සොයිසා මහතාට මරු කැඳවූ "මුත්තර බල්ලා"...
ලංකා ඉතිහාසයේ ජීවත් වූ අංක එකේ ධනවතකු, දානපතියකු මෙන්ම සමාජ සේවකයකු වු චාල්ස් හැන්රි ද සොයිසා ගැන ප්‍රධාන වශයෙන් වර්තමානයේ කියවෙන්නේ (ඒ මහතාගේ වලව්වක තනා ඇති ) කොළඹ "ද සොයිසා කාන්තා රෝහලේ" නිර්මාතෘ වශයෙනි.
සොයිසා මහතාගේ අවසානය සිදුවූ අයුරු ගැන එකළ ප්‍රකට කතාවක් පසුගියදා ලංකාදීප පුවත්පතේ වජිර ලියනගේ මහතාගේ ලිපියක තිබිණි. බෞද්ධ හිමිනමක ගැන තරමක වැරදි අදහසක් එමඟින් මතුවන නිසා ඒ කතාව වෙනත් ආකාරයකින් කීමට සිතුවෙමි.
චාල්ස් හැන්රි ද සොයිසා මහතා උපන්නේ 1836 මාර්තු මස 03 වැනි දින මොරටුවේදීය. තම පරම්පරාවෙන් විශාල ධනස්කන්දයක් ඔහුට උරුම විය. පසුව ඔහු ජීවත් වූයේ කොල්ලූපිටියේ ඇල්ෆ‍්‍රඞ් හවුස් මන්දිරයේ ය. (එම මන්දිරයේ උද්‍යානය ඇතුළුව මුළු ඉඩමේ ප‍්‍රමාණය අක්කර 112ක් විය). කාමර සියයකින් යුතු ඇල්ෆ‍්‍රඞ් හවුස් මන්දිරය ඉදිකර ඇත්තේ ඇල්ෆ‍්‍රඞ් කුමරුගේ (එඩින්බරෝහි ආදිපාදවරයා) ලංකා ගමන නිමිති කරගෙනය. ගෘහ නිර්මාණ ශිල්පීන්, කම්කරුවන් දිවා රෑ නොබලා දින 80ක් තුළ මෙම මන්දිරය නිමවා ඇත. මන්දිරයට අවශ්‍ය බොහෝ දේ නැවක් පිටින් එංගලන්තයෙන් සහ බෙල්ජියමෙන් ගෙන්වා ඇති අතර ඇල්ෆ‍්‍රඞ් කුමරුට අවශ්‍ය හැඳි ගෑරුප්පු නිමැවුමට රන්කරුවකු ගෙන්වා හැඳි ගෑරුප්පු ආදී සියල්ල රත‍්‍රනින් නිම කිරීමට නියෝග කොට ඇත.
තම ධනය පොදු ජනතාවගේ සුභසිද්ධිය සඳහා යෙදවීමට නොපැකිළව ඉදිරිපත් වූ සොයිසා මහතා ඉංගලන්තයේ රෝහල් විස්සකට වැඩි ගණනකට මූල්‍යමය ලෙස දායකත්වය දී ඇත.
ජාතික ව්‍යාපාරය හා බත්තරමුල්ලේ සුභූති හිමියෝ - එකළ අනගාරික ධර්මපාල මහතා විසින් ගොඩනැගූ සිංහල ජාතික ව්‍යාපාරය පරගැති චින්තනයෙන් ජාතිය මුදා ගැනීම සඳහා විශාල මෙහෙවරක් කරමින් තිබිණි. අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්‌චන්ද්‍ර, පියදාස සිරිසේන, හේමපාල මුනිදාස, එෆ්. ආර්. සේනානායක, ඊ. ඩබ්. පෙරේරා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, ටිඛෙට් ජාතික එස්. මහින්ද හිමි වැනි ජාතික ව්‍යාපාරයේ නියමුවන් අතර බත්තරමුල්ලේ සුභූති හිමියන්ටද විශේෂ තැනක් හිමි විය.
1915 දී හටගත් ජාතිවාදී කෝලහලය හරහා සිරභාරයට පත්වූ වීරවරයින් අතර එතුමාද විය.
