හකීම් හම්බයාගේ අපරාධය

aruna47

Well-known member
  • හකීම් හම්බයාගේ අපරාධය

    හකීම් හම්බයාගේ අපරාධය

    1656257_595096347243569_1693920649_n.jpg

    ‘‘මේ රටේ සිද්ධ වෙන මට පේන හුඟාක් දේවල්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනියි… ඒක තේරුම තමයි, එක්කෝ එම ධර්මය මිනිස්සු තේරුම් අරගෙන නැහැ. එහෙම නැත්නම්, එම ධර්මයට හිතාමතාම නිගා කරනවා.’’
    -එම්. එච්. එම්. අෂ්රෆ්

    නිදහසෙන් පසු ශ‍්‍රී ලංකාව සිය මුස්ලිම්-විරෝධී ප‍්‍රථම කෝලාහලය දැක්කේ, 2001 අපේ‍්‍රල් මාසයේ මාවනැල්ලේ දී ය. එහි දී සිදුවුණේ, සාමාන්‍ය මත ගැටුමක්, පොලීසියේ නිද්‍රාශීලිත්වයත්, දේශපාලනික නූල් සූත්තරත් නිසා, කුඩා පරිමාණයේ ආගමික ගැටුමක් බවට පරිවර්තනය වීමයි. එහෙත්, දෛනික ආර්ථික අසන්තෘප්තීන්, දේශපාලනික එදිරිවාදිකම් සහ ව්‍යාපාරික තරග මගින් ඇති කෙරෙන මනෝමය වාතාවරණය, ආගමික බෙදීම්වලට පරිවර්තනය කළ හැකි බව ප‍්‍රධාන වශයෙන් පෙන්වා දුන්නේ, ගංගොඩවිල සෝම හිමියන් ය.

    සමාජයේ එක් කොටසක් තුළ පවතින, ‘ආක‍්‍රමණශීලි ආකාරයෙන් ජාතිකවාදී වන සහ ආක‍්‍රමණශීලී ආකාරයෙන් බෞද්ධාගමික වන නිදන්ගත අදහසක්’ ගැන 1954 දී සර් අයිවෝ ජෙනිංස් ලීවේය. මේ නිදන්ගත මනෝභාවය, 1956 ප‍්‍රතිගාමී ‘පුනරුදය’ සඳහා එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක පාවිච්චියට ගත්තේය. එසේ යටින් දිවෙන අදහස් උදහස් ඉබේ ඇති වන ඒවා නොවේ. ඒවා උපදින්නේ, පෞද්ගලික සහ සමාජයීය අසන්තෘප්තීන්, වාර්ගික/ආගමික ගැටුම්වලට පරිවර්තනය කිරීමට ගන්නා සවිඥානයක ප‍්‍රයත්නයන්හි ප‍්‍රතිපලයක් වශයෙනි.

    අර්බුදවලින් පිරුණු සමාජවල කට්ටිවාද/අසහනය ඇවිස්සීමට සමාජය කෙරෙහි බලපෑම් සහිත සංස්කෘතික/ආගමික පුද්ගලයන ක‍්‍රියා කර ඇති ආකාරය විවිධ අධ්‍යයනයන් තුළ අවධාරණය කොට තිබේ. රිචඞ් වැග්නර්, බොහෝ විට ඒ සඳහා උද්ධෘත කෙරෙන එක් පුද්ගලයෙකි: ‘‘ජර්මනිය තුළ යුදෙව්=විරෝධයේ හිස එසැවීමට, විශේෂයෙන් එම විරෝධය සංස්කෘතිකමය වශයෙන් ගෞරවාන්විත ක‍්‍රියාවක් වශයෙන් හුවාදැක්වීමට, වැග්නර් සිය ලියවිලි හරහා කටයුතු කොට තිබේ’’ යැයි එක් අධ්‍යයනයකින් පෙන්වා දෙයි. සෝම හිමියන් 1990 දශකයේ දී රඟපෑවේ ඊට සමාන භූමිකාවකි. සුළුතර/මුස්ලිම් ව්‍යාප්තවාදයට ගොදුරු වී සිංහල=බෞද්ධයා වඳ වී යන බවක් පෙන්නුම් කිරීමට ඔහු සාර්ථක උත්සාහයක් ගත්තේය.

