හදිසි නීති

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa
හදිසිය ඉවතට-ජනපති පාර්ලිමේන්තුවට යෝජනා කරයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(25)පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේවන විට සාමාන්‍ය නීතිය යටතේ රටේ පරිපාලනය ‍ගෙන යාමට හැකි පසුබිම උදාවී ඇති බවත්,ඒ පිළිබඳ තමන් සෑහීමට පත්වන බැවින් හදිසි නිතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

2005 වසර‍ට ප්‍රථම හදිසි නීතිය යටතේ මේ රටේ පුවත්පත් තහනම් කෙරුණු බවත්,මාධ්‍ය වාරණයක් ක්‍රියාත්මක වූ බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා තම රජය යටතේ කිසි විටෙකත් හදිසි නීතිය යට‍තේ පුවත්පත් වාරණයක් සිදුනොකළ බව සඳහන් කළේය.


adaderana
 

Similar threads