හතුරුද_මිතුරුද Yaluda? Tharahada?

opanayake

Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    හතුරුද_මිතුරුද Yaluda? Tharahada?

    PQnbE.jpg

    [FONT=&quot]ප්‍රිය මිතුරනේ, මේ ලිපිය සකස් කරනුයේ මිත්‍රත්වය පිළිබදව තථාගතයානන්වහන්සේගේ දේශනයන් සලකා බලමිනුයි. ඒ අනුව ත්‍රිපිටකයේ සැබැ මිතුරා කවරෙක්ද යන්න පහදමින් දේශිත සුත්‍රයන් ගණනාවක් අතරින්, කිහිපයක් පමණක් මෙම ලිපියේ සලකා බැලිමට අදහස් කරමු.[/FONT]
    [FONT=&quot]කාර්‍යාලයේ, සේවා ස්ථානයේ, පාසලේ, විශ්වවිද්‍යාලයේ මෙන්ම ආරණ්‍යයේද අපට මිතුරන් සිටියි. ඔබේ ජිවිතයේ හමුවු පළමු මිතුරා හෝ මිතුරිය කවුරැන්ද යන්න මතකයට නැගිමට උත්සාහ කලහොත්, එය ජිවිත කාලයේ බොහෝ අතිතයට දුව යන්නක් වන බැවි ඔබටම තේරැමි යනවා ඇති. එයින් අපට තේරැමි යන කරැණ වනුයේ මිත්‍රත්වය යන්න අප ජිවිතයන්ට කෙතෙක් දුරට සමිප ධර්මතාවයක්ද යන්නයි. මිතුරන් විවිධාකාරයි, මේ විවිධාර මිතරන් නිසාම. සැපයට පත්වුවන්, දුකට පත්වුවන්, විපතට පත්වුවන්, පසුතැවිලි වන්නන්, සතුටු වන්නන්, ද්වේශ කරන්නනන් ඕනැතරමි. අපි කවුරැත් කැමති සැපයෙන්, සතුටින් සිටිමටයි අපට මිතුරන් අවැසි වන්නේද සතුටින් හා සැපසේ සිටිමට යැයි කිවහොත් ඔබ එකඟ වනවා ඇති. එසේම දුකක් වේදනාවක් දැනුන විට, ගැටළුකාරි අවස්ථාවක දී මිතුරන් කෙතරමි උපකාරි වන්නේද යන්න ඔබම දන්නා කරැණක්. එසේනමි සතුටින් හා සැපයින් සිටිමට හැකිවන පරිදි නිවැරදි මිතුරෙකු තෝරා ගන්නේ කෙසේද යන්න ඔබට වැදගත් වනවා ඇති. එසේනමි මේ ලිපිය ඔබට ඒ සදහා අත් වැලැක් වේයැයි සිතමු.

    [/FONT] [FONT=&quot]කවුරැන්ද මිතුරැ වෙසින් සිටිනා සතුරා?[/FONT]

    [FONT=&quot] ගෘහපති පුත්‍රය[/FONT], [FONT=&quot]මිත්‍ර නොවූ මිතුරු වෙසින් හැසිරෙන [/FONT] [FONT=&quot]සතර දෙනෙක් සිටියි.[/FONT]
    • [FONT=&quot] (01) යමක් ගැනීමට පමණක් යහලුකමි[/FONT] [FONT=&quot]දක්වන තැනැත්තා[/FONT],
    • [FONT=&quot] (02) වචනයෙන් පමනක් සැලකීමි[/FONT] [FONT=&quot]කරන තැනැත්තා[/FONT],
    • [FONT=&quot] (03)තමන් ඉදිරිපිටදී ස්තූති කරන රැවටිලි බස් කියන තැනැත්තා[/FONT],
    • [FONT=&quot] (04) පවිකමි[/FONT] [FONT=&quot]සඳහා යහලුකමි[/FONT] [FONT=&quot]කරන තැනැත්තා[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]යමක් ගැනිමට මිතුරුකමි[/FONT] [FONT=&quot]දක්වන්නා මෙම[/FONT] [FONT=&quot]කරුණු සතරින් දත යුතුයි.
    (01) හිස් අතින් අවුත් මිත්‍රයාගෙන් කිසිවක් ගෙනයාමට බලාපොරොත්තු වෙයි.
    (02) සුඵ දෙයක් දීමෙන් ලොකු දෙයක් කැමති වෙයි.
    (03) තමා හට බියක් ඇති කල්හී පමණක් මිතුරාගේ කටයුතු කරයි.
    (04) තමාගේ ප්‍රයෝජනය පිණිස පමණක් කටයතු කරයි.

