හදිසි ප්‍රහාරය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    හදිසි ප්‍රහාරය

    9toZjL3.jpg

    බටහිර ගැති මාධ්‍ය අධිකාරය විසින් වාර්තා නොකල ප්‍රවෘත්තියක් 2017 සැප්තැම්බර් මස 20දා අන්තර්ජාලයේ දැක ගත හැකිවිය.එම පුවතට අනුව 2017 සැප්තැම්බර් 19දා එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවන්ට සහ අල්කයිඩා ප්‍රොක්සි හමුදාවන්ට ඉතාමත් නරක දිනයක් බවට පත්ව තිබේ.අනාරක්ෂිත කුඩා රාජ්‍යවලට බෝම්බ හෙළ ඒවා ගල් යුගයට ගෙන යෑම එක්සත් ජනපද සංස්කෘතියේ අංගයක් බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන්නකි.ඔවුන් කිසිදා නොකරන දෙයක් වන්නේ පෙරලා සටන් කල හැකි රටක් ඉලක්ක නොකිරීමයි.

    0ySwsWO.jpg
    සිද්ධියට අදාල ප්‍රදේශයේ සිතියම​

    සිරියාවේ උතුරු හමා ප්‍රදේශයේ පිහිටුවා තිබූ යුද මුක්ත කලාපය සැප්තැම්බර් 19 දා සිරියානු රාජ්‍ය විරෝධී කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරයක ඉලක්කයක් බවට පත්විය.බටහිර රටවල් මෙම කැරලිකරුවන් හඳුන්වන්නේ මධ්‍යස්ථ කැරලිකරුවන්/විපක්ෂය යන නමින්ය.මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවා බවට රුසියානු හමුදාව චෝදනා කරයි.සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් යුද ටැංකි,පාබල ප්‍රහාරක රථ සහ කාලතුවක්කු යොදාගෙන සිරියානු සහ රුසියානු හමුදාවලට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට මොවුන් සමත් විය.

    මෙම ප්‍රහාරයේ ප්‍රධාන අරමුණක් වූයේ යුද මුක්ත කලාපයේ රදවා සිටි රුසියානු සෙබලුන් 29 දෙනෙක් අල්ලාගෙන රුසියාව අසීරුතාවයකට ලක් කිරීමයි.කැරලිකරුවන් එල්ල කල ප්‍රහාර හමුවේ රුසියානුවන් පැය කිහිපයක් කොටුවී සිටියහ.රුසියානු සෙබලුන්ට දිවි රැක ගැනීමට ප්‍රබල වෙඩි බලයක් පාවිච්චි කරන්නට සිදුවිය.අවසානයේ ස්පෙට්නාස්(රුසියානු විශේෂ මෙහෙයුම් බලකා)ඒකකයක් යවා කොටුවී සෙබලුන් මුදා ගැනීමට රුසියානු හමුදාව ක්‍රියා කලේය.මොවුන්ගෙන් වැඩිදෙනෙක් චෙච්නියානු සෙබලුන්ය.සතුරු කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ස්ථාන ඉලක්ක කර රුසියානු සුකොයි ජෙට් යානා ප්‍රහාර එල්ල කරන ලදි.මෙහෙයුම අවසානයේදී රුසියානු සෙබලුන් තිදෙනෙක් තුවාල ලබා තිබිණි.

    මේ සතුරු ප්‍රහාරය සම්බන්ධව රුසියානු හමුදාවේ ප්‍රධානියෙක් වෙන සර්ගෙයි රුඩ්ස්කොයි විසින් සැප්තැම්බර් 20 දා මොස්කව් හිදී ප්‍රකාශයක් සිදුකරන ලදි.පහත දැක්වෙන්නේ එහි පරිවර්තනයකි.