    ලංකාවේ බුද්ධාගමේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ, අබෞද්ධ වතාවත් වැළඳ ගැනීම නොව, සිංහල ජාතිය සහ බුද්ධාගම අතර විකාර සහසම්බන්ධයක් ගොඩනැගීමත්, ශ‍්‍රී ලංකාවේ සිංහල=බෞද්ධ භාවය ආරක්ෂා කිරීමේ මාර්ගයක් වශයෙන් ප‍්‍රචණ්ඩත්වය කරට ගැනීමත් ය. මහාචාර්ය තම්බයියා පෙන්වා දුන් පරිදි, අනගාරික ධර්මපාලගේ බෞද්ධ පුනර්ජීවනයේ ප‍්‍රධාන ලක්ෂණ වශයෙන් පැවතියේ, ‘අබෞද්ධ යැයි සැළකුණු ආගමික වතාවත් සහ මායාවී මෑනවීම් නිර්දය සේ හෙළාදැකීමත්’, තවත් පැත්තකින්, ‘පවුල් ජීවිතය සඳහා වන සුසිරිත් මාලාවක් සහ පාරිශුද්ධවාදී ලිංගික සදාචාරයක් අවධාරණය කෙරෙන නීති සංග‍්‍රහයක් ඔසවා තැබීමත්’ ය. සෝම හිමියන් ද සිය මහජන භූමිකාව පටන්ගත්තේ, බෞද්ධ නොවන බලපෑම් සහ භාවිතාවන්ගෙන් බුද්ධාගම පිරිසුදු කිරීමේ ව්‍යායාමයක් තුළිනි. පාරිශුද්ධවාදී සදාචාරයක් වෙත සහ පිරිසුදු ශාස්ත‍්‍රීය බුද්ධාගමක් වෙත අවතීරණ විය යුතුව ඇතැ යි ඔහු කීය. එතැනින් පටන්ගෙන, ධර්මපාල සහ ඒ පන්නයේ වෙනත් අයවළුන් (මාර්ටින් ලූතර් සහ අල් වහබ් වැන්නන්) මෙන් ඔහු ද කෙලින්ම පල්ලම් බැස්සේ, ආගමික උමතුවකටයි.

    සෝම හිමියන් ඔහුගේ විසකුරු ව්‍යායාමය පටන්ගන්නා තෙක්, මුස්ලිම්-භීතිකාව සාමූහික සිංහල විඥානයේ යටපත්ව පැවති නිසා එය දේශපාලනික සාධකයක් වුණේ නැත. සැබෑවටම මුහුණදීමට සිදුව තිබූ කොටි තර්ජනය ඉදිරියේ සිංහලයන් විසින් මුස්ලිම් ජාතිකයන්ව සළකනු ලැබුවේ තමන්ගේ සහකාර සගයන් වශයෙනි. අෂ්රෆ්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ග‍්‍රසය, වචනයේ පුළුල් අර්ථයෙන්ම, කොටි විරෝධී විය. (බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමක් කෙරෙහි විශ්වාසය තබමින්, ඔහු දෙමළ විරෝධී නොවී, බෙදුම්වාද-විරෝධී සහ කොටි-විරෝධී විය).

