සෞදි කුමරුන්ට වෙඩි තියලා
සෞදි කුමරුන්ට වෙඩි තියලා
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු වෙඩි ප්‍රහාරයකට ලක් වී තුවාල ලබා රෝහල්ගතව සිටි බව සෞදි පුවත් සේවා අනාවරණය කළේය.
පසුගිය අප්‍රේල් 21 වැනිදා, සෞදි රජ මාලිගය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවිය. ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ද වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ ද මෙම අවස්ථාවේදීය.
කෙසේ නමුත් ඒ ගැන කිසිදු විස්තරයක් සෞදි රජ පවුල අනාවරණය කළේ නැත. සමාජ ජාල ඔස්සේ ද ඒ බව වසං කළේය. ඒ ගැන තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී.
සෞදි රජ මාලිගය ඉදිරිපිට වෙඩි තැබීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 21 වැනිදාය. ඒ, රාජ්‍ය විරෝධීන් පිරිසක්, ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් සමඟ එක් වී, සෞදි රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් ආරම්භ කළ අවස්ථාවේදීය. සන්නද්ධ පිරිස උත්සාහ ගත්තේ වෙඩි තබමින් රජ මාලිගයට කඩා වැදීමටය. ල්මාන් කුමරු වෙඩි ප්‍රහාරයට ලක් වී ඇතැයි පැවැසෙන්නේ ද මෙම අවස්ථාවේදීය.
සන්නද්ධ පිරිස කුමරුන්ට වෙඩි තබමින් රජ මාලිගයට ඇතුළු වී, සල්මාන් රජු අත්අඩංගුවට ගැනීමට හෝ මරා දමන්න හෝ උත්සාහ කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද සල්මාන් කුමරුන් ඉලක්ක කර ගෙන යැයි ද අනාවරණය වී ඇත.
සල්මාන් කුමරුන්ගේ උපදෙස් මත, පියා සල්මාන් රජු නව ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.
මෙය සම්ප්‍රදායට නැඹුරු සෞදි ජ්‍යෙෂ්ඨයන්ගේ උදහසට හේතුවක් විය. අයථා ලෙස මුදල් ගනුදෙනු කළ සහ මුදල් රැස් කළ රජ පවුල්වල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළේය. එම හේතුව නිසා සල්මාන් කුමරු සහ සල්මාන් රජු බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් විය.
(රොයිටර්)