හදිසි කෝපය - Think A min

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ATT00025_zps8093eea8.jpg



    ඔහු ඉතා දඩ්බ්බර නපුරු ළමයෙක් විය.ක්ෂණිකව කෝපයට පත්වන ඔහුගේ මේ හැසිරීම නැවත්වීමට ඔහුගේ පියා ඔහුට මෙසේ උපදෙස් ලබාදුනි.


    ​ "පුතේ, ඊළඟ පාර පුතාගේ හිතට තරහක් එන හැම වෙලාවෙම ඉක්මනින් මෙතනට ඇවිත් මෙතන තියෙන මේ ඇණ වලින් එකක් අරගෙන මේ මිටියෙන් මේ ලෑල්ලට සවි කරන්න ඕන."


    ඔහුද ඊට එකඟ විය.පළමු දිනයේ ඔහු ලෑල්ලට සවිකර තිබූ ඇණ ගණන 39ක් විය.මෙසේ දිනෙන් දින අවසානයේ ඔහු ලෑල්ලට සවිකර ​ඇති ඇණ ගණන ක්‍රමයෙන් අඩුවන්නට විය.ඔහුට පෙර පරිදි තරහ නොයන බව ඔහුටම වැටහිණ.අවසානයේ ඔහු ලෑල්ලට එකඳු ඇණයක් හෝ සවි නොකරන ලද දිනයද උදාවිය.ඔහු ඉමහත් සතුටින් තම පිය වෙත ගොස් මේ බව පැවසුවේය.


    "බොහොම හොඳයි පුතේ,හෙට ඉඳන් පුතා එහෙම එක වරක් හෝ තරහ නොගෙන සිටින දිනයකට එක ඇණය බැගින් ඒ ලෑල්ලෙන් ගලවන්න ඕන.ඔක්කෝම ඇණ ටික ලෑල්ලෙන් ඉවත් වුණු දවසට ආයෙත් මට ඒ ගැන කියන්න."


    මාස කිහිපයක් මෙලෙස ගත වෙද්දී ලෑල්ලෙන් සියළුම ඇණ ගැලවී අවසාන විය.ඒ වනවිට ඔහුගේ හදිසි කෝපය සම්පුර්ණයෙන්ම අවසන් වී තිබුණි.ඉමහත් සතුටින් තම පියාව එතැනට කැඳවා ආ ඔහු පියාට කිසිඳු ඇණයක් ඉතිරිව නැති ලෑල්ල පෙන්වන ලදී.


    "මට පුතා ගැන හුඟාක් සථුතුඉ.පුතා දැන් බොහෝම හොඳයි.එත් පුතාට පේනවද මේ ලෑල්ලේ ඉතිරිවෙලා තියෙන සිදුරු.ආයෙත් කිසිම විධියකට ඒවා නැති වෙන්නේ නෑ.අන්න ඒ වගේ තමයි පුතේ,පුතා තරහින් අන් අයට කතා කරද්දී ඒ අයගේ හදවතේ ඇතිවෙන වේදනාව.අදින් පස්සේ පුතා කවදාවත් කාගෙවත් හිතක් පෑරෙන්න වචනයක් හෝ කතා කරන්න එපා."


    ​අපිට කෙනෙකු එක්ක ඇතිවෙන තරහට අපි ඒ කෙනාට පිහියකින් ඇනලා ආයෙත් පිහිය එළියට ගත්තත් ඇතිවන තුවාලය නැති වෙන්නේ නෑ.කොපමණ ඊට පසුව සමාව ගත්තත් වැඩක් නෑ, මොකද තුවාලය සිදුවෙලා ඉවර නිසා.අදින් පස්සේ තරහ යනවිට මොහොතකට මේ දේ මතක් කරගන්න උත්සාහ කරන්න.


    ආහ තව දෙයක් අමතක උනා.
    මේක මගේ 1000 වන Post එක.

    1000postsSG_zps2e62b3b7.gif

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වටිනා කතාවක් මචං...... මේ කතාව පෙන්වන්න වටිනා දෙතුන් දෙනෙක්වත් මම දන්නවා....... රෙප්+ මේ ත්‍රෙඩ් එකට......

    ඒ වගේම පෝස්ට්ස් 1000 ටත් මගෙන් සුභ පැතුම්......... :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    ආදර්ශමත් කතාවක්.සුබපැතුම් පොස්ට් 1000 ට..rep+:)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගොඩක් වටින ආදර්ශමත් කතාවක් මචෝ..
    පෝස්ට් දාහට සුභපතනවා..
    REP 23+