හත්මාලුව

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    හත්මාලුව

    ඉතා සෞඛ්‍යානුකූල හරවත් ජීවිතයක්‌ ගතකරන්නට ඇවැසි දැක්‌ම අපේ පුරාණ සංස්‌කෘතික පැවතුම්වල තිබුණේය. සිංහල අවුරුද්දේ පැවතුන සමහර චාරිත්‍ර විධි මේ පිළිබ`දව කදිමට දෙස්‌ දෙන්නේය. සම්ප්‍රදායානුකූල අවුරුදු කෑම මේසය සැරසූ හත් මාළුව ඒ පිළිබ`ද වන කතාවට ප්‍රවේශය සපයන්නේය.

    එදා හෙළයා සිංහල අවුරුද්ද සැමරුවේ අස්‌වනු කපා ගෙට ගෙන අටු කොටු පුරවාගත් තත්ත්වයක්‌ යටතේය. එයට සමගාමීව සිංහල අලුත් අවුරුදු කාලයට ස්‌වභාවික තුරුලතාද පලින් බර විය. එම තුරු ලතා සහ පැළෑටිවල පල පමණක්‌ නොව බක්‌මහට දලු සහ කොළද උපරිම ප්‍රමාණයෙන් පිහිටයි. විශේෂයෙන් දුරුතු නවම් මැදින් මාසවල පවතින නිය`ගය අවසන් වී බක්‌ මහේ ආරම්භයත් සමග වැසි ඇති වෙයි. මෙම තත්ත්වය මුකුණුවැන්න ආදී ළපටි පලා ලියලීමට ඉතාම හිතකර තත්ත්වයකි.

    ඉහත චිත්‍රය අපට කියාපාන්නේ එදා සිරිලක බක්‌මහට එකම නැවුම් ස්‌වභාවික ආහාර ගබඩාවක්‌ වූ බවය. එදා හෙළයා අලුත් අවුරුද්aද සැමරීමට සියලු ආහාර පාන සාදා ගත්තේත් සියලු කැවිලි පෙවිලි සාදා ගත්තේත් එම ස්‌වභාවික නැවුම් ආහාර ගබඩාවෙන් නෙළාගත් ආහාර ද්‍රව්‍ය වලිනි. එම නිසා ඒ ස`දහා කිසිම මුදලක්‌ වැයවූයේ නැත. එම නිසාම අවුරුද්දට පෙර උත්සව අත්තිකාරම් ගැනීමේ හෝ වැඩියෙන් ඉල්ලීමේ අවශ්‍යතාවයක්‌ද මතුවූයේ නැත.

    මේ වන විට අප රටේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල තත්ත්වය අපි ඉහතින් විස්‌තර කළ තත්ත්වයට ඉ`දුරාම පටහැනිය. නමුත් තවමත් ගොවිතැන් බත් කරන ඈත පිටිසර ගම්වල තත්ත්වය එතරම්ම නරක නැත. මෙම ගම් දනව්වල අද ජීවත්වන බොහෝ දෙනාද නූතනත්වයේ වාණිජකරණ රැල්ලට අසු වී තිබුණද මෙම ගම් දනව්වලට තවමත් සොබාදහමේත් අපේ සම්ප්‍රදායේත් ආශිර්වාදය ලැබෙයි. ඒ නිසා අදද ඔවුන්ට මුදලක්‌ වැය නොකර හෝ අවම මුදලක්‌ පමණක්‌ වැයකර සිංහල අවුරුද්ද සැමරිය හැකිය.

    සොබාදහමත් දේශීය පරිසර හිතකාමී කෘෂි ආර්ථිකයත් විසින් ඇතිකළ එම ස්‌වභාවික ආහාර ගබඩාවේ තිබූ ආහාර ප්‍රභව ආදි හෙළයා සංයෝජනය කරගත්තේද විශ්මය දනවන අන්දමේ විද්‍යාත්මක ආකාරයකටය. එය පර්යේෂණාගාර ඇසුරෙන් ලබාගන්නා නූතන පෝෂණවිද්‍යා දැනුම නිසැක ලෙසම පරදවන්නේය. මෙය ඉතා මැනවින් පිළිබිඹු කෙරෙන අවස්‌ථාවක්‌ වන්නේ සිංහල අවුරුද්දට හත් මාළුව පිසගැනීමයි. හත් මාළුව එදා සෑම නිවසකම පිසගත් අතර දේශීයත්වය අමතක කර නැති බොහෝ නිවෙස්‌වල මේ දක්‌වාම අවුරුද්දට හත් මාළුව පිසෙයි.

