හංසයන්ට අභියෝගයක්

I am sorry

Banned
Jan 18, 2010
196
7
0
හංසයන්ට අභියෝගයක්

ෆොන්සේකා පාක්ශිකයින් හැම තිස්සෙම කියන්නේ මේ ආණ්ඩුවේ දූශණ ගැනයි. ඒ චෝදනා සියල්ල පිළිබඳ මහ බැංකුවේ අධිපති අජිත් කබ්රාල් මහතා මේ ලිපියේදී පිළිතුරු දී තිබෙනවා

ආණ්ඩුවේ දූශණ ගැන එළකිරි එකේ බෙරිහන් දෙන අයට මෙන්න අභියෝගයක්. පුළුවන්නම් කබ්රාල්මහතා කියා ඇති දේවල් බොරු බවත් ඔය දූශණ චෝදනා ඇත්ත බවත් පෙන්වන්න..

(උත්තර දෙන්නැතිව මඩ ගහල ලිස්සල ගියොත් ඒකෙන් පේන්නෙ දෙන්න උත්තර නැති බව විතරයි:lol:)

රුපියල් බිලියන 430 මගඩිය !
(2010/01/18/ දිවයින)

ඉකුත් අවුරුදු හතර පුරා දූෂණය හා වංචාව නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 430 ක්‌ හැටියට විපක්‌ෂය ගණන් බලා ඇත. තෙල්, සංස්‌ථාවේ "හෙජිං" ගිවිසුම, වැට්‌ මගඩිය, මිහින්එයාර්, කෙරවලපිටිය විදුලි බලාගාරය ඇතුළු වංචනික ගනුදෙනු 14 ක්‌ නිසා මේ පාඩුව සිදුවී ඇතැයි කියෑවේ. මේ ගනුදෙනු ගැන, වගකිව යුතු රජයේ නිලධරයකු වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් අප විමසා සිටි විට, අපට ලැබුණු පිළිතුරු මෙසේය.

කෙරවලපිටිය විදුලි බලාගාරය

ප්‍රශ්නය - කෙරවලපිටිය විදුලි බලාගාරයේ සැබෑ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 200 ක්‌ව තිබියදී එහි වියදම ඩොලර් මිලියන 400 කට වංචනිකව ඇස්‌තමේන්තු කළ බව ඇත්තක්‌ද?

පිළිතුර - කෙරවලපිටිය බලාගාරය සඳහා වැයවන මුළු මුදල ඇ. ඩොලර් 295 කි. බලාගාරයේ ධාරිතාව මෙගවොට්‌ 300 කි. ඛණිජ තෙල් මත පදනම් වූ තාප බලාගාර සඳහා සාමාන්‍ය ජාත්‍යන්තර ප්‍රාග්ධන වියදම වන්නේ එක්‌ මෙගවොට්‌ එකක්‌ සඳහා ඇ. ඩොලර් මිලියන එකකි.

ප්‍රශ්නය - බලාගාරයේ ධාරිතාව මෙගවොට්‌ 300 සිට 200 ට වංචනිකව අඩු කර තිබෙනවාද?

පිළිතුර - මෙය ඒකාබද්ධ "පවර් සයිකල්" බලාගාරයක්‌. ඒ කියන්නේ මුල් මෙගවොට්‌ 200 ඛණිජ තෙල් වලින් නිපදවන අතර, ඊළඟ මෙගවොට්‌ 100 උත්පාදනය වන්නේ පළමු ක්‍රියාදාමයෙන් බිහිවන ජල වාෂ්ප වලිනි. පළවෙනි අදියර දැනටම ක්‍රියාත්මකයි. දෙවැනි අදියර තව දින ගණනකින් ක්‍රියාත්මක වීමට නියමතයි.

ප්‍රශ්නය -කෙරවලපිටිය බලාගාරයේ උත්පාදනය වන විදුලි ඒකකයක්‌ සඳහා එකඟ වූ මුදල රු. 18 ක්‌ වූවත්, දැන් ඒ බලාගාරයෙන් විදුලිය රු. 40 ක්‌ වන බව ඇත්තද?