    [/FONT] [FONT=&quot]වචනයෙන් පමණක් සැලකිමි කරන තැනැත්තා කරුණු සතරකින් දතයුතුයි.

    (01) ඉකුත්වූ දෙයින් සංග්‍රහ කරයි. (එනමි උපකාරයක් ඉල්ලා සිටි විට මේ දේ ඒදානමි තිබුණාය දැන් නැතය, එදා පැමිණියානමි කරන්නට තිබුණාය කියාය)
    (02) මතු ඇතිවන දෙයින් සංග්‍රහ කරයි. (මේ දේ අත නැතිය, මෙදිනට ලද හැකිය කියා එදිනට අවැසි වුවහොත් උපකාර කල හැකිය කියා රවටවයි)
    (03) කටයුත්තක් පැමින සිටි කල්හි තමන්ට වූ විපත්තිය දක්වයි. (මිතුරාට උපකාරයක් වුවමනා වු විට, මට මේ දේ වුනාය. එසේ නොවුනා නමි මෙසේ කරන්නට තිබුණාය කියා ඇඟ බේරා ගැනිම)[/FONT]

    O4MFY.jpg

    [FONT=&quot]තමන් ඉදිරිපිටදී ස්තූති කරන, රැවටිලි බස් කියන්නා කරුණු සතරකින් දතයුතුයි.
    (01) මිතුරාට පවි[/FONT] [FONT=&quot]කිරීමද අනුමත කරයි.
    (02)කුසල් කිරීමද අනුමත කරයි.
    (03) ඉදිරියෙහි ඔහුගේ ගුණ කියයි.

    (04) නැති තැන ඔහුගේ අගුණ කියයි.

    [/FONT] [FONT=&quot]පවිකමි[/FONT] [FONT=&quot]සඳහා යහලුකමි[/FONT] [FONT=&quot]කරන්නා කරුණු සතරකින් දතයුතුයි.

    (01) මත්පැන් පානය පිණිස නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි.
    (02) නොකල්හි වීථි සංවාරණය සඳහා නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි.
    (03) නැටුමි[/FONT] [FONT=&quot]ඇති තැන්වල හැසිරීමෙහි යහලු වෙයි.
    (04) සූදු කෙළියෙහි නැවත නැවත යෙදීමෙහි යහලු වෙයි භාග්‍යවතුන් වහන්සේ කීවාහුය.

    [/FONT] [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]සතරදෙන මෙසේ දැන නුවණ ඇති තැනැත්තන් බිය සහිත මාර්ගයක් මෙන් දුරින්ම දුරු කලයුතු වන්නේය.

    [/FONT] [FONT=&quot]ප්‍රිය මිතුරනේ, අපට හමුවන්නාවු මිතුරැකමි පවත්වන්නට වන්නාවු බොහෝ පිරිස මෙසේ බැවි ඔබට පැහැදිලි ඇති. මේ සමගම කිවයුතු තවත් වැදගත් කරැණක් තිබෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින්ම එක වර්ගයේ එකම අදහස් ඇති මිනිසුන් එකට එකතු වන බැවි දේශනා කර තිබෙයි. කට වහර‍ට [/FONT]“[FONT=&quot]එක ජාතියේ කුරැල්ලෝ එක අත්තේ වහනවා[/FONT]”[FONT=&quot]ය කියා කියන දේයි මේ කිවිවේ. ඉදින් මේ කරැණු ඉදිරි පත් කරනුයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මඟ ගමන් කර දුකින් පිරි සසර නිමා කිරිමට බලාපොරාත්තු වන්නාවු යමෙක් වේ නමි, ඔහුට කල්‍යාණ මිත්‍ර සමිපත්තිය ලගාකර ගැනිමට ඇවැසි මග පෙන්විම සපයා දිම සඳහායි. අන්‍යන් අප අරමුණු කරන්නේ නැත.[/FONT]
    [FONT=&quot]මහණෙනි, නුපන් අරිඅට මගෙහි උපදිමටත්, උපන් අරිඅටමඟ දියුණුවෙන් පරිපුර්ණ විමටත් යමක් හේතු වනවා නමි, කල්‍යාණමිත්‍රතාවය වැනි වෙනත් එකම ධර්මයක් වත් මම නොදකිමි.[/FONT]
    [FONT=&quot](සංයුක්ත නිකාය, මග්ග සංයුක්තය, දුතිය එක ධමිම පෙය්‍යාල කල්‍යාණමිත්ත සුත්‍රය)[/FONT]