    නොඉ`දුල්ව පිසගන්නා හත් මාළුවේ අග්‍ර කොටස බුද්ධ පූජාව ස`දහාත් හෙළයා අදහන තිස්‌තුන් කෝටියක්‌ සම්‍යක්‌දෘෂ්ටික දෙවි දේවතාවුන් ස`දහාත් වෙන්කිරීම ආදි හෙළයාගේ සිරිත වූයේය. එයින් පෙනී යන්නේ හත්මාළුව බුදුන් දෙවියන් පිදීමටත් සුදුසු පූජනීය ආහාරයක්‌ ලෙස ආදි හෙළයා සැළකූ බවයි.

    හත් මාළුව පිසගැනීමේදී තරම් විවිධත්වයෙන් යුතු ආහාර ද්‍රව්‍ය නිවැරදිව සංයෝජනය කරන තවත් අවස්‌ථාවක්‌ ලෝකයේ වෙන කොහේදී හෝ හමුවේ යෑයි සිතිය නොහැකිය. මිනිසාගේ පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ කරගැනීමටත්, නිරෝගීභාවය ළ`ගාකර ගැනීම ස`දහාත් සෞඛ්‍යය ප්‍රවර්ධනය කරගැනීම ස`දහාත් විවිධත්වය උපරිම ස්‌වභාවික නැවුම් ආහාර ගත යුතු බව නූතන පෝෂණ විද්‍යාඥයින්ගේ සහ වෛද්‍ය විද්‍යාඥයින්ගේද පිළිගැනීමයි. එමෙන්ම නිර්දේශයයි. ආහාර මත පදනම් වූ පෝෂණ උපදෙස්‌ ( Food Based Diatory Guidelines ) නමින් බටහිරින් පමණක්‌ පෝෂණ විද්‍යාව උගත් අය අද මහා අලුත් දේවල් සේ සළකා අපේ රටේ මිනිස්‌සුන්ට උගන්වන්නට හදන්නේ අපේ පැරැන්නෝ අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ ප්‍රායෝගිකව මැනවින් තහවුරු කරගෙන තිබූ මෙම පෝෂණයයි.

    හත් මාළුවේදී මෙන් විවිධත්වයෙන් යුතු ආහාර සංයෝජනය කරගැනීමේදී මිනිසාගේ සිරුරේ පෝෂණයට සහ යහ පැවැත්මට අවශ්‍ය වන කාබෝහයිඩේට්‌, ප්‍රොaටීන්, මේදය, විටමින්, ඛණිජ, තන්තු සහ ශාක රසායනික යන සියලු පෝෂණ සංඝටක කිසිදු ඌනතාවයකින් තොරව මිනිසාගේ සිරුරට ලැබේ. එවිට කිසිදු ඌනතා රෝගයක්‌ නොවැළඳෙන අතර මනා පෝෂණයත් නිරෝගීබවත් සෞඛ්‍ය ප්‍රවර්ධනයත් එකවිට තහවුරු වෙයි. එනම් හත්මාළුව යනු ආහාරයක අඩංගු විය යුතු අඩංගු විය හැකි සියලු ගුණයන් එකවිට උපරිමයෙන්ම අඩංගු විශිෂ්ඨ ආහාරයකි.

    හත් මාළුව සෑදීමේදී ශක්‌ති ඝනත්වය වැඩි කජු, කොස්‌ඇට, අළුකෙසෙල්, බතල කිරිඅල ආදියද ප්‍රොaටීන් ප්‍රතිශතය අධික මුං ඇට, කව්පි, මෑ, පරිප්පු ආදී මාංශ බෝගද විටමින් ඛනිජ සහ තන්තු බහුල මුගුණුවැන්න, කංකුන්, කහට දලු, වට්‌ටක්‌කා දලු ආදි පලා වර්ග සහ වම්බටු, වට්‌ටක්‌කා, කෙසෙල් මුහ ආදී එළවළු වර්ගද යොදාගනියි. යොදාගන්නා සියලුම අමුද්‍රව්‍ය නැවුම්ව නෙළාගත් ශාක ආහාර වන බැවින් හත් මාළුව පෝෂණ විද්‍යාවේ නවතම මානය වන ශාකරසායනිකවලින්ද බෙහෙවින් පොහොසත්ය.