පිළිතුර - විදුලි ඒකකයක්‌ මිලදී ගන්න මුදල තීන්දු වන්නේ ඛණිජ තෙල් මිල ඇතුළු සාධක කිහිපයක්‌ අනුසාරයෙන්. මේ නිසා හැමදාම එකම මිලක්‌ තිබිය නොහැකියි. බලාගාරයේ මුල් අදියර තුළ විදුලි ඒකකයක මිල වැඩි වූවත්, දෙවැනි අදියර ක්‍රියාත්මක වීමෙන් පසු ඒකකයක මිල රු. 14 - 16 දක්‌වා අඩුවනු ඇත. මෙම බලාගාරය අයිති සීමාසහිත වෙස්‌ට්‌ කෝස්‌ට්‌ පවර් සමාගමේ අයිතිය 56% ක්‌ රජයටත්, 10% ක්‌ ඛෑCධ ආයතනයටත් 24% ක්‌ අර්ථසාධක අරමුදලටත් වශයෙන් බෙදේ.

උමා ඔය

ප්‍රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙනවාද?

පිළිතුර - 1999 දී මෙගවොට්‌ 50 ක්‌ හා ඉඩම් අක්‌කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්‌තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට්‌ 120 ක්‌ හා ඉඩම් අක්‌කර 12,500 දක්‌වා වැඩිකර 2009 දී ඇස්‌තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක්‌ වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක්‌ ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට්‌ එකකට ඩොලර් මිලියන තුනක්‌ පමණ වේ.

ප්‍රශ්නය - මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?

පිළිතුර - උමා ඔය ව්‍යාපෘතියට මුදල් ලැබනේනේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන්, මෙවැනි ද්විපාර්ශ්වික එකඟතාවල එක්‌ මූලධර්මයක්‌ වන්නේ මුදල් සපයන රටේ සමාගමකට කොන්ත්‍රාත්තුව යා යුතු බවයි. තිබෙන එකඟත්වය යටතේ මුළු ඇස්‌තමේන්තුවට වඩා අඩු මුදලකට ව්‍යාපෘතිය කර දීමට මෙම සමාගම එකඟ වී ඇත. තවද ව්‍යාපෘතිය අතරතුර වියදම් වැඩිවීමද සමාගමේ වගකීමකි.

වැට්‌ මගඩිය

ප්‍රශ්නය - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්වී මුදල් ඇමැති ධුරය පවරාගත් පසු රු. බිලියන 35 ක වැට්‌ බදු වංචාවක්‌ සිදුවූ බව ඇත්තක්‌ද?

පිළිතුර - වැට්‌ වංචාවට අදාළ මුදල් ප්‍රමාණය බිලියන 35 ක්‌ නොව බිලියන 3.5 කි. විගණන වාර්තාව අනුව මෙම වංචාව සිදුවී ඇත්තේ 2002 නොවැම්බර් සිට 2004 දෙසැම්බර් දක්‌වා මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වීමට පෙර වකවානුවේය. මේ වංචාව හෙළි දරව් වූයේ රාජපක්‍ෂ ජනාධිපතිතුමා මුදල් ඇමැති වූ පසුයි. දැන් අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ගුවන් පාලම් මගඩිය

ප්‍රශ්නය - කැලණිය ගුවන් පාලම සඳහා රු. මිලියන 2000 ක්‌ද, නුගේගොඩ ගුවන් පාලම සඳහා රු. මිලියන 1200 ක්‌ද, දෙහිවල පාලම සඳහා 900 ක්‌ද ඔරුගොඩවත්ත සඳහා 1000 ක්‌ද වැය කොට ඇතැයි කියෑවේ. නමුත් එක්‌ ගුවන් පාලමක්‌ සඳහා වැය විය යුතු ජාත්‍යන්තර මිල රු. මිලියන 400 ක්‌ විය යුතු යෑයි කියෑවේ.

