hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව ගත වූ මසක් තුළ එළඹි තීන්දු තීරණ සහ සිදුකළ කාර්යන් පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපතිවරණ සමයේදී
    ඉදිරිපත් කළ "සෞභාග්‍යයේ දැක්ම " ප්‍රතිපත්ති මාලාවට අනුකූලව මෙම කාර්යන් ඉටු කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි. එහි සඳහන් කාර්යයන් මෙසේය .

    - රුපියල් මිලියන 300 නොඉක්මවෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම.

    - ජාතික ආරක්‍ෂක විද්‍යායතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුපත් සැකසීම.

    - අධ්‍යාපනය පිළිබඳ කාර්යසාධන

    බළකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම්සහගතව හා විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට පියවර ගැනීම.

    - පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීම සහ එක් දිස්ත්‍රික්කයකට එක බැගින් ත්‍රෛයි භාෂා පාසල් පිහිටුවීමට සැලසුම් කිරීම.

    - අ.පො.ස. උ/පෙළ සමත් සිසුන් කඩිනමින් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දීම.
    - විශ්වවිද්‍යාල වරම් නොලබන උ/පෙළ සමත් සියලු සිසුන්ට විශ්වවිද්‍යාල වරම් ලබාදීමේ අවකාශ කඩිනමින් සැකසීමේ මූලික කටයුතු සම්පාදනය.

    - ජාතික අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල ආයතන බවට පත්කිරීම සඳහා කමිටුවක් පත්කිරීම. අන්තර්ජාතික රැකියා වෙළෙඳ පොළට ගැළපෙන පරිදි පුහුණු පාඨමාලා ආරම්භ කර නිපුණතාවක් සහිත තරුණ පරපුරක් රැකියා වෙළඳ පොළට යොමු කිරීමට පියවර ගැනීම.

    - දිළිඳුකම පිටුදැකීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින්, අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන පීඩිත පවුල්වලින් තෝරාගත් නිපුණතාවක් නොමැති තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්‍ෂයක් උදාකර දීමට පියවර ගැනීම.

    - තොරතුරු තාක්ෂණ ක්ෂේස්ත්‍රයේ රැකියා වළඳ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර ඩිප්ලෝමා අවස්ථා දහසක් හඳුන්වා දීම.

    - සරුංගල්, පහන් කුඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය පාලනය කිරීමට කෙටුමිපත් සැකසීම.

    - රාජ්‍ය ආයෝජන, ජාතික සංවර්ධන සැලසුම්, ප්‍රසම්පාදන ව්‍යාපෘති විශ්ලේෂණයට කළමනාකරණ අංශ කාර්යක්ෂම කිරීමට ජාතික ප්‍රතිපත්ති හා ක්‍රමසමිෂ්පාදන කාර්යාංශයක් පිහිටුවීම.

    - කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශය කාර්යසාධන බළකායක් ස්ථාපිත කිරීම්.


    - දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම.

    - සාප්‍රදායික සුළු කර්මාන්ත සුක්ෂේත්‍රයේ යෙදෙන කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය ලබාගැනීමේදී සිදු වූ අපහසුතා වැළැක්වීමට අදාළ සංශෝන්ධන ගෙන ඒම.

    - මසකට රුපියල් මිලියන 21ක කුලියක් ගගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කොට ගොවි මන්දිරයට රැගෙන යාම.

    - මාර්ග තදබදයට විකල්පයක් ලෙස කී.මි. ලක්‍ෂයක අන්තර් විකල්ප මාර්ග ජාලයක් සකස් කිරීමට කටුමිපත් සැකසීම.
    - රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව සොයා බැලීම සඳහා ඒ ඒ ආයතනවල නිරීක්‍ෂණ චාරිකාවන්හි නිරත වීම.

    - එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විත් කමිටුවක් පත් කිරීම.
    - රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගැනීම.

