හංසයන්ට අභියෝගයක්
ෆොන්සේකා පාක්ශිකයින් හැම තිස්සෙම කියන්නේ මේ ආණ්ඩුවේ දූශණ ගැනයි. ඒ චෝදනා සියල්ල පිළිබඳ මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල් මහතා මේ ලිපියේදී පිළිතුරු දී තිබෙනවා
ආණ්ඩුවේ දූශණ ගැන එළකිරි එකේ බෙරිහන් දෙන අයට මෙන්න අභියෝගයක්. පුළුවන්නම් කබ්රාල්මහතා කියා ඇති දේවල් බොරු බවත් ඔය දූශණ චෝදනා ඇත්ත බවත් පෙන්වන්න..
(උත්තර දෙන්නැතිව මඩ ගහල ලිස්සල ගියොත් ඒකෙන් පේන්නෙ දෙන්න උත්තර නැති බව විතරයි
)
රුපියල් බිලියන 430 මගඩිය !
(2010/01/18/ දිවයින)
ඉකුත් අවුරුදු හතර පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 430 ක් හැටියට විපක්ෂය ගණන් බලා ඇත. තෙල්, සංස්ථාවේ "හෙජිං" ගිවිසුම, වැට් මගඩිය, මිහින්එයාර්, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇතුළු වංචනික ගනුදෙනු 14 ක් නිසා මේ පාඩුව සිදුවී ඇතැයි කියෑවේ. මේ ගනුදෙනු ගැන, වගකිව යුතු රජයේ නිලධරයකු වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් අප විමසා සිටි විට, අපට ලැබුණු පිළිතුරු මෙසේය.
කෙරවලපිටිය විදුලි බලාගාරය
ප්රශ්නය - කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්තමේන්තු කළ බව ඇත්තක්ද?
පිළිතුර - කෙරවලපිටිය බලාගාරය සඳහා වැයවන මුළු මුදල ඇ. ඩොලර් 295 කි. බලාගාරයේ ධාරිතාව මෙගවොට් 300 කි. ඛණිජ තෙල් මත පදනම් වූ තාප බලාගාර සඳහා සාමාන්‍ය ජාත්‍යන්තර ප්‍රාග්ධන වියදම වන්නේ එක් මෙගවොට් එකක් සඳහා ඇ. ඩොලර් මිලියන එකකි.
ප්රශ්නය - බලාගාරයේ ධාරිතාව මෙගවොට් 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙනවාද?
පිළිතුර - මෙය ඒකාබද්ධ "පවර් සයිකල්" බලාගාරයක්. ඒ කියන්නේ මුල් මෙගවොට් 200 ඛණිජ තෙල් වලින් නිපදවන අතර, ඊළඟ මෙගවොට් 100 උත්පාදනය වන්නේ පළමු ක්‍රියාදාමයෙන් බිහිවන ජල වාෂ්ප වලිනි. පළවෙනි අදියර දැනටම ක්‍රියාත්මකයි. දෙවැනි අදියර තව දින ගණනකින් ක්‍රියාත්මක වීමට නියමතයි.
ප්රශ්නය -කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක් සඳහා එකඟ වූ මුදල රු. 18 ක් වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක් වන බව ඇත්තද?
පිළිතුර - විදුලි ඒකකයක් මිලදී ගන්න මුදල තීන්දු වන්නේ ඛණිජ තෙල් මිල ඇතුළු සාධක කිහිපයක් අනුසාරයෙන්. මේ නිසා හැමදාම එකම මිලක් තිබිය නොහැකියි. බලාගාරයේ මුල් අදියර තුළ විදුලි ඒකකයක මිල වැඩි වූවත්, දෙවැනි අදියර ක්‍රියාත්මක වීමෙන් පසු ඒකකයක මිල රු. 14 - 16 දක්වා අඩුවනු ඇත. මෙම බලාගාරය අයිති සීමාසහිත වෙස්ට් කෝස්ට් පවර් සමාගමේ අයිතිය 56% ක් රජයටත්, 10% ක් ඛෑCධ ආයතනයටත් 24% ක් අර්ථසාධක අරමුදලටත් වශයෙන් බෙදේ.
උමා ඔය
ප්රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්වා වංචනිකව වැඩිකර තිබෙනවාද?
පිළිතුර - 1999 දී මෙගවොට් 50 ක් හා ඉඩම් අක්කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට් 120 ක් හා ඉඩම් අක්කර 12,500 දක්වා වැඩිකර 2009 දී ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක් වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක් ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට් එකකට ඩොලර් මිලියන තුනක් පමණ වේ.
ප්රශ්නය - මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?
පිළිතුර - උමා ඔය ව්‍යාපෘතියට මුදල් ලැබනේනේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන්, මෙවැනි ද්විපාර්ශ්වික එකඟතාවල එක් මූලධර්මයක් වන්නේ මුදල් සපයන රටේ සමාගමකට කොන්ත්‍රාත්තුව යා යුතු බවයි. තිබෙන එකඟත්වය යටතේ මුළු ඇස්තමේන්තුවට වඩා අඩු මුදලකට ව්‍යාපෘතිය කර දීමට මෙම සමාගම එකඟ වී ඇත. තවද ව්‍යාපෘතිය අතරතුර වියදම් වැඩිවීමද සමාගමේ වගකීමකි.
වැට් මගඩිය
ප්රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට් බදු වංචාවක් සිදුවූ බව ඇත්තක්ද?