පිළිතුර - සෑම රටකම ගුවන් පාලම් සඳහා එක සමාන මුදලක්‌ වැය වේ යෑයි බලාපොරොත්තු විය නොහැකියි. පාලමේ ලේන් ගණන හා වෙනත් අංග වෙනස්‌වන නිසා මිලද වෙනස්‌වේ. ඒ කෙසේ වෙතත් කැලණිය ගුවන් පාලමට ඇත්ත වශයෙන්ම වැය වූයේ රු. මිලියන 1700 කි. නුගේගොඩ ගුවන් පාලමට මිලියන 800 ක්‌ද, දෙහිවලට මිලියන 960 ක්‌ද, ඔරුගොඩවත්ත ගුවන් පාලම සඳහා මිලියන 650 ක්‌ද වේ. තවද, යකඩ පාලම් කොන්ක්‍රීට්‌ පාලම් වලට වඩා මිල වැඩිය. නමුත් කොන්ක්‍රීට්‌ පාලම් ඉදිකිරීමට දීර්ඝ කාලයක්‌ වැයවේ. අදාළ පාරවල් සියල්ල ඉතා කාර්ය බහුල නිසා මාස දෙක තුනක්‌ වැනි ඉතා කෙටි කලක්‌ තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට යකඩ පාලම් තැනීමට තීරණය වූ බව සැලකිය යුතුය.

දොඹකර මගඩිය

ප්‍රශ්නය - කොළඹ වරාය සඳහා SZPMC දොඹකර 35 ක්‌ මිලදී ගැනීමේදී ඒවායේ මිල ඇ. ඩොලර් ලක්‌ෂ 6 සිට ඩොලර් මිලියන 1.2 දක්‌වා වංචනිකව වැඩි කරන ලැදැයි කියෑවේ.

පිළිතුර - වරාය අධිකාරිය විසින් ටොන් 50 ධාරිතාවේ දොඹකර 30 ක්‌ මිලදී ගෙන තිබෙනවා. ඉන් එකක මිල ඩොලර් 1,507.00 ක්‌ වේ. මීට අවුරුදු 25 කට පෙර 1985 දී ටොන් 35 ධාරිතාවේ දොඹකර මිලදීගෙන තිබෙන්නේ ඩොලර් 1,570.000 කටය. මේ අනුව බලන කල, ටොන් 15 කින් ධාරිතාව වැඩි දොඹකර අවුරුදු 25 කට කලින් ගත් මිලට වඩා ඩොලර් 63,00 ක්‌ අඩුවට මිලදී ගෙන ඇත.

ප්‍රශ්නය - මේ දොඹකරවල මිල කුමන අවස්‌ථාවක හෝ ලක්‌ෂ 6 ක්‌ව තිබුණාද?

පිළිතුර - අවුරුදු 25 කට පෙර ඩොලර් 1,570,000 ට තිබුණු දොඹකරයක්‌ 2009 දී ලක්‌ෂ 6 ක්‌ වෙන්න බෑ.

කොම්පියුටර් මගඩිය

ප්‍රශ්නය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පරිගණක සැපයීමේ ඇ. ඩොලර් මිලියන 16 ක කොන්ත්‍රාත්තුවේ අක්‍රමිකතා නිසා දේශීය වශයෙන් නිෂ්පාදිත, වෙළෙඳ නමක්‌ නොමැති බාල වර්ගයේ පරිගණක යන්ත්‍ර සපයා දැන් ඉන් බොහොමයක්‌ ක්‍රියා විරහිත වී ඇති බව කියවෙනවා.

පිළිතුර - මේ ව්‍යාපෘතිය යටතේ රජයේ කාර්යාල 325 කට පරිගණක 3235 ක්‌ ලබාදී තිබෙනවා. මුළු ව්‍යාපෘතිය සඳහා වියදම ඇ. ඩොලර් 14.5 කි. මෙයින් ඩොලර් 2.3 ක්‌ පරිගණක යන්ත්‍ර සඳහා ද ඉතිරි ඩොලර් මිලියන 12.2 බලපත්‍ර සහිත මෘදුකාංග, ජාලා උපකරණ, සර්වර්, තොරතුරු මධ්‍යස්‌ථාන හා බ්‍රොaඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකම් අවුරුදු තුනක්‌ සඳහා ලබාගැනීමට වෙන්වුණා. මේ ව්‍යාපෘතිය කොරියානු ආධාර යටතේ සිදුවන නිසා සියලු පරිගණක කොරියානු නිෂ්පාදිත කොරියානු වෙළෙඳ නමක්‌ ඇති ඒවායි. මේවා දේශීය වශයෙන් නිෂ්පාදිත ඒවා නොවේ. මේ කොම්පියුටර් 3223 ක්‌ දැනට හොඳින් ක්‍රියාත්මක වන අතර, යන්ත්‍ර 12 ක්‌ එම යන්ත්‍ර වලට ඇති අවුරුදු තුනක වගකීම් හා නඩත්තු ගිවිසුම යටත් අලුත්වැඩියා වෙමින් පවතී.
 