     
    Last edited:

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    [FONT=&quot]නියම මිතුරා කවරෙක්ද?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT] [FONT=&quot]ගෘහපති පුත්‍රය[/FONT], [FONT=&quot]හොඳ හිත ඇති [/FONT] [FONT=&quot]මිත්‍රයෝ සතර දෙනෙක් වෙයි. [/FONT]
    [FONT=&quot] (01) උපකාර අවැසි[/FONT] [FONT=&quot]හැම කටයුත්තකදීම පිටුනොපාන මිත්‍රයෙක්ද[/FONT],
    [FONT=&quot] (02)[/FONT] [FONT=&quot]සමාන සුඛ දුක්ඛ නමි[/FONT] [FONT=&quot]සැප දුක් දෙකෙහි සමාන පැවතුමි[/FONT] [FONT=&quot]ඇති මිත්‍රයෙක්ද[/FONT],
    [FONT=&quot](03) අන්ථක්ඛායි නමි[/FONT] [FONT=&quot]අවැඩින් වලකා වැඩෙහි යොදවන මිත්‍රයෙක්ද[/FONT],
    [FONT=&quot](04) අනුකමිපක නමි[/FONT] [FONT=&quot]මතුරුකම සලකා අනුකමිපා කරන මිත්‍රයෙක්ද වශයෙනි.[/FONT]

    ssd5.jpg


    [FONT=&quot]ගෘහපති පුත්‍රය[/FONT], [FONT=&quot]උපකාර නමි[/FONT] [FONT=&quot]මිත්‍රයා කරුණු සතරකින් දතයුතුයි.[/FONT]
    [FONT=&quot] (01) මත්වූ මිතුරා රකියි. [/FONT]
    [FONT=&quot] (02) මත්වූ මිතුරාගේ ධනය රකියි. [/FONT]
    [FONT=&quot] (03) භයක් පැමිණි මිතුරාට උපකාර වෙයි. [/FONT]
    [FONT=&quot] (03) කටයුත්තක් ඇති කල්හී දෙගුණයක් කොට වස්තුව දෙයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ගෘහපති පුත්‍රය[/FONT], [FONT=&quot]සමාන සුවදුක් ඇති මිතුරා කරුණු සතරකින් දතයුතුයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] (01) තමන්ගේ රහස් මිතුරාට කියයි. [/FONT]
    [FONT=&quot] (03) මිතුරාගේ රහස් හෙලි නොකරයි. [/FONT]
    [FONT=&quot] (03) මිතුරාට විපතක් පැමිණි කල්හී අත් නොහරියි. [/FONT]
    [FONT=&quot] (04)ඒ මිතුරාගේ යහපත සඳහා ජීවිතය පවා පුදන ලද්දේ වෙයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ගෘහපති පුත්‍රය[/FONT], [FONT=&quot]අත්ථක්ඛායි නම්[/FONT] [FONT=&quot]හිත වැඩ කියන්නාවූ මිතුරා කරුණු සතරකින් දතයුතුයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] (01) පවි[/FONT] [FONT=&quot]කිරීමෙන් වලක්වයි. [/FONT]
    [FONT=&quot] (02) යහපත් කටයුත්තෙහි යොදවයි. [/FONT]
    [FONT=&quot] (03) නොඇසූ යහපත් දෙය අස්වයි.[/FONT]
    [FONT=&quot] (04)දෙවිලොව මග කියයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]අනුකමිපා කරණ මිතුරා කරුණු සතරකින් දත යුතුයි.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] (01)මිතුරාගේ පිරිහිමට සතුටු නොවෙයි. [/FONT]
    [FONT=&quot] (02)ඔහුගේ දියුණුවට සතුටු වෙයි. [/FONT]
    [FONT=&quot] (03)මිතුරාගේ නුගුණ කියන්නවුන් වළක්වයි.[/FONT]
    [FONT=&quot] (04)ගුණ කියන්නහුට ප්‍රශංසා කරයි. ශාස්තෘවූ සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මෙසේද වදාළෝය.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මේ[/FONT] [FONT=&quot]මිතුරන් සතරදෙනා නුවණ ඇති තැනැත්තා මෙසේ දැන හැඳින මවි කෙනෙක් ස්වකීය පුතෙකු සේවනය කරන්නාක් මෙන් යහපත් කොට සේවනය කරන්නේය.[/FONT]
    [FONT=&quot](දීඝ නිකාය, සිඟාලක සුත්‍රය)[/FONT]
    [FONT=&quot]ප්‍රිය මිතුරනේ, නියම මිතුරෙකු සොයා ගැනිම කෙතරමි දුෂ්කරද යන්න දැන් ඔබට පැහැදිලි වනු ඇත. එසේනමි මුලින්ම ඔබ කල්‍යාන මිත්‍රයෙකු වන්න.[/FONT]