    හත්මාළුව පිසීමේදී ගෙඩි වර්ගයක්‌, කරල් වර්ගයක්‌, ඇට වර්ගයක්‌, කොල වර්ගයක්‌, දලු වර්ගයක්‌, මල් වර්ගයක්‌ ආදී ගස්‌ වැල් වල සෑම අංගයක්‌මද ආහාර ප්‍රභව ලෙස යොදාගැනෙයි. එලෙස විවිධත්වයෙන් සහ විවිධ පෝෂණ වටිනාකම් වලින් යුතු නැවුම් ආහාර ද්‍රව්‍ය හතක්‌ අමුද්‍රව්‍ය ලෙස තෝරාගැනීමට අමතරව එය රස ගැන්වීම සුව`දවත් කිරීම සහ ආකර්ෂණීය පෙනුමක්‌ ලබාදීම ස`දහා විවිධ දේශීය කුලුබඩු වර්ග රැසක්‌ ද හත්මාළුවට යොදාගනියි. මෙම කුලුබඩු වලින් රසය සුව`ද සහ පෙනුම පමණක්‌ නොව විශාල පෝෂණ සංඝටක ප්‍රමාණයකුත් හත් මාළුවට එකතු කරයි.

    හත් මාළුව සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍යවල විවිධත්වය නිසාම එයට විවිධත්වයෙන් යුතු ලාක්‌ෂණික රසයක්‌ද ඇත. එක්‌ එක්‌ ආහාර වර්ගයේ කැබලි හැපෙන වෙලාවට ඊට ආවේනික රසය දිවට දැනෙයි. ඊට අමතරව ඇඹුල් රස, කහට රස, තිත්ත රස, පැණි රස සහ ලුණු රස ආදි රස සියල්ලේ මනා සංයෝජනයක්‌ද යොදා ගන්නා අමුද්‍රව්‍යවලට අනුව හත් මාළුවට ලැබෙයි.

    හත් මාළුව ගර්භණී සමයේදී නිවැරදි පෝෂණය ලබාදීම ස`දහා බත් සමග ඉතා ඵලදායක ලෙස යොදාගත හැකි බව ශ්‍රී ලංකාවේ ප්‍රකට පෝෂණ හා වෛද්‍ය විද්‍යාඥයෙකු වන ටී. ඩබ්ලිව්. වික්‍රමනායක මහතා ගර්භණී මව්වරුන් 55 ක්‌ යොදාගෙන කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන ඇත. ගර්භණී සමය වැනි මිනිසාගේ පෝෂණ අවශ්‍යතා උපරිම අවස්‌ථාවක ඉතා ඵලදායී ලෙස නිවැරදි පෝෂණය ලබාදීමට හත් මාළුව යොදා ගත හැකි වීමෙන්ම එහි ඇති පෝෂණ විද්‍යාත්මක විශිෂ්ට බව තහවුරු වෙයි.

    ගර්භණී සමයට පමණක්‌ නොව පෝෂණ අවශ්‍යතා වැඩි අවධීන් වන කිරිදෙන මව්වරුන්ට, වැඩෙන දරුවන්ට සහ ලෙඩ රෝගවලින් සුවය ලබමින් සිටින රෝගීන්ටද නිවැරදි පෝෂණය ලබාදීම සදහා හත්මාළුව ඉතාම ඵලදායී ලෙස යොදා ගත හැකිය. මන්දපෝෂණයට ගොදුරු වී ඇති දරුවන්ට ප්‍රතිකාර කිරිමේදී ද හත් මාළුව දේශයට ගැළපෙන මිලක්‌ වැය නොවන ඉතාම ඵලදායි විස`දුමකි.

    තරබාරුබව, කොලෙස්‌ටරෝල් වැඩි බව සහ දියවැඩියාව ආදී ලෙඩ රෝග ඇති ආහාර පාලනයක යෙදිය යුතු අයට හානිදායක නොවන අයුරින් කුස පුරවාගැනීම සදහාද හත් මාළුව ඉතා නිර්මාණශීලීව යොදාගත හැකිය. මෙහිදී කළ යුත්තේ එකම එක වෙනසක්‌ පමණි. එනම් මිටිකිරෙන් නොව දියකිරෙන් උයා ගැනීමයි. ඇත්ත වශයෙන්ම වතුපිටිවල මූලික රෝහලේ බර අඩුකරගන්නා සායනයේ හෙවත් දැනට ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවත්වන සාර්ථකම සායනයේ හානිකර නොවන සේ කුස පුරවා ගැනීමට රෝගීන්ට අප කරනා යෝජනා අතරේ හත් මාළුව ඉදිරියෙන්ම සිටී.

    එසේනම් මිලක්‌ වැය නොකර හෝ ඉතා අවම මිලක්‌ පමණක්‌ වැයකර සාදා ගත හැකි හත් මාළුවේ පෝෂණ විද්‍යාත්මක වටිනාකම ඇතුළු වටිනාකම් දැන් අපට හොදින් පැහැදිලිය.

    එතරම් ගුණදායක හත්මාළුව සිංහල අලුත් අවුරුද්දට පමණක්‌ නොව දිනපතා සාදාගෙන තුන් වේලටම ආහාරයට ගත්තත් කිසිම දෝෂයක්‌ නැත. ඇත්ත වශයෙන්ම අවම වශයෙන් දවසකට එක්‌ වතාවක්‌ වත් අප හත් මාළුව ආහාරයට ගත යුතුය. බෝ නොවන රෝග සුනාමිය ආපසු හැරවීමටද හත්මාළුව එසේ නිර්මාණාත්මකව යොදා ගත හැකිය.

