හදවතේ හිස්තැන් ගොඩයි

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    හදවතේ හිස්තැන් ගොඩයි

    හදවතේ හිස්තැන් ගොඩයි
    යා නොවෙන තිත්ද එමටයි
    ජීවිතය කදුලක්වු සිතකට
    මේ රැය දිගයි රුදුරුයි
    ආත්මය බරයි පාලුයි...


    ජීවිතය නම් මහ ගග
    ගලන්නේ මරණයේ සයුර වෙත
    අපරිමිත එදියකද තුල
    එක් දියබිදක් නොමැති වෙද
    අප හමුවෙන වැලදගැනෙන?


    සුරත් හිරු සයුරෙහි ගිලෙන
    අඩ සදක අඩු එලිය දුරලන
    තෙල් පහන් ඇවිලෙන බෝ මැඩක
    එකදු පහනක් වෙද
    ඔබ මා නමින් දැල්වෙන?