    - ජනවාරි 01 වැනිදා සිට මාධ්‍යවල ප්‍රචාරය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කතෘභාග ගෙවීම ආරම්භ කිරීම.
    - කලීන් පැවැති ආණ්ඩු විවේචනය නොකර නව රජයේ වැඩපිළිවෙළ කාර්යක්‍ෂම ඉදිරියට ගෙන යාම.

    - රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංගශෝධනය.

    - ලක්ෂ 20ක් වූ ටෙලිකොම් සභාපති වැටුප ලක්‍ෂ දෙකහමාරක් දක්වා අඩු කිරීම.

    - රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය පූර්ණ විනිවිදභාවයෙන් සිදු කිරීමට උපදෙස් දීම.

    - රාජ්‍ය ආයතනවල පවත්වන අනවශ්‍ය සියලු උත්සව නතර කිරීමට උපදෙස් දීම.

    - සේවයට බඳවා ගැනීමේදී සියලුම දිස්ත්‍රික්ක සමව ආවරණය වන පරිදි සුදුස්සන් තෝරාපත් වීම් ලබාදීමට සැලසුම් කිරීම.

    - රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම.

    - පාතාලය හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට බලය ලබාදීම.

    - තිරිඟු පිටි ඒකාධිකාරය හරහා ජනතාව පත්ව සිටි අපහසුතාවන් මුදාගැනීමට සෙසු ආනයනකරුවන්ටද තිරිඟු පිටි ගෙවීමට ඉඩ ප්‍රස්තාව සැලසීම.

    - ජනාධිපති කාර්යම්ණ්ඩලය, පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපතිවරයා සතු නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරා ගැනීම.

    - ඉන්දියාව, චීනය සේම ලෝකයේ බලවත් රාජ්‍යයන්ට අපේ රටට පැමිණ අප කෙරෙහි විශ්වාසය තබා අපගේ අනන්‍යතාවට ගරු කරමින් ආයෝජනය කිරීමට ආරාධනා කිරීම.

    - පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම හමුදාව වෙත ඉලක්ක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.
    - පරිසරය සම්බන්ධයෙන් පොලීසියේ සහ අනෙකුත් කණ්ඩායම්වල අවධානය ලක් කිරීම සඳහා ආරම්භ කර ඇති ක්ෂණික වැඩපිළිවෙළ.

    - භාරකාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 16කට සීමා කරමින් යෝජිත ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කරන බවට ජනතාවට දෙන පොරොන්දුව.

    - රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ හා විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම වෙනුවට රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීම.

    - මහජන මුදලින් සංවර්ධනය කරන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාමපුවරු වෙනුවට මාර්ගයේ නම සහිතව රාජ්‍ය ලාංඡනය ප‍්‍රදර්ශනය කිරීමට උපදෙස් දීම.

    - රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවේ නිර්දේශ ලබාගැනීම.
    - දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ධ 25%කින් පහත දැමීම.

    - 15% වැට් බදු 8% දක්වා පහත හෙළීම.

    - ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම.


    :love::love:
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හොදක් වෙද්දි පේනව අඩුය් අපේ සර්ල මිස් ලට :baffled::baffled:

    මේ දවස් වල වෙඩි කාපු උරෝ වගේ ඉන්නේ....අන්වීක්ෂය අතේමයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    - ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය නතර කිරීම:love:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    රටට හොදක් වෙනවට අකමෑති මිනිස්සු බොහොම ටිකයි ඉන්නේ (<3%). හරියට වෑඩ කලොත් 2/3 එනවා කියලා දන්නවා. ඒක හොද වෙන්නත් පුලුවන් නරක වෙන්නත් පුලුවන්. කොහොම වුනත් නෑවත් මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් වෙන එක වලක්වන එක තමා ප්‍රධාන අවශයතාවය.. ඒකට බදූදීන් වගේ අන්තවාදීන් දේශපාලනයෙන් ඉවත් කරන්න ඕනේමයි
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂

    - රුපියල් මිලියන 300 නොඉක්මවෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවීම.

    Meh bn Ethakota kisima dawasaka apahu salli gewanna one nedda.