සෞදි ගෘහ සේවිකාවකගේ තවත් අනුවේදනීය කතාවක

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
සෞදි ගෘහ සේවිකාවකගේ තවත් අනුවේදනීය කතාවක

සෞදි ගෘහ සේවිකාවකගේ තවත් අනුවේදනීය කතාවක්‌
බාබ මගේ කට ඇරවලා
බෙහෙත් බීපං කියා වස වර්ගයක්‌ පෙව්වා

- සෞදියේ සිට ලංකාවට එවූ අමිතා කුමාරි කියයි

amita.jpg


මාස කීපයකට ඉහතදී ගෘහ සේවිකාවක්‌ වශයෙන් සෞදි අරාබිය කරාගිය විසිනව හැවිරිදි හැඩකාර දෙදරු මවක්‌ වන ඩබ්ලිව්. අමිතා කුමාරිට ඒ රටේ බාබ විසින් වසවර්ගයක්‌ පොවා රෝහල් ගතකර මාස එකහමාරකට පසුව ශ්‍රී ලංකාවට එවා ඇත. මේ වනවිට ඇය ආහාර ලබාගන්නේ කටින් නම් නොව උදරයට සවිකරගත් පුනීලයකිනි. දියර ආහාරවලින් පමණක්‌ දිවි රැකගන්න ඇය දැනට මාස 3 ක සිට වගකිවයුතු කිසිවෙකු මේ දක්‌වා ඇයගැන සොයා බැලීමට හෝ ප්‍රතිකාරයක්‌ ලබාදීමට ඉදිරිපත් වී නැත. නාත්තන්ඩිය ආසනයට අයත් ඉරණවිල ප්‍රදේශය ඇය උපන් බිමයි. එම ප්‍රදේශයේම පදිංචිව සිටින සුළු ධීවර රැකියාවක්‌ කරන ෙ-. ඒ. චාලක සුජීව පෙරේරා සමග 2001 වර්ෂයේදී විවාහවී වයස අවු. 12 ක හා 6 ක දරුවන් දෙදෙනකුද සිටී. තම ස්‌වාමි පුරුෂයාගේ එදිනෙදා ධීවර රැකියාව දිනෙන් දිනම අභාවයට යාම නිසා තම දරුවන් දෙදෙනාගේ අනාගතය සරුකර ගැනීම සඳහා කතිකාවකින් පසු අමිතා කුමාරි කොළඹ ප්‍රදේශයේ පිළිගත් විදේශ රැකියා ආයතනයකින් පසුගිය 2013 මැයි මස 20 වෙනි දින සවුදි අරාබියේ රියාද් නගරය බලා පිටත්ව ගියේ තම දූ දරුවන් සහ ආදරණීය සැමියාත් සමග සතුටින් කල්ගත කිරීමට අවශ්‍ය රන් කහවනු සොයාය.

එහෙත් දෛවය ඇයට සහ එම දරු පවුලටම සරදම් කර ඇති ආකාරය ඇය දිවයිනට මෙසේ කීවාය. එදා 2013 මැයි මාසේ 20 වැනිදා උදේ පාන්දර මාව කටුනායක ගුවන් තොටුපළින් ඇරලලා දුවයි, පුතයි මහත්තයයි ගෙදර ගියා. පැය කීපයකින් ගුවන් තොටුපළේදීම මාව අරගන්න බාබ කෙනෙක්‌ ආවා. එදා රෑ ඒ මිනිහගේ නිවසේ මට නවාතැන්දීල පසුවදා පාන්දරම මගේ පාස්‌පෝට්‌ එකයි විස්‌තර ලියනු කොලයකුයි එක්‌ක බසයකට ගොඩකළා. 22 වැනිදා සවස අරාන්වලට ආවම එහෙදිත් බාබ කෙනෙක්‌ තමයි මාව අරගෙන ගියේ.

පැය කීපයක්‌ නිදාගන්න කියල මට දහයට විතර ඇහැරවල කන්න බොන්න දුන්නා. ළමයි 10 දෙනකු එහේ හිටියා. රෙදි සෝදන්න, උයන්න, ළමයි බලාගන්න දුන්නා. මාසයක්‌ යද්දි මට ටෙලිෙµdaන් කරන්න දෙන්න බැහැ කීවා. මාස 3 ක්‌ම යනකම් පඩි නොදී හිටියා මම රණ්‌ඩුකරල සල්ලි ටිකක්‌ ඉල්ලගෙන දරුවෝ දෙන්නට එව්වා. ඊට පස්‌සේ මාස 6 ක්‌ යනකං කිසිම ගනුදෙනුවක්‌ කතා කරන්න දෙන්නේ නැහැ. මට නිතරම මාම ගහනවා. ඊට පස්‌සේ මට දුක වැඩිකමට මම නොකා නොබී සති 3 ක්‌ම හිටියා වැඩ කළේ නැහැ. ගෑනි මට හොඳටම ගහල මාව මරණවා කීවා. ඊට පස්‌සේ මම සිහි නැතිවෙලා වැටුණා. බබා මගේ කට ඇරල බේත් බීපං කියල වස වගයක්‌ පෙව්වා කට පිච්චුණා. පසුව මාව රෝහලට ගෙනියන ගමං කීවා මොකුත් බීවේ නැහැ කියපං කියල. දොස්‌තරලා ඇහුවත් මම කීවෙ නැහැ බයට. පසුව මම මාසයක්‌ රෝහලේ නැවතී ප්‍රතිකාර අරගෙන මමා මාව බලන්න ආපුවාම යන්න ඕනා කීවා මට සේලයින් ගහලම එයාපෝට්‌ එකට ගෙනත් දැම්මා. ඒ රටේදී මම හිටියේ පාලු නගරයක මට දුක කියන්නවත් කෝල් එකක්‌ ගන්නවත් එළියට යන්න දුන්නේ නැහැ.

