මචං මගේ ෆැමිලි බිස්නස් එකක් තියනවා..දැන් අපි ඒ බිස්නස් එක ෆිසිකල් වලින් ඔන්ලයින් වලට මාරු වෙනවා..ෆිසිකල් බිස්නස් එක තව කාටහරි රන් කරන්න බැරි වෙන්න අපේ අනන්‍යතාවය තියාගන්න ..ලීගලි ආරක්ෂා කරන්නේ කෝමද? බිස්නස් එකේ රෙජිස්ටේර්ෂන් එකෙන් ඒක ආරක්ෂා වෙනවාද? එකම නමින් බිස්නස් එකක් පටන් ගත්තොත් මට ඒක තමයි බය..අපේ නම කවුරු හරි ඉල්ලීගල් පාවිච්චි කරයි කියලා තමයි බය
name Eka register karapan Pvt ltd widiyata
ඔබ ප්‍රශ්නය අහන්නේ අවබෝධයකින් නෙවෙයි. ඒ ව්‍යාපාරයක් මෙහෙයවන ක්‍රමයක් පමණයි. උදා. ඔබ දැනටමත් පවත්වාගෙන යන භෞතික වෙළඳසැලක් වසා දමා ඒ වෙනුවට මාර්ගගත වෙළඳසැලක් ආරම්භ කිරීමෙන් භෞතික ව්‍යාපාරය අහෝසි වෙනවා යැයි දෙයක් නැහැ. සමහර විට සමාන නමක් හෝ ආශ්‍රිත නම් වලින් භෞතිකව හෝ මාර්ගගතව හෝ දෙයාකාරයටම ක්‍රියාත්මක වන විවිධ මට්ටමේ දේශීය/විදේශීය ව්‍යාපාර කිහිපයක් තිබෙන්න පුළුවන්.
You can obtain a patent for a new product that has a novel process for making the final product, but it should not be obvious. And you can register your business, logo, and any other slogan that is used with your product, but if that is not patented, you cannot stop others from entering the business. but if that has patent others can't enter until the patent expires.
නිෂ්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර ගැනීමෙන් තව කෙනෙක් එවැනිම නිෂ්පාදනයක් හෝ නිර්මාණයේ කොටස් හෝ හරය අඩංගු කරන ලද නිෂ්පාදනයක් වෙළඳපොළට ගෙන ඒම බොහෝ දුරට වළක්වා ගැනීමට හැකියි. සමහර ව්‍යාපාරිකයින් සූක්ෂමව අනුකරණය කරන අවස්ථා තියනවා. ඒවාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපහසුයි. අද්විතීය නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍ර ගැනීමට පහසුයි නමුත් හැම දේකටම ගන්න අමාරුයි. ඔහු නිෂ්පාදනයක් ගැන නෙවෙයි අහන්නේ.
ව්‍යාපාරය ලියාපදිංචියෙන් වෙනත් පුද්ගලයින් එම නමින් ලියාපදිංචි කරන ලද රටවල් වල අළුතින් ව්‍යාපාර වල නිරත වීම ඉතාමත් පහසුවෙන් වළක්වා ගැනීමට හැකියි. සී/ස පෞද්. සමාගමක් ලෙස හෝ ඔබට සුදුසු ආකාරයකට ලියාපදිංචි කරගන්න පුළුවන්. මහා පරිමාණ ව්‍යාපාර වලට මිස ස්වභාවය වෙනස් නැතිනම් වෙළඳ නාමය, ව්‍යාපාරය, ලාංඡනය, උද්‍යෝග පාඨය/වාක්‍යය ලියාපදිංචියෙන් තව කෙනෙක් එම නමින් මාර්ගගත අඩවි පවත්වා ගෙන යාම අවහිර කරන්න ඉතාමත් අපහසුයි. එය ශබ්දකෝෂ වල අඩංගු වචනයක් නම් නිසැකවම බැහැ.
වෙළඳ නාමය ලියාපදිංචි කරන්න.
ඔබගේ මූලික අවශ්‍යතාව සලකා බලන විට මෙයින් සමස්ත වෙළඳ අනන්‍යතාවය නෛතිකව ආරක්ෂා කර ගැනීමට හැකියි. වෙනත් පුද්ගලයින් මාර්ගගත අඩවි ආරම්භ කිරීම වළක්වා ගැනීමට ඔබ සියලුම වසම් නාම (ඩොමේන් නාම) ලියාපදිංචි කළ යුතුයි. උදා. TLD - shamal.com, shamal.net, shamal.org, shamal.edu සහ ccTLD - shamal.lk, shamal.in, shamal.uk, shamal.eu සහ gTLD - shamal.tech, shamal.social ආදිය. වියදම අධික නිසා මෙය බොහෝ දෙනෙක් නොකරන දෙයක්.