" ස " ප්‍රසංගයට වසර 48 ක්
❤ මෙරට සංගීත කේෂ්ත්‍රයේ සාර්ථකම ඒක පුද්ගල සංගීත ප්‍රසංගය වන "ස" ප්‍රසංගය මුල් වරට ජනගත වුයේ #1973 වර්ෂයේ ලුම්බිණි රගහලේ අද වැනි දිනකය
❤ ඒනම් 1973 වර්ෂයේ ජුලි මස 20 වන දිනය..
ඒ අනුව අද දින වන විට පළමු ස ප්‍රසංගය ආරම්භව වසර #48ක් ගෙවී ගොස් ඇත. එදා මෙදා තුර බිහිවූ සාර්ථකම එක පුද්ගල ප්‍රසංගය වික්ටර් රත්නායකයාණන් ගේ ස ප්‍රසංගය කිවොත් නිවැරදිය..
❤ පළමු ස ප්‍රසංගය දා දොර ජනේලේ කඩාබිදගෙන ගැලු ඒ මහා ජන ගංගාව පාලනය කර ගැනීම ඉතාමත් අසීරු කර්තවයක් වූ බව අපට අසන්නට ලැබී ඇත.. එතුමන් ගේ හඩ ඒ තරම්ම ආකර්ෂණියය .. ඒ තරම් සිත් නිවාලන සොදුරු හඩකි ❤
දශක ගණනාවක් ගෙවී ගියත් අදත් ඒ හඩට පෙම් බදින රසික සෙනෙහසේ කිසිදු අඩුවක් වී නොමැත.. අලුත් පරම්පරාවේ ගී රස හදුනන දෙනෝදාහක් දෙනාගේ ප්‍රියතම සංගීතවේදියා වික්ටර් රත්නායකය.. වර්ෂ 1973 නේ තිබුනු ඒ රසික උමතුව තවමත් පහව ගොස් නැත.. ඒ උමතුව දිනෙන් දින වැඩි වුවා පමණි.. වික්ටර් රත්නායක යනු ලියා නිම කල නොහැකි පුරාවූර්තයකි .. ඔහු එතරම් දක්ෂ..මෙන්ම විශිෂ්ටතම සංගීතවේදීයෙකි ❤
වික්ටර් රත්නායක සාර්ථක සංගීතවේදීයෙක් බව දර්ශන වාර 1400 ක් ඉක්මවා ගිය එතුමන් ගේ ස ප්‍රසංගය සාක්ෂි දරයි..
ස ප්‍රසංගයට අවුරුදු 48ක් සපිරෙන අද දින දශක ගණනාවක් රසික සිත් අසීමිත ලෙස සැනසු මහා ගාන්ධර්වයාණන්ට ඒ පින් මහිමයෙන් නිදුක් නිරෝගි චිර ජිවනය ප්‍රාර්ථනා කරමු.. ❤
උපුටා ගත්තේ fb එකෙන්