I am sorry

Banned
Jan 18, 2010
196
7
0
රුපියල් බිලියන 430 මගඩිය ! (ඉතිරි කොටස)
(2010/01/18/ දිවයින)

"හෙජිං" ගිවිසුම

ප්‍රශ්නය - හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක්‌ බව පැවසෙනවා. එය ඇත්තක්‌ද?

පිළිතුර - ඛණිජ තෙල් සංස්‌ථාවේ හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් බැංකු පහකින් තෙල් සංස්‌ථාවෙන් ඉල්ලා ඇති මුළු මුදල ඇ. ඩොලර් 418 කි. මෙය රු. බිලියන 47 ක්‌ පමණ වේ. හෙජිං ගිවිසුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබේ. චීනය, ඉන්දියාව, කොරියාව ඇතුළු රටවල් ගණනාවක මේ ප්‍රමිතීන් උල්ලංඝනය කරමින් ඇති කරගෙන තිබෙන හෙජිං ගිවිසුම් වලදී බැංකු වලට මුදල් ලබාගැනීමට නීතිමය ඉඩක්‌ නොවීය. ලංකාවේද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඛණිජ තෙල් සංස්‌ථාවේ මෙම හෙජිං ගිවිසුම් විභාග කොට ඒවා පිළිගත් ප්‍රමිතීන්ට පටහැනිව ඇති කරගෙන තිබෙන නිසා කිසිදු මුදලක්‌ අදාළ බැංකුවලට නොගෙවීමට තීරණය කර ඇත.

යම් ආපදාවක්‌ සිදුවූවා යෑයි කියා ඕනෑම කෙනෙකුට රක්‌ෂණ සමාගමෙන් වන්දි ඉල්ලා සිටිය හැක. නමුත් මේ ඉල්ලුමේ යම් අක්‍රමිකතාවක්‌ තිබෙනවා යෑයි රක්‌ෂණ සමාගම දැනගත්තොත් ඉල්ලුම්කරුට කිසිදු මුදලක්‌ ලැබෙන්නේ නැත. මේ නිසා හෙජිං ගිවිසුම් නිසා ලංකාවට බිලියන 230 ක්‌ හෝ ඇත්තට ඉල්ලා ඇති බිලියන 47 තබා සත පහක්‌වත් පාඩුවී නැත. අදාළ බැංකු ලංකාවෙන් අද ඩොලර් මිලියන 418 ක්‌ ඉල්ලා "ආබිට්‍රේෂන්" (සමත මණ්‌ඩල) ක්‍රියාදාමයකට අවතීර්ණ වී තිබූණතA පිළිගත් ප්‍රමිතීන්ට පටහැනි, අතටම හසුවී ඇති අක්‍රමිකතා මධ්‍යයේ ඇති කරන ලද ගිවිසුම් කිසිදු ජාත්‍යන්තර නීතියක්‌ යටතේ බලාත්මක වන්නේ නැති බව ජනතාව දැනගත යුතුය.

ඒ 9 පාර

ප්‍රශ්නය - අනුරාධපුර - යාපනය ඒ 9 පාර, පේදුරුතුඩුව - කන්කසන්තුරේ පාර, මන්නාරම, - පුනරින් පාර, හා නන්දිකුලම් - මන්නාරම පාරවල් පුනරුත්ථාපනය කිරීමට කොන්ත්‍රාත්තුව කිලෝමීටරයකට රු. මිලියන 125 ගණනේ චීන සමාගමකට පවරා තිබෙනවා. එකී සමාගම උප කොන්ත්‍රාත්තු ලාංකීය සමාගම් දෙකකට කිලෝ මීටරයට රු(මිලියන 60 ගණනේ පවරා මගඩියක්‌ කර තිබෙනවාද?