මේ අතර බුදු දහම නැති කිරීමට වළි කෑ ක්‍රිස්තියානීන් මතවාදිමය වශයෙන් පරාජය කිරීම සඳහා බෞද්ධයන් හා ක්‍රිස්‌තියානින් අතර හටගත් ආගම්වාද විශාල මෙහෙයක් ඉටු කළේය. පංච මහා වාද වලට අමතරව පොත්පත් හරහාද මෙම වාද කෙරිණි.
බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියෝ "දුර්වාදී හෘදය විදාරණය" නම් සුප්‍රකට පොත රචනා කරමින් ක්‍රිස්තියානීන්ගේ මතවාද බිඳ දමා ඉන් නොනැවතී ඔවුන් වෙත නිර්දය විවේචන එල්ල කළහ.
කතෝළිකයෙකු වූද පරාධීන චින්තනයට බරවූ ද සොයිසා මහතා මෙම ව්‍යාපාර වලට ප්‍රතිපත්තිමය වශයෙන් එරෙහි විය. ඔහු ජාතික ව්‍යාපාරයේ නියමුවන් හෙළා දුටු අතර එයට එරෙහිව යම් වැඩ කොටසක් කරන්නට ඇති බව සිතිය හැක.
මුත්තර බල්ලා - "මුත්තර බල්ලා" සිදුවීම සිදු වන්නේ මෙවැනි පසුබිමකය. දිනක් තම මන්දිරයේ සඳලූතලයට වී පාර දෙස බලා හුන් සොයිසා මහතාට දැකගත හැකි වූයේ පාරේ වඩින බත්තරමුල්ලේ සුභූති හිමියන්ය.
සුභූති හිමියන් තම මන්දිරය අසලින් යන විට සොයිසා මහතා හීන් හඬින් මෙසේ කියා ඇත; ‘‘මුත්තර බල්ලන් යන්නේ!’’
(මුත්තර බල්ලා = "බත්තර මුල්ලා" හි පද පෙරැළිය )
කරුමයකට මෙන් සොයිසා මහතා හීන් හඬින් කියූ දේ පාරේ වඩිමින් සිටි සුභූති හිමියන්ට ඇසී ඇත. මින් මහත් කෝපයට පත්වූ හිමියන් සොයිසා මහතා හොඳින් පෙනෙන පාරේ තැනකට ගොස් ඒ මහතා වෙත දබර ඇඟිල්ල දිගු කොට මෙවැනි අභියෝගයක් කොට ඇත. ‘‘හොඳයි මම උඹට මුත්තර බල්ලෙක් එවන්නම්!’’
සුභූති හිමියන්ගේ අභියෝගය සොයිසා මහතාට හරිහැටි ඇසුනේ නැති මුත් උද්‍යානයේ මල්වලට සාත්තු කරමින් සිටි මුස්ලිම් ජාතික සේවකයෙකුට ඇසිණි. සුභූති හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට මහත් ප්‍රසිද්ධියක් උසුලා තිබූ බව දත් සේවකයා බියපත්ව සිද්ධිය සොයිසා මහතාට සැල කර සිට ඇත.
සොයිසා මහතා කේන්දර තදින් විශ්වාස කළද යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් විශ්වාස නොකළේය. මේ නිසා ඔහු මේ සිදුවීම ගණනකට ගත්තේ නැත.
සිරිවර්ධන මහතා ගේ කතාව - පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා මරදානේ ප‍්‍රකට පොත් ප‍්‍රකාශකයකු වූ අතර අපේ ජාතික ගීයේ නීත්‍යානුකූල අයිතිකරු විය. සුභූති හිමියන් ළඟින් ආශ්‍රය කළ ඔහු කියන්නේ නැවත පංසලට වැඩම කළ සුභූති හිමියන් තම කුටිය වසාගෙන දින ගණනාවක් තිස්සේ මන්තර ජප කරමින් කිසියම් ගුරුකමක් කළ බවයි.
සොයිසා මහතා ගේ මරණය - සොයිසා මහතා ගෙදර ආදරයට ඇති කළේ බැල්ලකි. ‘ටැරිටර්’ වර්ගයේ එකියක වූ ඌට සුපිරි ආහාරපානාදියෙන් සහ ආරක්ෂාවෙන් අඩුපාඩුවක් නොවීය.
