ලොව භයානකම පරිගණක ‘හැකර්’ කණ්ඩායමක් ලෙස සැලකෙන ‘ඇනොනිමස්’ කණ්ඩායම විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අනතුරු ඇගවීමක් කරමින් වීඩියෝවක් නිකුත් කොට ඇත.
එම වීඩියෝවෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයා සිය තනතුරින් දින 14ක් ඇතුළත ඉවත් විය යුතු බවත්, බලතල නව පාර්ලිමේන්තුවකට බාර දිය යුතු බවත්ය.
එසේ නොවුණහොත් රාජපක්ෂ පවුලේ සියලු රහස් එළියට දමන බවද එම වීඩියෝවේ සදහන්ව ඇත.
‘ඇනොනිමස්’ කණ්ඩායම සැලකෙන්නේ ලොව ප්‍රබල නායකයන්ගේ සැගවුණු වත්කම් හෙළිදරව් කළ කණ්ඩායමක් ලෙසිනි.
පැන්ඩෝරා පේපර්ස්, පැනමා පේපර්ස්, විකිලීක්ස් යනාදී වශයෙන් පසුගිය කාලසීමාවේදී ලොවම කැළඹූ අනාවරණයන් සිදුකළේද මෙම කණ්ඩායම විසිනි.

