හදනව නම් හදපල්ලා මෙන්න මෙහෙම දරුවෝ ටිකක්.....

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    හදනව නම් හදපල්ලා මෙන්න මෙහෙම දරුවෝ ටිකක්.....

    (උපුටා ගැනීම ක්‍රිෂාන් ජීවක ජයරුක් ෆේස් බුක් පිටුවෙනි)

    අපේ එකෙක් මැරුව නම් අපි ඒක සාධාරණය කරන්න යන්නේ නෑ.ඇත්තටම ඌ මරා ගෙන මැරෙනවා.කියන අදහසක් තමයි පෞද්ගලිකව අපි හැම කෙනා තුලම තියෙන්නේ.ඒ වගේම අපේ නොවුනත් මේ කොල්ල මරපු විදිය දැක්කහම අපිට ලොකු වෛරයක් මරපු එකා ගැන ඇති වෙනවා.ඒක ස්වභාවිකයි.ඒ වගේම ආත්මාර්ථකාමී ලෝකයේ ඒ ගැන අමුතුවෙන් කිව යුතුත් නෑ.ඒකනේ කවුරුවත් ඌ බේරා ගන්න මැදිහත් නොවුනේ.කවුරු හරි කීවොත් උඹ හිටිය නම් උඹත් ඒ ටිකමනේ කරන්නේ කියලා.මම නම් කියන්නේ මට පුලුවන් ගල් කැටයකින් හරි ගහලා උගේ අවධානය වෙනස් කරන්න.මම ඒක කරනවා.මොකද මම මගේ ජීවිතය ගැන නොසිතා අවස්ථා දෙකකදී ජීවිත බේරා ගෙන තිබෙන නිසා.

    ඒකනේ අර සුඛෝපභෝගී මෝටර් රථයකින් ආපු මහත්තයා අර ලේ විලක් මැද වැටිලා හිටපු දරුවා රෝහල වෙත ගෙනයන්න ඉදිරිපත් නොවුනේ.ඒකත් කලේ ගොඩාක් වෙලාවට බැනුම් අහන අය දුප්පත් ත්‍රිවිල් කාරයා.කොපමණ ඉගෙන ගත්තත් මහත්තයෝ වැඩක් නෑ තවත් කෙනෙකුගේ දුක කදුල වේදනාව තේරුම් ගන්න බැරි නම්.මෝටර් රථයේ ගිය මහත්තයා තුවාලකාරයා රෝහල් ගත නොකලට ඒ මහත්තයා හදීසි අනතුරකට ලක් වෙලා පාරේ වැටිලා හිටියොත් ඔහුත් රෝහලට ගෙන යන්න කවුරු හරි ඉදිරිපත් වෙනවා.ඒක තමයි ගුණ ගරුක කම.

    දෙමාපියන්ට උදේ හවස වදින්නේ නැත්නම්.වැඩිහිටියෙක් බස් එකට නැග්ගම සීට් එක දෙන්නේ නැත්නම්.පෝය දාට සිල් ගන්න පන්සලට යන්නේ නැත්නම්.ඉරිදට දහම් පාසලට යන්නේ නැත්නම් ඒක උගේ නෙවි ඌ හදපු වඩපු දෙමාපියන්ගේ වරද.ඉගෙනීම පැත්තකට දාහල්ලකෝ.සමාජයේ ජීවත්ව ඉන්න ඕන විදියටත් කියා දීහල්ලකෝ.ඉවසීම කරුණාව උගන්නපල්ලකෝ.

    දැන් ඒක නෙවි කාරණාව.අපි හැමෝම මරපු එකා මරන්න ඕන.උල තියන්න ඕන.අපේ එකෙකුට වුණාමනේ ඒක තේරෙන්නේ කියලා කියනවා.

    ඇත්තටම යහපත්ව ගුණගරුකව හැදුණු දෙමාපියන් දරුවන් කවදාවත් එහෙම නෑ.එහෙම හිතන්නෙවත් නෑ කියලා.මම අද තේරුම් ගත්තා.බොහෝ අය හිතුවේ පවුලේ කොල්ලෝ හතර දෙනෙක්ම ඉන්න නිසා අරුන් පොලීසිය අල්ලන්න කලින් මරලා දාවී කියලා.ඒත් යහපත් දෙමාපියන් වගේම ඔවුන්ගේ දරුවොත් එහෙම නෑ .

    මා අද පෞද්ගලික කතා කලා.මේ ඝාතනයට ලක් වු දරුවගේ තාත්තා එක්ක වගේම ඒ පවුලේ හැමෝටමත් එක්කම.ඒ කාගෙවත් හිතේ තමන්ගේ දරුවා සහෝදරයා මැරුවා කියලා වෛරී හැගීමක් නෑ.

    කවුරු හරි බලන් ඉන්නවා ඇති.මරපු එවුන් මරලා ඒ අයිය මළොත් සදාකාලිකව හිර ගෙට යවන්න.ඒත් ඒ කාගෙවත් හිතේ එහෙම තුන් හිතකවත් අදහසක් තිබුණේ.

    තාත්තා කීවේ මෙහෙම....

    "දැන් සියල්ල වෙලා ඉවරයි.මට මගේ දරුවා නැති වුනා.මට මේක කරපු අයගෙන් පලි ගන්න ඕන නෑ.මට ඕන හෙට තවත් දරුවකුට මෙවැනි දෙයක් සිදු නොවන්නයි.නීතියෙන් ලබා දිය හැකි ඉහලම දඩුවම ලබා දෙන්න."

    අම්මා කීවේ මෙහෙම...

    "තරහක් තිබුන නම් මගේ රත්තරං පුතාගේ අතක් පයක් කපලා දාන්න තිබුණා.මම ඒවා නැතුව හරි පුතාව හදා ගන්නවා.ඒත් මුලු ජීවිතේම නැති කලාම මම කොහොමද පණ ගන්නේ.අනේ මහත්තයෝ මගේ පුතාට පණ අරන් දෙන්න."

    සහෝදරයා කීවේ මෙහෙම...

    "කොල්ලෝ කොල්ලෝ අතර ආරවුලක් නේ.අපි ඒක එච්චර ගණන් ගත්තේ නෑ.දිගින් දිගටම මල්ලිට හිරිහැර කල නිසයි.අයියා ඒක නවත්වන්න කියලා තිබුණේ.පිහියකින් ඇණලා මරන්න තරම් හේතුවක් තිබුණේ නෑ."

    ගම්මු කීවේ මෙහෙම..

    "බොහොම අමාරුවෙන් කොල්ලෝ හතර දෙනා හදා ගෙන අනුන්ට අත නොපා තමන්ගේ පාඩුවේ ජීවත් වු පවුලක්.කෙල්ලෙක් පස්සේ යන්න තියා කෙල්ලෙක් දිහා වපර ඇහින් බලන්නේ නැති බොහොම වටින කොල්ලෝ ටිකක්.මුලු ගමේම ආදරය කරුණාව දිනා ගත්තා.ඒකයි මුලු ගමම අද අහන්නේ.මේක අහලා අපි ඊයේ රෑ ගෙදර කන්න ඉව්වේ නෑ.

    මේ කතා ටිකෙන් ගත හැකි ආදර්ශ බොහෝමයි.ඒක නිසා හිත් පිත් නැති නිකමුන් අනාගතයට බිහි කරනවා වෙනුවට හිත් පිත් ඇති ගුණ ගරුක දරුවෝ ටිකක් දැන්වත් හදපල්ලා.එතකොට ලස්සන වේවී හෙට දවස....

    (ඡායාරූපයේ වමේ සිට දෙවැනියට සිටින්නේ ඝාතනයට ලක්වු රසිදු ගිම්හාන දරුවාය.)


    pKGJw7o.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    Igena gaththu eka law eka dannawa. Mewata udaw karanna gihin illankanna bayai. Mona hari case giyoth thamange status walath hari na kiyalai e aya hithanne. Ehema hithana ekata puduma wenna oneth na. Ape rate neethiya hari wenas. Mokekwa hari allala kuuduwe daana policeiyak thiyenne. Neethiya nawana policeiyak thiyenne. Oya thathwe nathi unoth minissunge manussakam meetawada penenna puluwan. Igena nogaththu three wheel thiyena kena law gana danneth na. Maintain karanna status ekak aththeth na, ithin e manussaya hire vilanguwe watunath kamak na kiyala jeewithayak wenuwen udaw karanna idiripath wenawa