1890 අගෝස්තු 2 වැනිදා උදෑසන අවධි වූ සොයිසා මහතා යහන් ගැබ පිහිටි උඩුමහලේ ලී තරප්පුවේ පඩි එකින් එක බහින්නට විය. ‘ටැරියර්’ බැල්ල බිම්මහලේ සිට බලාසිටියේ සොයිසා මහතා එනතුරුයි.
බැල්ල ක්‍ෂනයකින් වියරු වැටී එක හැල්මේ සොයිසා මහතාගේ බෙල්ලට පනින්නට විය. අන්දමන්ද වූ සොයිසා මහතා බැල්ලගේ බෙල්ලෙන් තදින් අල්ලා ගත්තේය. වියරු වැටුණු බැල්ලිය වම් අත ලේ එනතුරු සපා කන්නට වූවාය.
‘‘මේ බැල්ලි දාන්න කූඩුවක් ගෙනෙන්!" සොයිසා මහතා බියපත්ව කෑගන්නට විය. මන්දිරයේ මුරකරු වහා යකඩ කූඩුවක් ගෙන වැර යොදා සේවකයෙකුගේද සහයෙන් බැල්ලිය කූඩුවට දමා ඉබි යතුරු දැමීය. වියරුවෙන් සිටි බැල්ලිය යකඩ කූරු හපා කමින් සෙම බේරන්නට වූවාය.
එදින හිටි අඩියේ වියරු වැටුණු බැල්ලිය මුලින්ම ගොස් ඇත්තේ මන්දිරයේ කුස්සියට ය. බැල්ලියගේ හැසිරීම නොඉවසූ අරක්කැමියා බැල්ලියට දර පොල්ලකින් පහර දී එලවා දමා ඇත. මන්දිරයේ එවකට සේවකයෝ විසි ගාණක් සිටි අතර විශාල ගෙවත්තේ සත්ව උද්‍යානයක් ද තිබී ඇත. නමුත් ඒ කිසිවකු සපා කන්නට බැල්ලිය ගියේ නැත. තරප්පු පෙල යට බැල්ල පැයකට වඩා කුරුමානම් අල්ලමින් සිට ඇත්තේ සොයිසා මහතා බිම් මහලට එනතුරුය.
සොයිසා මහතාගේ බෑණනුවන් වූයේ දොස්තර සලමන් ප‍්‍රනාන්දු ය. සපා කෑ තුවාල වලට බේත් දැමූ දොස්තර බෑනා පැහැදිළි ජලභීතිකා සැකය නිසා බැල්ල නිරීක්ෂණය කරන ලෙස උපදෙස් දුන්නේය.
දොස්තර සලමන්ගේ නිර්දේශය වූයේ සොයිසා මහතා එවකට ලෝකයේ අංක එකේ ජලභීතිකා විශේෂඥ වෛද්‍යවරයාට යොමු කිරීමයි. ඔහු අප කවුරුත් දන්නා ලුවී පාස්චර් වෛද්‍යවරයාය. ප්‍රංශයේ සිටි ඔහු අවුරුදු පහකට පෙර (1885) ජලභීතිකා එන්නත සාර්ථකව අත්හදා බලා තිබිණි.
ප‍්‍රංශයට නැව් නැගීමට සොයිසා මහතා ඇතුළු පිරිසට ටිකට් පත්ද මිලදීගත් පසු ගමනට එරෙහි වූයේ සිංහල වෛද්‍යවරුන් පිරිසකි.
"මුහුදේ ගමන ජලභීතිකා රෝගීන්ට අකැපයි. අතරමඟ අලූත් බේත් අවශ්‍ය වුනොත් කොහෙන් හොයාගන්නද? පිස්සු බලූ රෝගයට හොඳම බේත් ඇත්තේ හෙළ වෙදකමයි." සොයිසා මහතා බලන්නට ආ සුප‍්‍රකට වෙද මහතකු පැවසීය.