    1915 ඈත අතීතයක දුටු දුෂ්ට සිහිනයක් වශයෙන්

    සෝම හිමියන්ගේ මුස්ලිම්-විරෝ්ධී ව්‍යාපාරය නිසා ඒ තත්වය වෙනස් විය. හිටිහැටියේම, සිංහල-බෞද්ධයෝ, තමන්ගේ මුස්ලිම් සගයන් තුළ, එල්.ටී.ටී.ඊ. සංවිධානයටත් වඩා නපුරු හතුරෙකු දකින්නට විය. සෝම හිමියන් සහ අෂ්රෆ් අතර රූපවාහිනී සජීවී විවාදය පැවැත්වුණේ, මේ පිස්සුවට සාමූහිකව සමාජය යටවෙමින් සිටි අවස්ථාවකයි. ඊට, සෝම හිමියන්ගේ ගෝලයෝ මහත් ප‍්‍රසිද්ධියක් දුන්හ. කවුරුත් බලාපොරොත්තු වුණේ, සෝම හිමියන් විසින් දේශපාලඥයාව හප කරනු ඇති බවයි. එහෙත් සිදුවුයේ වෙනකකි. ලංකාවේ මුස්ලිම්වරුන්ට එරෙහිව නැගෙන චෝදනා පදනම් විරහිත බවත්, තමාට එරෙහිව කරන පහර දීම් අසත්‍යයන් සහ විකෘති කිරීම් මත පදනම්ව ඇති බවත් ඔහු තර්කානුකූලව ඔප්පු කෙළේය. සෝම හිමියන් එක තර්කයක් පුස්සක් වීමෙන් තවත් තර්කයක පැටලෙද්දී, ඒවායේ ඇති ව්‍යාජය අෂ්රෆ් ඉතා ගෞරව සම්ප‍්‍රයුක්තව සහ සන්සුන්ව පෙන්වා දුන්නේය. අන්තවාදී සුළුතරයක් හැරුණු කොට, විවාදයෙන් අෂ්රෆ් ජයග‍්‍රහණය කළ බව, බෞද්ධයන්ගෙන් බහුතරයක් පිළිගත්හ.

    සෝම හිමියන් විසින් මුස්ලිම්-භීතිකාව, ක‍්‍රිස්තියානි-භීතිකාවක් බවට පෙරැලීම

    සෝම හිමියන්ගේ විසකුරු කටයුතු නොවන්නට, මාවනැල්ලේ මුස්ලිම්-විරෝධී ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකිව නොතිබුණි. එහෙත් අෂ්රෆ් ඇමතිවරයා සිහිබුද්ධියෙන් කටයුතු කළ නිසා එය පාලනය කරගත හැකි විය. එහෙත් ඔහුගේ අකල් මරණයත්, ඔහුට සමාන වියත්, දක්ෂ සහ ප‍්‍රතිපත්තිමය ධෛර්යයක් සහිත නායකයෙකු සොයා ගැනීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයට/මුස්ලිම් ප‍්‍රජාවට නොහැකි වීමත් නිසා, මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවත්, රටේ සුභසිද්ධියත් පරදුවට ගියේය.

    ආගමික-ජාතිවාදය සහ දේශපේ‍්‍රමය

    ජාතික හෙළ උරුමය, අවස්ථාවාදයේ සහ බල තණ්හාවේ දරුවෙකි. රුසියානු සිසිරයේ තවත් බිල්ලක් වශයෙන්, 2003 දී සෝම හිමියෝ අපවත් වූහ. එකල, අභ්‍යන්තර කුලල් කා ගැනීම් සහ මැතිවරණ අසාර්ථකතාවන්ට මුහුණදෙමින් සිටි සිහල උරුමය, සෝම හිමියන්ගේ අභාවය ගැන රටේ මතුවෙමින් තිබූ (ඉබේමත්, සංවිධානගතවත්)ජාතික ශෝකය තුළ, ස්වකීය දේශපාලනික වල්මත් භාවයෙන් එළියට පැන ගැනීමට පහසු අවස්ථාවක් දුටුවේය. ක‍්‍රිස්තියානි උන්මාදයක් මතුවෙමින් පැවති ඒ අවස්ථාවේ මෙම ව්‍යාපාරය ‘ජාතික හෙළ උරුමය’ නමින් නැවත කලඑළි බැස්සේය.

    වාර්තා වන පරිදි, පසුගිය දා කැබිනට් රැස්වීමේ දී ‘හකීම් ප‍්‍රශ්නය’ ඇදගෙන තිබෙන්නේ, සුළුජාතික-භීතිකාව සහ සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරමින් දේශපාලනික චරිතයක් බවට පත්වූ, චම්පික රණවකයි. ‘‘මුස්ලිම් ජාතිකයන්ට සහ කිතුණුවන්ට එරෙහි ප‍්‍රහාරයන් සහ ඒවා පසුපස සිටි පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමට ආණ්ඩුව අසාර්ථකව තිබීම’’ ගැන පිටු 50 ක විස්තරාත්මක වාර්තාවක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානී නවී පිල්ලේ මහත්මියට දී ඇත්තේ හකීම් බවට ඔහු චෝදනා කොට තිබේ.

