මම සෝනි ෆෝන් එකක් ගන්න ඕන කියලා හිතිලා සිංගර් එකට කෝල් කළා අද උදේ. මොකද වෙන තැනකින් ගන්නවාට වඩා ඒජන්ට් ගෙන්ම ගන්න එක හොදයි කියලා හිතුන නිසා.
ෆෝන් එකක් ගැන කියලා දැනගත්තම කෝල් එක ආන්සර් කරපු කෙනා ෆෝන් එක කොල්ලෙක්ට දුන්නා.
ඒ කොල්ලට මම කීවම එක්ස්පීරියා+ෆෝන් මොඩල් එක, මනුස්සයා කියාපි එක්ස්පිරියා කියන්නෙ නොකියා එකක් නේද? ඒකෙ මොඩ්ල් නම්බර් එක කියන්න අපි ගෙන්වලා දෙන්නම් කියලා.
මම කීවා එක්ස්පීරියා කියන්නෙ නොකියා එකක් නෙවි සෝනි එකක්. ඒකෙ ගාණ කොහොම වෙයිද කියලා. එහාපැත්තෙන් කියනවා ගාණ බලලා විනාඩි පහකින් කෝල් එකක් දෙන්නම් ෆෝන් නම්බර් එක දෙන්න කියලා.
තමන් ඒජන්ට් විදියට ඉන්න බ්‍රෑන්ඩ් එකට අයිති ෆෝන් මොඩල් එකක් ගැන නොදන්න උන්ගෙන් ෆෝන් ගන්න මට ඕන නෑ වෙන තැනකින් ගන්නම් කියලා මම කෝල් එක කට් කළා.
මම අත්දැකීමෙන් දන්නවා ඒ ෂොප් එකට ගියාම එතැන ලොක්කා නැතිනම් වැඩ කරන අය තම තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩ. එන කෙනා ගැන ගානක්වත් නෑ. ළගට ගිහින් කතා කරාමත් අර තියෙන්නෙ පොඩ්ඩක් බලන්න කියනවා.ලොක්කා හිටියොත් අපි කඩේ දොරගාවට ගියත් සර් මොකක්ද බැලුවෙ කියලා අහනවා. ඒ නිසායි මම කෝල් කරලා ඇහුවෙ, නිකන් රස්තියාදු වෙනවාට වඩා හොද නිසා.
මුස්ලිම් මිනිහට බැන බැන උන්ගෙන් බඩු ගන්න එපා කීවට සිංහල මිනිහෙක් වැඩ කරන කඩේකට ගියාම අපි රස්තියාදු වෙන්න බලාගෙන යන්න ඕන අනිවාර්යෙන්ම. ඒකයි මුස්ලිම් මිනිහා බිස්නස් අතින් ගොඩ යන්නෙ සිංහල මිනිස්සු වැඩ කරන කඩවල් බංකොලොත් වෙද්දි.
මේ යන විදියට සෝනි බ්‍රෑන්ඩ් එකට ලංකාව ඇතුලෙදි දෙයියන්ගෙම පිහිටයි. මොකද සිංගර් එකේ අලෙවියෙන් පසු සේවාව උපරිමේටම තියෙනවා කියලා අපි කොහොමත් හොදටම දන්නවානෙ.