@nevermindNevergiveup සෝවාන් මාර්ග ඵලය කියන්නේ ගිහි ජීවිතේ කම් සැප විඳිමින් ලබාගත හැකි අධිගමනය කර හැකි මාර්ග ඵලයක්.
ත්රිපිටකය » සූත්ර පිටකය » ඛුද්දක නිකාය » පෙටකොපදෙශ » 7. සප්තම භූමි » හාරසම්පාතභූමි
8. එහි විභත්තිහාර කවරෙ යැ: යමෙක් කාමයන් සෙවනය කෙරේ ද පව්කමුදු කෙරේ ද, හේ අනුසෝතගාමී යයි ඒකාන්තයෙන් නො වේ.
සෝවාන් පුඟුල් ද කාමයන් සේවනය කෙරෙයි, තද්භාගිය වූ පව්කමුදු කෙරෙයි, "කිඤ්චාපි සො කම්මං කරොති පාපකං" යි සූත්රයෙහි දැක්වූ පරිදි හේ නො ද අනුසෝතගාමී වෙයි. මෙය විභාග කොට ප්රකාශ කළයුතු යැ. කාමයන් නො ද සෙවුනේ යැ, පව්කම් නො ද කෙරෙයි, (එහෙත්) ඒකාන්තයෙන් පටිසෝතගාමී නො ද වෙයි. කාමයන්හි වීතරාග වූ ශාසනයෙන් බැහැර වූ සියලු දෙනෙ නො ද කාමයන් සේවනය කෙරෙයි, ඔහු නො ද පව්කම් කෙරෙති. (ඔහු) අනුසෝතගාමී පටිසෝතගාමී ද වෙත්. මේ විභත්තිහාර යි.