    ජනාධිපතිවරයා හකීම්ට දෙහි කපා ඇත්තේ එවිට ය. (තමාගේ අවශ්‍යතා මිස මුස්ලිම් ප‍්‍රජාවේ හෝ රටේ අවශ්‍යතා නියෝජනය නොකරන) ඇමති හකීම්, ජනාධිපතිවරයාගේ බැනවැදීමට පිළිතුරු දී ඇත්තේ, තමාගේ පක්ෂයේ සිටින අණක්ගුණක් නැති එවුන් පිට වරද පටවමිනි. කෙසේ වෙතත්, හකීම් දුන්නා යැයි කියන වාර්තාවේ කරුණුවල සත්‍යාසත්‍ය භාවය ජනාධිපතිවරයා ප‍්‍රශ්න කෙළේ නැත. එසේම, එම සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිමය සහ ව්‍යවස්ථාමය පියවර ගෙන තිබුණේ නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට සිදුනොවන බව හකීම් විසින් ජනාධිපතිවරයාට පෙන්නුම් කර දුන්නේ ද නැත.

    රටේ ආගමික සහජීවනය, නීතියේ ආධිපත්‍යය හෝ ශ‍්‍රී ලංකාවේ හොඳ නම ගැන ජනාධිපතිවරයාට අංශුමාත‍්‍ර හෝ හැඟීමක් තිබුණි නම් ඔහු කරනු ඇත්තේ, ආරක්ෂක ලේකම්වරයාව සහ පොලිස්පතිවරයාව ගෙන්වා, එවැනි ප‍්‍රහාරයන් ඇත්තෙන්ම සිදුවී දැ යි විමසා, එය සැබෑවක් නම්, එම අපරාධකරුවන්ව නීතිය ඉදිරියට නොගෙනාවේ මන්දැ යි ඔවුන්ගෙන් ප‍්‍රශ්න කිරීමයි. එම අපරාධකරුවන්ව වහා අත්අඩංගුවට ගැනීම දුෂ්කර නැත. මන්ද යත්, ඔවුන් වෛරයේ විෂබීජ වපුරා ඇත්තේ, ප‍්‍රසිද්ධියේම සහ මාධ්‍ය කැමරා ඉදිරියේම වන බැවිනි. ජනාධිපතිවරයාගේ එවැනි මැදිහත්වීමක් විණි නම්, ආගමික අපරාධ නොඉවසන නායකයෙකු වශයෙන් ජාත්‍යන්තරයේ ප‍්‍රසාදයට ද ඔහු නිමිති වනු ඇත. එසේම, සෑම මුස්ලිම් රටක්ම, ජීනිවා නුවරදීත්, වෙනත් තැන්වලදීත්, දෙමළ ඩයස්පෝරාවේ මොන බලපෑම් තිබුණත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුවට සහාය දක්වනු ඇත.

    එහෙත් ජනාධිපති රාජපක්ෂ කේන්ති ගත්තේ සුළුතර ආගමිකයන්ට පහරදුන් අපරාධකරුවන් සමග නොව, එම අපරාධ හෙළිදරව් කළ සුළුජාතිකයන් සමගයි. රාජපක්ෂ ලබ්ධිය තුළ, අපරාධයක් වන්නේ මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි පල්ලිවලට පහර දීම නොව, එම සිද්ධීන් ප‍්‍රසිද්ධියේ හෙළාදැකීමයි.

    ‘රට පාවා දුන්නේ’ යැයි ජනාධිපතිවරයා හකීමට චෝදනා කරන්නේ එබැවිනි.