    ZLxcD.png


    [FONT=&quot]ඔබ නියම මිතුරෙකු වන්නේ කෙසේද?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]කරුණු සතකින් යුක්තවූ මිත්‍රතෙම සේවනය කටයුතුයි. කවර සතකින්ද යත්?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] (01) දෙන්නට දුෂ්කර දෙයක් දේද[/FONT],
    [FONT=&quot](02) කරන්නට දුෂ්කර දෙයක් කෙරෙද[/FONT],
    [FONT=&quot](03) දුෂ්කර ඉවසීමක් ඉවසාද[/FONT],
    [FONT=&quot](04) ඔහුගේ රහස් මිත්‍රයාට ප්‍රකට කෙරෙද[/FONT],[FONT=&quot][/FONT]
    [FONT=&quot] (05)[/FONT] [FONT=&quot]මිත්‍රයාගේ රහස් ආරක්‍ෂා කෙරෙද[/FONT], [FONT=&quot][/FONT]
    [FONT=&quot] (06)විපතෙහිදී අත් නොහරීද[/FONT],
    [FONT=&quot](07)දුප්පත් මිත්‍රයා පහත්කොට නොසිතාද[/FONT], [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]කරුණු සතින් යුක්තවූ මිත්‍රයා සේවනය කටයුතුය.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]දීමට දුෂ්කරවූ වස්තුවක් දේද[/FONT], [FONT=&quot]අමාරුවෙන් කටයුතු දෙයක් හෝ කෙරෙද[/FONT], [FONT=&quot]යලිදි ඒ මිත්‍රයාගේ නපුරු වචන ඉවසාද[/FONT], [FONT=&quot]ඔහට තමාගේ රහස් කියාද[/FONT], [FONT=&quot]ඔහුගේ රහස් සගවාද[/FONT], [FONT=&quot]විපතෙහිදී අත් නොහරීද[/FONT], [FONT=&quot]මිත්‍රයා පහත්කොට නොසිතාද[/FONT], [FONT=&quot]යන මෙ[/FONT] [FONT=&quot]කරුණු යම්[/FONT] [FONT=&quot]පුද්ගලයකු කෙරෙහි විද්‍යමාන වෙද[/FONT], [FONT=&quot]එබදුවූ ඒ මිත්‍ර තෙම මිත්‍රයන් කැමැත්තකු විසින් සේවනය කටයුතුය.[/FONT]
    [FONT=&quot](අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දේවතා වග්ගය, සෙවිතබිබ මිත්ත සූත්‍රය)[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රිය මිතුරනේ මෙම සුත්‍රයේ අන්තර්ගත වනුනේ මිත්‍රයෙකු සතුවිය යුතු ගුණාංග මොනවාද යන්න බැවි ඔබට පැහැදිලි ඇති. ඉදින් මෙම ගුණාංග ඔබ සතු වේ නමි කිසි කලෙක ඔබට මිතුරන්ගෙන් හිගයක් නමි නොවේවි.[/FONT]
    [FONT=&quot] [/FONT]
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    [FONT=&quot]මහා විපතකදී වුවද මිතුරන් හිග නොවන මිතුරාගේ ගුනාංග[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]කරුණු සතකින් යුක්ත පැවිදි මිත්‍රයා ලිංගනාසනයෙන් (සංඝයාගේ විනය කර්මයක්) නසනු ලැබීමෙනුදු (එළවත්දීද) සේවනය කටයුතුය. භජනය කටයුතුය[/FONT], [FONT=&quot]පයුරුපාසනය ආශ්‍රය කටයුතුය.[/FONT]