පිළිතුර - වැට් වංචාවට අදාළ මුදල් ප්‍රමාණය බිලියන 35 ක් නොව බිලියන 3.5 කි. විගණන වාර්තාව අනුව මෙම වංචාව සිදුවී ඇත්තේ 2002 නොවැම්බර් සිට 2004 දෙසැම්බර් දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමට පෙර වකවානුවේය. මේ වංචාව හෙළි දරව් වූයේ රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ඇමැති වූ පසුයි. දැන් අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ගුවන් පාලම් මගඩිය
ප්රශ්නය - කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්ද, දෙහිවල පාලම සඳහා 900 ක්ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක් ගුවන් පාලමක් සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක් විය යුතු යෑයි කියෑවේ.
පිළිතුර - සෑම රටකම ගුවන් පාලම් සඳහා එක සමාන මුදලක් වැය වේ යෑයි බලාපොරොත්තු විය නොහැකියි. පාලමේ ලේන් ගණන හා වෙනත් අංග වෙනස්වන නිසා මිලද වෙනස්වේ. ඒ කෙසේ වෙතත් කැලණිය ගුවන් පාලමට ඇත්ත වශයෙන්ම වැය වූයේ රු. මිලියන 1700 කි. නුගේගොඩ ගුවන් පාලමට මිලියන 800 ක්ද, දෙහිවලට මිලියන 960 ක්ද, ඔරුගොඩවත්ත ගුවන් පාලම සඳහා මිලියන 650 ක්ද වේ. තවද, යකඩ පාලම් කොන්ක්‍රීට් පාලම් වලට වඩා මිල වැඩිය. නමුත් කොන්ක්‍රීට් පාලම් ඉදිකිරීමට දීර්ඝ කාලයක් වැයවේ. අදාළ පාරවල් සියල්ල ඉතා කාර්ය බහුල නිසා මාස දෙක තුනක් වැනි ඉතා කෙටි කලක් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යකඩ පාලම් තැනීමට තීරණය වූ බව සැලකිය යුතුය.
දොඹකර මගඩිය
ප්රශ්නය - කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක් මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්වා වංචනිකව වැඩි කරන ලැදැයි කියෑවේ.
පිළිතුර - වරාය අධිකාරිය විසින් ටොන් 50 ධාරිතාවේ දොඹකර 30 ක් මිලදී ගෙන තිබෙනවා. ඉන් එකක මිල ඩොලර් 1,507.00 ක් වේ. මීට අවුරුදු 25 කට පෙර 1985 දී ටොන් 35 ධාරිතාවේ දොඹකර මිලදීගෙන තිබෙන්නේ ඩොලර් 1,570.000 කටය. මේ අනුව බලන කල, ටොන් 15 කින් ධාරිතාව වැඩි දොඹකර අවුරුදු 25 කට කලින් ගත් මිලට වඩා ඩොලර් 63,00 ක් අඩුවට මිලදී ගෙන ඇත.
ප්රශ්නය - මේ දොඹකරවල මිල කුමන අවස්ථාවක හෝ ලක්ෂ 6 ක්ව තිබුණාද?
පිළිතුර - අවුරුදු 25 කට පෙර ඩොලර් 1,570,000 ට තිබුණු දොඹකරයක් 2009 දී ලක්ෂ 6 ක් වෙන්න බෑ.
කොම්පියුටර් මගඩිය
ප්රශ්නය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පරිගණක සැපයීමේ ඇ. ඩොලර් මිලියන 16 ක කොන්ත්‍රාත්තුවේ අක්‍රමිකතා නිසා දේශීය වශයෙන් නිෂ්පාදිත, වෙළෙඳ නමක් නොමැති බාල වර්ගයේ පරිගණක යන්ත්‍ර සපයා දැන් ඉන් බොහොමයක් ක්‍රියා විරහිත වී ඇති බව කියවෙනවා.
පිළිතුර - මේ ව්‍යාපෘතිය යටතේ රජයේ කාර්යාල 325 කට පරිගණක 3235 ක් ලබාදී තිබෙනවා. මුළු ව්‍යාපෘතිය සඳහා වියදම ඇ. ඩොලර් 14.5 කි. මෙයින් ඩොලර් 2.3 ක් පරිගණක යන්ත්‍ර සඳහා ද ඉතිරි ඩොලර් මිලියන 12.2 බලපත්‍ර සහිත මෘදුකාංග, ජාලා උපකරණ, සර්වර්, තොරතුරු මධ්‍යස්ථාන හා බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් අවුරුදු තුනක් සඳහා ලබාගැනීමට වෙන්වුණා. මේ ව්‍යාපෘතිය කොරියානු ආධාර යටතේ සිදුවන නිසා සියලු පරිගණක කොරියානු නිෂ්පාදිත කොරියානු වෙළෙඳ නමක් ඇති ඒවායි. මේවා දේශීය වශයෙන් නිෂ්පාදිත ඒවා නොවේ. මේ කොම්පියුටර් 3223 ක් දැනට හොඳින් ක්‍රියාත්මක වන අතර, යන්ත්‍ර 12 ක් එම යන්ත්‍ර වලට ඇති අවුරුදු තුනක වගකීම් හා නඩත්තු ගිවිසුම යටත් අලුත්වැඩියා වෙමින් පවතී.

)රුපියල් බිලියන 430 මගඩිය !