    2012 අප්‍රේල් මාසයේ දඹුල්ලේ මුස්ලිම් පල්ලියකට පහර දීමෙන් පසු, ඒ අසළ තිබූ හින්දු කෝවිලක් ද අළුතෙන් ඉදිකරන ලද්දකැ යි කියා කඩා බිදී දැමීමට පිරිසක් වලිකෑහ. මේ සාහසිකයන්ට නායකත්වය දුන් එම පළාතේ නායක භික්ෂුව අමතමින් එක්තරා මැදි වියේ කාන්තාවක් ගෞරව පුරස්තව ඔහුට යමක් මතක් කර දුන්නාය. එනම්, කුඩා කාලයේ පටන් එම කොවිලේ ඈ වන්දනාමාන කර ඇති බවයි. එවිට අර නායක භික්ෂුව ඇගේ නිවසත් කඩා දැමීමට තර්ජනය කෙළේය. ඇගේ දෙයියන්වත් අරගෙන වෙන කොහේ හරි යන්නැ යි ඈට බැන වැදී, ‘‘යකෝ මේ කාක්කෝ ඔලූව උඩින් යනවා විතරක් නෙවෙයි, කූඩු වෙන්නත් හදනවා නේ’’ යැයි කී සේක.

    ‘සත්කාරක-ආගන්තුක’ මනෝ භාවය යනු එයයි. මහින්ද රාජපක්ෂගේ කේන්තිය ඇවිලෙන්නේ එතැනිනි: සුළුතර=ආගන්තුකයන්ට, අහිමි කළ නොහැකි අයිතීන් කියා දෙයක් නැත. ඔවුන් ශ‍්‍රී ලංකාවේ වෙසෙත් නම්, සිංහල-සත්කාරකයන් කරන දෙයක් කරබාගෙන භාරගත යුතුය. ඒවාට විරුද්ධව පැමිණිලි කරත් නම්, ඔවුන් ජාතිද්‍රෝහීන් ය.

    වාර්ගික ප‍්‍රශ්නය සහ දීර්ඝ කාලීන යුද්ධය පැටව් ගැසුවේ ඒ මනෝභාවයෙනි. ආගමික ගැටුමක් ඇති කිරීමට රාජපක්ෂලා එය දැන් හිතාමතාම පාවිච්චි කරත් ද? තවත් යුද්ධයක් අප මත පැටවීමෙන් රාජපක්ෂලා බලන්නේ තමන්ගේ සිංහල විමුක්තිදායක භූමිකාවට යළි පණ දීමට ද?

    තිසරණී ගුණසේකර

    | 2014 මාර්තු 02 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ Mr. Hakeem’s Crime නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
    ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් | Image Credit: nation.lk
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙසේ වෙතත්, හකීම් දුන්නා යැයි කියන වාර්තාවේ කරුණුවල සත්‍යාසත්‍ය භාවය ජනාධිපතිවරයා ප‍්‍රශ්න කෙළේ නැත. එසේම, එම සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුව නීතිමය සහ ව්‍යවස්ථාමය පියවර ගෙන තිබුණේ නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට තමන්ට සිදුනොවන බව හකීම් විසින් ජනාධිපතිවරයාට පෙන්නුම් කර දුන්නේ ද නැත.

    පළමු ප්‍රශ්නය වන්නේ හකීම් එවැනි තමන් ගේ දුක්ගැනවිලී හෝ තම ජාතියට සිදුවූ වා යයි කියන කෙනෙහිළිකම් ගැන වාර්තාවක් නවි පිල්ලේට යවන්නට කළින් තම ප්‍රධාන පුරවැසියාට ලබා දුන්නා ද යන්නය. එසේ නොදුන්නේ ඇයි? ආන්ඩුව අපහසුතාවයට පත් කරන්නට නොව සිංහලයන් අපහසුතාවයට පත් කරන්නටය. යම් තත්ත්වය පිළිබදව නීතිය ඉදිරියේ දී ලද සරණ තමා තෘප්තියට පත් නොකෙරේ නම් එය ලබා ගැනීමට ක්‍රමවේදය ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේම දක්වා ඇත. නීතිවේදියෙක් ලෙස සිටින හකීම් එය නොදන්නවා විය නොහැකිය. නමුත් මෙවන් වාර්තාවක් ඔහු ගේ අනුදැනුම ඇතුව හෝ නැතුව මුස්ලිම් කොන්ග්‍රසයෙන් එළියට පිල්ලේ වෙත ගියේ, ඔවුන්ටත් ඇවැසි අර පිරපාහරන් ගේ වර්ගයේ ජාත්‍යන්තර අතපෙවීමක් හරහා ස්වංපාලනය බව අපට පෙන්වමින් නොවේ ද? හරකා හැරෙන්නේ කොයි පැලය පැත්තදැයි අපට අටුවා ටීකා අවැසි නැත. නීති විද්‍යාලය තුල දැන් සිදුවෙමින් පවතින විනැම්බෑසිය හරහා ම හකීම් ලා ගේ වාර්ගික විශුද්ධිකරණය පිළිබදව අපට සිතා ගත හැකිය.