    [FONT=&quot]කවර සතකින්ද යත්? [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] (01)ප්‍රියවූද[/FONT],
    [FONT=&quot](02)මන වඩන්නාවූද[/FONT],
    [FONT=&quot](03)ගෞරවයෙන් සැලකියයුතුවූද[/FONT],
    [FONT=&quot](04)යහපත් වචන කථාකරන්නා වූද[/FONT],[FONT=&quot] [/FONT]
    [FONT=&quot] (05)[/FONT] [FONT=&quot]අර්ථයෙන් [/FONT]
    [FONT=&quot] (06)ගැඹුරු කථා කරන්නාවූද[/FONT],
    [FONT=&quot](07) අසමානයෙහි නොයෙදෙන්නාවූද යන කරුණු සතින් යුක්ත පැවිදි මිත්‍රයා ලිංගනාසනයෙන් නසනු ලැබීමෙනුදු සේවනය කටයුතුය. භජනය කටයුතුය[/FONT], [FONT=&quot]පයුරුපාසනය (ආශ්‍රය කටයුතුය.)[/FONT]
    [FONT=&quot]ස්වකීය ශීලයෙන් ප්‍රිය ඇත්තේද[/FONT], [FONT=&quot]ගරුවූයේද[/FONT], [FONT=&quot]සමිභාවනා කටයුතුද[/FONT], [FONT=&quot]කීමෙහි දක්‍ෂවෙද[/FONT], [FONT=&quot]පිළිවිසි තෙපුල් ඉවසන්නේද[/FONT], [FONT=&quot]ගැඹුරු කථාව කරන්නේද[/FONT], [FONT=&quot]අස්ථානයෙහි නොයොදන්නේද යන කරුණු සත මෙ[/FONT] [FONT=&quot]ලෝකයෙහි යමි[/FONT] [FONT=&quot]පුද්ගලයක්හු කෙරෙහි විද්‍යමාන වෙත්ද[/FONT], [FONT=&quot]ස්වකීය හා අනුන්ගේ දියුණුව කැමති අනුකමිපා කරන්නාවූ එබදුවූ ඒ (පැවිදි) මිතුරුතෙම ලිංගාසනයෙන් නසනු ලබන්නහු විසින් (එළවත්ද) ද භජනය කටයුතු වෙ.[/FONT]
    [FONT=&quot](අංගුත්තර නිකාය, සත්තක නිපාතය, දේවතා වග්ගය අපිපනුජ්ජමාන සූත්‍රය)[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]කල්‍යාණමිත්‍ර සූත්‍රය.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]යමි[/FONT] [FONT=&quot]කල්‍යාණ මිත්‍රතාවක් යහපත් මිතුරන් ඇති බවක් හේතුකොටගෙණ නූපන් කුශල ධර්මයෝත් උපදිත්ද[/FONT], [FONT=&quot]උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්ද[/FONT], [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]වැනිවූ අන් එක ධර්මයකුදි මම නොම දකිමි. මහණෙනි[/FONT], [FONT=&quot]කල්‍යාණ මිත්‍රයන් ඇත්තාහට නූපන්නාවූ කුශල ධර්මයෝත් උපදිත්. උපන්නාවූ අකුශල ධර්මයෝත් පිරිහෙත්.[/FONT]
    [FONT=&quot](අංගුත්තර නිකාය, ඒක නිපාතය, කල්‍යාණමිත්ත වග්ගය)[/FONT]

    budu.jpg
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    202
    43
    at MilkyWay galaxy
    [FONT=&quot]ඇයි අපට මිතුරන් ඕනෑ?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]අෂ්ට ලෝක ධර්මය ලෝකය ලුහුබඳි. ලෝකය අනුව පෙරළෙයි. ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබදියි. අෂ්ට ලෝක ධර්මය අනුව පෙරළෙයි.[/FONT]