ප‍්‍රංශ ගමන අත්හල සොයිසා මහතා සිංහල බෙහෙත් කරන්නට එකඟ විය. සිංහල වෙදකම් කිරීමට බේත් හේත් සොයා ගැනීමට ඇති අපහසුව නිසා ‘මොරටුවේ සුවිසල් මන්දිරයට’ 1890 අගෝස්තු 06 (සපා කා දින 4 කට පසු ) වැනි දින සොයිසා මහතා රැගෙන ගිය බව දැක්වේ.
කූඩු කළ බැල්ලියට සිදුවූයේ කුමක්ද? දිනෙන් දින උගේ පිස්සු බලූ ලක්‍ෂණ ඔඩු දුවන්නට විය. ඇස් බලන්නට බැරි තරම් රෞද්‍ර විය. ජල වීදුරුවක් වත් කූඩුව අසලින් ගෙන යන්නට බැරි විය.
බලු කූඩුවේ කෑම කිසිවක් නොකා දින හතක් නිරාහාරව සිටි බැල්ල සොයිසා මහතා හපා කා හත්වැනි දින පැය ගණනාවක් විලාප දී එක්වරම යකඩ කූරක් වියරුවෙන් හපා කමින් සෙම පෙරාගෙන කූඩව තුළම මැරී වැටුණි.
අගෝස්තු 9 වැනි දින මධ්‍යම රාත‍්‍රියේ මහ හඬින් කෑ ගසමින් සොයිසා මහතා නින්දෙන් අවදි වූ බවත් "කුරුල්ලන් කීප දෙනෙක් පියාසර කරමින් ඇවිත් මගේ තුවාලවලට කොටමින් හාරා කන්නට පටන් ගත්තා." යනුවෙන් සොයිසා මහතා තම කුටියේ සිටි වෙද මහතුන් තුන්දෙනාට පැවසූ බවත් දැක්වේ. සිහින පලාපල අනුව මෙය අසුබ ලකුණකි.
සිංහල බෙහෙත් වලින් සපා කෑ අතේ තිබූ තුවාල සුව වුවද වෙනත් ප්‍රගතියක් නොලැබුණි. සැප්තැම්බර් 28 වැනි දින සොයිසා මහතා වතුරට බියවීම, වතුර ගිලීමට අමාරුව, එළිය අප‍්‍රිය වීම, අඳුර ප‍්‍රියවීම ආදි සියලූ ජලභීතිකා ලක්‍ෂණ පෙන්නුම් කළ බව දැක්වේ.
මරණය ළඟා වන බව තේරුම් ගත් ඔහු පූජකතුමෙකු සහ නීතීඥයින් ගෙන්වා ආගමික වතාවත් ඉටු කරගෙන දේපල නිරවුල් කොට අවසන් කැමති පත්‍රයද සකස් කළේය.
මරණය දැක දැක අන්තිම මොහොතේත් මේ කටයුතු ඉටු කිරීමට තරම් නිරවුල් මනසකින් ඔහු සිටියේය. අන්තිම කැමති පත‍්‍රය අත්සන් කර ටික වේලාවක් ගිය විට සොයිසා මහතා නැවතත් සියලූ පිස්සු බලූ ලක්‍ෂණ පෙන්නන්ට වූයේ බලා සිටින්නන් බියපත් කරමිනි. වියරු වැටීම වැළැක්වීමට ශරීර ශක්තිය අඩපණ කිරීමට දුන් බේත් වඩියක් හක්කේ තබාගෙනම සොයිසා මහතා නින්දට ගිය අතර 1890 සැප්තැම්බර් 29 වැනි රාත‍්‍රි 9ට සොයිසා මහතා තම සියලූ සබ්බ සේසතම අතහැර එලොව ගියේය. එදිනට ඔහුගේ වයස අවුරුදු 54කුත් මාස 6ක් විය.
ඉතා විශාල පිරිසක් සහභාගි වූ සොයිසා මහතාගේ අවමංගල්‍යයට එංගලන්තයේ රජ මාලිගයෙන් පවා නියෝජිතයෝ පිරිසක් එක්වී සිට ඇත.