    තිසරණී ලා අප මාධ්‍ය තුල ඉතා කුඩා කුහුඹුන්ව සිටි අවදියේ පටන් කඩේ ගියේ කාටදැයි අපට ඇගිල්ලෙන් ඇණ පෙන්වීම අවැසි නැත. නමුත් කඩේ යන විදියක් තිබේ. දැන් ඇය කඩේ යන්නේ අප එදා දුටු ලෙස නොව අමු නිරුවතිනි..........
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    :yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිල්ලේට හදිසි සංදේශයක්‌

    ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව පවසා මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා ප්‍රමුඛ කතෝලික පූජකවරුන් 205 දෙනකු ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත හදිසි සංදේශයක්‌ යවමින් දැඩි යෝජනාවක්‌ ගෙන එන්නැයි ඉල්ලා ඇත.

    යුද අපරාධ සම්බන්ධව විමර්ශනයක්‌ කිරීමට රජය පසුගිය වසර පහ තුළ ක්‍රියාත්මක වී නැති බවත් අපේ නිජබිම තුළදී තර්ජනවලට මුහුණපෑමට සිදුවී ඇති බවටත් එකී සංදේශයේ දක්‌වා තිබේ.

    ජනතාව අතුරුදන් වන අතර ලිංගික ක්‍රියාවලට ගොදුරු වන බව ද එකී සංදේශයේ සඳහන් කර ඇත.

    මන්නාරම් රදගුරු ප්‍රමුඛ කතෝලික පූජකවරු එකී සංදේශයේ තවදුරටත් දක්‌වා ඇත්තේ යුද අපරාධවලට සම්බන්ධ හමුදා ඒකක මෙන්ම උසස්‌ නිලධාරීන් ද හඳුනාගත යුතු බවයි.

    මේ සංදේශයට මන්නාරම, යාපනය, වව්නියාව, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල කතෝලික පූජකවරුන් අත්සන් කර ඇත.
     
    මම ආගම්වාදය අවුස්සනවා නෙවෙයි. නමුත් යාපනය රදගුරු ජෝසප් සවුන්ද්‍රනායහම් සහ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් කියන්නේ කෙලින්ම කොටි. අපි මරද මඩු දේවස්ථානය අවම හානි වෙන විදියට කොට්න් ගෙන් මුදා ගන්න කොට ජයලත් අප රාජේෂ්වරී ශ්‍රද්ධ වු මෑණී ප්‍රතිමාව හොරෙන්ම කොටි පැත්තකට පැන්නුවේ ඔය රායප්පු ජෝසප්. ජෝසප් සවුන්ද්‍රනායහම කෙලින්ම කොටින්ට ආධාර එකතු කලා විතරක් නෙවෙයි ළමයින් කොටි සංවිධානයට බැදෙන්න කියල ප්‍රසිද්ධ ඉල්ලීම් කලා. හරි නම් මේ අයවළුන් තස්තවාදීන්ට ආධාර සහ අනුබල දීමේ චෝදනා යටතේ අධිකරණයට ගෙන එන්න ඕන.