    [FONT=&quot]ඒ ලෝක ධර්ම අට කෙසේද යත්? ලාභයද[/FONT], [FONT=&quot]අලාභයද[/FONT], [FONT=&quot]අයසද[/FONT], [FONT=&quot]යසසද[/FONT], [FONT=&quot]නින්‍දාද[/FONT], [FONT=&quot]ප්‍රශංසාද[/FONT], [FONT=&quot]සැපද[/FONT], [FONT=&quot]දුකද යන අටය.[/FONT]
    [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]ධර්ම විනය නූගත් පෘතග්ජනයාට ලාභයද[/FONT], [FONT=&quot]අලාභයද[/FONT], [FONT=&quot]අයසද[/FONT], [FONT=&quot]යසසද[/FONT], [FONT=&quot]නින්‍දාද[/FONT], [FONT=&quot]ප්‍රශංසාද[/FONT], [FONT=&quot]සැපද[/FONT], [FONT=&quot]දුකද උපදී. [/FONT]
    [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]ඒ කරුණ පිළිබඳව ධර්ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්ම විනය උගත් ආර්‍ය ශ්‍රාවකයාගේ වෙනස කුමක්ද? අධිකවූයේ කුමක්ද? විශෙෂ කරුණ කුමක්ද?[/FONT]
    [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]ධර්ම විනය නූගත් පෘතග්ජනයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා නොකරයි. [/FONT]“[FONT=&quot]මට මෙ[/FONT] [FONT=&quot]ලාභය උපන්නේය නමුදු එය අනිත්‍යයි[/FONT], [FONT=&quot]දුකයි[/FONT], [FONT=&quot]වෙනස්වන නැතිවන ස්වභාවයෙන් යුතුයි[/FONT]”[FONT=&quot] කියා එහි නියම තත්ත්‍වය නොදනී.[/FONT]
    [FONT=&quot]අලාභය ඇතිවෙද[/FONT], [FONT=&quot]අයස ඇතිවෙද[/FONT], [FONT=&quot]යසස ඇතිවෙද[/FONT], [FONT=&quot]නින්‍දා ඇතිවෙද[/FONT], [FONT=&quot]ප්‍රශංසා ඇතිවෙද[/FONT], [FONT=&quot]සැප ඇතිවෙද[/FONT], [FONT=&quot]දුක ඇතිවෙද[/FONT], [FONT=&quot]එය අනිත්‍යයි[/FONT], [FONT=&quot]දුකයි[/FONT], [FONT=&quot]වෙනස්වන නැතිවන ස්වභාවයෙන් යුතුයි කියා එහි නියම තත්ත්‍වය හේ නොදනී.[/FONT]
    [FONT=&quot]ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. අලාභයද[/FONT], [FONT=&quot]අයසද[/FONT], [FONT=&quot]යසසද[/FONT], [FONT=&quot]නින්‍දාද[/FONT], [FONT=&quot]ප්‍රශංසාද[/FONT], [FONT=&quot]සැපද[/FONT], [FONT=&quot]දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. හෙතෙම උපන් ලාභය රැක ගනී. උපන් අලාභයෙහි විරුධ වෙයි. උපන් අයසෙහි විරුද්ධවෙයි. උපන් යසස රැක ගනී. උපන් නින්දාවෙහි විරුධවෙයි. උපන් ප්‍රශංසාව රැකගනී. උපන් සැප රැක ගනී. උපන් දුකෙහි විරුද්ධ වෙයි. මෙසේ හෙතෙම ඉෂ්ටවූ ලෝක ධර්මය රැක ගැනීමෙහිත්[/FONT], [FONT=&quot]අනිෂ්ටවූ ලෝක ධර්මය කෙරෙහි විරුධත්වය පහළ කිරීමෙහිත් යෙදෙමින්[/FONT], [FONT=&quot]ජාති දුකින්ද[/FONT], [FONT=&quot]ජරා දුකින්ද[/FONT], [FONT=&quot]මරණ දුකින්ද[/FONT], [FONT=&quot]සොක දුකින්ද[/FONT], [FONT=&quot]පරිදේව දුකින්ද[/FONT], [FONT=&quot]කායික දුකින්ද[/FONT], [FONT=&quot]මානසික දුකින්ද[/FONT], [FONT=&quot]උපායාස දුකින්ද නොමිදේ. එහෙයින් හේ දුකින් නොමිදේයයි කියමි.[/FONT]
    [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]ධර්ම විනය උගත් ආර්‍ය ශ්‍රාවකයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා කරයි. කෙසේද? මෙ[/FONT] [FONT=&quot]ලාභය වනාහි මට උපන්නේය. එසේද වුවත් එය අනිත්‍යය[/FONT], [FONT=&quot]දුකය[/FONT], [FONT=&quot]වෙනස්වන නැතිවන ස්වභාවයයි එහි නියම තත්ත්‍වය යැයි එය දනී. අලාභය උපදීද[/FONT], [FONT=&quot]යසස උපදීද[/FONT], [FONT=&quot]අයස උපදීද[/FONT], [FONT=&quot]ප්‍රශංසා උපදීද[/FONT], [FONT=&quot]නින්‍දා උපදීද[/FONT], [FONT=&quot]සැප උපදීද[/FONT], [FONT=&quot]දුක උපදීද[/FONT], [FONT=&quot]හෙතෙම මෙසේ කල්පනා කරයි. කෙසේද? මෙ[/FONT] [FONT=&quot]දුක මට උපන්නේය. එසේද වුවත් එයද අනිත්‍යය[/FONT], [FONT=&quot]දුකය[/FONT], [FONT=&quot]වෙනස්වන නැතිවන ස්වභාවයයි එහි නියම තත්ත්‍වය යැයි දනී. ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අයසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. යසසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. නින්‍දාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. ප්‍රශංසාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. සැපද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී.[/FONT]
    [FONT=&quot]හෙතෙම උපන් ලාභය නොරකී. අලාභයෙන් විරුද්ධ නොවෙයි. උපන් යසස නොරකී. අයසෙහි විරුද්ධ නොවෙයි. උපන් ප්‍රශංසාව නොරකී. නින්‍දාවෙහි විරුද්ධ නොවෙයි. උපන් සැපත නොරකී. දුකෙහි විරුද්ධ නොවෙයි.[/FONT]
    [FONT=&quot]හෙතෙම මෙසේ රැකීම්[/FONT], [FONT=&quot]විරුද්ධවීමි[/FONT] [FONT=&quot]දෙක හෙවත් ඇලීමි[/FONT] [FONT=&quot]ගැටීමි[/FONT] [FONT=&quot]දෙක ප්‍රහීණ කෙළේ[/FONT], [FONT=&quot]ජාති[/FONT], [FONT=&quot]ජරා[/FONT], [FONT=&quot]මරණ[/FONT], [FONT=&quot]සෝක[/FONT], [FONT=&quot]පරිදෙව[/FONT], [FONT=&quot]දුක්ඛ[/FONT], [FONT=&quot]දොමනස්ස[/FONT], [FONT=&quot]උපායාස යන මෙයින් මිදෙයි. එහෙයින් දුකින් මිදේයයි කියමි.[/FONT]
    [FONT=&quot]මහණෙනි[/FONT], [FONT=&quot]මෙ[/FONT] [FONT=&quot]වනාහි[/FONT], [FONT=&quot]ධර්ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්ම විනය උගත් ආර්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. අධිකවූ කරුණුයි. විශෙෂවු කරුණුයි.[/FONT]
    [FONT=&quot]ලාභයද[/FONT], [FONT=&quot]අලාභයද[/FONT], [FONT=&quot]අයසද[/FONT], [FONT=&quot]යසසද[/FONT], [FONT=&quot]නින්‍දාද[/FONT], [FONT=&quot]ප්‍රශංසාද[/FONT], [FONT=&quot]සැපද[/FONT], [FONT=&quot]දුකද යන මෙ[/FONT] [FONT=&quot]සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලොක ධර්ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්. යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මෙ[/FONT] [FONT=&quot]අෂ්ට ලොක ධර්මභාවයද දැන[/FONT], [FONT=&quot]අනිත්‍ය ස්වභාව ධර්මය දකීද[/FONT], [FONT=&quot]ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. ක්‍රෝධ නූපදී. ඒ ඉෂ්ටාරමිමණය අනුගමනය කිරීමෙන් හෝ රැක ගැනීමෙන් එයට විරුද්ධ වීමෙන් හෝ විනාශවනු ලබන ආත්ම සහගතවූවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ නිස්සෝකිවූ ඒ ආර්‍ය පුද්ගල තෙම නිර්වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේය.[/FONT]
    (අංගුත්තර නිකාය, අඨක නිපාතය, ප්‍රථමපණ්නාසකය, මෙත්තා වග්ගය,[FONT=&quot]විතත්‍ථ ලොක ධම[/FONT][FONT=&quot]ිම සූත්‍රය[/FONT])