පිළිතුර - මෙකී මාර්ග පුනරුත්ථාපනයට මුදල් සපයන්නේ චීනයේ එක්‌සිම් බැංකුවෙනි. කි. මී 153 ක්‌ වන මේ මාර්ග සංවර්ධනයට ඇස්‌තමේන්තු වියදම කිලෝමීටරයකට රු. මිලියන 100 කි. නමුත් මේ ව්‍යාපෘතියට 25% ක හදිසි අවස්‌ථා ප්‍රතිපාදනයක්‌ ද ඇත. උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන මුදල අදාළ නොවන්නේ අවසන් වගකීම ඇත්තේ චීන මුල් කොන්ත්‍රාත්කරු නිසාය. උප කොන්ත්‍රාත්කරුවන් යෙදවීම සාමාන්‍ය ක්‍රියාදාමයකි. මහවැලි ව්‍යාපෘතියේද වික්‌ටෝරියා ජලාශයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු බැල්ෆර් බීටි සමාගම වූ අතර ඔවුන්ද උප කොන්ත්‍රාත්කරුවන් පාවිච්චි කළේය.

මේ ප්‍රදේශවල කම්කරුවන්ට විදුලිය, ජලය හා නවාතැන් වැනි පහසුකම් නැති නිසා ඒ සියල්ල ද කොන්ත්‍රාත්කරු සැපයිය යුතුය. ඒ 9 පාරේ වියදම් සන්සන්දනය කරනවා නම් නුවර - මහියංගනය පාර සඳහා කිලෝමීටරයකට මිලියන 118 ක්‌ පමණද, නුවරඑළිය - බදුල්ල පාර සඳහා කිලෝමීටරයකට රු. මිලියන 99 ක්‌ පමණද වැයවී ඇත.

හම්බන්තොට සෆාරි උදානය

ප්‍රශ්නය - යාල වනෝද්‍යානය ළඟම තිබියදී හම්බන්තොට සෆාරි උද්‍යානයක්‌ රු. බිලියන 1.6 ක වියදමින් ඉදිකෙරෙන බව ඇත්තද?

පිළිතුර - සෆාරි උද්‍යානයක්‌ යනු සංරක්‍ෂිත වනෝද්‍යානයකට වඩා වෙනස්‌ සංකල්පයක්‌. සෆාරි උද්‍යානයක ලංකාවේ නොසිටින සිංහයන්, සීබ්‍රා, ජිරාෆ් වැනි සතුන්ද සිටිනු ඇත. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ දරන වෙනත් රටවලද මෙවැනි සෆාරි උද්‍යාන දැකගත හැක.

ශ්‍රී ලන්කන් ගුවන් සමගාමේ පාඩුව

ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක්‌ ලැබුවේ ඇයි?

පිළිතුරු-2008/9 අවුරුද්ද ගුවන් සේවා ඉතිහාසයේ අමාරුම අවුරුද්දක්‌. 2008 ලෝක ආර්ථික අවපාතය නිසා ගුවන් මගීන් ගණන අඩුවුණා. ඒත් සමගම තෙල් මිල විශාල වශයෙන් ඉහළ ගියා. බ්‍රිටිෂ් එයාර්වේස්‌, ජපන් එයාර්ලයින් සිංගප්පූරු එයාර්ලයින් ඇතුළු සියලුම ගුවන් සේවාවන් පාඩුවුණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් අභියෝග තිබුණා. යුද්ධය උත්සන්න වීම නිසා සංචාරකයන් ලංකාවට පැමිණීම අඩුවුණා. දැන් ලංකාවේ යුද්ධයක්‌ නෑ. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පැමිණීමත් සමගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුවද මඟ හැරී යනු ඇත.

මිහින් එයාර් මගඩිය

ප්‍රශ්නය - මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක්‌ ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක්‌ යෑයි කියනු ලැබේ.

පිළිතුර - මිහින් එයාර් සමාගමට ආරම්භයේ සිට අද දක්‌වාම අයවැයෙන් වෙන්කර ඇති මුළු මුදල රු. බිලියන 3.3 ක්‌ පමණ වේ. ගුවන් සමාගමක්‌ සඳහා මෙය ඉතා විශාල මුදලක්‌ නොවේ. ගුවන් හෝ නැව් සමාගම් යනු ස්‌ථාවර වීමට දිගුකලක්‌ ගතවන ව්‍යාපාරයන්ය. ආදායම් හා වියදම් සම තත්ත්වයට පැමිණීමට වුවත් අවුරුදු හතරක්‌ පහක්‌ ගත වේ. මුලදී එයාර්ලංකා සමාගමටත් එසේම විය. මේ කාරණාවලට අමතරව 2008/9 අවුරුද්දේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමට බලපෑ ජාත්‍යන්තර හේතූන් සියල්ල ඒ ආකාරයෙන්ම මිහින් එයාර් සමාගමටත් බලපෑවේය. මිහින් එයාර් සමාගමේ සේවාවන් වැඩි වශයෙන් ලබාගන්නේ මේ රටේ අඩු ආදායම්ලාභී උදවියයි. ඔවුන්ට බුද්ධගයාවට හා මක්‌කමට යැමටත්, මැද පෙරදිග රටවල රැකියාවට යැමටත් මේ සේවය ප්‍රයෝජනවත් විය.

වීරවිල ගුවන් තොටුපල

ප්‍රශ්නය - දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක්‌ වියදම් වූ බව ඇත්තද?

පිළිතුර - ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරිය වීරවිල ගුවන් තොටුපළේ ශක්‍යතා අධ්‍යයනයට වැය කර ඇති මුළු මුදල් රු. මිලියන 9 ක්‌ පමණි. මෙයට පාරිසරික අධ්‍යයන සහතිකයක්‌ ඇතුළත්ය. පාරිසරික අධ්‍යයනයෙන් මේ ස්‌ථානය ගුවන් තොටුපලක්‌ සඳහා සුදුසු නැතැයි තීරණය වුයෙන් ව්‍යාපෘතිය මත්තලට ගෙන යන ලදී.

මිග් ගනුදෙනුව

ප්‍රශ්නය -ගුවන් හමුදාව සඳහා මිග් ප්‍රහාරක යානා හතරක්‌ මිලදී ගැනීමේදී රු. මිලියන 400 ක මුදලක්‌ වැඩිපුර ගෙවා තිබෙන බව ඇත්තක්‌ද?

පිළිතුර - මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතා හටගෙන තිබෙනවා යෑයි කී පුවත්පතකට එරෙහිව ආරක්‍ෂක ලේකම්වරයා උසාවියේ නඩු පවරා ඇති නිසා මේ ගැන කතා කිරීම සුදුසු නැත.

ලොව ලොකුම මගඩිය

ප්‍රශ්නය - ඉහත කී ගනුදෙනු 14 නිසා රටට රු. බිලියන 430 ක මුදලක්‌ පාඩු වූවා යෑයි කියයි. මේ මුදල් ආපසු රටට ලබාගෙන එයින් වැටුප් හා විශ්‍රාමික දීමනා වැඩි කරන බවත්, ගෝල්ඩන් කී හා සක්‌විති තැන්පත්කරුවන්ට සහන සපයන බවත් කියෑවේ. මේ ගැන ඔබේ මතය කුමක්‌ද?

පිළිතුර - ඒ ආකාරයෙන් ගණන් බැලීම මගඩියක්‌. උදාහරණයක්‌ වශයෙන් හෙජිං ගිවිසුමට අදාළ වූවා යෑයි කියන රු. බිලියන 230 ක මුදල කොතනකවත් නැත. මෙවැනි මුදලක්‌ කිසිවකුටත් ගෙවා නැත. එවැනි මුදලක්‌ කිසිවකු ඉල්ලාත් නැත. මෙය හුදෙක්‌ම මනස්‌ගාතයක්‌ පමණක්‌ වන නිසා එය "ආපසු ලබාගෙන" පඩි වැඩි කිරීමට හෝ වෙනත් කාර්යයකට යෙදවිය නොහැකිය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    presidentsanzilla.jpg
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    කෝ මේ ෆොන්සේකට කඩේ යන නංගිල මල්ලිල ටික? මේවට උත්තර නැද්ද?
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    උමා ඔය

    ප්‍රශ්නය - උමා ඔය ව්‍යාපෘතියේ වියදම ඇ. ඩොලර් 265 සිට ඩොලර් 539 දක්‌වා වංචනිකව වැඩිකර තිබෙනවාද?

    පිළිතුර - 1999 දී මෙගවොට්‌ 50 ක්‌ හා ඉඩම් අක්‌කර 5000 කට ජලය සැපයීමට වූ මුල් ඇස්‌තමේන්තුව ඩොලර් මිලියන 265 යි. ඊට පසුව ව්‍යාපෘතිය පුළුල් කර, මෙගවොට්‌ 120 ක්‌ හා ඉඩම් අක්‌කර 12,500 දක්‌වා වැඩිකර 2009 දී ඇස්‌තමේන්තුගත වියදම ඩොලර් මිලියන 545 ක්‌ වුණා. සාමාන්‍යයෙන් ජල විදුලි බලාගාරයක්‌ ඉදි කිරීමේදී යන ප්‍රාග්ධන වියදම මෙගවොට්‌ එකකට ඩොලර් මිලියන තුනක්‌ පමණ වේ.

    ප්‍රශ්නය - මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉරාන සමාගමකට බාර දුන්නාද?

    පිළිතුර - උමා ඔය ව්‍යාපෘතියට මුදල් ලැබනේනේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවෙන්, මෙවැනි ද්විපාර්ශ්වික එකඟතාවල එක්‌ මූලධර්මයක්‌ වන්නේ මුදල් සපයන රටේ සමාගමකට කොන්ත්‍රාත්තුව යා යුතු බවයි. තිබෙන එකඟත්වය යටතේ මුළු ඇස්‌තමේන්තුවට වඩා අඩු මුදලකට ව්‍යාපෘතිය කර දීමට මෙම සමාගම එකඟ වී ඇත. තවද ව්‍යාපෘතිය අතරතුර වියදම් වැඩිවීමද සමාගමේ වගකීමකි.

    __________________________________________________ ___________

    අනික් ඒවා මම දන්නෙ නෑ.
    උමා ඔය ව්‍යාපෘතියෙ එක පස් පිඩැල්ලක්වත් කපල නැහැ.
     
    Last edited:

    _____________________________________________________________

    අනික් ඒවා මම දන්නෙ නෑ.
    උමා ඔය ව්‍යාපෘතියෙ එක පස් පිඩැල්ලක්වත් කපල නැහැ.
    :angry:
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0

    අනික් ඒවා මම දන්නෙ නෑ.
    උමා ඔය ව්‍යාපෘතියෙ එක පස් පිඩැල්ලක්වත් කපල නැහැ.
    :angry:

    ඉතින් මොකද්ද ප්‍රශ්නෙ? ජල විදුලෙ බලාගාරයක් හදනකොට ගෙදර ලිඳක් හාරනව වගේ එක පාරටම පස් කපල පටන්ගන්නෙ නෑ කියල අංකල් දන්නෙ නැතිව ඇති. :lol:
    පස් හාරන්න කලින් ව්‍යාපෘතියෙ තව කරන්න ඕනෙ දේවල් ගොඩක් තියෙනවා.
    1999දි පටන් ගන්න තිබුණ ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නෙ 2009දි. ඒ අවුරුදු 10 ඇතුළතදි මිළ වැඩි වීම ගැනයි ඔය කියන්නෙ.

    Last edited:

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    කෝ මේ දූශණ නවත්තල ඒ සල්ලි වලින් රුපියල් 10,000 පඩි වැඩි කරනව කියපු පඬිවරු/පඬිවරියො? පොඩ්ඩක් එන්නකො බලන්න.:lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kerawalapitiya-eka karbal ge estimate eka 1MW watala 1mn kiana eka. mata hithenne meka Built Operate wage krameking procure wechcha ekak wennathi. eith rajayata aithi bahuthara kotas. eeta amatharawa arthasadaka aramudalath invest karala. ithin meeta wada transparent una nam hondai neda. kabral kianakan widuli bala amathya waraya wath wenath wagakiwa yuthu amathi kenek wath mehema hari hethu dakweemak kara da.
     
    ඒ බලාගාරය හැදීමේදී කිසිම දූශණයක් වෙලා නෑ කියල පේනවනේ. ඉතින් මොකටද ඇමතිගෙන් "හේතු දැක්වීමක්"?
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uma oya - konthraththuwa atharathura yana wiyadam wala wagakeema hadana samagamata weema nam honda deyak. eith ahdaraya nayak nam eh ratema samagamakamata deema sadaraneeya kala yuthui. MW ganai akkara ganai degunayakata wada wadi weddi cost eka degunayak weema sadarana wenna puluwan 99 indala mudale watinakama adu weemath gattama. namuth 1MW ekaka gana 3mn kiana eka wenna puluwanda kanija thel balagarayaka 1MW 1mn weddi. lankawe jala widuliya neda laaba. kalin mewa kiala paththara walata in detail damma nam iwarai ne. kohomatath asthamenthu wala prayogika bawa balanna ona ewa karadda bawitha karapu upamanakath ekka. contingency factor, risk factor, foreign co.'s usage of local resources etc hoyala balanna ona. kohomatath iranen ma competitive tenders ganna thibba.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    VAT - kalin andu kale waradi unath pawathina anduwe wagakeemak ewa gana hoyana eka. nadu dala nam ithin awulak nah. habai kohomatath initial wanchawa accumulate wenna puluwan ne interest ekathu wela saha nowalak weema nisa continue wela.
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    uma oya - konthraththuwa atharathura yana wiyadam wala wagakeema hadana samagamata weema nam honda deyak. eith ahdaraya nayak nam eh ratema samagamakamata deema sadaraneeya kala yuthui. MW ganai akkara ganai degunayakata wada wadi weddi cost eka degunayak weema sadarana wenna puluwan 99 indala mudale watinakama adu weemath gattama. namuth 1MW ekaka gana 3mn kiana eka wenna puluwanda kanija thel balagarayaka 1MW 1mn weddi. lankawe jala widuliya neda laaba. kalin mewa kiala paththara walata in detail damma nam iwarai ne. kohomatath asthamenthu wala prayogika bawa balanna ona ewa karadda bawitha karapu upamanakath ekka. contingency factor, risk factor, foreign co.'s usage of local resources etc hoyala balanna ona. kohomatath iranen ma competitive tenders ganna thibba.

    මෙතනදි කියන්නෙ මෙගවොට් එකක නිශ්පාදන වියදම නෙවෙයි, ප්‍රාග්ධන වියදම. ජල විදුලි බලාගාරයක් හැදුවට පස්සෙ ඒකෙන් විදුලිය නිශ්පාදනය කරන්න යන්නෙ අඩු වියදමක් තමයි. ඒත් ජල විදුලි බලාගාරයක් හදන්න යන වියදම ඒ සමාන ධාරිතාවකින් යුත් තාප විදුලි බලාගාරයක් හදන්න යන වියදමට වඩා වැඩියි. ජල විදුලි බලාගාරයකට අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් වගේම දැවැන්ත ඉදිකිරීම් ප්‍රමාණයකුත් අවශ්‍ය වෙනවා. එ නිසා තමයි ජල විදුලි බලාගාරයක් හැදීමේදී මෙගාවොට් එකකට යන වියදම තාප බලාගාරයක් වගේ තුන් ගුණයක් වෙලා තියෙන්නෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    guwan palam - cost eka nam wenas wenna puluwan, namuth ehchchara loku wenas kam enna puluwan da. kabral kiana ewa hari kiannath bah ne proof nathuwa. antharjathika wa yana ganata wada mewa godak wadi nam ai ehema wenne kiana eka justify karanna ona neda. anika ai bari karapu traffic impact studies wala wistharai meke shakyatha adyayana ganai wisthara dennaththe.