රියැදුරකු ලෙස සෞදි අරාබියේ සේවයේ යෙදී සිටියදී හදිසි මරණයකට පත්වීමෙන් පසු මෙරටට එවන ලද ශ්‍රී ලාංකිකයකුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය එම්.එන්. රුහුල් හක් මහතා ප්‍රතික්ෂේප කළේය.
ඇඹිලිපිටිය, පනාමුරය ඇත්ගාල ප්‍රදේශයේ 30 හැවිරිදි එක්දරු පියකු වූ මෙම රියැදුරා මරණයට පත්ව තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව තුළින් හමුවී නැති ඉතාමත්ම අවදානම් යැයි සැලකෙන අනතුරුදායක වයිරසයකින් වීම එයට හේතුවයි. මළ සිරුර එවා තිබුණේ මිනී පෙට්ටියේ බහාලීමෙන් පසු පෙට්ටියට මුද්‍රා තැබීමෙන් අනතුරුවය. මුද්‍රා කඩා පෙට්ටිය විවෘත කළහොත් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවට සටහනක්ද ඒ සමඟ එවා ඇති බව පැවැසේ.
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට යෑමෙන් ඇති වීමට ඉඩ ඇති අනිටු ප්‍රතිඵල ගැන සලකා මරණ පරීක්ෂණය පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව වෛද්‍ය රාහුල් හක් මහතා විසින් මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත මහතාට හේතු දක්වමින් යොමු කෙරුණු වෛද්‍ය වාර්තාවේ අඩංගු කරුණු අනුසාරයෙනි.
ශ්‍රී ලංකාවේ නැති අවදානම් සහිත බලවත් වෛරසයක් සහිතව රෝග ගණනාවකට ගොදුරු වී මේ තැනැත්තා මරණයට පත්ව ඇති වග මෘත දේහයද සමඟ සෞදි අරාබියේ සිට එවා ඇති වෛද්‍ය වාර්තාව මඟින් තහවුරු කර තිබේ.
දේහයේ අන්තර්ගත අවදානම් සහගත වෛරසය පැතිර නොයනු පිණිස මිනී පෙට්ටිය විවෘත නොකර මුද්‍රා පිටින්ම ආදාහනය කළ යුතු යැයි ප්‍රධාන අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත.
උද්ගතව තිබෙන අවදානම ගැන මියගිය අයගේ ඥාතීන්ට කරුණු පැහැදිලි කර දුන් හදිසි මරණ පරීක්ෂකවරයා මිනී පෙට්ටිය විවෘත නොකොට මුද්‍රා තබා ඇති පරිදිම ආදාහනය කරන්නට දුන් උපදෙස් පිළිපැදීමට ඥාතීන් එකඟ වී නැත.
මේ පසුබිම යටතේ මෘත දේහය ඥාතීන්ට භාරදීම ප්‍රතික්ෂේප කළ හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අධිකරණයට භාරකර ඇති අතර මුද්‍රා තබන ලද මෘත දේහය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර තිබේ
උපුටා ගත්තේ මෙතනින් http://www.aththawiththi.com/2016/09/01-article-aw-06.html#.V8hNjS_ssto.facebook