    "ඩීර් එසෝර් හි නැගෙනහිර ප්‍රදේශයේ සිරියානු රජයේ හමුදා සිදුකරන සාර්ථක මෙහෙයුම් නවතාලීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවාහි මූලිකත්වයෙන් ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපයේ සිටින සිරියානු රජයේ හමුදා ඉලක්ක කරගෙන මහා පරිමාණ ආක්‍රමණයක් සිදුව තිබේ.පසුගිය නොවැම්බර් මස 15 දා අස්ටානා හිදී අත්සන් තැබූ ගිවිසුම් නොසලකා හරිමින් ජබාත් අල්- නුස් රා ත්‍රස්තවාදීන් ඇතුලු කැරලිකාර කණ්ඩායම් සැප්තැම්බර් මස 19දා උදෑසන 8.00ට(සිරියානු වේලාවෙන්)ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ උතුරු සහ ඊසානදිග හමා ප්‍රදේශවල රජයේ හමුදා ස්ථාන ඉලක්ක කරගෙන මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කරන ලදි.ප්‍රහාරය සඳහා යුද ටැංකි සහ පාබල ප්‍රහාරක රථ යොදාගෙන තිබිණි.ඊට පෙර සතුරන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන ලදි."

    "එදින රජයේ හමුදාවල ආරක්ෂක වළල්ලෙන් කි.මී.12 ඇතුලට ගමන් කරන්නට සතුරු හමුදා සමත් විය.ඔවුන්ගේ ප්‍රහාර කි.මී. 20 දුරට එල්ල විය."

    "දැනට තිබෙන තොරතුරුවලට අනුව නැගෙනහිර ඩීර් එසෝර් හි රජයේ හමුදාවල සාර්ථක මෙහෙයුම් නවතාලීම සඳහා මෙම ප්‍රහාරය ආරම්භ කලේ ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවන් විසින්ය."

    "මෙම ක්‍රියාමාර්ගයේ එක් ප්‍රධාන අරමුණක් වූයේ යුද මුක්ත කලාපයේ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා සිටි රුසියානු හමුදා පොලිසියේ සාමාජිකයෝ 29 දෙනෙක් අල්ලා ගැනීමයි."

    "සතුරු ප්‍රහාරයත් සමග රුසියානු හමුදා පොලිසියේ සාමාජිකයෝ පැය කිහිපයක් මවාලි ගෝත්‍රිකයන් සමග එක්ක ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදි.තත්ත්වය ක්‍රමයෙන් දරුණු අතට හැරීමත් සමග සිරියාවේ සිටින රුසියානු හමුදාවේ ප්‍රධානියා ජෙනරල් කර්නල් සුරොව්කින් විසින් මුදා ගැනීමේ කණ්ඩායමක් පිහිටුවන ලදි."

    "එම කණ්ඩායම විශේෂ මෙහෙයුම් බලකා,හමුදා පොලිසිය සහ සිරියානු විශේෂ බලකා වලින් සමන්විත විය."

    "ගුවන් හමුදාව සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන ලදි.මුදාගැනීමේ කණ්ඩායමට පහසුවන අයුරින් ඉතා පහලින් පියාසර කල සුකොයි-25 යානා යුගලකින් සතුරන්ට සහ ඔවුන්ගේ ප්‍රහාරක රථවලට බෝම්බ හෙළන ලදි."

    "එම ප්‍රහාර හමුවේ සතුරන්ගේ වටලෑම බිදී ගිය අතර කොටුවී සිටි රුසියානු සෙබලුන් මුදාගන්නා ලදි.ඔවුන් සියලුදෙනා යළි නිරුපද්‍රිතව රජයේ පාලන ප්‍රදේශය වෙත පැමිණියහ.මෙහෙයුමට දායක වූ සෙබලුන් රුසියානු රජයේ සම්මානයෙන් පිදුම් ලබනු ඇති."