    දැන් මේක නිසා සියළු කතෝලිකයන් සහ කිතනුවන් කොටි කියන තත්ත්වෙට නම් වැටෙන්න එපා!!!!!
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්දගේ සහ ඔහුගේ චක් ගෝලයන්ගේ වැරදි අපමණ ඇත.නමුත් ජිනීවා වලදි ඇඟිල්ල දිගු වන්නේ ලංකාවට මිස මහින්දට නෙමේ,මොන සම්බඳකේ දැම්මත් මොන නඩු ඇසුවත් තොණඩුව වැටෙන්නේ අපට මිස මහින්දට නෙමේ.මහින්දගෙ ආණ්ඩුව වට්ටන්න ඕන තරම් හේතු තිබ්බත් ශක්තිමත් විපක්ශයක් නැති තැන මහින්දලා හිතේ හැටියට සෙල්ලම් දාන එක පුදුම වෙන්න දෙයක් නෙමේ.හම්බයෝ යුද්ධේ තියෙද්දි කලේ කකුළෙන් අඳින එක,යුද්ධේ ඉවරවුනාට පස්සේ වැඩිම වරප්‍රසාද ලැබිලත් තියෙන්නේ උන්ටය.

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    නීති විද්‍යාලය තුල දැන් සිදුවෙමින් පවතින විනැම්බෑසිය හරහා ම හකීම් ලා ගේ වාර්ගික විශුද්ධිකරණය පිළිබදව අපට සිතා ගත හැකිය.

    තිසරණී ලා අප මාධ්‍ය තුල ඉතා කුඩා කුහුඹුන්ව සිටි අවදියේ පටන් කඩේ ගියේ කාටදැයි අපට ඇගිල්ලෙන් ඇණ පෙන්වීම අවැසි නැත. නමුත් කඩේ යන විදියක් තිබේ. දැන් ඇය කඩේ යන්නේ අප එදා දුටු ලෙස නොව අමු නිරුවතිනි..........

    Well said....:):):):):)
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම ආගම්වාදය අවුස්සනවා නෙවෙයි. නමුත් යාපනය රදගුරු ජෝසප් සවුන්ද්‍රනායහම් සහ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් කියන්නේ කෙලින්ම කොටි. අපි මරද මඩු දේවස්ථානය අවම හානි වෙන විදියට කොට්න් ගෙන් මුදා ගන්න කොට ජයලත් අප රාජේෂ්වරී ශ්‍රද්ධ වු මෑණී ප්‍රතිමාව හොරෙන්ම කොටි පැත්තකට පැන්නුවේ ඔය රායප්පු ජෝසප්. ජෝසප් සවුන්ද්‍රනායහම කෙලින්ම කොටින්ට ආධාර එකතු කලා විතරක් නෙවෙයි ළමයින් කොටි සංවිධානයට බැදෙන්න කියල ප්‍රසිද්ධ ඉල්ලීම් කලා. හරි නම් මේ අයවළුන් තස්තවාදීන්ට ආධාර සහ අනුබල දීමේ චෝදනා යටතේ අධිකරණයට ගෙන එන්න ඕන.

    දැන් මේක නිසා සියළු කතෝලිකයන් සහ කිතනුවන් කොටි කියන තත්ත්වෙට නම් වැටෙන්න එපා!!!!!
    :yes::yes:
    rayappu josappu thamayi Navi Pille ekka rahas discussion dala boru kiwwe.
    mewa gana Pille gen ahanna hari,kiyanna hari ape kattiyage konda pana hibboth loku deyak.
    a asse hakimuth game ekak deela kora welaa inne.:angry::angry::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    තිසරණී මෙන්ම හකීම් යනු කවරකුන්දැයි බහුතරයක් රටවැසියන් නොදන්නේ නොවේ.
    ඔවුන්ගේ,අසූචි ගෑවී දුර්ගන්ධය හමන,අපුල අතීතය යලි මතක් කර දීමට නොකැමැත්තෙමි.
    මාධ්‍ය ක්ෂේත්‍රයේ "පොරවල්(මෙන්ම පොරියවල්)" ගැන මා පෞද්ගලිකවම දන්නා බැවින් අසරණ තිසරණීගේ මේ ණයට කැහීම මා හට නම් අරුමයක් නොවේ...
    එබැවින් මෙවැනි කැනහිල් නාද කෙරේ වැඩි අවධානයක් යොමු කරන්නට නොකමැත්තෙම්.
    කිඹුල් සහෝදරයා සමග 100000% එකඟ වෙමි,මම.