    මෙයින් තහවුරු වන්නේ නැවතත් මේ බිමේ ඔදවත් තෙදවත් ජාතියක්‌ සේ නැගී සිටීමේදී අපේ සාම්ප්‍රදායික උරුමයන්ගේ සහ දේශීය විද්‍යාවන්ගේ ඇති මිල කළ නොහැකි වටිනාකමයි. ඒවා අතහැර බහුජාතික සමාගම්වල ඊනියා පෝෂණ ටින් පැකට්‌ සහ බෝතල් පස්‌සේ ගියහොත් අපට හිමිවන්නේ සැනසීම නොව වැනසීමයි.


    වෛද්‍ය
    පාලිත සමන් ජයකොඩි
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    හත්මාලුව

    අවශ්‍ය ද්‍රව්‍ය :
    කජු (අමුකජු) ග්‍රෑම් 100
    තිබ්බටු හෝ වම්බටු ග්‍රෑම් 100
    කොස්ඇට ග්‍රෑම් 100
    මෑ කරල් ග්‍රෑම් 100
    රතු තම්පලා ග්‍රෑම් 100
    වට්ටක්කා හෝ වට්ටක්කා
    කරටි ග්‍රෑම් 100
    අළුකෙසෙල් හෝ උයන කෙසෙල් වර්ගයකින් ග්‍රෑම් 100
    රතුලූනු ග්‍රෑම් 50
    අමුමිරිස් කරල් 4යි
    සුදුලූනු බික් 4යි
    රම්පේ කැබැල්ලක්
    කරපිංචා කිනිත්තක්
    උළුහාල් තේ හැඳි 1/2
    තුනපහ කුඩු තේ හැඳි 2
    මිරිස් කුඩු තේ හැඳි 1
    ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
    කහ කුඩු ස්වල්පයක්
    ලුණු රසට අනුව
    සියඹලා බොර ටිකක්
    මිටිකිරි අඬු කෝප්ප 2
    දියකිරි අඬු කෝප්ප 4

    සාදන ආකාරය :
    කජු ටික හොඳින් කිරි යන ලෙස සෝදන්න. (වියළි කජු භාවිතා කරන්නේ නම් හොඳින් සෝදා පෙඟෙන්නට තබන්න)
    කොස්ඇට ටික තලා ‍පොතු හැර ගන්න. වම්බටු, මෑ කරල්, වට්ටක්කා, තම්පලා, අළුකෙසෙල් කුඩාවට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට දියකිරි දමා රතුලූනු, අමුමිරිස්, සුදුලූනු, සිහින්ව කපා දමන්න. එයටම අනෙකුත් සියලුම පහේ වර්ග ද එකතු කරන්න. දැන් කජු සහ කොස්ඇට එකතු කර තැම්බෙන්නට හරින්න. ඒවා තැම්බි ගෙන එද්දී තිබ්බටු හෝ වම්බටු, මෑ කරල්, වට්ටක්කා, අළුකෙසෙල් ආදිය එකතු කරන්න. ඒවා ද තැම්බිගෙන එද්දී තම්පලා සහ වට්ටක්කා කරටි ටික සමග මිටිකිරි එකතු කර ටික වේලාවක් තැම්බෙන්නට හරින්න. ඉන්පසු තිබ්බටු, කොස්ඇට ආදිය හොඳින් ‍පොඩි වන ලෙස හැඳි ගා ගන්න.
    අවශ්‍ය නම් මෙයට අබ ඇට ටිකක් පුපුරවා තෙම්පරාදුවක් ද කරගත හැකිය. එසේම ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත් මාළුව සඳහා යොදා ගන්නා ද්‍රව්‍යයන්ගේ වෙනස්කම් දැකිය හැකිය. සමහර ප්‍රදේශවල මෙයට අල වර්ගයක්, දළු වර්ගයක්, කොළ එළවළුවක්, කොස්ඇට, කජු ආදිය එක් කරගෙන හත්මාලුව සකසා ගත හැකිය. මෙය ‍පෝෂණයෙන් ඉතා ඉහළ ව්‍යංජනයකි.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පුදුම රස කෑමක්..සිංහල අවුරුද්ද දවසේ නැකතට කන්න අනිවාර්යෙන් හැදෙන මාළුවක්...සමහර පැතිවල අවුරුදු දවසට විතරයි හදන්නේ...අනිත් දවස්වල හදන්න හොඳ නෑ කියලා..:D