    "සතුරන්ගේ දැවැන්ත ප්‍රහාරය ව්‍යර්ථ කරන ලද අතර ඔවුන්ට එහිදී බරපත හානි අත්විය.ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් 850 ක් පමණ මියගොස්,යුද ටැංකි 11ක්,සන්නාහ සන්නද්ධ රථ 4ක්,පිකප් රථ 46ක්,මෝටාර් අවි 5ක්,ට්‍රක් රථ 20 සහ අවි ගබඩා 38ක් පැ‍ය 24ක කාලයක් තුල විනාශ කරන ලදි."

    "50 වන ස්වේච්ඡා ප්‍රහාරක බලකාය සමග එක්වූ රුසියානු ගුවන් හමුදාවේ සහාය ලබන රජයේ හමුදා එල්ල කල ප්‍රතිප්‍රහාර හමුවේ අහිමි වූ භූමිය මුලුමනින්ම මුදාගෙන තිබේ."

    "ත්‍රස්තවාදීන් විනාශ කිරීමේ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි."




    ප්‍රතිප්‍රහාර හමුවේ මරණයට පත් කැරලිකරුවන්ගේ මළ සිරුරු

    m7yi12w.jpg


    cNnaKVu.jpg


    NOSr6hZ.jpg


    m4iSeH0.jpg


    ikJd706.jpg


    PV51fkQ.jpg


    eI8PRa3.jpg


    M4On18T.jpg


    2yIMjwC.jpg


    bXCEf2s.jpg


    4s1Z5uR.jpg



    කැරලිකරුවන්ගේ යුද ටැංකි ඇතුලු යුද රථ අතහැර දමා ගොස් තිබෙන අයුරු

    PuyPYqZ.jpg


    j29nWLu.jpg


    Z7c8bhH.jpg


    klBhMJx.jpg


    Jfv7dQ4.jpg



    සිරියානු හමුදාව සතුව තිබූ රුසියානු ටී-90 යුද ටැංකි 2ක් 2016 වර්ෂයේදී කැරලිකරුවන් අතට පත්විය.

    phRUoY4.jpg



    සිරියානු ටී-72 යුද ටැංකියකින් එල්ල කල ප්‍රහාරයකින් විනාශ වූ එක් ටී-90 යුද ටැංකියක්

    Wc4dovq.jpg



    වැඩි හානියක් සිදුනොවූ අනෙක් ටී-90 යුද ටැංකිය

    FE0IQ7M.jpg



    එම යුද ටැංකිය කැරලිකරුවන් සතුව තිබුනු අවස්ථාවක ගන්නා ලද ඡායාරූපයක්

    KY9hQmx.jpg



    කැරලිකරුවන් සතුව තිබූ ටී-55 යුද ටැංකියක් සිරියානු රජයේ හමුදාව අතට පත් වීම

    Urvfz2A.jpg


    F5UoFY1.jpg


    ny2RhwG.jpg


    19ylSZD.jpg



    රුසියානු ගුවන් ප්‍රහාරයකට ලක්වූ කැරලිකරුවන්ගේ භූගත රෝහලක්

    SkJS4xt.jpg


    C3IxTLf.jpg


    ffzMRWy.jpg


    CoSdd9T.jpg



    සිද්ධියට අදාල වීඩියෝ පටයක්




    රුසියානු රූපවාහිනී සේවයක් සිද්ධිය වාර්තා කල අයුරු




    RT නාලිකාව සිද්ධිය වාර්තා කල අයුරු



    කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත රුසියානු ගුවන් හමුදාව බෝම්බ හෙළු අයුරු​






    රුසියානු සබ්මැරීනයකින් කැරලිකරුවන්ගේ ඉලක්ක වෙත කෲස් මිසයිල ප්‍රහාර එල්ල කල අයුරු



    රුසියානු විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකල මෙහෙයුම​






    රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල ගුවන් ප්‍රහාරවලට අදාල වීඩියෝ පට












    Source:russia-insider.com

    -HarshaLulzSec-
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    Ela post ekak mcn
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.