හතුරුසිංහ අස්වීමේ ලිපිය භාරදීලා..? තවත් මා&#35

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හතුරුසිංහ අස්වීමේ ලිපිය භාරදීලා..? තවත් මා&#35

    හතුරුසිංහ අස්වීමේ ලිපිය භාරදීලා..? තවත් මාස 3කින් ලංකාවේ පුහුණුකරු?



    බංගලාදේශ කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය දරන චන්දික හතුරුසිංහ මහතා ලබන ඔක්තොම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍ර‍ධාන පුහුණුකරු ධූරය භාරගැනීමට සූදානමකින් සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.
    පසුගියදා බංගලාදේශ කන්ඩායම මෙරට කළ සංචාරය අතරතුරදී නිළ නොවන මට්ටමින් මේ පිළිබඳ සාකච්ඡා වී ඇත.
    ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට අද අත්ව ඇති ඉරණමත්,එය ජයගැනීම සඳහා හතුරුසිංහ තරම් ජගතෙකු නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීහු තීරණයකට පැමිණ ඇති බව සඳහන්.
    ඒ අනුව එම සාකච්ඡා සාර්ථක වී ඇති බවත් හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගැනීමට සූදානම් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
    චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත්වන බවට අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් ආයතනයට භාරදී ඇති නමුත්,සිය ධූරයෙන් ඉවත්ව යෑමේදී අවම වශයෙන් මාස 3කට පෙර එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බවට ගිවිසුමේ සඳහන් වී තිබීම නිසා ඔහුගේ පැමිණීම ලබන ඔක්තොම්බර් මාසය දක්වා කල්යෑමට හේතු වූ බව පැවසෙයි.
    කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් ප්‍ර‍ධානී නස්මුල් හසන් පසුගියදා පවසා තිබුණේ හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ධූරයෙන් ඉවත් නොවේවි යැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවය.
    Chandika-Hathurusingha2.jpg
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එකෙන් ඌටත් යන එන මං නැති වන ඒක, ඉස්සෙල්ලම අර පාලක මණ්ඩලය කියන පිළිකාව අයින් කරන්න ඕනෑ, උන් එන්නේ ක්‍රිකට් හදන්න නෙවෙයි. :(
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බංගලි පොන්නයොත් කැමතී මූ යනවට. උන් හිතන් ඉන්නෙ උන් සෙමි ෆයිනල් එක පැරදුනේ හතුරුසිංහ නිසා කියල. මහ පඩත්තර උත්තිගෙ කොල්ලො සෙට් එකක්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    නිව්ස් එක කොහෙද තිබ්බේ...:oo: හතුරා මෙච්චර මෝඩද :sorry:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මූ මොන හරි කොන්දේසි දල තමයි එනවා ඇත්තේ..මූ දන් නැද්ද බන් ලනක්වේ උන්ගේ හැටි ....