මට පොඩි කාලේ හතිය සැරටම තිබුනා. හෙම්බිරිස්සාවක් හැදුන ගමන් wheeze එක හැදිලා අමාරු වෙනවා. එහෙම උනාම Ridgeway Arya එකට එක්කන් ගිහින් අර දුම් අල්ලන එක කරනවා, සමහර දවස්වල admit වෙලාත් තියෙනවා. කොහොමහරි හෙන දුකක් වින්දා මේක නිසා.
ඔය අතරේ අපේ තාත්තට කෙනෙක් කියලා තිබ්බා සිංහල බෙහෙත් කරන තැනක් තියෙනවා. එතන හොඳයි කියලා. මේ වෙනකොට මන් 6 වසරෙ වගේ.
ගියා ඒකට. දවස් හතක් එක දිගට එන්න ඕනෙ කිව්වා. මම පොඩි නිසා මට වැඩිය අවබෝධයක් නෑ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියලා. ගෙදරින් එක්කන් යන නිසා ගියා. වැඩේ උනේ මෙහෙමයි. එතන පොඩි දේවාලයක් වගේ තියෙනවා. ඒකට ගිහින් පොඩි ශ්ලෝකයක් වගේ එකක් කියනවා. ඒක කියලා ඉවර වෙලා තෙල් එකක් පපුවේ ගානවා. ඒක මාරම සුවදක් තියෙන්නේ. දවස් හතක් ගියා හරියටම. කිව්වට විශ්වාස කරපන් එදා ඉඳලා ආයි කවදාවත් හතිය හැදුනේ නෑ නේ කොච්චර සෙම වැඩි උනත්. අදටත් හිතාගන්න බෑ කොහොම බෙහෙත වැඩ කලාද කියලා. දැන් නම් ඒ කෙනා නැතිවෙලා අවුරුදු ගානක් වෙනවා. සිංහල බෙහෙතේ power එක තමා.