පිල්ලියක්? - පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා කියනා ආකාරයට දින ගණනාවක් ජප කිරීමෙන් පසු සුභූති හිමියන් සොයිසා මන්දිරයට බලගතු පිල්ලියක් එවා ඇත. චාල්ස් හැන්රි ද සොයිසා මහතාගේ බැල්ලියට වැසී ඇත්තේ එම පිල්ලියයි.. පිල්ලියෙන් වියරු වැටුණු බැල්ලිය ඇඟට පැන සපා කෑම නිසා සොයිසා මහතාගේ මරණය සිදුවී ඇත.
බත්තරමුල්ලේ සුභූති හිමියන්ගෙන්ම පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන මහතා මේ සිදුවීම පසු කලක පැහැදිලි ලෙස අසා දැනගෙන ඇත. නමුත් මේ සිද්ධියට සම්බන්ධ වෙනත් කිසිවකු ජීවතුන් අතර සිටීදැයි සැක සහිතය.
ඔන්න ඕක තමයි මුත්තර බල්ලගේ කතාව.
පසු විපරම - පිල්ලි කතාව විශ්වාස කරන්නේ නම් සාක්ෂි ලෙස බල්ලෙක් එවන බවට කළ තර්ජනය, සිරිවර්ධන මහතාගේ සාක්ෂි ආදිය ගත හැක.
නාග පිල්ලි, වාමන පිල්ලි ආදී පිල්ලි වර්ග 18ක් විස්තර කර ඇති නමුත් බලු පිල්ලියක් (එනම් මියගිය බලු ශරීරයක් පිල්ලියක් ලෙස එවීම ) ගැන සඳහනක් නැත. මෙහිදී ගුරුකමින් කරන්නට ඇත්තේ පිල්ලියක් යවා අහල පහල සිටින බල්ලෙකුට ආවේශ වීමට සැලැස්වීම විය යුතුය. බැල්ල මිනිසුන් විසි ගණනකින් එක් අයෙකුට පමණක් සපා කෑම පිල්ලි කතාවට අනුබල දෙයි (පිල්ලියක් තමාට දුන් නියෝගය පමණක් ඉටු කරයි).
කෙසේ වෙතත් පිල්ලි යැවීම ඉතා අනතුරුදායක බව සඳහන් වේ. වැරදුනහොත් යැවූ කෙනාගේ විනාශය ගෙන ඒමට පිල්ලියට හැක.
වෛද්‍ය නොසැළකිල්ල? - සොයිසා මහතා හපා කෑමේ පටන් රෝග ලක්ෂණ පහල වීමට ගතවූ කාලය සළකා බලන විට ලුවී පාස්චර් මහතාට ඔහු බේරා ගැනීමට අවස්ථාවක් තිබූ බව පෙනේ.
මෙහිදී සිංහල වෛද්‍යවරුන්ට දොසක් කිව නොහැක්කේ අවු. 5ක් පමණක් අත්හදා බැලූ බටහිර ප්‍රතිකාර ක්‍රමයක් ගැන ඔවුන් දැන සිටීමේ හැකියාවක් නැති බැවිනි. නමුත් බටහිර වෛද්‍යවරුන් කෙසේ හෝ ප්‍රංශයට යාමට සොයිසා මහතා එකඟ කර ගත යුතුව තිබිණි.
ප්‍රංශයට නොයාමට එකම හේතුව වූයේ අළුතින් සිංහල බෙහෙත් සොයා ගැනීමේ අපහසුවයි.
සොයිසා ප්‍රතිමාව - ටවුන් හෝල් හන්දියේ වටරවුම මැද තුනටියට දකුණු අත තියාගත් යතුරක් අතින් ගත් ප්‍රතිමාව සොයිසා මහතාගේය. එතුමාගේ වලව්වක ඉදි කළ සොයිසා කාන්තා රෝහලේද එවන් ප්‍රතිමාවක් ඇත.
ආගමික මතවාද හෝ සුද්දාට කත් ඇඳීම කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශාල සේවයක් සොයිසා මහතා කළ බව සොයිසා රෝහලට පැමිණෙන ජනකායෙන් පෙනේ. ජලභීතිකාවෙන් මියයාම ඉතාම වේදනාකාරී කටුක මරණයකි. එවන් මරණයක් ඔහු වැන්නෙකුට සුදුසු නොවේ.

සොයිසා පිළිරුව

Last edited: