හදවතින්ම ශ්‍රීලාංකිකයන් වෙමු...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හදවතින්ම ශ්‍රීලාංකිකයන් වෙමු...

    ඔන්න ඉතින් යාලුවනේ තවත් අළුත් වගේම වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්නයි මගේ මේ සුධානම. දින කිහිපයක්ම මේ ගැන හිතල හිතල තමයි මේ post එක දැන් දන්න ඕනේ කියලා හිතුනේ.

    වර්තමානය වන විට ශ්‍රී ලාංකිකයන් විදිහට අපේ සිත් තුල අපේ රට පිළිබඳව ඇති හැගීම ටිකෙන් ටික අඩු වීගෙන යන බවක් මගේ හිතට තදින්ම දැනෙන්නට පටන් ගෙන ඇත. එකම රටක් එකම ජාතියක් ලෙස කටයුතු කර මේ රට ගොඩනගන්න උර දෙන්න ඕන කාලය බව අප සියළු දෙනාම අවිවාදයෙන් පිලිගතයුතු කාලයයි මේ.

    ඉස්සර නිදහස් දින උත්සවයක්, ක්‍රිකට් තරගයක් යනකොට ටෙලිවිෂන්, රඩියෝ යන්ත්‍ර වටකරගෙන එකාමෙන් දුක සැප බෙදාහදාගෙන එකට කාබී එක ජාතියක් ලෙස එකට සිටිබව ඔබට මතක ඇති. හොඳම උදාහරණය ඉන්දියාව. ඔවුන් කවදාවත් තමන්ගේ ජාතිය කිසිම හේතුවක් නිසා පවා දෙන්න කිසිම සුඋධානමක් නැති ජාතියක්. තමන්ගේ රට තුල සුළු දෙයක් සිදු උවත් එය දුකක් හෝ සැපක් වේවා එකට සමසේ විද දරා ගන්න ජාතියක් බවට ඔවුන් පත්ව ඇත.

    නමුත් ශ්‍රීලාංකිකයන් වන අපට දිනෙන් දින සිදුවන්නේ කුමක්ද?????

    නංගියේ මල්ලියේ අයියේ අක්කේ අම්මේ තාත්තේ නැන්දේ මාමේ අපි අපි රට වෙනුවෙන් එකාමෙන් එක ජාතියක් ලෙස නැගී සිටිමු. අපේ පුංචි රට පනමෙන් සුරකිමු. ලස්සන කරමු.

    මම තවදුරටත් මේ ගැන කතාකරන්න බලාපොරොත්තු වන්නේ නැහැ. තීරණය ඇත්තේ ඔබේ අතේ.

    මම හිතුව ටිකක් වෙනස් දෙයක් කරන්න ඕනේ කියල. අපේ රට ගැන ලොකු හැගීමක් ඇතිකරන music videos කිහිපයක links ටිකක් මම පහලින් දාල ඇති. මම ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලනවා පොඩි කාලයක් වැය කරලා මේවා නරඹන්න. ඔබත් එමගින් රට පිළිඹදව පොඩි හරි හගීමක් ඇති වෙයි කියල මම හිතනවා.