    ssd3.jpg


    [FONT=&quot]ප්‍රිය මිතුරනේ, ඉහතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කල පරිදි ලාභ අලාභ ආදිය සමඟ ගැටෙමින් ඇලෙමින් සිටින්නාවුන් හට, එම ලාභ අලාභ උපන් විට දී නින්දා ප්‍රශංෂා උපන් විට දී සැප දුක උපන් විට දී කෙසේ ක්‍රියා කල යුතුදැයි කිමට නිවැරදි මග පෙන්විමක් වුයේ නමි, නිවැරදි කල්‍යාණ මිත්‍ර සමිපත්තියක් වුයේ නමි, මිනිමරැවන්, සොරැන්, බේබද්දන්, සියදිවි නසා ගන්නන්, ද්වේශ කරන්නන්, වෛර කරන්නන්, රාගය නිසා මිය යන්නන්, ජිවිතයම නාස්ති කරන්නන් සිටිමට නොහැකි වනු ඇත. යමෙක්ට දුකක් හෝ සැපක් වු විට, ඔහු වටා එක් රැස්වන පාපමිත්‍රයන් ඔහු විනාශ කර දමනු ඇත. අප කල්‍යාණ මිත්‍රයන්ම තොරාගත යුත්තේ එබැවිණි. ඔබ නුවනැතියෙක් නමි කල්‍යාණ මිතුරන්ම ඇසුරැ කල යුත්තේ එබැවිනි. අටලෝ දහමේ නොගැටි නොඇලි කෙසේ පිලිපැදිය යුතුද යන්නත්, ඔබගේ ගැටළුවට විසදුමත් අනිවාර්‍යයෙන්ම කල්‍යාණමිතුරා සතුව පවතිවි. කලණමිතුරැ ඇසුර ඔබව අන්ධකාරයෙන් අරැණෝදය කරාම ගෙනයාවි!! ඒ සඳහාම ඔබට හේතු වාසනා වේවා!! පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා!![/FONT]
    [FONT=&quot]අරැණෝදය ඉරැ උදාවට පෙර දැරි වෙයි.පෙර නිමිත්ත වෙයි. එමෙන් මහණෙනි, කලණ මිතුරන් ඇති බව අරි අට මග ඉපිදවිමට පෙර දැරි වෙයි. පෙර නිමිත්ත වෙයි. තමා අරි අටමග වඩයි, බහුල කරයි යන්න, කලණ මිතුරන් ඇති තැනැත්තා බලාපොරොත්තු විය යුතුය.[/FONT]
    [FONT=&quot](සංයුක්ත නිකාය, මග්ග සංයුක්තය, සුරිය පෙය්‍යාල කල්‍යාණමිත්ත සුත්‍රය)[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT][FONT=&quot]තෙරැවන් සරණයි!![/FONT]
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වැදගත් ත්‍රේඩ් එකක් යාලුවා..
    වේලාවක් වෙන් කරගෙන මේ තියෙන හැම කතාවක් ම
    හැමෝම කියවනවා නම් පාඩුවක් නම් වෙන්නේ නෑ..