මම ගෙදරට එනවා කියලා දැන්නුවේ ඒ රෝහලේ හිටිය ලංකාවේ අක්‌ක කෙනෙක්‌. මගේ මහත්තය කෙළින්ම මාව රාගම ඉස්‌පිරිතාලෙට ඇතුළු කළා. එහෙදී මට විශේෂ පරීක්‌ෂණ කීපයක්‌ම කරල මාස එකහමාරක්‌ම ආහාරයක්‌ නැතිව සේලයින්වලින් හිටියේ. පසුව මාව සැත්කමකට අරගෙන ආහාර ලබාදෙන්න බඩ පලල මේ මල්ල දැම්මා එදා ඉඳල මම ජීවත්වුණේ මේ වගේ දියර ආහාර වර්ග වලින්. මට හරි ආසයි කටින් වතුර ටිකක්‌ බොන්න ඒත් ඒක මගේ වෙලාව වෙන්න ඇති.

තව සැත්කම් කරන්න ඕනලු ඒකට මගේ ශරීරය දුර්වලයි කීවා. මගේ මහත්තයයි දරුවෝ දෙන්නයි හරිම අසරණවෙලා මාව දැක්‌කම දුකෙන් බලාගෙන ඉන්නේ. මම එයාලගේ අම්මද කියලවත් හඳුනන්න බැරිව වගේ මට විදේශ සේවා නියුක්‌ති කාර්යාලයෙන්වත් තවම නිසි පියවරක්‌ අරගෙන නැහැ.

ඇයගේ නැන්දනිය සැමියගේ මව වන මාලනී මෙන්ඩිස්‌ "මේ දරුවා එදා විදේශ රැකියාවකට ගියේ පුතාගේ රැකියාවත් ඒ තරමට ආදායම් නැති නිසා. දරුවො දෙන්නට උගන්නන්නත් මේ නිවස ටිකක්‌ එළියට හදාගන්නත් ඕන නිසයි අපේ ලැබීම මෙහෙම වුණේ කොහොමද? මේ දරුවා සනීප කරගන්න අපි නොකරන දෙයක්‌ නැහැ. මාස ගණනකින් ආහාරයක්‌ නැතිව මේ දරුව අඳුනගන්න බැරි තරමට දුර්වල වෙලා. අපිට තවම කිසිම කෙනෙක්‌ගෙන් සහනයක්‌ ලැබිල නැහැ.

මගේ මනුස්‌සයා දරුවාගේ තාත්තත් මේ වේදනාව ඉවසාගන්න බැරිවම පසුගිය මාසෙ මියගියා. එයත් අසනීපයෙන් හිටියේ. ඒ මදිවට ලේලිගේ අසනීපයේ බරපතළකම දැකලම තමයි එයාගේ හුස්‌ම ගියේ.

තව සති කීපයකින් මේ දරුවව සැත්කමකට භාජනය කරන්න තියෙනවා රාගම රෝහලේ. එයාව හලාවත ඉඳල මොන ක්‍රමයකින්වත් එක්‌ක යන්න බැහැ. වාහනයක්‌ නැතිව වාහනයකට රුපියල් හත්දහකටත් වැඩිය යනවා. කෝච්චියෙ ගිහින් පඩිපෙළවල් නැගල යන්න බැහැ. කොහොමහරි දරුවව සුවකරගන්නත් ඕනෑ."
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මොන ලබ්බට යනවද මන්ද
    යකෝ මෙච්චර මුන් කරන කරි වැඩ දන දැනත් ගොන්නු යනවනෙ
    එනිවේ මේවට කෑගහන්නේ රංජ විතරයි
    ආණ්ඩුවේ හුට්ටල නම් ඔටු හුජ්ජ බීල නේ ඉන්නෙ
    මහ එකත් දැන් මොහොමඩ් කෙනෙකේ නේ
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mehe gewal walata servantla nethuwa innawa...ai ban mae dana dana katu kanna yanne...ape gewal patte gewal athu gana ekek innawa u 800k gannawa 1day clean ekakta..e wage gewal 10kata wage yanawa dawasakata...mu man hitanne apita wada hamba karanwa...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඉතින් උඹේ ආණ්ඩුව වග කියන්න ඕනේ නැද්ද ඕවට? :oo:

    පාට.ලී චම්පික රණවක විදේශ සේවා ඇමති වෙලා හිටියේ නැද්ද මචං ?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොන ලබ්බට යනවද මන්ද
    යකෝ මෙච්චර මුන් කරන කරි වැඩ දන දැනත් ගොන්නු යනවනෙ
    එනිවේ මේවට කෑගහන්නේ රංජ විතරයි
    ආණ්ඩුවේ හුට්ටල නම් ඔටු හුජ්ජ බීල නේ ඉන්නෙ
    මහ එකත් දැන් මොහොමඩ් කෙනෙකේ නේ

    :yes::yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගැනු රට පටවල හම්බකරන් කන උන් ඉන්න රටක් මේක. කො ඉතින් කියන එකක් අහනවයැ. එජන්සිකාරයන්ට කොමිශන් එකක් එක්ක දුන්නම අම්මව, නන්ගිව, අක්කව ඔක්කොම පටවනවා..
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ගැනු රට පටවල හම්බකරන් කන උන් ඉන්න රටක් මේක. කො ඉතින් කියන එකක් අහනවයැ. එජන්සිකාරයන්ට කොමිශන් එකක් එක්ක දුන්නම අම්මව, නන්ගිව, අක්කව ඔක්කොම පටවනවා..

    sira kathawa:no: