දැයට හිතැති කලාකරුවන්ගේ සංවිධානය විසින් පෙරේදා (30) හම්බන්තොට බරවකුඹුක ප්රදේශයේ පැවැත්වු ප්රසංගයකට මෛත්රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් පහරදුන් බවත් එයින් කලාකරුවන්ට තුවාල සිදුවී රොහල් ගත කිරීමට පවා සිදුවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු සුදත්ත තිලකසිරී මහතා පවසයි. මෙම ප්රසංගය පැවැත්වෙද්දී කලාකරුවන්ට දිගින් දිගටම ගල් මුල් ප්රහාර එල්ලවූ බව පවසන සුදත්ත මහතා ඒවා ගැන නොසලකමින් ප්රසංගය ඉදිරියට ගෙනයද්දී ගල් මුල් ප්රහාරය දැඩිවී කලා ශිලිපිනි ශාලිකා එදිරිසිංහ මෙනෙවියට සහ අනෙකුත් කලාකරුවන්ට තුවාල සිදුවී රෝහල් ගත කිරීමටද සිදුවු බව පවසයි.
මේ කලාකරුවන්ට මෙයට පෙරද අවස්ථා ගණනාවකදී මෛත්රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් මෙවැනි අඩන්තේට්ටම් කළ බව පෙන්වා දෙන ඒ මහතා පසුගිය 26 වෙනිදා පිටබැද්දර ප්රදේශයේදී ඡායාරූප ශිල්පී ජානක කඳන ආරච්චි මහතා වේදිකාවෙන් තල්ලුකිර පහදීම නිසා තුවාල සිදුව රොහල් ගත කළ බවද පෙන්වා දෙයි.
මෙවැනි කොපමණ බාධක හා අවහිරතා පැමිණියත් රටට සාමය උදාකළ වෙගවත් සංවර්ධනයක් කරා රට ගෙනයන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්රහණය විජයග්රහණයක් කිරීමට කලාකරුවන් ඇප කැපවී ක්රියා කරන බවද අවධාරණයෙන් පවසයි.







