හතුරුසිංහ ලංකා පිළට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හතුරුසිංහ ලංකා පිළට

    ලෝකයේ වැඩිම මිලක් අයකරන පුහුණුකරු දුර්වල වූ ශ්‍රී ලංකා පිළට දෙන්න යයි


    tQrMhhr6.jpg


    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ එක්කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

    ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හතුරුසිංහ සමග සාකච්ඡා කර ඇති බවයි.

    චන්දික හතුරුසිංහ 2019 වන තෙක් බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමටයි ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

    ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්කර ගන්නේ නම් ගිවිසුමට අදාළ ඉතිරි කාලයේ ගෙවීම් සිදු කිරීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇති.

    එමෙන්ම ලෝකයේ වැඩිම මිලක් ගෙවන පුහුණුකරු ලෙස වාර්තා වන්නේ ද චන්දික හතුරුසිංහයි. ඔහුගේ දායකත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට ප‍්‍රගතියක් ද අත්කර ගෙන තිබෙනවා. ඒ අනුව හතුරුසිංහගේ දායකත්වය ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීම අපහසු වනු ඇති බවටයි ක‍්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

    මේ අතර නවසීලන්ත ජාතිකයින් වන ස්ටීවන් ෆ්ලෙමින්, ස්කොට්ස් ස්ටයිරිස් හෝ ඕස්ටේ‍්‍රලියානු ජාතික ටොම් මෝඩි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීමට ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

    සිම්බාබ්වේ කණ්ඩායම සමග ඉදිරියේ දී පැවැත්වෙන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට නික් පෝතස් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

    ඔහු මෙතෙක් කටයුතු කළේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙසයි. ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ග‍්‍රැහැම් ෆෝඞ් හදිසියේ ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම ගැටළුව මතු වුණා. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන 30 වැනිදා ආරම්භ වනවා. ඊට සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නම් කර නැහැ.


    neth news
     
    Last edited:
    • Like
    Reactions: |||-podda-|||

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    හතුරුසිංහ ට යන එනමං නැති වෙන වැඩක්

    සංගා සහ මහේල වගේ පැත්තකට වෙලා ඉඳල දයසිරියට ම ගහගන්න දුන්නනම් ඉවරයි නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක හරියන්නේ නෑ.. ලංකාවේ උන් එක්ක වැඩ කරන්න බෑ. රිලාසිරිය ඕකටත් ගේමක් අදියි :angry:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හතුරුසිංහ ශ්‍රී ලංකා පුහුණුකරු වීමට නොහැකි බව කීවා ~බුකී සුමතිපාල~
    Onna dan kiyala thiyenne. :lol: . Wu nam awe nethi ekamai hoda. :yes:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හතුරුසිංහ ට යන එනමං නැති වෙන වැඩක්

    සංගා සහ මහේල වගේ පැත්තකට වෙලා ඉඳල දයසිරියට ම ගහගන්න දුන්නනම් ඉවරයි නේ

    :yes::yes::yes::yes:
     

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    Ford unath aulak ne ban. pora honda coach kenek. wade thiyenne ape sumathipala team eka coach karane ekane :lol::lol::lol:

    ow ban porage awulak nehe, awula thiyenne ape unge managment eka. Hathuruta unath kawuruth angili gahan nethi management ekak thiyena nisane porata ona widihata bangaliyo hadala gaththe.