උපන් කුසල් සිතකින් වාසය කළ යුතුයි. උපදවා ගත්ත කුසල් සිතකින් වාසය කළ යුතුයි. එතකොට යම් කෙනෙක් මෙන්න මේ වැරුද්දෙන් යුක්තයි කියල, අපි යම් කෙනෙක් කෙරෙහි පූර්ව නිගමනයක ඉන්නව. එහෙම වුනාම මොකද වෙන්නෙ? අපි එයාගෙන් ඈත් වෙනව. එයත් පිරිසෙන් ඈත් වෙනව. එයාට හිතෛශී පිරිසක් හිටියොත් ඒ අයත් එක්ක එයා එකතු වෙනව. එතකොට කන්ඩායම් ගැහිල. අපි මුණ ගැහුනහම කතා කරනව. හැබැයි හිත ඇතුලේ සැකය තියෙන්නෙ. බාහිරට හිනා වෙනව. කතා කරනව. ආ කොහොමද? කොයි වෙලාවෙද ආවෙ? මේ විදිහට කතා කරනව. හැබැයි ඇතුලෙන් මෙයා මෙහෙමනෙ කියල හිතනව. එතකොට ඇතුලෙන් එකක් තියාගෙන පිටින් එකක් තියාගෙන තමයි අපි කටයුතු කරන්නෙ. එතකොට මිත්‍රශීලී භාවය කවදාවත් හටගන්නෙ නෑ. දෙබිඩි චරිත ගොඩනැගෙන්නෙ අන්න එහෙම. එකට ඉන්නව. කතාත් කරනව. හිනාත් වෙනව. ධර්ම කතාත් කරනව. හැබැයි මිත්‍ර භාවය කියන එක සිත තුළ හටගෙන නෑ.

අපි මිත්‍ර භාවය කියන එක බාහිර හිනාවෙන් පවත්වල වැඩක් නෑ. ඒක අපි සිත තුළ ගොඩ නගා ගත යුතු එකක්. සෙනෙහස කරුණාව මෛත්‍රිය බාහිර හිනාවෙන්, ආ කොහෙමද කියල කතාවෙන් නෙවෙයි අභ්‍යන්තරයෙ ගොඩනගා ගත යුතු එකක්. ඒක ගොඩ නැගෙන්නෙ එකිනෙකා කෙරෙහි කරුණාව ඇති කර ගැනීමෙන්. කරුණාව කියල කියන්නෙ අනිත් කෙනාගේ දුකට අකමැති ගතිය.

අපි හතුරෙක් ගැන වුනත් හතුරු හිතක් ඇති නොකර ගත යුතුයි. හතුරෙක් ගැන උනත් අපි ඇති කර ගත යුත්තේ කුසල් සිතක්. ඒක තමයි එයා දුකෙන් නිදහස් වේවා! එයා යහපත් වේවා! කියන හැඟීම. ඒ විදිහට අපේ හිත හදාගන්ට නම් අපි අපේ හිත කෙලෙසෙන්නෙ නැති විදිහට හිත හදාගන්ට ඕනෑ කියන හැඟීම තියෙන්ට ඕනැ. අන් අයගේ වැරදි අන් අය ප්‍රමාන කරන්න කල්පනා කලොත් අපේ හිත කෙලසිලා යනව. අන් අය කෙරෙහි අනුකම්පාව මෛත්‍රිය ඇති කරගන්ට අපි කල්පනා කලොත් අපේ හිත පිරිසිදු වෙලා යනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.